කුකුළෙකුට අවශ්‍ය වන්නේ පැතලි භූමියකි. කුකුළා කරන්නේ භූමියේ තැනින් තැනට දිව ගොස් පොළොව පහුරුගා පණුවන් සෙවීමත් සොයා ගන්නා පණුවන් ගිල දමා උස් තැනකට ගොස් සතුටින් හැඬලීමත්‍ ය. මතුපිට පහුරුගාන කුකුළෙකු මහපොළවේ ගැඹුරු ස්ථරයන් පිළිබඳව කිසිදා අවබෝධයක් ලැබෙන්නේ නැත. අද සිටින බොහෝ සමාජ විචාරකයන් පොළොව මතුපිට පහුරුගාන කුකුළන් වැනි ය.

න්‍යාය හිස්ටරීයකරනය කිරීම-

මුල් ලිපිය කියවන්න-විචාරයේ වෙස් මුහුණ ගැළවීම-https://leftwin.com/%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab-%e0%b6%9c%e0%b7%90%e0%b7%85%e0%b7%80%e0%b7%93%e0%b6%b8/

සමන්ට පිලිතුරක් …

සමන්ගේ මෙම දීර්ඝ ආඩපාලිය තුල දීප්ති ඇතුලු ‘සමබිම පක්ශයේ’ අපිට මෙන්ම නිරවුල් මනසකින් යුක්ත වූ කිසිවකුටත්  කිසිදු ගත යුත්තක් නැති තරම්ය. අප සතුටු වන එක් දෙයක් ඇත. එනම් අප බලාපොරොත්තු වන  නව චින්තනය ගොඩ නැගීම වෙනුවෙන් යම් හැදෑරීමක් සහ දායකත්වයක් දක්වන ලද ප්‍රාමාණික උගතෙකුගේ තත්ත්වය සියලු දෙනාට වටහා ගැනීමට සැලැස්වීම පිලිබදවය. අප සමාජ ගත කරමින් සිටින නව චින්තනය කුමක්දැයි වටහා ගැනීමට තරම් වත් බුද්දිමය සක්‍යතාවයක් ලංකාවේ විපරිත ඇකඩමික උගතුන්ට පවා නැති වීම තුල සනාථ වන්නේ න්‍යායික සංවාදයක් වෙනුවෙන් කාලය වැය කිරීමේ අවශ්‍යතාවයක් තවදුරටත් නැති බවයි . එම සන්දර්බය තුල මෙම නව චින්තනය වඩා ප්‍රායෝගිකව සමාජ ගත කරන්නේ කෙසේද යන ගැටලුව පමනක් අපිට ඉතිරිවන අතර එය කරන්නේ කෙසේද යන්න කෙරෙහි අපගේ පූර්න මැදිහත් වීම යොමු කිරීම කල හැකිවනු ඇත.

සමන්ගේ වැල්වටාරම් ඇතුලත් ලිපියට අවශ්‍ය පිලිතුර වාක්‍ය කිහිපයකින් සංක්ශිප්තව ප්‍රකාශ කල හැක. එනම් සමන් කුමාර තවමත් ක්‍රියා කරන්නේ සහ සමාජ දේශපාලනය කියවා ගන්නේ ‘ප්‍රපංචවේදී අනුභූතික ඥාන – විභාගයකිනි’. දීප්ති සමාජ දේශපාලනය කියවා ගන්නේ සහ මැදිහත් වන්නේ ප්‍රපංචවේදීව නොව පශ්චාත් ව්‍යුහවාදය සහ මනෝ විශ්ලේෂණය පදනම් කරගනිමිනි. මෙය අහසට පොලොව මෙනි. මෙය සමාජය දෙස බලන චින්තන විධි දෙකකි. ප්‍රපංච වේදීව මතුපිටින් පෙනෙන සමාජ යථාර්ථය දෙස බලා කටයුතු කරන සාමාන්‍ය පුරවැසියෙකු කටයුතු කරන්නේද සමන්ට වඩා වැඩි වෙනසකින් නොවේ. ඒ ඔහුගේ අත්දැකීම් වාදයට අනුව ඔහුට පෙනෙන සහ දැනෙන අනුභූතික සමාජ යථාර්ථයයි. 

