මනෝවිශ්ලේෂණය අප සංවිධානය විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ,දෙදාහ දශකයේ මුලදී ය. එයට සිංහල සමාජයෙන් එල්ල වූ ප්‍රතිරෝධය මේ දක්වා අපට කතනය කළ නොහැකිය. ‍ශ්‍රී ලංකාව තුළ මනෝවිශ්ලේෂණය ආශ්‍රිත කෙටි ඉතිහාසය යනු, සැබැවින්ම ව්‍යාකූලත්වයෙන් සපිරි වංකගිරියකි. ශ්‍රී ලංකාව තුළදී, මනෝවිශ්ලේෂණය විද්‍යාවක ස්වරූපයෙන් දෘෂ්ටිවාදයක ස්වරූපය දක්වා පසුගිය වසර 15ක කාලය තුළ අපගමනය විය.

               පසුගිය දශක දෙකක කාලය තුළ, රැඩිකල් වාමාංශික පරපුරක් මාක්ස්වාදය වෙනුවට ‘සිවිල් සමාජය’ තෝරා ගත්තේය. කාසියේ අනෙක් පැත්ත වූයේ, මනෝවිශ්ලේෂණය වෙනුවට ‘දර්ශනය’ විෂය යෝජනා කිරීමයි. එහිදී, ඔවුහු මනෝවිශ්ලේෂණය (මිනිසාට අවිඥානයක් ඇත යන ප්‍රවාදය) යනු, දෘෂ්ටිවාදයක් යන්න මතු කර පෙන්වමින් යයි. කොටින්ම, කාටීසියානු තාප්පය පවා යටත්විජිත වාදයේ විපාකයක් ලෙසින් හඳුන්වයි.

                මනෝවිශ්ලේෂණයට එරෙහි විවාදය තල දෙකක විවරණය කිරීමට හැකිය. පළමුවැන්න වන්නේ, X කණ්ඩායමේ දේශපාලනය මනෝවිශ්ලේෂණ දෝෂයක් ලෙසින් ප්‍රකාශයට පත් වීමයි. 2004 වර්ෂයේ අප විසින් ලෝකයට දුන් නව-මානුෂික අත්දැකීම විවේචනයට ලක් වූයේ පහත පරිදිය. ‘විනෝදය’ යන සාධකය දෝෂයන්ගෙන් ගහණව පහත පරිදි නිර්වචනය වෙයි.

      “ පැරණි X කණ්ඩායම අමතර විනෝදයක් දුටුවේ, පළමුව ගැමියන්, දෙවනුව ස්ත්‍රීන් සහ තෙවනුව මානසික රෝගීන් වශයෙනි. පැරණි X කණ්ඩායමේ  ‘පිස්සන්ගෙන් රට බේරාගැනීමේ’ ව්‍යාපෘතියේ තාර්කික අන්තයත් ඒකයි…..”

             ඉහත දී ප්‍රකාශ වන්නේ, මනෝවිශ්ලේෂණයේ නිර්මාතෘවරුන් වන ෆ්‍රොයිඩ්, ලැකාන් වැනි චින්තකයන් අතින් ඉහත ආකාරයේ ‘අනෙකුන්’ ප්‍රකාශමාණ වී නැති බවයි. මිනිසුන් උමතුයි, ගැමියන් අශිෂ්ටයි, ස්ත්‍රීන්ගේ ආශාව සාන්ද්‍රය යන ප්‍රවාද දීප්ති වැනි බාගෙන තම්බන ලද සිතන්නන්ගේ න්‍යායික දෝෂයන් ය. එවැනි වැරදි සිග්මන් ෆ්‍රොයිඩ්, ස්ලාවෝජ් ජිජැක්, මිලාදන් දෝලර් වැනි ශ්‍රේෂ්ඨ ඇකඩමික් බුද්ධිමතුන් කරන්නේ නැත. මෑතකදී , ගුවන් විදුලි සංස්ථාවේ සභාපති පුටුවට පත්කළ තැනැත්තා උමතු බව බහුතරය ප්‍රකාශ කළේය. අද බොහෝ පිරිමින්, තමන් අසළ සිටින අතාර්කික සිදුවීම් නිර්මාණය කරන ස්ත්‍රීන්ට හිස්ටෙරික යැයි ප්‍රකාශ කිරීමට බය නැත. ලංකාවේ මානසික ප්‍රතිකාර කිරීමට සායනයක් නැත. MBBS  වෛද්‍යවරුන්ට අනුව, ඖෂධවලින් නැතිව කතාවෙන් ප්‍රතිකාර කිරීම මිථ්‍යාමතික ය. අත බලා සාස්තර කීම සහ මනෝවිශ්ලේෂණය අතර ඥානමය තලයේ වෙනසක් නැත. ‘ඔබට වැළඳී ඇත්තේ පිළිකාවක්’ යයි කියන්නට තරම් නූතන සමාජය එඩිතරය. නූතන ධනවාදය නිසා මත්ද්‍රව්‍ය නොගෙන ජීවත් වීමට නොහැකි අය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය ලෙසින් වර්ගීකරණය වෙයි. මේ නූතනත්වයේ විරුද්ධාභාසය යි.

