‘එක්සත් ජාතික පක්ෂයේ’ හදිසි විනාශය සලකුණු කරන බහුතරයක් අවස්ථාවාදීන් අමතක කරන ඉතිහාස මොහොතක් ඇත. J.R 78 ව්‍යවස්ථාව සකස් කරලා පහසුවෙන් තමන් ‘දන්නා සතුරා’ වන පැරණි වම සහ තරුණ වම අතාර්කික අන්තයකට තල්ලු කරමින් සිටින විට දී ඔහුට උතුරෙන් අලුත් ප්‍රපංචයක් හමු වේ. ඒ තමයි, දෙමළ ජාතිය උතුරු ප්‍රදේශයට ‘ස්වයං-නිර්ණය’ ඉල්ලා සිටීම. J.Rට සර්වපාක්ෂික සම්මේලනයේ දී, ප්‍රගතිශීලී කොටස් මෙම දේශපාලන ඉල්ලීම ඉදිරිපත් කරන ලදී. J.Rගේ උත්තරය ඔහු පැහැදිලිව මෙසේ සඳහන් කරයි.

“ රාජ්‍යය කියන්නේ බෙදන්න පුළුවන් දෙයක් නොවේ. මම එහෙම දෙයක් දන්නෙ නැහැ.”

J.Rගේ පැත්තෙන් ඔහු නිවැරදි ය. නමුත් J.R ගේ පැත්තෙන් තිබුණු මේ ඥාණ විභාගාත්මක නොදැනුම විසින් ඔහුගේ පක්ෂයේ ‘එක්සත්භාවය’ විනාශ කරන ලදී.

                   80 දශකයේ දී, ලංකාවේ ‘රයිනෝසිරස්’ කියලා නාට්‍යයක් පෙන්නුවා. ඒක ඉයුජීන් අයනෙස්කෝ විසින් යුරෝපයේ ෆැසිස්ට්වාදය රූපණය කරන්න කරපු එකකි. ලංකාවේ මේ නාට්‍යය නිෂ්පාදනය කළේ, කපිල කුමාර කාලිංග විසිනි. නාට්‍යයේ මුඛ්‍ය කතාව වන්නේ, සමාජයේ ජීවත්වන පහළ මැද පන්තිය කොහොමද එකපාරට ෆැසිස්ට්වාදීන් වෙන්නේ කියන එකයි. මිනිස්සුන්ට අඟක් ඒමෙන් නිරූපණය වූයේ එම තත්ත්වය යි. එම නාට්‍යයේ මුඛ්‍ය හරය වූයේ, මිනිස්සු යටත්වීම තමන් තුළම තර්කනය කරගන්න ආකාරය යි. 

                   ලංකාව කියන පුංචි දූපත ගත්තම මේ මොහොත වෙනකොට ඉහත අර්ථයෙන් ඉන්නේ, දිනෙන් දින රයිනෝසිරස්ලා වන මිනිස්සු ය. මේක මුලින්ම පටන් ගත්තේ විජේවීරගෙනි. 2005 වෙනකොට මේක බර්ගර් ජාතික රොජර් සෙනෙවිරත්නටත් බෝ විය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව පැරණි වමේ කිහිපදෙනෙක් අතහැරියාම අන් සියලු දෙනා අභ්‍යන්තරයෙන් රයිනෝසිරස්ලා වී අවසානය. දැන් මේ තත්ත්වයට විශ්ව-විද්‍යාල ශාස්ත්‍ර පීඨවල ගුරුවරුන් ද එකතුවෙලා සිටී. ‘ජනතා විමුක්ති පෙරමුණ’ ඔවුන් මේ රයිනෝසිරස්කරණයෙන් ඉවත් වෙලා කියලා කිසිදිනෙක කියා නැත. මේ රයිනෝසිරස්කරණය තුළ ලිබරල් බුද්ධිමතා ගොදුරු මානසිකත්වය ගැන කතා කරයි. උදා:- සමලිංගික අයිතිවාසිකම්, බිරිඳට පහර දෙන සැමියන්, දරුවන්ට අතවර කරන පියවරුන්, සුළු ජාතිකයන්ට අවමන් වන ප්‍රකාශ යනාදිය ගැන ලිබරල් බුද්ධිමතා කතා කරයි. 

