කොගිටෝවේ කාර්යය සහ ලාංකික වාමාංශික දේශපාලනයේ නව ස්වාමීත්වය: සෝමවංශගේ සිට දීප්ති දක්වා…
Function of the Cogito and the New Mastery in Left Politics: From Somawansa to Deepthi

“The Owl of Minerva only takes flight at dusk” explains his theory of how we gain knowledge  In other words we may only gain wisdom of history through hindsight (dusk).

Lalith 4

 

 

සංක්ෂිප්තය:
දෙවෙනි කැරැල්ලෙන් පසු පරාජයේ ක්ෂිතියත් සමඟම නැවත බිම්ගත දේශපාලනයකට ගමන් නොකර නිර්-දේශපාලනික යැයි හැදින්විය හැකි ‘ප්රජාත්රන්තවාදී ප්රවාහය’ තුළ ම තම පක්ෂය අනාගතයට ගමන් කරවිමේ අභියෝගය ට සෝමවංශ අමරසිංහ සහෝදරයා මුහුණ දුන් ආකාරය සහ එම වකවනුව තුළ ම වෙනත් දේශපාලන ප්රවේශයක් තුළ දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා ලාංකික දේශපාලනය තුළ කළ අත්හදා බැලීම සංසන්දනාත්මකව විභාග කළ යුතු යම් නිශ්චිත ඓතිහාසික නිමේශයක් සෝමවංශ ගේ මරණයත් සමඟ උදාවී ඇතැයි සිතමු. පක්ෂයේ බාහිර ස්වරුපය ජනප්රියවාදී ආකෘතියක් තුළ වෙනස් කිරීම කෙරෙහි සෝමවංශ සහෝදරයා විශ්වාස තබන විට දීප්ති විශ්වාස කළේ පක්ෂයේ ආත්මය නිපදවීම නම් අතිශය නුතන සමාරම්භක ක්රියාව කෙරෙහිය. සෝමවංශ සහෝදරයා ගේ ප්රවේශය ජාතිවාදයෙන් අවසන් වූ විට දීප්ති සහෝදරයා ගේ ප්රවේශය කැබලි වලට කැඩී විසිරී ගියේය. දෙදෙනාගේම ව්යාපෘති වලින් අනන්යතාව [identity] පදනම් කරගත් පුද්ගල චරිත විශාල ප්රමාණයක් ලාංකික අවකාශයට විසි විය. විසිවී විනාශ වී ගියේය. සමහරු පොහොසතුන් විය. සමහරු විශාදි අවකාශයකට පසුබා ගියේය. සමහරු මුලධාර්මික සයිකෝටික විශ්වයකට ගමන් කළේය. සමහරැ Boss ලා විය. මෙම ප්රවේශ දෙකට ම වෙනස් මාවතක සිටි ප්රභාකරන් ද ඉතුරු වුයේ නැත. මෙහි ජය පරාජයන් කුමක් වුවද අවසානයේ මෙම ප්රවේශයන් දෙකම යම් සමාරම්භක අසාර්ථක බවක් (pioneering failure) සනිටුහන් කළ ද සිදුවූ දේ විශ්ලේෂණය කිරීම මගින් පමණක් විසිවන සියවසේ වාමවාදය අවසන් වුවේ ඇයි යන්න පැහැදිලි කරගත හැකිවනු පමණක් නොව වාමවාදයේ ස්වාමීත්වය නැවත නිපදවන්නේ කෙසේද යන ගැටළුවට විසදුමක් ලබා ගන්නා ආකාරයද අර්ථකතනය කරගැනීමට හැකි වනු ඇත.

පසු-ධනවාදයෙන් පසු ඕනෑම වාමවාදයක් සහ ආශ්‍රිත දේශපාලනයක් බිහිවිය විය යුතු මුලික අභිනය -නිෂ්පාදනය වන්නේ එම ව්යාපාරයේ ආත්මය [subject] නිෂ්පාදනය කිරීමෙන් පමණක් බව මෙම ලිපියෙන් ස්ලෙවොයි ජිජැක් හරහා නිර්වචනය කෙරේ. බාහිර ආකෘතික වෙනස (සෝමවංශ) පරාජය වන විට අභ්යන්තරය නිපදවීම (දීප්ති) එක්තරා දුරකින් ජයගනී. ප්රායෝගික බව වෙනුවට නැවත මාවෝ කියන්නාක් මෙන් න්‍යාය අධිනිශ්චය වේ. දෘෂ්ටිවාදය විවේචනය කිරීම සහ නව තත්වය තේරුම් ගැනීම යන සද්භාවය තුළ දීප්තිගේ වැඩ පිළිවෙළ සංකේතිය විය. ඔහු ලංකාවට රැගෙන ආ මතවාදී අවි තවදුරටත් වලංගු වීමෙන් ම එය පැහැදිළි වේ. කෙසේ වුවද ලංකාවේ අමුතු දේශපාලන විවේචක අක්ෂයන් විසින් සෝමවංශ නිකම් ම නිකම් ‘සෝමේ’ නැත්නම් ‘සිරි අයියා’ කෙනෙක් කරන විට දීප්ති ‘ශාස්තෘවරයෙක්’ ලෙස විපරිණාමය කරයි. නව-ෆුකුයාමාවාදී අරාජක බවක් වෙනුවෙන් වූ එම විවේචකයන්ගේ කිසිදු න්යායික ආවරණයක් නැති ළිපි කියවන සහ කොමෙන්ට් කරන ඔලු ගෙඩි ප්රමාණය වැඩිවේ. ජය පරාජයන් කුමක් වුවත් කුමන හෝ වාමාංශික නැඹුරුවක් ඇති චරිත පාජාල කිරීම විනෝදාංශයක් වී ඇති මේ ලාංකික මොහොතේ (පසුබා සිටීමේ- recoil) කොගිටෝවේ කාර්යය ගැන තවත් යමක් ලිවීමට එනයින් බලකර සිටී. යානිස් වරෆාකිස් ගේ අදහසක් වෙනත් වචනයකින් කිවහොත් අනාගත වමකට ජයගත් හැක්කේ තම වර්තමාන සීමාකම් අවබෝධ කර ගනිමින් ඒවා අතික්රමණය කිරීමෙන් පමණි.

අසාර්ථක බවේ ක්ෂිතිය:
දකුණේ සමාජය පැත්තෙන් ගත්විට සමාජ අරගල දෙකක් මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණ විසින් අනුදත් විප්ලවීය මොඩලය 1970 සහ 1988-89 යන වකවානු වල පුර්ණ අසාර්ථකත්වයකින් අවසන් වු නිමේෂයේ සිට ලාංකික ආත්මය තවදුරටත් චලනය කළ නොහැකි සීතල ගල්ගැසීමක් තුලට 1990 ආරම්භ වන විට ගමන් කරමින් තිබුණා ඔබට මතක ඇතැයි සිතමු. ධනේෂ්වර රාජ්යයේ මර්ධනය හමුවෙහි ලාංකික ‘නිර්ධන- පීඩිත පන්තීන්’ තම වික්ෂිප්ත බව මෙන්ම, ව්යාකුල බව ප්රකාශ කළේ තම මානසික-අධ්යාත්මික විමුක්ති අරමුණක පරාජය ඉස්මතු වෙමින් පැවති පාරිභෝගික භාණ්ඩ වෙතින් වසා ගනිමිනි. බරපතල පසුබැසීම් හමුවේ වුව ද උතුරේ අරගලය දිගින් දිගටම ඉදිරියට ගිය අතර ලාංකික නිර්ධන පන්තිය (මාවෝ ගේ වචනය පාවිච්චි කරන්නේ නම් ‘පීඩිත නිර්ධනීන්’) අනන්යතා දේශපාලනයක් [identity politics] තුලට ගාල් කිරීමට තරම් එවකට පැවති ජනතා විමුක්ති පෙරමුණ මතවාදීව බංකොලොත් වී තිබුණි. එක් අතකින් නව ස්වාමීත්වයක් සදහා වූ හිස්ටරික අවකාශයක් දකුණේ සමාජය ට අවශ්ය වී තිබුණ අතර, උතුරේ අරගලය විසින් දකුණේ ස්වාමීත්වය දැවැන්ත ලෙස ප්රශ්න කර තිබු ද්විත්ව-පරාජිත සන්දර්භයක් තුල දකුණට කල හැකි වී තිබුණේ විපරීතත්ව විශ්වයක් (pervert universe) ගොඩ නගා ගැනීමට අවශ්ය අනන්යතා දෘෂ්ටිවාදය ගොඩනැගීම වෙත ගමන්කිරීම පමණි. එම කොන්ත්රාත්තුව ද බාරව තිබුණේ ජ.වි.පෙ.ට බැවින් අන් කෙනෙකුට කිරීමට දේශපාලනයක් දකුණේ ශේෂ වී තිබුණේ නැත.