සමබිම පක්ශයේ අප ලෝකය සහ සමාජය විග්‍රහ කරගන්නේ මෙම අනුභූතික දැනුමෙන් පමනක් නොවේ ඉන් එහා ගිය පශ්චාත් ව්‍යුහවාදය සහ මනෝවිශ්ලේශනය තුලිනි. එවිට ලෝකය අප අත්දකින ප්‍රබන්ද යථාර්ථයට එහා ගිය එකක් බව පෙනී යයි.

සරල අන්වීක්ෂයකින් සෛලයක් නිරීක්ෂණය කල හැකිය , එහෙත් එහි ඇති මයිටොක්‍රොන්ඩ්‍රියාව ඉන් නිරීක්ෂණය කිරීමට නොහැකිය. ඒ සදහා ඉලෙක්ට්‍රෝන අණ්වික්ෂයක් යොදා ගත යුතුය. සමන් ඉලෙක්ට්‍රෝන අණ්වික්ෂය වීසි කර සරල අණ්වික්ෂයකින් මයිටොක්‍රොන්ඩ්‍රියා ගැන කතා කරමින් ඉලෙක්ට්‍රෝන අණ්වික්ෂය යොදා ගන්නා  දීප්ති ට කෝචොක් කරයි.
සමන්ගේ අදෝනාවට ඇති සරල සහ පුලුල් පැහැදිලි කිරීම පදනම් වන්නේ මෙම න්‍යායික විධි ක්‍රමයට අනුකූලවය.

සමන්ගේ හෑල්ලට න්‍යායිකව දිය හැකි සංක්ශිප්ත පිලිතුර මෙය වුවත් සාමාන්‍ය පාඨකයා ගේ දැන ගැනීම උදෙසා මෙහි ඉදිරිපත් කර ඇති මූලික කාරනා කිහිපයකට පිලිතුරු දැක්වීමට අදහස් කලෙමි.

 සමන් පුෂ්පකුමාර අප සංවිධානයට හමු වීමට ප්‍රථම දේශපාලනිකව ක්‍රියාත්මක වූයේ, චම්පික රණවක නායකත්වය දැරූ ‘ජාතික හෙළ උරුමයේ’ය. ඒ, 1999 වසර තරම් ඈතක ය. ලංකාවේ පළමුව වම සහ දකුණ අතර පරතරය අතරමැදි දේශපාලනයකින් පුරවා දැමුවේ, බණ්ඩාරනායක නම් රදළ ප්‍රභූවරයා විසිනි. ඉන්පසුව, වම සහ දකුණ අතර අතරමැදි දේශපාලනය තහවුරු කරන ලද්දේ, නලීන් ද සිල්වා, ගුණදාස අමරසේකර, චම්පික රණවක වැනි දේශපාලකයන් විසිනි. රටක අතරමැදි දේශපාලනය තහවුරු වූ විට වම සහ දකුණ අතර ධ්‍රැවීයකරණය නව අන්තයකට ගමන් කරයි. ඒ, ජාතිකත්වය මත පදනම් වූ දේශපාලනය යි. සාරාංශගත කර කිවහොත්, ලංකාව වැනි රටක ශිෂ්ටාචාරයක මානසික ව්‍යුහය මුල් බැසගෙන ඇත්තේ, සම්ප්‍රදාය (Tradition) තුළ වන අතර බටහිර නූතනත්වයට අනුවර්තනය වීමට එවැනි මානසික ව්‍යුහයන්ට ඉතා දුෂ්කරය. මෙවැනි මානසික ව්‍යුහයන්ගේ මූලික ව්‍යුහාත්මක ලක්‍ෂණයක් වන්නේ, ‘යමක් ඉවර කිරීම කල් තබන අතර අලුතින් යමක් පටන් ගැනීම ඉතා දුෂ්කරය’ යන්නය. ලංකා ඉතිහාසය සතුරන් මිස මිතුරන් නොදැකීම සහ ආක්‍රමණිකයන් මිස ගවේෂකයන් හමු නොවීම මේ අනුව අහම්බයක් නොවේ. ඉතිහාසයෙන් නිවාඩු ගැනීම ලාංකිකයන්ගේ දෛනික පුරුද්දකි. ලාංකිකයන්ගේ විශාලම බිය වන්නේ, නූතන ධනවාදය නිසා තමන්ට හිමි අනන්‍යතාවය (Identity) අහිමි වේ යැයි දැනෙන බියයි.