                      අනෙක් පසින්, ඓන්ද්‍රීය බුද්ධිමතා කියලා කෙනෙක් මේ සන්දර්භයට අහසින් පාත් වෙයි. එක එක බුද්ධිමතුන්ගේ නම් වැලවල් විසිකරමින් ඔවුන් ගැටලුව පැමිණිලි සාගරයක් බවට පත් කරයි. අප ජීවත් වන මේ මොහොතේ කිසිදු මහා අනෙකෙක් (දෙවියෙක් හෝ ඊට නොදෙවැනි පරමාදර්ශයක්) නොමැති නිසා එම හිස්තැන පිරවීමට ඓන්ද්‍රිය බුද්ධිමතා උත්සාහ කරයි. ඒ දේ ඔහු/ඇය කරන්න උන්සාහ කරන්නේ, රෝග ලක්ෂණාත්මක ආත්ම රාගයක් සහිතව ය. මේ රෝගය නිසාම විචාරක බුද්ධිමතෙකුට වෙනස් ව, ඔහු තමන්ට හමුවෙන හැම කෙනෙකුම මිත්‍රයෙක්, හිත හොඳ මිනිහෙක් කියලා පිළිගනී. 

                යම්කිසි පුද්ගලයෙක් X  දේශපාලනය අනුගමනය කරනවා නම් සහ අතීතයේ දී ඉන් ආභාෂය ලබා ඇත්නම්, ඔහු හෝ ඇය තම අනෙකාගේ සාරයට වන්දනාමාන කිරිම පසෙකලා අනෙකාගේ මුහුණට මුෂ්ටි ප්‍රහාරයක් දෙයි. තමන්ට සමීප අනෙකා හෝ තමන්ගේ අතාර්කික ගමන යාමට අවශ්‍යය යැයි අවස්ථාවාදීව හිතන අනෙකුන්ගේ කරට අතාර්කිකව අත දාගන්න එක X  දේශපාලනය නොවේ. එය බැසිල් රාජපක්ෂගේ කුලවාදී දේශපාලනය යි. බැසිල් විසින් ඩග්ලස් දේවානන්දව තෝරන්නෙ ඔහුගේ කුලය පහළ නිසා ය. එමඟින්, ඔහු උතුරේ ජාතික සැකැස්ම ඉරා දමයි. බැසිල් රතනගේ අඳනකඩය ගලවන කොට එහෙම කරන්නේ, රතනගේ පීඩිත කුල විඥාණය ගැන දන්නා නිසා ය. අනිත් පැත්තට, රතනට බණ්ඩාරනායක පවුලේ ලිංගික අපහරණයට ලක් වූ දරුවන් ගැන අවබෝධයක් නැත. මේ අර්ථයෙන් ගත්තම, සිංහල බෞද්ධ රාජ්‍යය කියන්නේ, ජාතිය මත පදනම් වූ එකක් නොව ගොවිගම කුලය මත පදනම් වූ එකකි. නලින් ද සිල්වාට ඔහුට හිමි ස්ථානය ලැබිලා තියෙන්නේ, ‘ජාතික චින්තනය’ හින්දා නොව කුලයට අනුව ය. තමන්ගේ නමට පිටුපස සහ ඉදිරිපස නම්  නැති අය ගැන මහින්ද රාජපක්ෂ හොඳට දන්නවා. 

                     එතකොට, සමකාලීන sinhala ධනවාදය වර්ධනය වෙන්නේ ජර්මනිය වගේ ජාතික තර්කවලින් නොව කුල තර්ක වලිනි. නන්දන වීරරත්නට වෙනස් ව අපි කියන්නේ, කුලය වාස්තවික සාධකයක් (Objective Fact) නොව ‘ආත්මීය සාධකයක්’ (Subjective Logic) බවයි. කුලය මඟින් සටහන් වන්නේ අතිරික්ත- විනෝදයකි (Surplus Enjoyment). මෙමඟින්, අනෙකා පාලනය කරන තර්කනය මතු වෙයි. ලංකාවේදී කුලය කියන්නේ, ෆූකෝගේ ‘බලය’ වගේ ධනාත්මක අදහසකි.