විමුක්ති අර්ථයකින් ගත්විට දකුණේ දේශපාලනය පැවති ඝනීභවනය වීම තුල ඉල්ලා සිටියේ අධිනිශ්චිත නොහැකියාවෙන් ගොඩ ඒමට අවශ්ය ‘නව හැගවුමකි’. එනම් නව විශ්වීය කතිකාවකි. සමාජ-දේශපාලන සම්බන්ධතා සම්බන්ධයෙන් නව දේශපාලන අර්ථකතනයක් සහිත ප්රාරම්භක අභිනයකි (founding gesture). මෙම ප්රාරම්භක අභිනය හදුන්වාදීමට ඒ වනවිට යම් කිසිවෙකුට හැකි වුවේ නම් ඔහු හෝ ඇය ස්වාමි කතිකාවක් [Master Discourse] හදුන්වා දුන් අයෙක් ලෙස සමාජය තේරුම් ගනී. එම අභිනය විසින් අපගේ විමුක්ති අධ්යාත්මය පසුබැස සිටි මෙලන්කොලික විෂාදයෙන් අපව අධි-නිශ්ක්රීයතාවයක් වෙත තල්ලු කර දමා තිබු පාරිභෝගික භාණ්ඩ නම් අන්තර්-(නිෂ්ක්රිය)අක්රියභාවය (inter-passivity) නම් කඩතුරාව ඉවත්කළ හැකි මුලික කොන්දේසිය නිර්මාණය වේ. ඒ අර්ථයෙන් දීප්ති කුමාර ගුණරත්න සහෝදරයාගේ දේශපාලන ආගමනයහි වැදගත්කම එක්තරා විෂාදී අක්රියභාවයක් මෙන්ම පාරිභෝගික ෆැන්ටසි අධිනිශ්චය විමක් නම් ද්විත්ව-අපගමනය නම් ලාංකික සන්දර්භය මත තේරුම් ගත යුත්තකි. X දේශපාලනයේ සිට මේ දක්වා විවිධ හැල හැප්පීම් මධ්යයේ ඔහු අනුදත් දෘෂ්ටිමය දේශපාලනික මාර්ගය ඒ අර්ථයෙන් එක් අතකින් ලාංකික විෂාදී ආත්මය අවදි කරනු සුළු විභවයකින් යුක්ත වු අතර (පරාජිත විමුක්ති අධ්යාත්මය සහ එම අධ්යාත්මය ගමන් කරන පාරිභෝගිකත්වය නම් අක්රියභාවය) අනෙක් අතින් ධනවාදයේ විපරීතත්වයට අවදි වු ලාංකික අධ්යාත්මයට රිදෙන්නට පහර දුන් අචාරධාර්මික බවක් ද ඒ තුලම අන්තර්ගත විය. දීප්ති ගේ ව්යාපෘතිය ද විනාශ වී ගියා නොවේද යනුවෙන් යමෙකුට තර්ක කළ හැකි වුවද ඔහුගේ අභිනය තුළ වූ සංකේතිය වටිනාකම අහෝසි වී නොගිය බව එවැනි තර්කයකට දිය හැකි පිළිතුරයි. මන්ද ඔහුගේ වැඩපිළිවෙල විසින් ශේෂ කළ වටිනාකම් අද දවස දක්වාම අපට දැකගත හැකි බැවිනි.

විනාශය තුළම දීප්ති ජයග්රහණය කර ඇති කලාපය කුමක්ද? එක්තරා අකාරයකට ආකාරයකට විරුද්ධාභාෂයක් ලෙස පවතින මෙම තත්වය ලාංකික දේශපාලනය තුල පැහැදිලි කර ගැනීම සදහා ශ්රී ලංකා පෙරටුගාමී පක්ෂය විසින් ගත් උත්සාහය සදහා සෑහෙන ඉතිහාසයක් පවතින අතර ඒ ඔස්සේ අප විසින් මෑතක දී ලේඛනයක් දෙකක් සමාජගත කරන ලදී. 2014-2016 කාල වකවානුව අතර පක්ෂයේ වෙබ් අඩවියේ පලකළ ‘දීප්ති: බලහත්කාරී වරණයේ විරුද්ධාභාෂය’ නම් ලිපි පෙළෙහි මුල් ලිපි දෙක ඔස්සේ පක්ෂය විසින් න්යායගත කිරීමට උත්සාහ කළේ දීප්ති සහෝදරයා වෙත පසුගිය කාලය පුරාවට එල්ල වූ යම් යම් විවේචන සදහා පිළිතුරු ලබා දීමට අවශ්ය මතවාදී පසුබිම නිර්මාණය කිරීම සදහා ය. එම උත්සාහය විසින් ඉතා පැහැදිලි ලෙස දීප්ති නම් චරිතය නිර්මාණය විමට බලපෑ දේශපාලනික-දාර්ශනික පදනම් සමාජයට අර්ථකතනය කර දීමට දිශානත වී තිබු නමුදු පසුගිය දිනක w3lanka නම් බ්ලොග් අඩවිය විසින් දීප්ති ලාංකික දේශපාලන ශස්තෘවරුන්ගේ නාමාවලියක් තුලට ඇතුලත් කර තිබෙනු පක්ෂයේ අවධානයට යොමු විය. එම බ්ලොග් අඩවියේ දීප්තිගේ නම තිබු පමණින් එයට පිළිතුරු දීමට අවශ්යතාවක් පක්ෂයට නැති නමුදු එම කරුණ විසින් දීප්ති සම්බන්ධවූ යම් ඓතිහාසික විවේචනයක නෂ්ඨාවශේෂ තවමත් ශේෂ වී ඇති බව අප අවබෝධ කර ගතිමු. එනයින් ඉහත ලිපිවල අඩංගු කරුණු ද පාදක කර ගනිමින් යම් පිළිතුරක් ගොනු කිරීමට මෙය අප අවස්ථාවක් කර ගනිමු.

Lalith 2

ඉතාම මෑතක දීප්ති පක්ෂයේ සාමාජික සහෝදරවරු කිහිප දෙනෙකු සමග කතාබස් කරමින් සිටින විට මෙවැන්නක් පැවසුවේය. ‘උතුරේ අරගලයෙදී ප්රභාකරන් ලංකාවට ගෙනාවේ සංකීර්ණ අවි ආයුධ. දකුණේ මම කරපු අරගලයේ දී මම ගෙනාවෙ තීරණාත්මක මතවාදී බර අවි ආයුධ’. ඔහු ප්රකාශ කළ දේ හරියටම නිවැරදි බව අද දවසේ කොළඹ නගර මධ්යයේ සිට නිකවැරටිය, දෙහිඅත්තකණ්ඩිය, මැදිරිගිරිය දක්වා සංක්රාන්ති පංතික ලාංකික මිනිසුන් ට සහ ගැහැණුන් ට සලෙවෝයි ජිජැක්, ජාක් ඩෙරිඩා, ග්රාම්ස්චි, ලකාන්, අර්නස්ටෝ ලැක්ලෝ, ඇලන් බදියු වැනි චින්තකයින්ගේ නම් සහ චින්තන සන්දර්භයන් ගැන (ඉතාම අල්ප වු හෝ) අවබෝධයක් ඇති බව විසින් ම ඔප්පු නොකන්නේ ද? අප හිතන ආකාරයට සලොවෝයි ජිජැක් ගැන කතා කරන ලාංකික පහල මධ්යම පංතික මිනිසුන් සෑහෙන ප්රමාණයක් තම සංකේතීය අනන්යතාවයන් ගොඩනගා ගන්නා ප්රාථමික අභිනය සකස් වුයේ දීප්ති හරහා නොවේ ද? ඒ අර්ථයෙන් එම සංක්රාන්තික පංතික මිනිසුන් අද්යතන අධිවේගී තාක්ෂණ-ධනවාදය තුල යම් පමණක හෝ සද්භාවී ඛණ්ඩනයක් සනිටුහන් කර ගනිමින් පවත්නා තත්වය තේරුම් ගැනීම සදහා අවශ්ය මුලික න්යායික ප්රවේශය සලකුණු කර ගත්තේ 1990 මුල්භාගයේ සිටි දිප්ති කරන ලද දහඩිය මහන්සියේ ප්රතිඵල නිසා නොවේ ද? ඒ අර්ථයෙන් ගත්කල ධනවාදය පිළිබදව ලාංකික මිනිසුන් කෙරෙහි වු ෆැන්ටසිය විස්ථාපනය කිරීමේ ස්වාමි කතිකාව (discourse of the Master) නිෂ්පාදන කළ සමාරම්භකයා දිප්ති ලෙස සැලකිය හැකිය. එනයින් ලාංකික පරාජිත ආත්මය ධනවාදය දෙසට අවධිවීම පිළිබදව කතිකාවක් නිෂ්පාදනය කළ පළමුවැන්නා ද දිප්ති වේ (බලන්න ගුණරත්න 1997) .