        සාමාන්‍යයෙන්, බටහිර දේශපාලන සන්දර්භය තුළ ෆැසිස්ට්වාදියෙකු කවරදාකවත් කොමියුනිස්ට්වාදියෙකු නොවන අතර එහි ප්‍රතිලෝමය සිදුවිය හැකිය. කුමන හෝ අභ්‍යන්තරික හේතුවක් නිසා 1999 වසරේ දී සමන් පුෂ්පකුමාර සහ තවමත් චම්පික සමඟ දේශපාලනය කරන නිශාන්ත වර්ණසිංහ X දේශපාලනය නිසා බටහිර චින්තන සංකල්ප අධ්‍යයනය කළ අතර, ඒවායින් කිසියම් ආකාරයක සුජාතභාවයක් තමන්ටම ආරෝපණය කර ගන්නා ලදී.

             විසඳිය යුතු ගැටලුව වන්නේ, X කණ්ඩායමේ බහුතර දෙනෙක් සහ ලංකාවේ ශේෂව පවතින වාමාංශිකයන් අතර දීප්ති පිළිබඳව දේශපාලන අපුලක් හටගත්තේ මන්ද යන්න ය.

             අපගේ අදහස වන්නේ, මෙය දේශපාලන ප්‍රශ්නයක් නොව දාර්ශනික ප්‍රශ්නයක් බවයි. සමන් පුෂ්පකුමාර ඇතුළත්ව බහුතර විමතිකයන් ප්‍රමාණයක් දීප්තිගේ දේශපාලන විග්‍රහය පිළිබඳව අතෘප්තිකර වන්නේ මන්ද? මෙය, සැබවින්ම දාර්ශනික ගැටලුවකි. සරලව කියන්නේ නම්, බටහිර නූතනත්වයට පෙර සහ පසුව ‘මනුෂ්‍යයා’ [Human]යන සංකල්පයට සිදු වූ පිපිරීම බොහෝ දෙනාට ඥාණනය වන්නේ නැත. අපි දැන්, එම ස්පෝඨනය පහත පරිදි සලකුණු කරමු. 

            සිංහලෙන් පමණක් කියවන සහ සිතන පුද්ගලයෙකුට අනුව, සමන් පුෂ්පකුමාර යනු, ජර්මන් විඥාණවාදය (German Idealism) සහ  එමානුවෙල් කාන්ට් නම් ජර්මන්ට් දාර්ශනිකයා පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති පුද්ගලයෙකි. ඔහුට චෙක් රටේ විශ්ව විද්‍යාලයක ජර්මන් දර්ශනය පිළිබඳව ආචාර්ය උපාධියක් පවා ඇත. නමුත්, සමන්ගේ ජර්මන් විඥාණවාදය පිළිබඳව ඇති අවබෝධය තර්කයේ (Reason) සීමාවට යටත් ය. ජර්මන් විඥාණවාදයේ වැදගත්ම අංශය වන්නේ, ඉහත තාර්කික ඥාණය නොව සමපේක්ෂණ තර්කය යි. පටු ලෙස කිවහොත්, සමන්ගේ තර්ක ලෝකය අනුභූතියට සීමා වන අතර ජර්මානු විඥාණවාදය සමපේක්ෂණ තර්ක ඥාණයට අයත් ප්‍රදේශයක් ආවරණය කරයි. කාන්ට් සමතික්‍රමණය කළ ක්ෂේත්‍ර දෙක වූයේ, අනුභූතිවාදය සහ සිහියට අයත් ලෝකය යි.

         අපි කාන්ට් නූතන දර්ශනවාදයේ පියා යනුවෙන් කියන්නේ මන්ද? කාන්ට් නම් දාර්ශනිකයාට පෙර මිනිස් චින්තනය තුළ මනුෂ්‍යයා තුළම ඇති අතිරික්තය (Excess) කියවා තිබුණේ නැත. කාන්ට්ට පෙර මනුෂ්‍යයා යනු, තර්ක බුද්ධියට යටත් ශික්‍ෂිත, සාධාරණ, මානවවාදී මිනිසෙකි. ඔහු/ඇය ඒ යුගයේ දී තමන්ට අභ්‍යන්තරයෙන් උත්පාද වන තිරිසන් කෑදරකම් සහ දිව්‍යමය උමතුවට වශී වීම තර්කය සහ බුද්ධිය හරහා යටපත් කරන ලදී. වෙනත් තලයක සිට කිවහොත්, කාන්ට්ට පෙර මිනිසා පරිමිත, කප්පාදු වූ මිනිසෙකි. කාන්ට් පැමිණ අලුතින් බුද්ධිමයකරණය කරන මිනිස් අංශය කුමක් ද?