                      එතනදී තීරණාත්මක සාධකය වන්නේ, අනෙකා සතුව ඇතැයි කල්පිත කරන විනෝදය ‘පැහැර ගැනීම’ හෝ ‘තර්ජනයට ලක් කිරීම’යි. 2005 වර්ෂයේ දී, ‘මංගල සමරවීරට’ ජනාධිපති වීමට සියලු සුදුසුකම් තිබියදී ඔහු ‘දෙවැනි තැනට’ තමාවම දමා ගන්නේ පීඩිත කුලයක සාමාජිකයෙකු වන නිසා ය. මහනුවර ‘දිසාපති’ වෙන්න බැහැ ‘ගොවිගම’ කුලයෙන් පිට අයෙකුට. යාපනයේ ‘දිසාපති’ වෙන්න බැහැ ‘වෙල්ලාල’ කුලයෙන් පිට අයෙකුට. ලංකාවේ කතානායක වෙන්න බැහැ ‘ගොවිගම’ කුලයෙන් පිට අයෙකුට. එතකොට විතරයි, කතානායකට හැමෝම ගරු කරන්නේ. ඒ අර්ථයෙන්, සිංහල-බෞද්ධයාට කුලය කියන්නේ අමතර විනෝදයකි.

                     ‘සුරේන් රාගවන්ගේ’ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වටහා ගැනීමට හැකි වන්නේ මෙම සන්දර්භය තුළ දී ය. සුරේන් කියන්නේ වතු දෙමළ ය. ඔහුට උතුරේ දේශපාලන බල සබඳතා තුළ කිසිම තැනක් හිමි වෙන්න නියමිත නැහැ. නමුත්, නැවතත් බැසිල්ගේ තර්කය තුළින් ඔහුට ස්ථානයක් හිමි වෙයි. ඔහු කපටිකමේ සහ අවස්ථාවාදයේ සම්මිශ්‍රණයකි. මහජන පරිමණ්ඩලය, මහජන අවකාශය යන අඩවි සමකාලීන යුගයේ දී හුවමාරු වටිනාකම් ලෝකයට ඇතුළු වී ඇත. ඒවායේ නූතන අර්ථය ‘මුහුණු පොත’, Instagram , ට්විටර් වැනි පුද්ගලික වෙබ් අවකාශය තුළට ගොනු වී ඇත. ඓන්ද්‍රිය බුද්ධිමතා මේ අර්ථයෙන් ට්විටර්කරණය වී ඇත. දැන් ගැටලුව වන්නේ, අප ජීවත්වන යුගයේ දී ෆැසිස්ට්වාදයට වෙනස් මුහුණුවරක් ආදේශ වී ඇද්ද යන්න යි. 20 වන සියවස අගදී කොමියුනිස්ට්වාදයට විකල්ප ලෙස ජර්මනියේ සහ ඉතාලියේ හටගත් ෆැසිස්ට්වදයේ මුඛ්‍ය මුහුණුවර වූයේ, වාර්ගික සංහාරය යි. එනම්, ප්‍රති-මනුෂ්‍යත්වය යි (Anti- Humanism). නාසිවාදයට ‘වධකාගාර කඳවුරු’ බිහි කිරීමට සිදු වූයේ, මේ නිසා ය. ‘වාරගික අනෙකාගෙන්’ තොර සමාජයක් බිහි කිරීම එහි නිෂ්ටාව යි. 