නොතේරීම තේරුම් ගැනීම:
ඔහුගේ කතිකාවට ආකර්ෂණීය වූ අතර බොහෝ අය දීප්ති හදුනා ගන්නේ විප්ලවීය අර්ථයකට වඩා ආත්මීය අර්ථයකිනි –NonDuped Err . එයට හේතුව ලාංකික පරාජිත අධ්යාත්මය ඔහු ව ස්වාමීත්වයකින් හදුනාගන්නා බැවිණි. ඒ අර්ථයෙන් ඔහු පරමාදර්ශයක් ද වේ. එම නිසා ඇතමෙක් ඔහුව අනුකරණය කිරීමට උත්සුක වේ. ඔහුගේ නම නොකියා ඔහුගේ කතිකාව කොපි කිරීමට සැරසෙයි. ඔහුගේ නම මකාදමා ඔහුගේ කතිකාවේ හිමිකාරිත්වය ගැනීම ට, එය ඉදිරියට ගෙනයෑමට සැරසෙයි. අප මදකට මෙසේ සිතමු. දිප්ති විසින් යම් කිසි ගැඹුරු දාර්ශනික දේශපාලන මතවාදයක් සහිත ග්රන්ථයක් යමෙකුට දෙන අවස්ථාවක් උපකල්පනය කරමු. එය ලබා ගන්නා තැනැත්තා අතට ලබා දුන් පොත එම තැනැත්තා විසින් තම ජිවිතයේ කිසිදා දැක තිබු (කියවීම කෙසේ වුවත්) අයෙක් නොවේ. ඔහුට පොතේ නම බරපතල ලෙස මෙසේ දිස් වේ. ‘ආපතිකභාවය, හෙජමොනිය සහ සාර්වත්රිකබව’. ඔහු මෙසේ සිතයි. ‘අම්මට සිරි, මේක නම් මාර පොතක්, මේ පොත කියවූ වහාම මට නිර්වාණය අවබෝධ වනවා සිකුරුයි. පුලුවන් තරම් ඉක්මනට කියවන්න ඕනි’. පොත දෑතින්ම ගන්නා ඔහු/ඇය කෘතඥපුර්වක ලෙස තමා වෙතින් ඉවත ට යන දීප්ති ලෙස බලා සිටී. ඔහුට දැන් මෙසේ සිතේ (ප්රථම අභිනය). ‘මේක කියව්වොත් මටත් දිප්ති වගේ කෙනෙක් විය හැකි නොවේ ද? දීප්ති මේ වගේ ගැඹුරු දේ කතා කරන්නේ මේ වගේ පොත් කියවා ඇති නිසයි’. ඉතින් පොත සමග ම ඔහුට ඔහුගේ ෆැන්ටසිය තරණය කිරීමේ භාග්යය ද දැන් උදාවී ඇත. පක්ෂ කාර්යාලයේ ම ඇදක් මත ඔහුට නින්ද යයි (දෙවන අභිනය). නින්දෙන් අවදි වී ඔහු පොතේ මුල් පිටු කිහිපය කියවන විට ම මෙසේ අවබෝධ වේ. ‘මෙන්න වැඩක්, යකෝ දීප්ති කියපු දේවල් වලට වඩා කොච්චර දේවල් මේ පොතේ තියෙනවා ද, තව කියවන්න ඕනි’. තවත් පිටු දෙක තුනක් කියවන විට ඔහුට ඉතාම පැහැදිලි ව එක් සත්යයක් නිශ්චය කර ගත හැකිවේ. එනම් දීප්ති කියන දෙයට වඩා වැඩි මනත් වු අර්ථකතනයන් අර පොත තුල තිබෙන බැවින් පැහැදිලිව ම දිප්ති පසුකර යෑමට ෆැන්ටසි මාර්ගයක් මේ පොත හරහා වැටී ඇති බව නම් සත්යය යි. ලැබුණ ඊලග නිමේෂයේ ම ඔහු කරන්නේ දිප්තිට අභියෝග කිරීම නම් ස්වරූපරාගී අභිනය වෙත පිය මැණිමයි (තෙවන අභිනය). මාතෘත්ව සුපිරි අහම විසින් මෙහෙයවන මෙම ආත්මයට ජිජැක් කියන නම ‘ව්යාධි නාසිස්මය’ (pathological narcissism) යන්නයි (බලන්න Sharpe & Boucher 2010: 144-145). බාහිර ආක්රමනිකයෙක් විසින් රහසිගතව අපව විනාශ කිරීමට කුමන්ත්රණය කරනු ඇතැයි පරිකල්පන- මායාවකට ගමන් කරවන ‘කුමන්ත්රණ න්යාය’ පදනම් කරගත් (ජ. වි. පෙ. විසින් වේදිකා දෙවනත් කළ බටහිර අධිරාජ්යවාදී සතුරා නම් අවකාශය තුලින් නිර්මාණය වූ විමල් වීරවංස) ‘මූල-සයිකෝටික’ (proto-psychotic) විෂය ය නිර්මාණය වීම මෙම නාසිස්මයේ ඊළග පියවරයි (බලන්න ඉහත කෘතියේ ම 149-150 පිටුවේ එන ‘අප සියල්ලෝම සයිකෝටිකයින් වේද?’ –Are we all psychotic now? යන ලිපිය).

නමුත් දීප්ති තම පක්ෂයේ අයෙකුට යම් පොතක් දෙන්නේ ආදාල සමාජිකයාගේ දියුණුව, පක්ෂයේ දියුණුව හා සමස්ත විප්ලවීය ක්රියාදාමයේ දියුණුව පිණිස ය. විප්ලවීය අර්ථයකින් ලබා දුන් එම ග්රන්ථය අවසානයේ ගමන් කරන්නේ ඔහුගේ ස්වරූපරාගී මමංකාරය වෙතටය. විශ්වීය නොවු පුද්ගලත්වයක් දෙසට ය. සුවිශේෂ අනන්යතාවයක් දෙසටය. ආත්මය ගලවා ගැනීම පිණිස දෙන එම පොත ගමන් කරන්නේ කොටින් ම කිවහොත් පතුලක් නොපෙනෙන ආත්මීය ගුප්ත විශාදයක් තුලටය. මේ තත්වය දීප්ති සහෝදරයාගේ දේශපාලනය තුල එක් වරෙක හිස්ටරික අර්ථයකිනුත් තවත් විටක විපරීත අර්ථයකිනුත්, මෑත භාගයේ සයිකෝටික අර්ථයකිනුත් වර්ධනය වනු අප නිරීක්ෂණය කර ඇත. එයට හේතුව දීප්ති ලිපිය තුල ආමන්ත්රය කරන්නා (addressee) ඔහු සත්ය ලෙස ම අරමුණු කළ කියවන්නා නොවීම නම් සත්යය යි. දෝෂය දීප්තිට හැරවය හැකි ද ? සත්ය කියවන්නා සිටිනුයේ ඉහත දීප්ති (x) සහ ඔහු පොත ලබා දෙන්නා (y) අතර ඇති නොපෙනෙන (z) නම් අවකාශයකය. එනයින් ඔහුගේ තුන්වන පරම්පරාව ගුණාත්මක ලෙස වෙනස් වන්නේ මෙම අර්ථයනි. ඔවුන් බොහෝ දෙනෙක් දීප්තිගේ සෘජු නිරීක්ෂණයට ලක් වුවන් නොවේ. එය මේ මොහොතේ පවත්නා ආත්මීය අපගමනයන් තුල පක්ෂයේ පැත්තෙන් වාසිදායක තත්වයකි. ඔවුන් දීප්ති හා ගණුදෙනු කරන්නේ ලේ-මස් අර්ථයකින් නොව ‘සංකේතීය ප්රබන්ධය අහිමි’ (absent symbolic fiction) අර්ථයකිනි. ලේ-මස් ගෝලයන් දීප්තිගේ සංකේතීය ප්රබන්ධය විනාශ කිරීමට කරන ලද උත්සාහය තුල ඔවුන් ට එම විනාශයෙන් පසුව මුණ ගැසෙන්නේ පළමු පරම්පරාව ට මෙන් ගුප්තකරණය කරන ලද ප්රෙහේලිකාමය දිප්ති කෙනෙකු නොව සාමාන්ය මනුස්සයෙකි. නමුත් දීප්ති එදා දරා සිටි විප්ලවීය ගුණය අද ද එක් අංශු මාත්රක් අඩු නැතිව ඔහු තුල ඇති බව අද පරම්පරාව අවබෝධ කර ගනිමින් සිටී. අද අප ඔහු හා අනන්ය වන්නේ හබමාසියානු ‘නො-අවසන් ව්යාපෘතිය’ (unfinished project) අවසානයක් කරා ගෙන යෑමේ න්යායික කර්තව්යය වෙනුවෙනි. දීප්ති වගේ වීමට හෝ, ඔහුව අනුකරණය කිරීමට හෝ ලිංගික ගැටළු නිරාකරණය කර ගැනීමට හෝ නොවේ. ඒ අර්ථයෙන් කිසිවකුට අද දීප්ති ශාස්තෘවරයෙක් ලෙස හෝ සුවපත් කරන්නෙකු ලෙස හෝ උපදේශන සේවාවන් පවත්වන්නෙකු ලෙස හෝ නොපෙනේ. ඔහු අපට විප්ලවීය ජීව ගුණය සදහා ‘ආශා කිරීමට ආශා කිරීම’ (desire to desire) සදහා වු නීරීක්ෂයක් පමණි (gaze). එම නිරීක්ෂණය අතිසමීප රූපයක් ඉල්ලා නොසිටියි. පරණ කඩේ වසා ඇති බවට වන හැගවුමෙහි අර්ථය එයයි.

Lalith 3

අප ‘ආශා කිරීමට ආශාකිරීම‘ (desire to desire) නම් තත්වය තේරුම් ගන්නේ ෆැන්ටසියක් හරහා ය. ෆැන්ටසි අධාරකයක් නොමැති කිසිවකට ආශා කිරීමට නොහැක. වම පිළිබඳ ප්රගතශීලී ෆැන්ටසියක් නිර්මාණය කිරීමේ දී සෝමවංශ සහෝදරයාගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ වේදිකා දෙවනත් වන කතා, පෝස්ටර්, මැයි දින සංදර්ශන වැනි බාහිර සංඥා මගින් වම පිළිබඳ මතුවිට ආශා-කලාපයක් (desire-zone) බිහි කළා වුව ද එහි අධ්යාත්මය අවසානයේ සංයුක්තව සකස් වුයේ ලාංකික අතීතකාමයේ (return to the past) තාර්කික ප්රතිඵලය වන සමස්තතාවාදයේ ලාංකික ප්රකාශකයා වු මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමෙනි. ඒ හරහා පරිකල්පනීය (දෙමල) සතුරා වාෂ්ප කිරීමේ කාලකන්නි ව්යාපෘතිය අවසානයකට රැගෙන ඒම නම් අස්ලීල අපගමනයෙනි. මෙම සෝමවංශ කතා වස්තුව මගින් විමල් වීරවංශ බිහි වු අතර අනුර, ටිල්වින්, විජිත, ලාල්කාන්ත වැනි එම මට්ටමට ම වාගේ සුසරකරණය කරන ලද ජාතිවාදී චරිත ලාංකික ජන සමාජයට මුදා හැරුණි. සමාන්තර ලෙස වෙනත් ව්යාපෘතියක සිටි දීප්තිගේ ව්යාපෘතිය වෙනත් අභිනයන් සම්බන්ධයෙන් කොතරම් සාර්ථක හෝ අසාර්ථක වුව ද මෙවන් ජාතිවාදීන් බිහි නොකිරීම මඟින් ම එම ව්යාපෘතිය තුල තිබු නුතනත්ව-ප්රබුද්ධ ප්රවේශයේ පරිමාව කොතෙක් ද යන්න පැහැදිලි වෙතැයි සිතමු. සෝමවංශ ප්රවේශය දේශපාලනයේ පුර්ව-සංකේතීය (pre-symbolic) මිත්යාමය අනන්යතාවයක් දෙසට ගමන් කරද්දී අමාරුවෙන් ගමන් ගත් දීප්තිගේ වැඩ පිළිවෙල ලාංකික ජාතිවාදය තීරණාත්මක ලෙස පරාජය කළ හැකි මට්ටමේ ත්රීවෘතාවයකින් හා විචක්ෂණ බවකින් හෙබි දාර්ශනික ව්යායාමයක් විය. ඔහුගේ සමකාලීනයන් එම ව්යාපෘතිය පාවා නොදී එය තවතවත් පෝෂණය කලා නම් ඇතැම් විට ලාංකික ජාතිවාදය පසුගිය දශක දෙකේ කල දැවැන්ත විනාශය වැලැක්වීමට තරම් ප්රභලතාවයක් එය සතුවූ බව සඳහන් කරනු කැමැත්තෙමු. එම අර්ථයෙන් සෝමවංශ සහෝදරයාගේ වාමවාදී අභිනය වඩා නිදහස අරමුණු කර ගත් එකක් නොව බුර්ෂුවා රාජ්ය ව්යාපෘතිය සමඟ හොඳින් ගැලපුණ එහි වහල්භාවය තව තවත් අපේක්ෂා කළ දෘෂ්ටිවාදී එකක් විය. නමුත් දීප්තිගේ ව්යාපෘතිය අද දිනටත් බුර්ෂුවා හිඟන්නන්ට පැහැරගත හැකි එකක් නොවේ.

