[dropcap color=”orange”]ව[/dropcap]සර 20ක පමණ කාලයක සිට ජාතික අරගලය වෙනුවෙන් කැපවී සිටි මාලින්ද සෙනෙවිරත්න මහතා එම අරගලය ජයග්‍රහණය කිරීමෙන් පසුව කරන්නට වෙන දෙයක් නැති නිසා අන්ද මන්ද විය. මේ නිසා මේ වන විට මාලින්ද සෙනෙවිරත්න මහතා ටෙලි නාට්‍ය නළුවකු වීමට තීරණය කර ඇත. එහි රූගත කිරීම් ලබන වසර මුලදී ආරම්භ වීමට නියමිතය.

බොහෝ ජාතික වාදීන් BMW, iPhone,i pad, පිටරට සංචාර පසුපස හබායන විට මාලින්ද සෙනෙවිරත්න ගේ ලෝකය හුදකලා එකක් විය. ඒ තනිකම නැති කරන්නට කොන්ටම් භෞතික විද්‍යාවට පවා නොහැකි විය. මේ පාලු මාවතේ තව දුරටත් ගමන් කළ නොහැකි බව දැනගත් මාලින්ද සෙනෙවිරත්න මහතා ශලනි තාරකා,නෙහාරා පීරිස් වැනි සුන්දර ස්ත්‍රින් සිටින හිස සුන් කද ඇති රූපාවචර ලෝකයකට ඇතලු වි ඇත. ඔහුගේ තනිකම නැති කරන්නට කළක සිට සමාජය විවේචනය කළ ධම්ක අමරතුංග මහතාද පැමිණ ඇත.

තමන් ගේ පැරණි අනන්‍යතාවය මකා දමා   අලුත් අනන්‍යතාවයක් සොයා ගැනීම තමා නිරත වී සිටින මර උගුලෙන් ගැලවීමට ඇති එක මගකි. පුවත්පත් කාලවේදියෙකු වීම නැමති මුස්පේන්තු රැකියාව ඉරාගෙන මතුවෙන ටෙලි නාට්‍ය නළුවා නැමති රැකියාව සන්දර බව ගොසිප් ලංකා බලන ඕනෑම අයෙකු දන්නා කරුණකි. එබැවින් අප මාලින්ද ගේ නව භූමිකාවට සුභ පතන්නෙමු!

8c94bfa8 08932d90 nadeesha-hemamali-images-0106

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.