                  නමුත් 21 වැනි සියවසේ ආරම්භය ශ්‍රී ලංකාවේ දී ආරම්භ වූයේ, වාර්ගික සංහාරයකිනි. යහපාලන ලිබරල්කරණය නිසා මෙම සංහාරයේ පැල්ලම මැකී යමින් පවතියි. මේ හේතුව නිසා සමකාලීන ෆැසිස්ට්වාදයේ නූතන මුහුණුවර ප්‍රකාශ වන්නේ, පශ්චාත්- මානුෂිකවාදයකිනි (Post-Humanism). මෙම පශ්චාත්-මානුෂිකවාදයේ මූලික තවත් ලක්ෂණයක් වන්නේ, නූතන මිනිසාව ශික්ෂණය කිරීමට ඊට ඇති නොඋවමනාවයි. එනම්, බටහිර ප්‍රබුද්ධත්වය සහ ප්‍රංශ විප්ලවයේ පරමාදර්ශ අතහැරීමයි. මේ පරමාදර්ශ අතහැරීමේ අතුරු ඵලයක් ලෙස සාමුහික අනන්‍යතාවයක් හමු වී ඇත. (මෝදිගේ හින්දූත්වය, රාජපක්ෂගේ සිංහල-බෞද්ධත්වය, ට්‍රම්ප්ගේ ඇමරිකාව විශිෂ්ටයි.) මේ දක්වා ‘ප්‍රාග්ධනය’ උපයාගත්තේ ‘ශ්‍රමය’ මූලික කොටගෙන නම්, එය මේ වන විට වාර්ගික අනන්‍යතාවය සහ ස්වයංක්‍රීය තාක්ෂණය ඔස්සේ සිදු කරයි.

                    20 වැනි සියවසේ ප්‍රති-මනුෂ්‍යත්වය වෙනුවට 21 වැනි සියවසේ දී පශ්චාත්-මානුෂික මුහුණුවරක් ධනවාදයට ආදේශ වී ඇත. මින් සිදු වී ඇත්තේ, පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම සහ සවිඥාණක පුරවැසියන් බිහි කිරීම අත්හිටුවීමයි. මෙමඟින්, පාසල් සහ විශ්ව විද්‍යාල පද්ධතිවල මානුෂික විද්‍යාවන්වල පරිහානියක් සලකුණු වෙයි. මෙවන් සමාජ තුළ, මනුෂ්‍යයෙකුට ‘මානුෂික ගුණාංග’ ඉගෙන ගැනීමට අවශ්‍ය නැත. මේ නිසා, සමාජය පුරා විසිරී සිටින්නේ කම්කරුවන් නොව ඉබාගාතේ ඇවිද යන එඬේරෙකි (Laboring Nomads ). සුරාකෑමට මිනිසෙකු එක තැනකට ගැට ගැසිය යුතුය. නමුත්, නූතන බහුවිධත්වය යනු, අතහැර දමන ලද මිනිසුන්ගෙන් සමන්විත යාන්ත්‍රණයකි. බුද්ධිමතුන් යනු ද මේ අතහැර දමන ලද ඉබාගාතේ යන ජන කොට්ඨාසයකි. මේ අයගේ අනන්‍යතාව ද්‍රවශීලී ය. ඒ අර්ථයෙන්, සුරේන් රාගවන් යනු, ‘බුද්ධිය’ විකිණිය හැකි බව පෙන්වන්නකි.