‘විශ්වාස නොකර ඇදහිළිවන්ත (නැත්නම් ශ්රද්ධාවන්ත) වන්න’ (2001: 116-7) යන ජිජැකියානු කියමන අද දවසේ දේශපාලනය සඳහා කොතරම් අදාළ දැයි බලන්න. මන්ද අපට දී ඇති තෝරාගැනීමේ වරණය වනාහී ව්යාජ එකකි. අප තෝරා ගන්නේ අපට දී ඇති කොන්දේසි වලට යටත්වය. සෝමවංශ සහෝදරයා විසින් කරන ලද දේශපාලනය ඒ වනවිට තීරණය කර තිබුණේ ධනේශ්වර දේශපාලනයේ විපරිත වර්ධනයක් වූ ජාතිවාදය අවකාශය සමඟය. එම දෙන ලද වරණ අවකාශය ඔහු විසින් ප්රතික්ෂේප කළ යුතුව තිබුණු දෙයකි. එම ප්රතික්ෂේප කිරීම මගින් ඔහුට ලංකාවේ අභ්යන්තර චින්තන අවකාශය (සද්භාවී විශ්වය) වෙනස් කළ හැකිව තිබුණි. එනයින් ඉස්මතුව එමින් පැවති සිංහලෝත්තම ජාතිවාදී ප්රවේශය යම් අතකට මර්ධනය කිරීම ට පමණක් නොව උතුරේ ද්රවිඩ විමුක්ති අරගලයේ සමාරම්භක අභිනය තේරුම් ගැනීමේ ලාංකික අවකාශයක් නිර්මාණය කර දිය හැකිව තිබුණි. සමස්ත ලාංකික අධ්යාත්මය විනාශ කළ ඉහත අවස්ථාව දැවැන්ත වාමවාදී වගකීමක් දැරීමට තිබු ආචාරධාර්මික අවකාශයකි. එම ඓතිහාසික වාමවාදී වගකීම සෝමවංශ සහෝදරයා අතින් සමාව දිය නොහැකි ලෙස විනාශ විය. ඔහු වාමවාදය විශ්වාස නොකළා නොව ඔහු වාමවාදී සාහිත්ය කෙරෙහි ඇදහිළිවන්ත නොවීම මෙහි ගැටළුවයි. නමුත් සම්භාව්ය මාක්ස්වාදය කෙරෙහි ශ්රද්ධාවන්ත වූ දීප්ති හට උතුරේ විමුක්ති අරගලය පිළිබද අදහසේ දී සැකසංකා නොතිබුණි. හොදින් දීප්ති ගේ ලේඛන පරීකෂා කළහොත් එම විමුක්ති අරගල සම්බන්ද මාක්ස්වාදී සාහිත්යට ඔහුගේ තිබු නොසිදෙන ශ්රද්ධාවන්ත බව පසක් වනු ඇත. එනයින් දීප්ති කෙරෙහි අප තිබු විශ්වාසය ද ඇදහිළි සම්පන්න එකකි (දැන් ඉහත බ්ලොග් කරුට සිනහ යනු ඇත!). සමස්තතාවාදය විෂය යේ යටත්භාවය ඉල්ලා සිටින්නේ ඔහුගේ/ඇයගේ ම හොඳට යැයි කියමිනි’ (ජිජැක් 2001: 119). ශාස්තෘ මඟුලක් කෙසේවෙතත් දීප්ති තම පක්ෂ සාමාජිකයින් ගේ තාර්කික ඥානය, දේශපාලන අධ්යාත්මය, කියවීම් පරාසය දියුණු කරනු පිණිස උදේ දිවා නැතුව මහන්සි වෙනවා නම් අපිට දකින්නට ලැබේ. ඒ අපේ හොඳට වීම කෙසේ වෙතත් අරගලයේ කොන්දේසි ලෙසය. පවත්නා විපරීත බව තුළ අපට ඉල්ලා සිටීමට ඇත්තේ එක් දෙයක් පමණි. ඒ ‘අරගලය දෙසට ශ්රද්ධාවන්ත වන්න’ යන ඉල්ලීම ය.

පුදුම සහගත රේඛාව:
ආශාව පිලිඹද වූ පහත රූප සටහන වෙත මදකට අවධානය යොමු කරන්න. (S) සිට (V) දක්වා රේඛාවක් දිවයනු ඔබට පෙනෙනු ඇත. ලකානියානු අර්ථයකින් එම රේඛාව විසින් ‘හැඟවුම්කරණය’ සහ ‘හඬ’ එකට මසා දමනු ලබයි. වරෙක යුද්ධය වෙනුවෙනුත් පසුව ලිබරල් ධනවාදයේ ම සංස්ථාපිතය වෙනුවෙනුත් උස් හඬින් ජ. වි. පෙ. විසින් නැගු හඬ විසින් හැඟවුම්කරණය කලේ කුමක්ද? ධනවාදය සහ ජාතිවාදය අතර ‘දෘෂ්ටිමය මැස්ම’ (ideological quilting) නම් ඔවුන් විසින් කරන ලද භයානක දේශපාලන ක්රීඩාව මෙහිදී නිරුපණය වේ (බලන්න ජිජැක් 2008: 111-115).

desire
(රූප සටහන I: ජිජැක් 2008: 114)
ලැකාන් විසින් නිර්මාණය කරන ලද ආශාව පිළිබදව ඉහත රූප සටහනෙහි (I) ඉතා පැහැදිලිව වම් පැත්තේ ‘හැගවුම්කරණයේ’ (signifier) සිට දකුණු පැත්තේ ‘හඩ’ (voice) දෙසට ගමන් කරන පුදුම එළවන සුළු රේඛාවක් ඔබට දැකිය හැකිය. ඉහත රූප සටහනෙහි හැඟවුම්කරණය නියෝජනය කරන හැඟවුම්කරණය (signifier for another signifier) වනාහී හිදැසකි (gap or void). ද්රව්යමය යතාර්ථයක් නියෝජනය නොකරන්නකි. උදාහරණයක් ලෙස සෝමවංශ, වීරවංශ, අනුර, ටිල්වින් යනාදීන් විසින් වේදිකා හෙලවෙන ලෙස ගුගුරාහළ ‘හඬ’ වනාහී අධිරාජ්යවාදයක් හෝ (මාවෝවාදී අර්ථයකින් කේන්ද්රය හා පරිධිය අතර පවත්නා සත්ය පරස්පරතාවයන් අරමුණු කරගත්), පීඩිත පන්තීන් ගේ උදුරාගත් අයිතීන් සම්බන්ද වු හෝ, විමුක්ති අරගලයක යතාර්ථය ඉස්මතු කරන්නා වු හෝ, පවත්නා පංති අසමතුලිතතාවය පදනම් කර ගත් ආත්මීය පිබිඳවිමක් හෝ අරමුණු කරගත් යතාර්ථයේ පිළිඹුබුවක් නොව හුදු ජාතිකවාදය ධනවාදයට ගැටගැසීමේ ව්යාජ අභිනය සඳහා සකස් වුවකි. විෂය සහ භාවාර්ථය (substance) අතර අහිමි සම්බන්ධය ගොඩනඟන්නේ ඉහත ‘හිස් හඬ’ මඟිනි (අදටත් වීරවංශ මෙය නියෝජනය කරන අතර සහ අවසාන කාලයේ සෝමවංශ විරවංශ සම්භන්දය සිහිපත් කරන්න). ලැකාන්ට අනුව හඩෙහි ව්යුහාත්මක මැදිහත්වීම (structural interference) විසින් (ස්වර ශාස්ත්රයේ ක්රියාත්මක වීම නම් ක්රියාව ඇතැම් විට සංගීතය විසින් ද පුරවා දමයි. සංගීතය වෙනුවට සමහරු පුර්ව-සංගීතය නොහොත් ප්රාථමික ශබ්දය වෙතට ගමන් කරනු ද දැකිය හැකිය) අපකීර්තිමත් පාරභෞතික රූපකාරයක් මවා පෙන්වනු ලබයි. පුර්ව සංගීතය ඇසීමට වගේම ජ.වි.පෙ. කථා ඇසීමට මිනිසුන් පෙළඹවෙන පාරභෞතිකය මේ අනුව පැහැදිලි කල හැක. එය අර්ථය සමඟ සම්බන්ධයක් නැති ධ්වනි කේන්ද්රීය සමස්තතාවාදී ව්යාජ අභිනයකි (phonocentric totalitarian gesture). භාෂාවේ මුලිකාංගයක් වන ධ්වනි කේන්ද්රීයතාවය තුලින් ඇතිවන පරපෝෂිත (ජාතිවාදය පෝෂණය කරන) අතිරික්තය (parasitic supplement) අතිශයින් භයානක විය හැකි අවස්ථාවක් (Derrida 1972) සෝමවංශ විසින් විජේවීර සහෝදරයාගේ උරුමය හරහා ලාංකික සමාජයට විනාශකාරී ලෙස ගෙන ආවේ ය.