          90 දශකය මැද දී පැරණි සමාජවාදී රාජ්‍යයක් වූ යුගොස්ලෝවියාව ජාතිකත්වය මත කැඩී බිඳී ගියේය. යුගොස්ලෝවියානු රාජ්‍ය බිඳී ඉතිරී ගොස් නිර්මාණය වූ කුඩා රාජ්‍යයක් වන ස්ලෝවේනියාව, ස්ලාවෝජ් ජිජැක්ගේ නූතන ජාතික රාජ්‍යය යි. පැරණි යුගොස්ලෝවියාව බිඳී විසිරී ගියේ, බොස්නියාවේ මුසල්මානුවන්ට එරෙහි කෲර ඝාතනවලට එරෙහිවයි. කෙටියෙන් කිවහොත්, බටහිර යුරෝපයට ඊට ඈතින් පිහිටි බොස්නියාව තුළ හටගත් වාර්ගික සංහාරය අතාර්කික විය. දශක හතර පහක් ස්ටාලින්වාදීන් බවට පත්ව සිටී පිරිසක් එක්වරම ජාතිකවාදීන් බවට රූපාන්තරණය විය. අනෙක් මිනිස්සුන්ගේ ආශාව නැරඹීමට ආශා කිරීම නිල් සිනමා යථාර්ථයක් බිහි කරයි. එක පැත්තකින්, නාගරිකයන් ගම්වල අශ්ලීලත්වය රසවිඳින්නට රුචි කරයි. අනෙක් පැත්තෙන්, ගැමියන් නාගරික ලෝකයේ ඇති පාරිභෝගික භාණ්ඩ, ඡන්ද බලය, හමුදා පදක්කම්, විලාසිතා, සම්බාහන ආයතනවලට රුචිය.

               බටහිර සමාජයට, විශේෂයෙන් ඇමරිකාවට, ස්ලාවෝජ් ජිජැක්ගෙන් දැන ගැනීමට අවශ්‍ය වූයේ රහසකි. එනම්, බොස්නියාව තුළ සිදු වූ වාර්ගික සංහාරය සිදු වූයේ කෙසේ ද යන්න යි. ඒ සඳහා නිර්මාණය කළ ජිජැක්ගේ ප්‍රවාදය මෙසේය.

           “බෝල්කන් ප්‍රදේශය යනු, යුරෝපයේ  අවිඥානයයි”.[“[t]he Balkans is the unconscious of Europe”-The Balkans is structured like the unconscious of Europe, das Unbewusste Europas. Europe puts, projects all of its dirty secrets, obscenities and so on into the Balkans, which is why my formula for what is going on in [the Balkans] is not as people usually say, they are caught in their old dreams … they can’t face people here … ordinary, modern, postmodern … whatever reality. No, I would say they are caught into dreams but not into their own dreams, into European dreams. A French philosopher, Gilles Deleuze, had a wonderful saying – maybe you know it – where he says, ‘ If you are caught into another person’s dreams you are fucked, finished’. (p. 1)] ගෝලීය ධනවාදයේ අනෙකා වන්නේ, බෝල්කන් වැනි මර්ධිතයන්ගෙන් තොරව ආශාව මුදාහරින ප්‍රදේශයන්ය. ශිෂ්ට යුරෝපයේ ආශාව වන්නේ, යතුරු සිදුරකින් බෝල්කන් ප්‍රදේශය නැරඹීමයි. ජිජැක්ගේ අදහසට අනුව, යුරෝපයේ අශ්ලීල, රහසිගත ෆැන්ටසීන් බෝල්කන් ප්‍රදේශයට ප්‍රක්ෂේපණය කරයි. වෙනත් විදිහකට යොමු වුවහොත්, යුරෝපා සිහිනයක බෝල්කන්වරුන් පැටලී ඇත.

