අසෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ චිත‍්‍රපටය ගැන අඩුවක් පුරවන්නට විශේෂඥ වෛද්‍යවරයකු ද මැදිහත් වී ඇත. ඔහු එක අතකින් තමන්ට මනෝ විශ්ලේෂණය ගැන විශාල අවබෝධයක් ඇතැයි කියන අයට වඩා සෘජුය.[ psychiatry, psychotherapy = psychoanalysis ] ඔහු අවිඥාණය ගැන කෙළින්ම මෙසේ කියයි. [social = Brain]
”ලිංගිකත්වය පිළිබඳ ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය නූතන මනෝ – විද්‍යාව මනස්ගාත ලෙස සළකා බැහැර කර බොහෝ කල්ය. යටි සිත අනුව වැඩ කරන්නට නම්, මෙතරම් විශාල මොළයක් මිනිසුන්ට අවශ්‍ය නැත. ඒ සඳහා ගෙම්බෙකුගේ මොළයක් හොඳටම ප‍්‍රමාණවත්ය.” 
frog 2-
තමන්ට විශේෂඥ වෛද්‍ය සහතිකය ඇත්තේ මනෝ විද්‍යාවට [psychology- object of mind or ego] මිස මනෝ විශ්ලේෂණයට [Psychoanalysis- Science of subject] නොවන බව මෙම වෛද්‍යවරයාට කිසිවකු උගන්වා නැත. එම නිසා ඔහු අවිඥාණය මොළයට සමපාත කර ඇත. ෆ්‍රොයිඩියානු අවිඥාණය යනු සැගවී ගිය රහසක් ලෙස ගෙන එය අර්ථකථනය හෝ සමාජීයකරණය වීමට බිය තක්කඩින්ට වඩා මෙම වෛද්‍යවරයා යහපත්ය. අනෙක් අතට අවිඥාණය ඉතිහාසයට ඌනනය නොකර එය මොළයට, D.N.A වලට [matter] ගෙන ඒම අන්ත විඥාණවාදී බව ද මෙම වෛද්‍යවරයා නොදනී. ‘ලක්බිම’ කතුවරයා පාරෙන් අහුලා ගත් අයෙකු නිසා ඔහු ද අවිඥාණය ගැන දන්නේ නැත. කෙසේ වෙතත් මේ සියලු දෙනාට දෙවියන්ගේ පිහිට ලැබිය යුතුය. බය නැතිව තමන් නොදන්නා දෙයක් ප‍්‍රසිද්ධියේ කීම ගැන මේ වෛද්‍යවරයාට අප ප‍්‍රසංශා කළ යුතුය. 
එම වෛද්‍යවරයාගේ ලිපිය කියවීම සඳහා පහත සබැඳියාවට පිවිසෙන්න. 

ඔබේ අදහස කියන්න...