නොහැකියාවේ බන්ධනයට ආදරය කිරීම ජාතිවාදය ලෙස:
සාමාන්යයෙන් ජාතිවාදය විසින් පාවිච්චි කරනු ලබන්නේ යම් කිසි සමාජයක පරස්පරතාවයේ යථාව තුල ඉතාම හොදින් විභේදනය වු පැහැදිලි සමාජ ඛණ්ඩාංක වේ. උදාහරණ ලෙස ජර්මන් ජාතිවාදය තුල දි ‘ජර්මන්’ යන නිශ්චිත ජාතිය ගෝලීයකරණය වෙමින් පැවති ප්රාග්ධනයේ අසමබරතාවය නම් යථාව තුල හොදින් පාවිච්චි කළ හැකි ‘අභ්යන්තරකරණයක්’ විය. නැත්නම් ‘ජර්මන්‘ යන සුවිශේෂභාවයේ සංස්තිථික බව අසමතුලිත කරන්නා වු ‘බාහිරකරණය’ නිර්වචන කර ගැනීමට පැහැදිලි බෙදුම්කඩනයන් ජාතිවාදයට පහසුවෙන් සොයාගත හැකි විය. ලාංකික ජාතිවාදය තුල ද ‘සිංහල-බෞද්ධ’ යන්න හොදින් නිර්වචනය කළ හැකි සුවිශේෂයන්ගෙන් පිරුණු කලාපයකි. මෙතන දී විපරීත ෆැන්ටසිකරණය නම් සුවිශේෂත්වය අපට මුණගැසේ. එනම් යථාවේ පරස්පතාවය නිරාකරණය කර ගැනීමට නම් (ධනවාදයේ විපරීතභාවය අරගලයේ ඛණ්ඩාංගක තුල දුෂ්කර ලෙස න්යායගතකර ගන්නවා වෙනුවට) වාර්ගික අනේකත්වය බහිස්කරණය නම් ‘කෙටි පරිපථය‘ තෝරා ගැනීම නම් විපරීතභාවය අධිනිශ්චය වීම නම් ක්රියාව මෙහි අර්ථයයි. ඉතින් පශ්චාත් – විශ්ලේෂක විපරීත ආත්මය විසින් (දයාන් ජයතිලක, මාලින්ද සෙනවිරත්න) දේශමාමක ජාතිකත්ව වාදීන් (patriotic nationalists) භක්තියෙන් තම සමාජ තීරුව හෝ කණ්ඩායම පාර-පංතික අයුරින් (නිර්ධන- සුළු ධනේශ්වර- ඉහල මැද පංතික) ‘නැවත සංවිධානය‘ (ප්රති-සංවිධානය) කරනු ලබයි. ‘කිසිදා එකතු කළ නොහැකි ඔබ සියල්ලෝම නොහැකියාවේ බන්ධනයෙන් බැඳ දමා ඇතිතාක් මම ඔබට ආදරය කරමි‘ යන්න මෙම විපරීත පශ්චාත්-විශ්ලේෂී විෂයයේ (post-analytical subject) සවිඥාණය විසින් ඉල්ලා සිටින පක්ෂපාතීත්වයයි (fidelity). මෙම මොහොතේ දී ඉහත ශාස්තෘ තර්කය නිවැරදි විය හැකි අවස්ථාවක් ජාතිකවාදය පැත්තෙන් නම් අපට පැහැදිලි කරගත හැකිය. මන්ද සියල්ලෝම තම විපරීත ෆැන්ටසිකරණය සඳහා පෙළගස්සවා ඇති මේ මොහොතේ සබුද්ධික බව යනු ප්රතික්ෂේපණය (disavowal) මතින් තීරණය වන්නකි. එසේ නොමැතිව වීශ්වීය කාන්ටියානු සන්දර්භයක් මතින් තීරණය වන්නක් නොවේ.

ගැටළුව නම් ඉහත සමස්ත විපරීතභාවයේ සමාන්යකරණයට එරෙහිව මාරාන්තික අරගලයක සිටි (මේ මොහොත දක්වාම සිටින) දීප්ති සහෝදරයා ශාස්තෘවරයෙක් ලෙස අර්ථගැන්වීමට ඇතමුන් තුල ඇති හදිසියයි. අවම වශයෙන් ලාංකික ජාතිවාදය නිවැරදි විශ්වීය කතිකාවක් තුල අර්ථකතනය කර ගැනීමට හැකි වුයේ ද දීප්තිගේ මැදිහත්වීම හරහා ය. එමෙන්ම ලිබරල් බහු-සංස්කෘතිකවාදය නමින් ජිජැක් හඳුන්වන ඉහත තත්වය සඳහා බරපතල න්යායික එරෙහිවිමක් ගෙන එනු ලැබුවේ ද දීප්ති සහෝදරයා විසින් ය. අප විසින් කරනු ලැබුවේ එය දියුණු කිරීම පමණි. සමස්තතාවාදී රෝග ලක්ෂණයක් වර්ධනය වන්නේ ඉහත තත්වය ‘ඉවසන සුළු‘ නායකත්වයක් ඔහුගෙන් ප්රදර්ශණය වුවා නම් පමණි. නමුත් මීට වසර කිහිපයකට පෙර දීප්ති ඒකාධිපතියෙක් ලෙස වරනැගු අය වෙනුවට දිප්ති ශාස්තෘවරයෙක් ලෙස ව්යුත්පන්න කිරීමට දතකන අය සඳහා ද අප විසින් එකම න්යායික පිළිතුර මෙහි දී ගොනු නොකරන අතර සත්ය වශයෙන් ඉහත චෝදනා දෙකෙන් ම ඉස්මතු කිරීමට වෙරදරන පසුබිම පැහැදිලි කරදීම අපගේ වගකීමක් වන බැවින් මෙම පිළිතුර යථාවේ පරස්පරතාවය නම් න්යායක ප්රවේශය මතම සිට ගොනු කිරීමට වෑයම් කරමු. දීප්තිගේ ලේඛන හොඳින් පරීක්ෂා කළොත් මෙම බහු-සංස්කෘතිකවාදී ප්රවේශය ඔහු කොතරම් තියුණු ලෙස විවේචනය කර ඇත් ද යන්න පැහැදිලි විය යුතුය. එම අර්ථයෙන් ගත්ත ද දීප්ති යම්කිසි කල්ලියක් උත්තේජනය කළ චරිතයක් නොව පවත්නා ජාතිකවාදී පරස්පරතාවය තුල එක්රැස් කර ගැනීමට හැකි වු ඉතා කුඩා කණ්ඩායමක් සවිඥාණික ලෙස පංති අරගලයේ රූපකය තුල සංවිධානය කිරීමටත්, දියුණු කිරීමටත් උත්සාහ කළා පමණි. අප ජීවත් වන්නේ පශ්චාත්-ෆුකුයාමා ලෝකයක බැවින් ඔහුගේ මැදිහත්වීමේ කණ්ඩායම් ‘ලොකු’ නොවන්නේ මන්ද යන්නට පිළිතුරු දිය යුතු නැතැයි සිතේ. නමුත් සමාජය සංවිධානය කිරීමේ අධිනිශ්චිත කතිකාව ‘පංති අරගලය’ වෙනුවට ‘අනන්යතාවය’ මත පදනම්ව තිබු බැවින් පශ්චාත්-යටත්විජිත සන්දර්භය ඔහුගේ සමාරම්භක ප්රවේශයන් තුල ලබ්ධිමය (cult) ලක්ෂණ පුර්ණ වශයෙන් නොමැති වුවා යැයි කීමට ද අප හදිසි නොවෙමු. නමුත් ඔහුගේ දේශපාලන ඉගැන්වීම් දිශානත වුවේ ‘නොහැකිදෙය’ (විමුක්ති විෂය නිෂ්පාදනය) කරනු පිණිස ය. නමුත් එය තේරුම් ගැනීමට අවශ්ය විප්ලවීය ආලෝකය අපට ලබාගත හැකි වන්නේ කොගිටෝවේ කාර්යය තුලට ගමන් කිරීම සහ විෂයය නිර්මාණය විම නම් තත්වය හා න්යායික ලෙස කරන සංවාදයකින් පමණි.