           ඔබ කාන්ට් කියවීමට පටන් ගත් විගස එන හැඟීම කුමක්ද? කාන්ට්ට අනුව, ඉන්ද්‍රියගෝචරත්වය අනාවරණය කරනු ලබන්නේ, ආත්මීයත්වයේ ‘පෙනෙන ආකාරය’ මිස එහි ‘පවත්නා ආකාරය’ නොවේ. ඉන්ද්‍රියයන්ට ගෝචර වන පුද්ගලයා තුළ කාන්ට්ට අනුව, අගෝචර වන ක්ෂේත්‍රයක් ද ඇත. කාන්ට් එය ස්වායත්‍තය ලෙසින් හඳුන්වන අතර ෆ්‍රොයිඩ් එය ‘දෙය’ ලෙස හඳුන්වන අතර ලැකාන් එය ‘සද්’ නොහොත් යථ (Real) ලෙසින් හඳුන්වයි.

           කාන්ට්ට පෙර මිනිසා තුළ පැවති අතිරික්තය එනම්, උමතුව. කෑදරකම, කෲරත්වය, කාමුක බව කාන්ට්ට පසු මිනිස් බුද්ධියට අවශෝෂණය කර ගන්නා ලදී. ඒ සඳහා, ජර්මන් විඥාණවාදයේ සංකල්පය වන්නේ ‘ලෝකයේ රාත්‍රිය’ (Night of the World) යි. මෙම අදහස් පෙරළියේ හරය කුමක්ද? මිනිසා සැබවින්ම නිදහස (Freedom) භුක්ති විඳින්නේ මෙම අතිරික්තය ක්‍රියාත්මක වන උමතුව තුළදී ය. මෙම අදහස සිද්ධාන්තයක් ලෙස මෙසේ විග්‍රහ කළ හැකිය. ඔහු මනුෂ්‍යයෙකු නොවේ (He is not Human) යන මෙම නිශේධනාත්මක අදහස ඔහු නිර්-මිනිසෙකු (He is Inhuman) වේ යන අදහස සමඟ තුල්‍ය නැත. ඔහු මිනිසෙකු නොවේ යනු, ඔහු මනුෂ්‍යත්වයට පරිබාහිරින් සිටියි යන අදහසයි. එක්කෝ ඔහු තිරිසනෙකි, නැත්නම් දෙවියෙකි. අනෙක් අතට, ඔහු නිර්-මිනිසෙක් යනු, පරිපූර්ණ ලෙස වෙනස් අදහසකි. ඉන් හැඟවුම්කරණය වන්නේ, ඔහු මිනිසෙකු හෝ නිර්-මිනිසෙකු නොවේ යන්න ය. යම් ත්‍රස්ත කරවන සුළු අතිරික්ත අභ්‍යන්තරික බලයක් නිසා අප මිනිසා යැයි සිතන සංකල්පය පුපුරුවන කෙනෙකු නිර්-මිනිසෙකි. එය, මනුෂ්‍යයා යන්නට යමක් එකතු කරනවා හෝ අඩු කරනවා ය.