++++++++++++++++++++++++++++

” දැන් මම කඩේ යනවා කියලා නටයි. 
කමක් නැහැ කිවයුතුදේ කිව යුතුමයි. 
ඒ ඉතිරිවී  ඇති මිනිස් කම ගැන 
සැබෑ පිරිමි කම ගැන ය 
මම දැන් රාජ්‍ය උත්සව 5 කට පමණ නිල වශයෙන් සහබාගී  වෙලා තියෙනවා.  ඒ හැම තැනම පුරුෂාධිපත්‍ය රජයන තැන් විය. බලය පිලිබඳ ගැඹුරු කෙන්ද්‍රස්ඨාන විය 
ඒ හැම තැනම චිචි ආවේ පොඩි එකා උස්සගෙනය 
කිරිපෙව්වේ ඔහුය 
තෙත මාත්තු කලේ ඔහුය 
හඬන කොට වඩාගෙන නැලේව්වේ ඔහුය 
ඔහු පිරිමි කම ගැන අලුත් visual text හැදුවා 
මේ වගේ තවත් මම නොදන්නා පිරිමි 
අය හුගාක් ඇති
මම හිතුවා චි චි කියන්නේ 
model modern මිනිහෙක් කියලා
I could not talk to him personally 
But I want to register this
– සුරේන් රාගවන්
දැන් මේක කියෙව්වහම සායනික ප්‍රතිකාර අවශ්‍ය නැති අයට එක පාරටම ඔලුවට එන්නේ මේක ලියලා තියෙන්නේ පිස්සෙක් කියන එක. 
ඇත්තටම රාගවන් කියන්නේ අන්තෝනියෝ ග්‍රම්ස්චි ගැන කතා කරන කොළඹ කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක්. තක්කඩියෙක්. පරණ පිරිමි ලෝකේ හිර වෙලා ඉන්න භූතයෙක්.තමන්ගේ ස්ත්‍රී පුරුෂභාවය තාමත් හොයාගෙන නැති මැඩියෙක්. මිනිස්සු හිතන් ඉන්නේ සුරේන් කලිසම යටින් ඇඳන් ඉන්නේ 
calvin klein අන්ඩර් වෙයාර් එකක් කියලා. නෑ එයා ඩෙනිමට යටින් ඇඳන් ඉන්නේ හම් ගියපු පුස් කාපු පරණ අමුඩ කෑල්ලක්. 
එයා චිචී ව හඳුන්වලා දෙන්නෙ අලුත් පිරිමියෙක් කියලා.නිකන් නව ලෝකයක් එයාට ඕපන් වෙලා තියනවා චිචී එයාගේ බබාව වඩාගෙන කැමරා ඉස්සරහ ප්‍රදර්ශනය කරනකොට.
අපි ඉන්නේ ”සුනිලා අබේසේකර” ස්ත්‍රී කතිකාවත පටන් ගත්ත 1985 නෙමේ,මේක 2020. ඇපල් අයි ෆෝන් 12 ත් එන්න හදන්නේ. ඔයා නිකන් රාවණා වගේ. කොහේ හරි ගුහාවක බුදියන් ඉඳලා තියෙන්නේ. චිචී එයාගේ බබාව අරන් එළියට ආවහම සුරේන්ව නිකන් නිද්‍රාවෙන් ඇහැරිලා සට ගාලා. සුරේන් ඔයාට ප්‍රතිකාර අවශ්‍ය යි. ඔයා කරන්නේ සමාජයට ඔයාගේ අගතිගාමී අදහස් පුරවන එක.ඒක ලෙඩක්.
නූතන ධනේශ්වර සමාජය පීතෘ මූලික නෑ.ඒක දැන් නරැමවාදියි.[Cynical]පියා මැරිලා ගොඩක් කල්.එතකොට ”මොඩර්න් පිරිමි” කියන්නේ බබාගේ නැපි හෝදන , කිරි පොවන, නළවන පිරිමි කියලා ඔයා හඳුනගෙන ද ?.ච්චී එහෙම කරේ නැත්තන් ටට්යානා එයාව පයින් ගහලා එළවයි. මොර්ඩන් ස්ත්‍රිය එහෙමයි. එයාලගේ ලෝකේ ළමයි නළවන එක කිරි පොවන එක ළමයින්ව හොක්කේ ගහන් ඇවිදින ඒවා නෑ..ඒහෙම ගෑනු හිටිය ලෝකේ ශේෂ වෙලා ගිහින් . ඒක ජීවමාන ඔයාගේ ඔලුව ඇතුලේ විතරයි . ච්චී ව නව පිරිමියෙක් කියලා ඔයා කියනකොටම ඔයා පට්ටම සාම්ප්‍රදායික පරණ පිරිමියෙක් කියලා හෙළිදරව් වෙනවා.