සෝමවංශ පිළිබද රනිල්ගේ නිරීක්ෂය:
කොගිටෝවේ කාර්යය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? එහි කාර්යය නම් බාහිර ලෝකය පිළිබද වන සංශය විසින් ආත්මයේ අභ්යන්තරය නිපදවා ගැනීම වෙත යොමුවිය යුතුය යන කරුණ තේරුම් ගැනීමයි. යම් පසුබා සිටීමේ අභිනයක් වන මෙය බාහිර නිර්ක්ෂකයෙකුට ෆැන්ටසියකි. දීප්ති නියෝජනය කරන දේශපාලන පක්ෂයේ අභ්යන්තර ගතිකය පිළිබඳව වන ෆැන්ටසියකින් ඔහුට එදිරිව ඉදිරිපත් කල චෝදනා ආරම්භවන බව අප මුලින්ම තේරුම් ගත යුතුය. අනෙක් අතට පක්ෂය තුල ම සිටි අය විසින් ද මෙම චෝදනාව කරනු ලැබ තිබීම නිසා එයට යම් ‘නෛතිකභාවයක් ද’ අන්තර්ගත වී ඇත. නමුත් මෙම ‘චෝදනාව’ සඳහා පශ්චාත්-නුතන සමස්තතාවාදී දේශපාලනය සහ අනන්යතා දේශපාලනය තුලින් ඉස්මතු වන මුලධාර්මික (fundamentalism) ප්රවේශය පිළිබඳව වන ලිබරල් නිරීක්ෂණය ද පදනම් කර ගනී. උදාහරණ වශයෙන් පසුගිය දා මියගිය සෝමවංශ අමරසිංහ සහෝදරයා සම්බන්ද රනිල් වික්රමසිංහගේ නිරීක්ෂණය කෙබඳු ද? රනිල් කියන්නේ සෝමවංශ සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්රවාදී ප්රවාහය වෙත රැගෙන ඒම සඳහා විශාල කාර්යයක් කළ චරිතයක් ලෙස වැදගත්කමක් හිමිවන බවට වන තත්වය බුර්ෂුවා දේශපාලනය පැත්තෙන් සලකුණු කරන බවයි. බහු-සංස්කෘතික කතිකාව තුළ එම රනිල්ගේ නිරීක්ෂය වඩාත් සමස්තතා ලක්ෂණ පෙන්නුම් කරයි (ජිජැක් ගේ පණුවා උදාහරණයට අනුව). එම කතාව දීප්ති සම්බන්දයෙන් රනිල් ට කිව නොහැක. අනෙක් පැත්තෙන් ඉහත සඳහන් w3lanka අඩවිය සෝමවංශ සහෝදරයා ඉතිහාසයේ කුණු ගොඩට දමන්නේ ‘සිරි අයියාගේ ගීතයට’ සමාන කරමිනි. නමුත් සත්ය ගැටළුව පවතින්නේ දැවැන්ත පරාජයකින් පසුව ජ.වි.පෙ. නැවත පුනර්-ජීවනය කිරීමේ අවශ්යතාවය (necessity) විපරීත ජාතිවාදය සහ හිස්ටරීක ලිබරල් පාරිභෝගික අවකාශය අතර සිර වී සිටීම නම් තත්වය යථාවේ පරස්පරතාවය ලෙස සෝමවංශ සහෝදරයාට මුණ ගැසීම යි. සැබෑ ලෙස අවබෝධ කරගත යුතු දෙය නම් පක්ෂයේ අනාගතය ඔහු ජයග්රහණය කළා ද පරාජය වුවා ද යන තත්වයට ඉක්මවා ගිය සයිකෝටික විශ්වයක් මත තීරණය වීමට තිබු භයානක විශාදි අවකාශයක් ඔහු ජයගත්තේ කෙසේ ද යන අද්යතන වාමවාදයේ බරපතලම ගැටළුවට මුහුණ දුන්නේ කෙසේ ද යන කොන්දේසියයි. සෝමවංශ සහෝදරයාගේ මරණයෙන් පසු කිසිම වාමාංශික ව්යාපාරයක් විසින් මෙම ගැටළුව සාධනය කරනු අප නිරීක්ෂණය ට හසු නොවීය.

මෙයින් අදහස් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අන්තර්ගතය නම් ‘විෂ සාරය’ ඉවත් කළ යුතුය යන්න නොවේ. ඇත්ත වශයෙන් එහි සත්ය විමුක්ති සාරය වූ සන්නද්ධ අන්තර්ගතය ඉවත් වූ වහාම ජ. වි. පෙ. එක්තරා අයුරකින් විනාශ විය (නමුත් විමුක්ති කොටි එම සාරය සමඟම මිය ගියේය). පක්ෂය සතුව පැවති ‘දිව්යමය ප්රචණ්ඩබව’ (divine violence) එසේම පවත්වා ගනිමින් ඔවුන් නව විප්ලවීය අවකාශයකට ගමන් කළ යුතුව තිබුණි. නමුත් සිදුවුවේ පාර්ලිමේන්තු ප්රජාත්රන්ත්රවාදය තුළට ගමන් කරමින් ජාතිවාදය හරහා බලය ඇල්ලිම සඳහා කෙටි මාවත් සෙවීම ය. බලයට පැමිණියත් ඔවුන් ට කිරීමට ශේෂ වී තිබු දෙය කුමක්ද? බාහිර සිංහල ආත්මයේ නිරීක්ෂය (external gaze) තුළට ගමන් කිරීමෙන් – සිංහල ෆැන්ටසි වස්තුව බවට පත් වීමෙන් අවසානයේ උරුම වූ දේ කුමක්ද යන්න දැන් ඔවුන්ට පැහැදිළි ඇති යැයි සිතමු. සිංහල ආත්මයේ ආශා වස්තුව වීමට කිසිදු දිනක දීප්ති උත්සාහ කලේ නැත. එනිසා ජ. වි. පෙ. තරම් විපරීත ලෙස ‘ජනප්රිය’ වීමට ඔහුට නොහැකි වුවා පමණක් නොව එසේ වීම ට ඔහුට වුවමනා ද නොවිය. අදටත් ඔහු කරමින් සිටින්නේ අතිශයින් අමාරු දේශපාලනයකි. අවසානයේ බටහිර රටවල ට පොඩි ජොලියක් ගැනීමට යනවා හෝ ලංකාවේ තරු හෝටලයක මදුවිත සප්පායම් වනවා හැර ජ. වි. පෙ. කිරීමට අද වෙනත් දෙයක් තිබේද? බරපතල දෙයක් කියවීමට හෝ ලිවීමට අදවත් ඔවුන් උත්සහ කරයිද?

මෙයින් අදහස් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පක්ෂයට පිටින් ස්ථානගත වී ඇති විෂය ය එම පක්ෂය ෆැන්ටසිගත කරණය කරන්නේ කෙසේ ද යන යන්න පිළිබඳව අභ්යන්තර නායකත්වයට ඇති අවබෝධය විසින් පක්ෂය සත්ය ලෙස සංවිධානය කරන්නේ කෙසේ ද යන ගැටළුවයි. මෙහි දී සඳහන් කළ යුතු දෙය නම් සෝමවංශ සහෝදරයා පරාජය වු ස්ථානයේ ම ඔහු ජයග්රහණය කරන්නේ කෙසේ ද යන විරුද්ධාභාෂය අප තේරුම් ගැනීම වමේ අනාගතය සම්බන්ධයෙන් ඉතා වැදගත් බවයි. බාහිර විෂයේ ජාතිවාදී විපරිතභාවය නම් ආශාවේ ගොදුරක් වීම තුලට තම පක්ෂය ඇද වැටීම වැලැක්වීමට ඔහුට අවශ්ය නොවුවා මෙන්ම එයට අවශ්ය අවබෝධය ඔහු සතු නොවීය (එය ඔහුගේ පරාජයයි). අනෙක් අතට බිම්ගත දේශපාලනය (underground politics) නිසා ජ.වි.පෙ. හුරුවී සිටි සයිකෝටික ගුප්ත භාවයෙන් තම සාමාජිකත්වය ඔහු ඉහත ජනප්රියවාදී ජාතිවාදී මොඩලය ඔස්සේ ම මුදවා ගැනීමට සමත් විය (රනිල් ට පෙනෙන දෙය). අනුර ලා අද ගොඩක් මොඩ් වී ඇත. එනම් ජ.වි.පෙ. බාහිර රූපය ‘මොඩ්’ කිරීම (එහි විෂ සන්නද්ධ ශක්යතාවය බලරහිත කරන අතරතුරේ ම පක්ෂය තුල දිර්ඝකාලීනව තිබු ගුප්තභාවය ද එක්තරා දුරකට අහෝසි වී ගියේ ය. එහි බිම්ගත ගුප්තභාවයේ රූපකය වන කුමාර මහත්තයා ජ.වි.පෙ.න් ඉවත්වන්නේ ඉහත තත්වය යටතේ ය) රනිල් වික්රමසිංහගේ ඇගයීම විමුක්ති දේශපාලනයට අවශ්ය වනවා ද නැද්ද යන්න කෙසේ වුව ද රනිල්ගේ ඉහත නිරික්ෂණය තුල ඇති මනෝ විශ්ලේෂී පසුබිම එයයි. එය අපට නොසලකා හැරිය නොහැකි තත්වයක් බව අපගේ වැටහීමයි. නමුත් ඒ ඔස්සේම සෝමවංශ දේශපාලනය ජාතිවාදී සයිකෝටිකයක ට ගමන් කළ බව රනිල් අමතක කරයි. එක්කෝ නොකියා සිටියි.

සෝමවංශ සහෝදරයා විසින් ඇති කරන ලද ප්රතිසංස්කරණ හරහා ජ.වි.පෙ. සතුව තිබු විප්ලවීය අන්තර්ගතය ඓතිහාසික වශයෙන් මුළුමනින්ම අහෝසි වී ගියේ නම් එය ද එක්තරා රැඩිකල් ක්රියාවකි. මන්ද එවිට ඔවුන්ට තම අහිමි වු අවකාශය නව විප්ලවීය ජීව ගුණයකින් පුරවා දැමිය හැකි හෙයිනි. බාහිරට පෙනෙන පරිදි අනුර කුමාර ට ටයි කෝට් ඇන්දවීම, ඉංග්රිසි ඉගැන්වීම, පිටරට යැවීම යන කරුණු වලට වඩා වැදගත් ලෙස සිදුවිය යුතුව තිබුණේ ජ.වි.පෙ. කොගිටෝමය අවකාශය විශාලනය කිරීම යි. චින්තන අවකාශය පුළුල් කිරීම යි. සද්භාවී පැරඩයිමයින් පිළිබඳ න්යායික දැනුම පුළුල් කිරීම යි (එවිට බාහිර මෙන්ම පක්ෂ අභ්යන්තරය ද ඔහුට වඩා ප්රගතිශීලී තැනකට වෙනස් කළ හැකිව තිබුණි). සෝමවංශ සහෝදරයා අසමත් වු කලාපය හොඳින් ජයග්රහණය කිරීමට දීප්ති සහෝදරයාට වෙනම ම සන්දර්භයක දී හැකි විය. නමුත් මේ සන්දර්භ දෙකේදී ම ශේෂ වු යමක් ඇති බව අපගේ නිරීක්ෂණයයි. එනම් තවදුරටත් ජ.වි.පෙ., දීප්ති සහ පෙරටුගාමී සමාජවාදීන් යන ප්රවණතා සියල්ල තුල ම යම් ආකාරයක සයිකෝටික – භින්නෝන්මාදී පෞරුෂයන්ට වර්ධනය වීම සඳහා ඇති දේශපාලන ශක්යතාවය තවදුරටත් එසේ ම පැවතීම මෙම ස්වභාවය යි. බාහිර ට දක්වන අනියත බිය (paranoia) පක්ෂය තුල මෙන්ම පක්ෂයට පිටින් ද සයිකෝටික අර්ථයකින් ක්රියාත්මක වේ. යම්කිසි ගුප්ත බලවේගයක් විසින් පවත්තා ලිබරල් ධනවාදි විනෝදය ‘අහිමිකරනු‘ ඇතැයි බාහිර සමාජය බියවන විට කිසියම් හෝ ධනේශ්වර කුමන්ත්රණයක් විසින් (හෝ තම වාමාවාදි බලවේග විසින් ම හෝ) පවත්නා වාමාංශික පක්ෂ අභ්යන්තර සමතුලිතතාව විනාශ කරනු ඇතැයි වාමවාදීන් බිය වේ. එම බියවීම විසින් වඩ වඩා රහසිගත වීමට ඔවුන්ට බලපෑම් කරනු ලබන අතර එය අවසානයේ ස්ටලිනියානු ආකෘතියක් ගොඩනැඟීම දක්වා භින්නෝන්මාදී (schizophrenic) තත්වයකට ගමන් කරයි. පරාජය විසින් මෙලන්කොලික විශාදය වෙතත් විශාදය තුලින් ස්වයං-ආරක්ෂාවාදී සයිකෝසියාව දෙසටත් විමුක්ති විෂය ය සමකාලීන පසු-ධනවාදය තුල තල්ලු කරනු ලැබ ඇත. පක්ෂය තුල සිටින කුඩා මහා-අනෙකෙකු (small big Other) පිළිබඳ කුමණ්ත්රන බිය අද්යතන වාමවාදය විසින් අත්රික්රමණය කළ යුතු තත්වයක් ලෙස මෙයින් ගම්ය වේ.