         සමන් පුෂ්පකුමාරගේ දාර්ශනික විග්‍රහය තුළ ඉහත අප සංවාද කළ ‘අතිරික්ත මිනිසා’ නැතහොත්, ‘යථමය මිනිසාට’ ඉඩක් නැත. ඔහු ‘යථ’ පිළිබඳව අදහස් දැක්වුවත්, ලියනමුත් මෙම අතිරික්ත මිනිසාගේ ක්‍රියාවන් නිසා ක්ෂතියට හෝ ත්‍රස්තයට ලක් වෙයි. මෙසේ ත්‍රස්ත වන්නේ මන්ද යන්නට ඉඩක් සමන්ගේ හෝ වෙනත් X කණ්ඩායමේ අතීත චරිතයකට නොමැත. ඒ සියලුදෙනා දන්නේ කාන්ට්ට පෙර ජීවත් වූ සාධාරණ තාර්කික මිනිසා ගැන පමණි. අපි උදාහරණයක් ලෙස සුචරිත ගම්ලත්ගේ සාමාජික ජීවිතය ගතහොත්, එය පූර්ව-කාන්ටීයානු එකකි. ඔහුගේ මළගම දා සිදු වූ ස්ත්‍රී පටලැවිල්ල ගම්ලත්ගේ ජීවිතයේ කාන්ටියානු-අතිරික්ත අඳුරු ජීවිතය යි. ඔහුගේ රහස් ජීවිතය යනු, ස්ත්‍රීන් දෙදෙනකු අතර පැද්දී ගිය ග්‍රන්ථික න්‍යෂ්ටිය යි. මෙම යථමය ජීවිතයෙන් පලා යාමට දරන ෆැන්ටසිය වන්නේ, මාක්ස්වාදී යථාර්ථවාදය යි. සමාජ-ක්‍රමය සකස් වී ඇත්තේ, අර්ථයක් වටා නොව අශ්ලීල විනෝදයක් වටා බව  අප මෙන්ම සමන් ද දන්නවා ඇත. නමුත්, අප සහ ඔහු අතර ඛණ්ඩනය බිහි වන්නේ, සමාජ-ක්‍රමය නැතහොත් ධනවාදය තහවුරු වන්නේ ගම්ලත් මාක්ස්වාදී වන තැනේදී නොව ඔහුගේ විනෝදය වන තරුණ ස්ත්‍රී මාංශය නම් ෆැන්ටසි කප්පම නිසා බව සිතන තැනේදී ය. ජර්මන් විඥාණවාදය දෘෂ්ටිවාදය විචාරය කිරීමට අදාළ වන බව අපට තහවුරු වන්නේ, ධනවාදය ඇත්තට අභියෝගයට ලක් වන්නේ මාක්ස්වාදී දෘෂ්ටිය පාවිච්චි කරන විට දී නොව ස්ත්‍රිය නම් ෆැන්ටසිය ග්‍රහණයක් කොට අත්විඳින විටදී ය.

         අපි මෙහිදී, ‘Less than Nothing’ නම් කෘතියේ න්‍යායික කරුණක් උපුටා දක්වමු. මෙම කෘතිය පිළිබඳව සමන් පුෂ්පකුමාර ඉංග්‍රීසි භාෂාවෙන් විචාරයක් ද පළ කර ඇත.

        “ දාර්ශනික අර්ථයෙන් ගත්විට දී හේගල් මගින් තහවුරු වන්නේ, පරිබාහිර බාධාව නැතහොත් අනුභූති සතුරාට වඩා කෙනෙකු තුළ පවතින ස්වයං-ගැටුම (Self-Contradiction) ප්‍රාථමික තලයක පවතින බවයි. අපගේ බාහිර ක්‍රියාකාරකම් නිසා හමු වන බාහිර බාධාවන්- බාහිර චරිත- නිසා ඇතුළතින් අප පරිමිත හෝ ස්වයං-අසංගත වන්නේ නැත. ඉහත කී බාහිර බාධාවන් සහ පාරාන්ධ අනෙකා යනුම අප පරිමිත සහ අසංගත බව පෙන්වන සාක්ෂින් ය. වෙනත් ආකාරයකට කියන්නේ නම්, අරගලයක යෙදී සිටින ආත්මයක් සිය සතුරා ලෙස සංජානනය කරන්නේ ආත්මයේම අන්තර්භූත අසංගත බවේ භෞතිකකරණය යි නැතහොත්, යථාර්ථකරණය යි. තමාගේ අභ්‍යන්තරික අහම හෝ සංගත බවේ මායාව රඳවා ගැනීමට අරගල කරන ආත්මයට බාහිරින් මුව හමක් අවශ්‍යය. එම නිසා, අදාළ පුද්ගලයාගේ සමස්ත අනන්‍යතාවය රඳා පවතින්නේ ම තමා මේ පිළිකෙව් කරන අශුද්ධ බාහිර සතුරා මතය…… හේගලට අනුව කියන්නේ නම්, කෙනෙකු බාහිර සතුරා (දීප්ති) සමඟ සටන් වැදීමේ දී අවිඥාණිකව සටන් කරන්නේ තමන්ගේම ඊනියා සාරයත් සමඟ ය.”- පිටුව 200, පරිවර්තනය නවීකාරක කර ඇත –

*සැබෑ විතන්ඩවාදියා දීප්ති ද සමන්ද?

