2004 වර්ෂයේ අපගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘හිස්ටීරියාව’ නම් කෘතිය ලංකාවට අලුත් වසංගතයක් බෝ කරන ලදී. එනම්, පුද්ගලවාදයේ වඩාත්ම රෝග ලක්ෂණාත්මක ස්වරූපය වන ව්‍යාධිවේදීමය ආත්ම රාගයයි.[Pathological Narcissism]2004 වර්ෂය අග දී, තනි පුද්ගලයකු විසින් තමන්ගේ ලිංගික සහකාරියගේ ජාම බේරා ගැනීමට රටකට ලැබිය යුතුව තිබූ සමාජ අධ්‍යාපනයක් විනාශ කරන ලදී. ලංකාවට මනෝවිශ්ලේෂණ අධ්‍යාපනය ගමන් කිරීමට තිබූ පහසු මාර්ගය විනාශ කිරීම සඳහා ඔහු විසින් ගොතන ලද ප්‍රබන්ධයට බොහෝ දෙනෙකු අසූ විය.

             ඔහුගේ සටන් පාඨය මෙසේය.

              “ දීප්ති ස්ත්‍රීන්ට හිස්ටීරියාව තිබෙනවා කියා කියනවා. මේ තත්ත්වය ඉතාම භයානකයි”.

                ඔහු නොකීවේ කුමක්ද? තමන්ගේ සහකාරියට මානසික රෝගයක් (අනෙකාට අපත්තිදායක) තියෙනවා. ඒක බොරු කරන්න, ඊට ඉස්සෙල්ලා දීප්ති කියන්නේ බොරු කියලා ප්‍රචාරයක් කරන්න ඕන. 

               ‘හිස්ටීරියාව’ කෘතිය යනු, පල්ලිය විසින් මධ්‍යතන යුගයේදී ගිනි තැබීමට නියම කළ දාර්ශනික කෘතියක් වැනිය. ලංකාවේදී ඉතාම තදබල ලෙස මානසිකව අසනීප වී ඇති පිරිසක් වන්නේ, දශක හතරක පමණ කාලයක් දිගේ වමේ දේශපාලනය කරන පිරිමි රංචුවයි. ලංකාවේ නව තරුණ පරපුර –Facebook නම් අඩවියේ වහලුන් සහ වෙළෙඳපොළ ආර්ථිකයේ රූකඩ – මෙම වම්මුන්ගේ මානසික රෝග ගැන දැනුවත් නැත. එපමණක් නොව, මෙම සමහර වාමාංශිකයන් අවිඥාණය ගැන ද දන්නේ නැත.

                ‘ජුවාන් ඩේවිඩ් නාසියෝ’ නම් මනෝ  විශ්ලේෂකයාගෙන් ”අවිඥානය”-Unconscious-ගැන ‍ප්‍රශ්න විචාරකයෙක් අසන පහත ප්‍රශ්නය අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් ද සත්‍යය.

 ප්‍රශ්නය– මගේ යාළුවෙක් ඉන්නවා, ඔහු මනෝවිශ්ලේෂණය හෝ අවිඥාණය යනුවෙන් දේවල් මෙලොව පවතිනවා කියා විශ්වාස කරන්නේ නැහැ. ඔහු මෑතකදී, මට මෙහෙම කිව්වා. “මට අවිඥානයක් නැහැ”. මේ වගේ වාක්‍යක් ගැන ඔබගේ අදහස කුමක්ද? කෙනෙකුට අවිඥානය නො පැවතිය හැකිද?

 නාසියෝ– ඔබ මාව ඉතාම සෘජු ලෙස උත්තර දීමට පොළඹවනවා නම්, මගේ උත්තරය වන්නේ ඔබේ මිතුරා හරි බවයි. මගේ විශ්වාසයට අනුව ඔබේ මිතුරාට අවිඥානයක් නැත.

 ප්‍රශ්නය– ඔහු නිවැරදි වන්නේ  කෙසේද?

 නාසියෝ– අවිඥාණය කියලා දෙයක් පවතිනවා නම්, එය පවතින්නේ මනෝවිශ්ලේෂණ ක්ෂේත්‍රය තුළ පමණයි. තවත් පැහැදිලිව කිවහොත්, ‘අවිඥාණය’ කියලා දෙයක් පවතින්නේ මනෝවිශ්ලේෂණ ‍ප්‍රතිකාර ක්‍රමය විශ්වාස කරන අයට විතරයි. ඔබගේ මිතුරා ඔහුව ස්ථානගත කරන්නේ අවිඥාණයට පිටින් නිසා ඔහුට එවැන්නක් නැහැ.

                   ඉහත අර්ථයෙන් ගතහොත්, 2004 වර්ෂයට පෙර X කණ්ඩායමේ සිටි කිසිවෙකුට අවිඥාණය යනුවෙන් දෙයක් නොපවතියි. ඔවුන් සියලු දෙනා උත්සාහ කරන්නේ, තමන්ට අවිඥාණය යනුවෙන් දෙයක් නොපවතින බව පෙන්වීමටයි. X කණ්ඩායමේ ගෝරිය විද්‍යාවක් සම්බන්ධයෙන් ගෝරියක් මිස පුද්ගලයන් අතර සිදු වූ උන්නතිකාමී අරගලයක් නොවේ යයි යමකු සිතනවා නම්, ඒ පුද්ගලයා සමකාලීන දේශපාලන කතිකාව තුළ අතරමං වී ඇතිවාට සැකයක් නැත.

                අනුර කුමාරට අනුව, අවිඥාණය යනුවෙන් දෙයක් නොපවතින නිසා ඔහු කාන්තා දිනයේදී ජාතිය ඇමතීමට යොදා ගන්නේ, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නොවන හිස්ටෙරිකයන්ය.  ‘හිස්ටෙරිකයන්’ ශරීරය පිරිමි ද/ ගැහැණු ද කියා දන්නේ නැත. අනුර කුමාර ඉංග්‍රීසි දන්නා නිසා,අපට මෙම අදහස ඉංග්‍රීසියෙන් මෙසේ කිව හැකිය. එනම්, Hysteria  does not want to know anything about anatomy or biology. The problem opened up by the discovery of the unconscious then, it amounts to the substitution of the mind/ body problem with the body/ body problem.

             වරක් ‘ජිජැක්’ සිහියෙන් කී දෙයක් නිසා ඔහුට අවිඥාණයක් ඇති වග ඔහු පිළිගනියි.

“මොන තාත්තද මාත් එක්ක චිත්‍රපටියක් බලන්න තමන්ගේ දුව ව එවන්නේ?” . නමුත් ඔහු මෙසේ කීමට කිසි විටෙක උත්සාහ කළේ නැත. “මම රාත්‍රියට ගැහැණු ළමයින්ට Skype එකට එන්න කියලා ඒ අය ඉදිරිපිට අතේ ගහනවා”.

ඔහු වැරදිලාවත් ඉහත වාක්‍ය කීවේ නම්, ඔහු විපරිතයෙක් වන අතර ඔහු අවිඥාණය පවතී යැයි විශ්වාස නොකරන්නෙකි. විපරිතයන්ව සිරගෙවල් වලට දක්කා මනෝවිශ්ලේෂණය හරියට ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

 

ඔබේ අදහස කියන්න...