පක්ෂ නායකත්වය විසින් ඉහත වාස්තවික තත්වය නොසලකා හරින්නේ නම් එවිට තමා ගොඩනඟන දේශපාලන බලවේගය අවශ්යයෙන් ම මුලධර්මවාදයක් දෙසට ගමන් කරයි. අවශ්ය වන්නේ මෙම ගුප්ත අභ්යන්තරය සංකේතනය තුලට ගමන් කරවීමයි. දයලෙක්තිකව ගත්විට සිහිතබා ගත යුතු තවත් එක් වැදගත් කරුණක් තිබේ. එනම් සමස්තයක් ලෙස වාමවාදී දේශපාලනය යම් ‘විශ්වාසයක්’ පදනම් කරගනිමින් සංවිධානය වුවක් යන්න එම සත්යය යි. එනම් එම විශ්වාදය හා බැඳීම යනු යම්කිසි කොගිටෝමය උන්මාදයක් හා සම්බන්ද වුවකි. වාස්තවික ද්රව්යයේ අක්රියභාවය වෙතින් ආත්මය නම් සක්රියභාවයට පසු බැසීම ඉහත සඳහන් කොගිටෝවේ කාර්යය හා සමපාත වන්නා වූ අවස්ථාවකි. ද්රව්යය (matter) වනාහී ඝනීභවනය වු දෙයක් වන අතර එය චලනය කිරීම සඳහා ආත්මීය ක්රියාකාරීත්වයක් අවශ්ය වේ. පාරිභෝගික භාණ්ඩ නම් විශ්වයේ සිරගත වු විට සිදුවන්නේ ද මෙම ඝනීභනය නම් ක්රියාවයි. එයින් එළියට පැමැණීමට මෙන් ම නව ලෝකයක් සඳහා චලනය වීමට නම් ‘අධ්යාත්මක්’ බිහිවිය යුතුය. හුදු ශරීරයට පමණක් වාස්තවිකත්වය සමඟ සටන් වැදිය නොහැකි අතර ඒ සඳහා ආධ්යාත්මික පෙළඹවිමක් අවශ්ය කෙරේ. එය එක්තරා ආකාරයක ට ආගමික ක්රියාවකට සමානය. යතාර්ථයෙන් පසුබැස මෙලන්කොලික ලෙස තත්යසමාන අවකාශයක සිරගත වී සිටින ඝනීභවනය වු වහලුන් සඳහා ආත්මයක්/ අධ්යාත්මයක් ලබා දී ඔවුන් අන්තර්-අක්රියභාවයෙන් මුදවා ගැනීමට නව ස්වාමීත්වයක් (නව පිතෘමුලිකත්වයක්) අවශ්ය බවට මේ ලිපියෙන් යෝජනා කරන්නේ එබැවිනි. එම පිතෘමුලිකත්වය ට ලාංකික ව හිමිකම් කියන්නේ දීප්ති සහෝදරයා බව මෙහිදී කියනු කැමැත්තෙමු. පෙරටුගාමී සමාජවාදීන් ද ඇතුලත් ව ජනතා විමුක්ති පෙරමුණේ අධි-ක්රියාකාරී (අතිරික්ත ක්රියාකාරී) පෝස්ටර්, රැස්වීම්, උද්ශෝෂණ, අමුඩ- නඟුල් -කැති – පොරෝ – ගල්කටස් ‘වාස්තවික‘ දේශපාලනය අවසානයේ ‘සමස්තතාවාදී’ ආත්මීය ඝනීභනයකට ගමන් කරද්දී ශේෂ වු එකම ප්රගතශීලී දේශපපාලන මැදිහත්වීම සිදු කලේ දීප්ති සහෝදරයා බව ඔවුන් පිළිගත යුතුය. දිප්ති මෙහි දී ඔහුගේ ජිවිත කාලය පුරා සිදුකල එකම ක්රියාව ‘නව වාමවාදී හැඟවුමක් නිෂ්පාදනය’ කිරීමයි. වමේ ලාංකික ආත්මය නිෂ්පාදනය කිරීමයි. ඔහුගේ ගෝල බාලයන් රාශියකට නොතේරුනේ ද ජ.වි.පෙ.ට නොතේරුණු දෙය ම ය. ඒ සඳහා ඔහු දැන් ලබන ‘ගෞරවනාමය‘ ශාස්තෘවරයා යන්න ය. එය ද නිශේථනාර්ථයක් සහිත වු යම් කිසි ආගමික කණ්ඩායමක් නිපදවුවා යන අර්ථයෙනි. පාර-භෞතිකයක් ලාංකික සන්දර්භයක භෞතිකයක් වන්නේ මේ අයුරිනි.

කොගිටෝව සහ ආත්මය නිර්මාණය වීම:
කොගිටෝවේ උත්පත්තිය පිළිබඳ කාරණයේ දි ජිජැක් වඩාත් එකඟ වන්නේ කාන්ට් සමඟ ය. එහි දී ජිජැක් ප්රධාන කරුණු දෙකක් හඳුනා ගනී. එනම් විෂයට (the subject) එරෙහිව ‘ස්වාත්මය‘ (the self) ‘නැත්නම් ‘අහම‘ (ego) මෙන් ම ‘කොගිටෝව ට’ (the cogito) එරෙහිව (සිතමින් සිටින්නා වු) ‘මම පවතිමි’ යන තත්වයන් දෙක ඔහු වර්ගීකරණය කරයි. (බලන්න Sharpe & Boucher 2010: 79). රේනේ ඩේකාර්ට්ස් නම් නුතන දර්ශනයේ පියා යැයි සැලකෙන ගණිතඥයා විසින් ප්රථමයෙන් හඳුන්වා දුන් කොගිටෝව ආරම්භවන්නේ දැඩි ශීතල දිනයක ගිණි උඳුන අසල මුළු දවස පුරාම උණුසුම් වෙමින් සිටි අවස්ථාවක ඩේකාට්ස් විසින් තමාගේ පංචේන්ද්රීයන් විසින් සංජානනය ඔස්සේ තමා වෙත ගෙන ආ බාහිර ලෝකය පිළිබඳ සාක්ෂි සැක කිරීමට පටන් ගැනීමෙන් පසුවය. මා ඇත්තට ම ඉන්නේ ගිනි උඳුණ අසල ද? මා ඇඳගෙන ඉන්නේ සීතලට අඳින කබාය ද? නැත්නම් මේ මා දකින්නේ හැම සීතල දවසටම පාහේ මට පෙනෙන සිහිනයක් ද? මෙම සංශය නුතන දර්ශනයේ සමාරම්භක අභිනය සටහන් කරන ‘කාටේසියානු සැකය‘ (Cartesian Doubt) නමින් හැඳින්වේ. (කියවන්න Myer 2001: 30-31) නමුත් මේ සියලු සැක සංකා ඔස්සේ ඔහු එක් දෙයක් පිළිබඳව නිශ්චිත විශ්වාසයක් තැබිය හැකි ලෙස හඳුනා ගත්තේ ය. එනම් ‘සිතමින් සිටින තමා‘ ගේ පැවැත්ම ඔහුට සැක කල නොහැකි එකම දෙය විය.