දැන් පිරිමින්ට ප්‍රසූත වේදනාවත් විදින්න පුළුවන්.ඒවට තාක්ෂණය දියුණු වෙලා.ඒකට කියන්නෙ New childbirth simulator shock pad කියලා.යූරෝපයේ පිරිමි තමන්ගේ සිත්‍රීන් එක්ක ගිහින් එයාලා ඉස්සරහා ප්‍රසූත වේදනාව විඳලා දරාගන්නවා.Ebay එෙකන් US ඩොලර්ස් දෙසීයක් තුන්සීයක් වගේ මුදලකට  ඕන පිරිමියෙක්ට ඒක ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. මේක තමයි ධනවාදය.මේ තමයි මොර්ඩන් love . මේක තමයි අපි ජිවත් වෙන මොහොත.
සුරේන්  කියන සැබෑ පිරිමිකම, මිනිස්කම් වගේ ඒවා දැන් නෑ. රාජපක්ෂ කල්චර් එක ඇතුලෙ කොහෙත්ම නෑ. ඒ වගේම සුරේන් රාගවන් හැඩේ  පිරිමිත් නෑ.  වඳ වෙලා ගිහින්. අනික් ටික මොර්ඩන් ගෑනුන්ගේ අතින් මැරිලා. ඔයා දුර්ලභ ජීවියෙක් වගේ මට පෙන්නේ ඒකයි. 
දැන් ගෙවල් වල දුම් පිඹගෙන උයාගෙන දරුවෝ බලාගෙන ස්වාමිපුරුෂයින් බීලා ආවහම ගුටි දෙනකල් පිට අල්ලන් ඉන්න ගෑනු නෑ.මොර්ඩන් ස්ත්‍රිය පිරිමියගෙන් කැමැත්තෙන් කස පහරවල් ඉල්ලන්නේ එයාලගේ සුරාතාන්තය වෙනුවෙන්. ඔයාට මොඩර්න් ස්ත්‍රියක්  හම්බුනොත් නිකන්වත් මේ වගේ පල් හෑළී කියවන්න එපා. ඔයාව දෙහිවල සත්තු වත්තට අත් හරියි. ඔයා ජාතික ලැයිස්තුවෙන් ආව මන්ත්‍රී කියලා එයාලට ගානක් නෑ.
අපේ ගෙවල් පාරේ උදේට බයික් එකේ මාළු විකුණනන්න එන පිරිමියා මාළු විකුනන්න එන්නේ උදේ පාන්දර වයිෆ්ට උයන්න උදව් කරලා අවුරුදු තුනේ දරුවගේ වැඩත් කරලා.එතකොට එයායි රාජපක්ෂ බාල පුතයි අතර වෙනස මොකක් වෙන්න පුළුවන්ද ඔයාට අනුව? ඒ පිරිමියත් දරුවට කිරි පොවනවා, රෙදි හෝදනවා, දරුවා අඩනකොට නළවනවා. එතකොට රාජපක්ෂ බාල පුතයි මාලු විකුණන තාත්තයි අතර වෙනස තියෙන්නේ ක්ලාස් එකේද?
  ඔයා කියන චි චී හැදුවා කියන visual text එක මොකක්ද ? ඒක නිකං චිචී උඩ යවපු රොකට් එක වගේ එකක්ද? 
සුරේන් මොනවද ග්‍රම්ස්චි ගැන දන්නේ? එයා  තාම ඉන්නේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතා අස්සේ. කුමාරි කුමාරගමගේ, නදීකා බණ්ඩාර වගේ “ගෑනු පිරිමින්ට ”  ඔයාව මූනට හම්බුනොත් එයාලා ඔයාගෙ නියපොත්තේ ඉඳන් ගලවයි. කුමාරි වගේ අයට තියන ප්‍රශ්නේ තමයි පුරුෂයින්ගේ භාෂා ලෝකය ඇතුලේ තමන්ව ප්ලේස් වෙන්නේ කොහොමද කියලා.