              ඉහත අදහසට සමීප අදහසක් මිලාදන් දොලාර් නම් මාක්ස්වාදී බුද්ධිමතා ද දරයි. ඔහුගේ උපුටා දැක්වීම්වලට අනුව, ෆ්‍රොයිඩ් තමන්ගේ පාස්කු නිවාඩුව ගත කිරීමට ස්ලෝවේනියාවේ ගුප්ත ගුහා -caves-නරඹයි. ස්වභාව ධර්මයේ ආශ්චර්යක් බඳු වූ මෙම රහස් සැඟවී ගිය ගුහා ෆ්‍රොයිඩ්ගේ මනස තදින් ආකර්ෂණය කළේය. මෙම ගුහාවන් නරඹමින් යන ගමනේදී, ෆ්‍රොයිඩ්ට අහම්බයකින් නාසිවාදී වියානා හී නගරාධිපති  ‘කාල් ලූගර්’ හමුවෙයි. තත්ත්වය අපට මෙසේ පැහැදිලි කිරීමට හැකිය. රූපික වශයෙන්, විද්‍යාවට එරෙහි වාර්ගික අවිඥානය හමුවන්නේ ගුප්ත ගුහා ප්‍රදේශයකනි. ලූගර් නම් නගරාධිපතිවරයාගේ ප්‍රසිද්ධ කියමනක් වූයේ, ‘යුදෙව්වෙක් කියන එක තීරණය කරන්නේ මම’ යන්නයි.

              අප ඉහතදී සාකච්ඡා කළ බටහිර මනෝ විශ්ලේශකයන් තිදෙනාම ( ෆ්‍රොයිඩ්,ජිජැක්, ඩොලාර්) වර්ධනය කරන තිසීසයට අනුව යුරෝපයේ අවිඥානය පිළිබඳ රූපකය යනු, බෝල්කන් ප්‍රදේශයයි. යුරෝපා ආශාවන් වේදිකාගත වන පීඨය වන්නේ සහ ඒවා ක්‍රියාත්මක වන්නේ බෝල්කන් ප්‍රදේශයේ ය. ෆ්‍රොයිඩ්ට අනුව, ඔස්ට්‍රියානු සීමාවට පහළින් පවතින්නේ සංකේතීය ආධිපත්‍ය ඉක්මවා යන්නවුන්ය. ඔවුන්ව විශ්ලේෂණය කිරීමට නොහැකිය.

                වරක් ‘එඩුආර්ඩ් වයිස්’ නම් විශ්ලේශකයා විශ්ලේෂණය කළ නොහැකි රෝගියෙක් ගැන තතු විමසයි. ඔහු ලිංගික අශක්ණුතාවයෙන් පෙළෙන, විශ්ලේෂණය කිරීමට නොහැකි රෝගියෙකි. ඒ අනුව, විශ්ලේෂණය කළ නොහැකි අය ‘රෝගීන්’ ලෙසින් හැඳින්විය හැකි ද? මෙම රෝගියා බොහෝ මිනිසුන්ගේ ජීවිත විනාශ කළ, සදාචාර විරෝධී අහමක්-ego- ඇති පුද්ගලයෙකි. 

            ෆ්‍රොයිඩ් විසින් වයිස් හට ලබා දෙන ලද උත්තරය මෙසේය.

         “ස්ලෝවේනියානු රෝගියා නිසැක වශයෙන්ම තක්කඩියෙක්. ඔහුව ගැටලුවක් ලෙසවත් ගණන් ගන්න එපා”. අපගේ විශ්ලේෂණ කලාව මෙවැනි තක්කඩින් ඉදිරිපිට දී බල රහිතයි. වයිස් විසින් ‘රෝගියා’ යනුවෙන් හදුන්වන පුද්ගලයාව ෆ්‍රොයිඩ් විසින් හඳුන්වන්නේ ස්ලෝවේනියානුවා යනුවෙනි. මේ රෝගියාට විශ්ලේෂණයෙන් උදව් නොලැබෙන්නේ ඔහුගේ ජාතිකත්වයේ උරුමය නිසාය.  ස්ලාවෝජ් ජිජැක් විසින් ෆ්‍රෙයිඩ්ගේ අගතිය නිවැරදි නොකර එය සහතික කරයි. ඔහුගේ විග්‍රහය මෙලෙස සංක්ෂිප්ත කළ හැකිය.

          “සදාචාර විරෝධී  ස්ලෝවේනියානුවන් ගැන ෆ්‍රොයිඩ්ගේ සඳහන මගින් මූර්තිමත් වන්නේ, නීතිය සහ විනෝදය අතර ඇති විරුද්ධාභාසී සම්බන්ධය නොවේ. මවිතකර උද්වේගය වන්නේ,එමඟින් ස්ලොවේනියානු ජාතික ෆැන්ටසිය ඉස්මත්තට පැමිණීමයි. එහිදී, මතුපිට ඉපිලෙන්නේ මාතෘ සුපිරි-අහමයි. එනම්, නීතියේ සහ තහංචියේ නියෝජිතයා පියා-Father- නොව මව-Mother- බව බෝල්කන් ප්‍රදේශයට වලංගුය”. 