තමා වඩා ඇති අන් සියලුම දේ තමාව රවටනු පිණිස, මෝඩයෙක් කරනු පිණිස මවා පා ඇති ඉන්ද්රජාලික පැවැත්මක් ඇති යක්ෂයාගේ නිර්මාන වුවත් ඒ පිළිබඳව ‘සැක කරමින් සිටින’ තමාගේ පැවැත්ම ඔහු ට සැකකල නොහැකි එකම දෙය ලෙස පෙනී ගියේ ය. තම ශරීරය එනයින් මායාවක් වුව ද තම සිතිවිල්ල (යක්ෂයාගේ රැවටීමට ගොදුරුවනු පිණිස හෝ පවතින) වනා හි අවශ්යයෙන් ම පැවතිය යුතු දෙයක් ලෙස තේරුම් ගත්තේ ය. මෙම සිතිවිල්ලේ අවසාන ප්රතිඵලය ලෙස ඩේකාට්ස් ‘මම සිතමි, එම නිසා මම වෙමි’ යන නිගමයනට පැමිණේයේ ය. තමාගේ සංශයේ අවසාන අග්රඵලයට හෝ ඉහත ප්රස්තූතයට අභියෝග කළ නොහැකි බව, එම සත්යය සෙලවිය නොහැකි බව ඔහු ප්රකාශ කරයි (ඩේකාට්ස් 1968). මේ අනුව තමාට බාහිරින් (ex-centric) ඇති භෞතික සංජානනයන් සැක සහිත නම්, මායාකාරි නම්, වසඟකාරී නම් එවිට පුද්ගල අහම (ස්ව-ආත්මය) තමා තුලට පසුබසිමින් (අඩියක් පිටුපසට = ලෙනින්) ස්වභාවධර්මයෙන් සංස්කෘතිය වෙත ගමන් කළ යුතු යැයි යෝජනා කරයි (කියවන්න The Ticklish Subject, 2008). මෙම පසුබැසීම ‘උමතු අභිනයක්’ ලෙස අප මීට පෙර විස්තර කර ඇත. සෝමවංශ සහෝදරයා මෙන් ම එවකට සමස්ත ජ.වි.පෙ. නියෝජනය කළ සියලු ම අය ප්රතික්ෂේප කරනු ලැබුවේ විප්ලවීය ආත්මයක් විසින් සිදුකල යුතුව තිබුණ තම ආත්මය නිර්මාණය කර ගැනීම නම් සංස්කෘතික ක්රියාවයි. නැත්නම් උමතුවයි. දීප්ති ගේ ලඟම ‘සමකාලීනයන්ටත්’ මෙය තේරුම් ගියේ නැති විට සෝමවංශට මෙය තේරීමට හේතුවක් නැත.

පරාජයන් දෙකක් අභිමුව, දැවැන්ත ජීවිත හා දේපල විනාශයකින් පසුව, නව ගෝලීය තත්වයන් හමුවේ, ධනවාදයේ අධිපත්යය සහ වමේ කඳවුරේ බිඳවැටීම ජ.වි.පෙ. ‘ප්රජාත්රන්ත්රවාදය’ දෙසට තබන හදිසි පියවර විසින් ආපතිකභාවය මඟින් අවශ්යතාවය දෙසට යන කොරිඩෝව ඔවුන්ට එළිපෙහෙළි කර ගත නොහැකි විය. ඒ සඳහා අවශ්ය වී තිබුණේ බරපතල හැදෑරීම්, කියවීම් (කොහොමත් අද්යතන ලාංකික වාමවාදීන්ට පොත පත දිරවන්නේ නැත) පොරොත්තුවීම් (waiting) සහිතව තම විමුක්ති අධ්යාත්මය ශක්තිමත් කර ගැනීමේ අවශ්යතාවය යි. එසේ වුවානම් මෙවන් බරපතල දැනුවත් අත්වැරදීම් ඔවුන් අතින් සිදු නොවීමට ඉඩ තිබුණි. තමා සතුව තිබූ ඉතිහාසය සම්පුර්ණයෙන් ම විනාශකර දැමීම යහපත් දෙයකි. නමුත් ඔවුන් සම්භව්ය මාක්ස්වාදයට ශ්රද්ධාවන්ත විය යුතුව තිබුණි. එවිට තමා පුර්ණ වශයෙන් ඛණ්ඩනය වු පැරණි ජ.වි.පෙ. ඉතිහාසයට අයත් අන්තර්ගතය නව විප්ලවීය ශක්යතාවයක් විසින් පුරවා දැමිය හැකිය තිබුණි. නමුත් ඔවුන් සිදු කළේ ධනේශ්වර ප්රජාත්රන්ත්රවාදය අවශ්ය වු ක්රියාවයි. නමුත් ඒ දෙසට ගමන් කිරීම ඔස්සේ ම ජ.වි.පෙ. පුර්ණ විනාශයකට රැගෙනයාමට සෝමවංශ සහෝදරයාට හැකි වුනා යැයි ද අයෙකුට තර්ක කළ හැකියි (අද පවතින්නේ අවතාරයකැයි උපකල්පනය කිරිම තුල). නමුත් එසේ ඛණ්ඩනය වුවා නම් සමලිංගිකත්වය වැනි සංස්කෘතික කාරණා ගැන අද ජ. වි. පෙ. මෙවන් හතරබීරි කතා දොඩවන්නේ නැත. ධනේශ්වර දේශපාලනය විසින් ඔවුන් භෞතිකව ද ආත්මීයව ද විනාශ කර දැමුවේ ය. ඔවුන්ගේ සද්භාවී විශ්වයට ද කෙලවා ගත්තේය. එම අධ්යාත්මය විනාශ කිරීමේ නියෝජිතයා වුවේ සෝමවංශ සහෝදරයා ය. නමුත් ඔවුන් විනාශ වී යන්නේ තම ආත්මය නැවත-නිර්මාණය කර ගැනීමට යම් අවකාශයක් ශේෂව තිබිය දී ය. ඒ ඔස්සේ තවත් විනාශයන් ගණනාවක් මඟහැර දීමට හැකියාව ද තිබිය දී ය. විනාශය තුලින් ම තම ආත්මය නිර්මාණය කර ගන්නේ නම් ඔවුන්ට දිප්ති සහෝදරයාගෙන් ඉගෙන ගත හැකි බොහෝ දේ ඇත. ජ.වි.පෙ. වාස්තවික විනාශය නම් භෞතිකය සහ ආත්මය නැවත ප්රතිනිර්මාණය කර ගැනීම නම් සංස්කෘතිය ක්රියාව අතර ‘අහිමි වු පාළම‘ ගොඩනැඟිමට දීප්ති සහෝදරයාගේ ව්යාපෘතියට හැකියාව ඇත. කුමන ආකාරයේ ගැටළු තිබුණා වුව ද එම නව-ස්වාමීත්වය පිළිගැනීම ලාංකික වාමාංශික දේශපාලනයේ පරිණාමීය කොන්දේසියකි.

‘ගැහැණිය විසින් පිරිමියා ප්රතික්ෂේප කිරීම තුල ඇත්තේ තව තවත් ප්රභලව ඇයව ම ඉල්ලා සිටින්න යන අභිනය නොවිය හැකි ද?’
(ස්ලෙවෝයි ජිජැක්)

-නාවකාලික සම්බන්ධීකරණ කමිටුව

ආශ්රිත ග්රන්ථ:

ගුණරත්න, දීප්ති කුමාර. (1997). ජේ.ආර්.ගෙන් පසු ලංකාව. ප්රවාද 8 කළාපය. කොළඹ. ප්රවාද ප්රකාශකයෝ.

W3lanka. blogspot.com. ලංකාවේ ආගමික සාස්තෘ වරුන්ගේ යාවක්කාලින කළ ලේඛනය. (Retrieved on 26.05. 2016). http://www.w3lanka.com/2016/05/blog-post_1.html.

Descartes, R. (1968). Discourse on the Method and the Meditations. London. Penguine.

Derrida, J. (1972). Of Grammatology. (trans. Gayathri Spivak). Baltimore. John Hopkins.

Myers, T. (2003). Slavoj Zizek. London & New York: Routledge.
Sharpe, M. and Boucher, G. (2010). Zizek and Politics: A Critical Introduction. UK. Edinburg University Press.

Zizek, S. (2008). The Sublime Object of Ideology. London & New York. Verso.

Zizek, S. (2008b). The Ticklish Subject: The Absent Center of Political Ontology. London & New York. Verso.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. මෙම ලිපියේ සඳහන් කරුණු තුලින් ප්‍රඨකයාව යම් යම් දෑ සම්බන්ධයෙන් දැණුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන අතර මෙම ලිපිය කියවීමේ දී අක්ෂර වින්‍යාසයේ දෝෂ සහිත තැන් නිසා රසවිදීමට මහත් බාධාවක් වූ බව සඳහන් කරමි. උදාහරණයක් ලෙස මුල් ම ජේදයේ ප්‍රජාතත්‍රවාදී ලෙස සඳහන් විය යුතු තැන ප්රජාත්රන්තවාදී ලෙස ලියවී ඇත. ඊට හේතුව ලෙස මා දකින්නේ මම යුනිකොඩ් ෆොන්ට් භාවිතයේ ඇති ගැටළුවකි. එම ගැටළුව නිරාකරණය කරගන්නේ නම් මෙවන් ලිපිවලින් සමාජය තවත් දැනුවත් කිරීමට හැකියාව වැඩි බව මාගේ අදහසයි.

  2. යුනිකොඩ් ෆොන්ට් භාවිතයේ ඇති ගැටළුව රසවිදීමට මහත් බාධාවක් බව දීප්ති ගේ ලඟම ‘සමකාලීනයන්ටත්’ මෙය තේරුම් ගියේ නැති විට සෝමවංශට මෙය තේරීමට හේතුවක් නැත.

    සෝමවංශ සහෝදරයා නම් මලා , දිප්ති සහෝදරයන් මලා ද?

  3. //පෙරටුගාමී සමාජවාදීන් ද ඇතුලත් ව ජනතා විමුක්ති පෙරමුණේ අධි-ක්රියාකාරී (අතිරික්ත ක්රියාකාරී) පෝස්ටර්, රැස්වීම්, උද්ශෝෂණ, අමුඩ- නඟුල් -කැති – පොරෝ – ගල්කටස් ‘වාස්තවික‘ දේශපාලනය අවසානයේ ‘සමස්තතාවාදී’ ආත්මීය ඝනීභනයකට ගමන් කරද්දී ශේෂ වු එකම ප්රගතශීලී දේශපපාලන මැදිහත්වීම සිදු කලේ දීප්ති සහෝදරයා බව ඔවුන් පිළිගත යුතුය.//agreed

  4. To add a remark, I think one could also highlight the vacuum of such a ‘universalist’ imagination and a project articulated towards liberation in the Tamil society after such devastation. That’s why I think it is stagnating under the identity politics of the TNA, which tends to loose the essence of their struggle. Tamil society desperately lurks a ‘Deepthian gesture’, invoking theory to articluate a new universalist horizon of liberation. In that sense Tamil society is characterised by a lack of a ‘Deepthi’. Of course not in any sense undermining the heroic intervention of Prabhakaran.

Comments are closed.