ඔන්න කුමාරි මේක තමයි ලංකාවේ බහුතරයක් පිරිමින්ගේ ඇත්ත ලෝකය. සුරේන් රාගවන්ගෙන් සංකේත කරන්නේ ඒ ලෝකයේ භාෂාව. එයාලගේ ලෝකේ ඇතුලේ ස්ත්‍රිය කියලා කියන්නේ පියුමි හංසමාලිලා නෙමේ. එයාලගේ ඔලුවේ තාම ඉන්නේ වර්ජින් මේරි. ඒත් එයාලට වර්ජින් මේරිලා හම්බෙන්නේ නෑ. පියුමි හංසමාලිලා හම්බෙන්නෙත් නෑ. එයාලට හම්බෙන්නේ ටික් ටොක් ගෑනු විතරයි.
චිචී, ටට්‍යානාගේ එළියට පේන ”මීඩියා පවුල් ජීවිතය” දකිනකොට සුරේන් වගේ පිරිමින්ව තිගැස්සෙනවා. එයාලගේ ඩෙනිමට යටින් ඇඳන් ඉන්න අමුඩේ පටිය බුරුල් වෙනවා.
නූතන ධනවාදය ඇතුලේ පවුල කියන සංකල්පය වෙනස්.ඒ කියන්නේ පුරුෂමූලික නෑ. මාතෲ මූලිකයි. සරළවම කිව්වොත් බිරිඳ එලියට යන්න සැමියගෙන් පර්මිශන් ගන්නේ නෑ. සැමියා බිරිඳ එකට විස්කි වීදුරුවක් ශෙයාර් කරගන්නවා. දරුවන්ව බලාගන්න නැනීලා ගන්නවා.තුන් වේළම උයන්නෙ නෑ. ටේක් අවේ තියෙන්නෙ ඒකට. ඒ පවුල ඇතුලේ responsibility ශෙයාර් කරගන්නවා.
සුරේන් ඔයාට දරාගන්න බැරි තරම් ලෝකේ හරි ධනවාදීයි. ඔයා ඉන්නේ විජේවීර කැලෑවේ හැංගිලා ගරිල්ලා සටන් කරපු කාලේ. සුරේන් වගේ තක්කඩි පරණ පිරිමි දවල්ට ග්‍රම්ස්චි ගැන කතා කරලා චිචීගේ පිය භූමිකාව ගැන වර්ණනා කරලා රෑට ගෙදර ගිහින් ලෙස්බියන් සෙක්ස් පෝර්න් බලලා නිදා ගන්නවා. සුරේන් නං උදේ නැගිටලා පාර්ලිමේන්තුවටත් යනවා.
මහජනතාව ආණ්ඩුවෙන් ඉල්ලනකොට උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවන්න කියලා මෙන්න සුරේන් රාගවන් වගේ තක්කඩි පරණ පිරිමින්ව ජාතික ලැයිස්තුවෙන් යවනවා. පාර්ලිමේන්තුවට. සුරේන් අපිට අසරණකමක් දැනෙනවා ඔයාලා වගේ දුර්ලභ ගනයේ පරණ පිරිමි අපි වෙනුවෙන් කතා කරන්න මහජන නියෝජිතයෝ බවට පත් වෙනකොට. ඔන්න ඇකඩමික් බුද්ධිමතුන්ගේ හැඩය. 
සුරේන් රාගවන් කියන්නේ අතරමං උන ග්‍රස්ථික නියුරෝසිකයෙක්. ඒ කියන්නේ සුරේන්ට එයාගේ ආශාව හොයාගන්න බෑ. එයා චිචී ගෙ ලෝකයට ආශා කරනවා වගේම ඒ ආශාව නිසාම එයා ඒකට වෛර කරනවා. චිචී ගේ කල්චර් එක සුරේන්ගේ පිරිමි ලෝකය අභියෝගයට ළක් කරනවා. නියුරෝසිකයා නිතරම තමන්ගේ ආශාව ලොප් කරගෙන සමාන්තර ලෝක දෙකක් මැද්දේ අතරමන් වෙලා ඉන්නේ. මේ වගේ ඇකඩමික් ලෙඩ්ඩුන්ට පාර්ලිමේන්තුවට ගිහින් අපි වෙනුවෙන් කතා කරන්න දෙයක් නෑ. මේක තමයි ලංකාවේ දේශපාලනය.අපි වෙනස් කරන්න උත්සහා කරන්නේ මේක.

Ramesha Siriwardana

– Deepthi kumara Gunarathne

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.