ඔහු මෙම ලිපියේ පලමු කොටස වෙන් කර ඇත්තේ දීප්ති යනු විතන්ඩ වාදියෙක් යැයි හංවඩුවක් ගැසීම වෙනුවෙනි.
මෙම ප්‍රකාශනය තුලම පවා සැගවී ඇත්තේ සමන්ගේ විතන්ඩ වාදී ස්වරූපය මිස දීප්ති විතන්ඩ වාදියෙක් යන්න නොවේ.

සමන්ගේ දැන ගැනීම පිනිස අප දන්වා සිටින්නේ විතන්ඩ වාදීන් යනු වෙන කවරෙක් හෝ නොව සත්‍ය වෙනුවෙන් තර්ක කරන්නේ නැතිව තර්කය වෙනුවෙන් තර්ක කරන්නන් හැදින්වීම සදහාය.  විතන්ඩවාදීන් සොක්‍රටීස් ගේ සංවාද මණ්ඩපයට කකුල් වල මඩ ගාගෙන පැමිණියේය. කාමරයේ මඩ ගෑවෙනවානේදැයි ඇසූ විට මඩ ගෑවුනාම ඇති ප්‍රශ්නය කුමක්දැයි ඇසුවේය. මේ ආකාරයට විපරිත ප්‍රශ්න අසමින් සත්‍ය යටපත් කර තර්කයේ ජයග්‍රහනය වෙනුවෙන් කටයුතු කලා මිස සත්‍ය වෙනුවෙන් පෙනී සිටියේ නැත.

මේ මොහොතේ සමන් කරමින් සිටින්නේද මෙම විතන්ඩ වාදී භූමිකාවය. ඔහු පෙනී සිටින සත්‍යයක් නොමැත. X කණ්ඩායම තුල සියලු බර ඇද්දේ ඔහු යැයි පැවසුවද එය වෙනුවෙන් පෙනී සිටින්නේද නැත,විජේවීර වාදීයෙකු වුවද ඒ වෙනුවෙන් ඍජුව  පෙනී සිටින්නේද නැත, පශ්චාත් මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටින්නේද නැත , වෙනයම් නව චින්තනයක් වෙනුවෙන් පෙනී සිටින්නේද නැත. තනිව සිටිමින් කොහේ හෝ ජීවත් වන අනෙකෙකු වෙනුවෙන් දර්ශනය පිලිබද හෑලි ලියමින් සිටියි.

නමුත් දීප්ති එවැන්නෙක් ද? කිසිසේත්ම නැත. ඔහු ඍජුව තමා පෙනී සිටින්නේ පශ්චාත්- ව්‍යුහවාදය සහ මනෝවිශ්ලේශනය මත පදනම් වූ පශ්චාත්- මාක්ස්වාදය වෙනුවෙන් බව ප්‍රකාශ කරයි. එම නව චින්තනය වෙනුවෙන් තම බුද්දිමය සහ කායික ශ්‍රමය කැප කරයි. එම චින්තනය සමාජ ගත කිරීම වෙනුවෙන් සමබිම පක්ශය  ගොඩනගා සමාජය වෙනස කිරීම වෙනුවෙන් තම පෞද්ගලික ජීවිතය  කැපකර ඇත.

තම පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් කිසිදු කැත වැඩක් නොකර තම ජීවිතය තමන් විශ්වාස කරන නව සමාජ චින්තනයක් වෙනුවෙන් කැප කර ඇති දීප්ති විතණ්ඩ වාදියෙක් ලෙස සමන් පුෂ්ප කුමාර හදුන් වන්නේ කවර පදනමකින්ද? තමන්ගේ ග්‍රාමීය අනන්‍යතා අර්බුදවලින් මිදීමට නොහැකි සමන් වැනි තක්කඩියන්ගෙන් බලාපොරොත්තු විය හැක්කේ මෙවැනි නරුමත්වය පමණි. දීප්ති නිතරම මෙම ග්‍රාමීයත්වයට පහර ගසන්නේ සහ එය පෙන්වා දෙන්නේ මෙම ග්‍රාම්‍ය චින්තනයේ ඇති පසුගාමීත්වය පෙන්වා දීම වෙනුවෙනි.