             ජිජැක්ට අනුව, ස්ලෝවේනියානුවා තම ජාතික ෆැන්ටසිය මවට බද්ධ කරයි. පියාගේ නාමකරණය වැදගත් කොට නොසලකන ඔවුන් තුළ තහනම සහ නීතිය නිසියාකාරයෙන් අභ්‍යන්තරීයකරණය වී නැත. මවගේ නියෝගයන් නිසා ත්‍රස්ත වන ස්ලෝවේනියානු පිරිමියා-Psycho- ලිංගික අකර්මණ්‍යතාවයකින් පෙළෙයි. ඔවුන්ගේ ආත්ම මූලිකත්වය මඟින් නිෂ්පාදනය කරන අභ්‍යන්තර බාධාව මාතෘ නිෂ්පාදනයකි. ඔවුන්ට සදාචාරය පිළිබඳ මිනුම් දණ්ඩක් නැත. පීතෘ රූපකය මගින් නිෂ්පාදිත නීතිය උල්ලංඝනය කිරීමෙන් පමණයි කෙනෙකුට සැබෑ විනෝදයක් ලැබිය හැක්කේ. ජිජැක්ගේම ආප්තයට අනුව, ‘අපි ස්ලොවේනියානුවන් වන්නෙමු’. නමුත් අපව විශ්ලේෂණය කිරීමට නොහැකිය. ඒ අනුව, නේටෝ සංවිධානය විසින් බෝල්කන් අශ්ලීලත්වයට එරෙහිව බෝම්බ හෙලීම තාර්කිකය.

             ඉහත සියලු අදහස් ජිජැක් සහ ෆ්‍රොයිඩ්ගේ අදහස් මිස මගේ ඒවා නොවේ. එසේ නම්, මනෝවිශ්ලේෂණය යනු, යටත්විජිත විද්‍යාවක්ද? ජාතිවාදීන්ට අනුව, මාක්ස් පවා අධිරාජ්‍යවාදියෙකි. ඉන්දියාව යටත් කර ගැනීම පිළිබඳ ඔහුගේ අදහස් නියෝජනය කරන්නේ, යටත්විජිත ස්වාමියාගේ අදහස්මය. ශ්‍රී ලංකාවේ දී සිදුවූයේ, මනෝවිශ්ලේෂණය පිළිබඳ මගේ අදහස් ඊනියා තග ලෙස සලකා ස්ලාවෝජ් ජිජැක්ගේ අදහස් (සුදු ස්වාමියා) විද්‍යාව ලෙසින් අගතිගාමීව සළකා බැලීමයි. X කණ්ඩායමේ සාමාජිකයන් හෝ සාමාජිකාවන් 2004ට පෙර මා විසින් බෝල්කන්වරුන් ලෙස සළකා බැලුවේද? ඔවුන්ගේ විනෝදයට මා ඊර්ෂ්‍යා කළේ ද? ඔවුන්ගේ අශ්ලීල ෆැන්ටසිවලට මා වශී වූයේද? නැත.

-දීප්ති කුමාර ගුණරත්න-

ගුවන් විදුලි සභාපති ‌කෝළම – රෝහණ දේව පෙරේරා

ගුවන් විදුලි සභාපති ‌කෝළම – රෝහණ දේව පෙරේරා(ලංකා ඊ නිව්ස් -2020.පෙබ.02, ප.ව.10.15) වැඩ කරන විරුවා සිය ‘වියත් මගෙන්’ තෝරා ගත් අපූරු 'වියතක්' ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස පත් කර තිබේ. හේ නමින් රෝහණ දේව පෙරේරා ය. ඩී.එම්.කොළඹගේ ලා, තේවිස් ගුරුගේ ලා, ලිවි විජේමාන්න ලා, රිජ්වේ තිලකරත්න ලා, ලලිත් එස්. මෛත්‍රීපාල ලා, ජනදාස පීරිස් ලා, සුනිල් සරත් පෙරේර ලා හෙබැවූ මෙම ධූරය හෙබැවීමට පත් කළ මේ පකිසාගේ මොළය වියතක් හෝ නැති බව ඔහු වැඩ බාර ගනිමින් කළ කතාවෙන්ම පැහැදිලිය. ඒ ගැන වැඩි විස්තර අනවශ්‍ය අතර පහත ඇති ඔහුගේ කතාව ශ්‍රවණය කිරීමෙන් තමන්ටම අත් විඳිය හැකිය.

Posted by Lankaenews on Sunday, February 2, 2020

ඔබේ අදහස කියන්න...