සමන් X කණ්ඩායම තුල දීප්ති ඇසුරේ සිටිමින්  ව්‍යුහවාදය සහ පශ්චාත් මාක්ස්වාදය පිලිබද ඥාන විභාගාත්මක දැනුමක් ලබා ගත්තා වන්නට ඇත. නමුත් පශ්චාත් මාක්ස්වාදය වැනි සද්භාවාත්මක ක්ශේශ්ත්‍රයකට අයත් නව චින්තනයක් ප්‍රපංචවේදීව අවබෝධ කරගත නොහැකිය. ඔහුගේ අදහස් දැක්වීම සහ ක්‍රියාකාරීත්වය තුල පෙන්නුම් කරන්නේ පශ්චාත් ව්‍යුහවාදය සහ මාක්ස්වාදය පවා ඔහු කියවා ගන්නේ ප්‍රපංචවේදීව බවයි. ඔහු වත්මන් සමාජ දේශපාලනය කියවා ගැනීමේදී විජේවීර වාදීන් විසින් ගොඩනගන ප්‍රබන්දමය යථාර්ථය තුල ගිලී යයි. විජේවීර වාදයෙන් සැබෑ ලෙස ඛණ්ඩනය වීමට සමන්ට නොහැකිය. එම ඛණ්ඩනය වේදනාත්මකය. ඉන් මිදීමට සමන්ට  නොහැකි වී ඇත. දීප්ති ට ඒ වෙනුවෙන් කල හැකි කිසිවක් නැත. එනිසා අප සමන්ට කියන්නේ  ඔබ ඔබගේ විනෝදය එලෙසම රගදක්වන්න කියාය.

 

 දීප්තිට ගම සහ ඇකඩමියාව ඇලජික්ද?…

සමන් තම ලිපියේ දෙවන කොටස වෙන්  කර ඇත්තේ දීප්ති ”ගම නගරය” අතර බේදය ඇති කර ඇති බවත් ප්‍රාදේශීය වාදයක් ඉසමත්තට ගෙන ඇති බවත් ඇකඩමියාව විවේචනය කර ඇති ආකාරය සහ ලාංකීය ශාස්ත්‍රිය උගතුන් ලෙස පිලිගත් සුචරිත ගම්ලත්, පියසීලි විජේගුණසිංහ, ජයදේව උයන්ගොඩ, විජේ ඩයස්, බී ඩී එස් ද සිල්වා, නිව්ටන් ගුණසිංහ, ලියනගේ අමරකීර්ති ආදීන් පමණක් නොව ට්‍රොස්කිවද සාහසිකව විවේචනයට සහ ගැරහීමට ලක් කර ඇති බවත්ය.

යම්කිසි පුද්ගලයෙකුගේ උපන් ප්‍රදේශය හෝ ගම පිළිබඳව දීප්ති විසින් ගොඩනඟන විවේචනය න්‍යායික වශයෙන් කිසිදු හරයක් නැති අදහසක් බව පුන පුනා කියන්නේ සමන් පමණක් නොවේ. මෑතකදී, උයන්ගොඩ ‘තරංගනී’ ශාලාවේ දී කරන ලද දේශනයක දී පවසන ලද්දේ, සිනමා න්‍යාය ලංකාවේ වර්ධනය වී නැති බවයි. අපි උයන්ගොඩගේ ගම කඹුරුපිටිය යැයි කියන්නේ මේ සන්දර්භය තුළ ය. පසුගිය දශකය තුළ ලංකාවේ සිනමා න්‍යාය මනෝවිශ්ලේෂණය හරහා වැඩිදියුණු වූ බව ඔහු නොදන්නවා නොවේ. දන්නා මුත් ඔහු නොදන්නා සේ සිටියි. මෙය, ඇකඩමික සිංහලයන්ගේ නරුම පැවැත්මයි. [Cynical Attitude]අපගේ අදහසට අදාළ න්‍යායික පර්යාවලෝකනය මෙසේ ය.

අපි පළමුව සමන්වම උදාහරණයකට ගමු. සමන් විසින් දීප්තිට එරෙහිව දීර්ඝව ලියන ලද රචනාවේ කිසි තැනක දීප්තිගෙන් යම් යම් න්‍යායික දේවල් උගත් බව කියන්නේ නැත. ඒ වෙනුවට, ඔහු ඉඟි කරන්නේ දීප්ති නිකං සිටි අතර ඔහු සමන්ගෙන් න්‍යායික අදහස් උපුටා ගත් අතර දීප්ති යනු, නිකමෙක් සහ කොපිකාරයෙක් යන්නය. අපගේ පිළිතුර මෙසේ ය. මෙවැනි කතා කිවීමට හැක්කේ, ‘සඳලංකාවේ’ ඉපදී අධ්‍යාපනය සහ රැකියාව හරහා සමාජ ඉණිමගේ ඊනියා ඉහළට උගත් තැනැත්තෙකුට පමණි. සමන්ට අනුව, අපගේ මෙම දිශාණතිය වැරදි ය. චින්තනයට ගම සම්බන්ධ නැත.[Ideology = Beyond super-structure and infra -structure]නිෂ්පාදන ක්‍රියාවලියට තමන් සම්බන්ධ තැන චින්තනයට සම්බන්ධ නැත.

         ‘ප්‍රාග්ධනය’ කෘතිය ලිවීමට පෙර මාක්ස් විසින් ලියන ලද ආර්ථික කටු සටහන් (Note books) එකතු කර කෘතියක් නිපදවා ඇත. එහි නම වන්නේ, ‘Grundrisse’ (1857-58) ය. මෙම පොතෙහි එක් තැනක මාක්ස් විසින් අපූරු තර්කන ක්‍රමයක් යෝජනා කරයි.[page 105]

         ”වානරයාගේ කායික විද්‍යාවේ යතුර මිනිසාගේ කායික විද්‍යාව තුළ අන්තර්ගතය. අපට හුරු පුරුදු තර්ක ක්‍රමය එනම්, සරල තැන සිට දේවල් සංකීර්ණ තැනට වර්ධනය වේ යැයි අපි සිතන්නෙමු. මෙයට අපි කියන්නේ, පරිණාමීය තර්කය කියා ය. චාල්ස් ඩාවින්ගේ තර්ක ක්‍රමය අනුව වානරයා පරිණාමීය වී ඊට වඩා උසස් මානවකයෙකු වන මිනිසා නිර්මාණය විය. පරිණාමවාදී තර්කනය හේතු-ඵල සම්බන්ධය හරහා තර්ක කරයි. ඒ අනුව, අතීතය විසින් වර්තමානය නිපදවයි. වර්තමාන සිංහලයාගේ ආදිතම ස්වරූපය හඳුනාගත හැක්කේ, බලංගොඩ මානවයාගේ සැකිල්ලෙනි ආදී වශයෙනි. සිංහලයාගේ වර්තමාන සංස්කෘතියේ ආකෘතිය සොයා ගැනීමට අප අතීතය වඩ වඩා පහළට කැණිය යුතුය (පුරාවිද්‍යාව). අද සිංහලයා මෙසේ වීම වටහාගත හැක්කේ, අතීතයේ සාරය සතු ව්‍යුහය ඥානනය කරන තරමටය. ඒ අනුව, වානරයාගේ කායික විද්‍යාව තුළ මිනිසාගේ කායික විද්‍යාවේ යතුර ඇත. නමුත්, මාක්ස් කියන්නේ මීට සහමුලින් ප්‍රතිවිරුද්ධ කතාවකි. ඔහුට අනුව, මිනිසාගේ කායික විද්‍යාව තුළ අන්තර්ගත යතුර අපිව යොමු කරන්නේ වානරයාගේ කායික විද්‍යාවට ය. මෙය, සිදුවිය හැක්කේ කෙසේද?

         මාක්ස්ට අනුව, පද්ධතියක තිබෙන වෙනස් නොවන හරය වන්නේ පද්ධතිය සංගත කරන ව්‍යුහයන් යන්න ය. මෙම තත්ත්වය විදහාපාන අවකාශීය මානය මෙසේ පැහැදිලි කළ හැකිය. “මිනිස් කායික විද්‍යාව” යනු, සාරාත්මක ලෙස වානර කායික විද්‍යාව පරිසමාප්ත වීමට දරණ වෑයමේ ආකෘතිය යි. ඒ අනුව, වානර කායික විද්‍යාව යනු, වර්ධනයේ අඩස්සිගත වූ මිනිස් කායික විද්‍යාවයි. මෙහිදී, අපි පරිණාමවාදයට යම් අර්ථයක් එන්නත් කරනු ලැබේ. එනම්, ප්‍රගතිය දිශානත වී ඇත්තේ, වානරයාගේ සිට මිනිසා දක්වා නොව මිනිසාගේ සිට වානරයා දක්වා ලෙසින් ය. එය, ‍ක්‍රියාවලියේ අභ්‍යන්තර තර්කනය යි. එනම්, අනාගතය විසින් අතීතය වෙනස් කරයි යන්න ය.

          ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලියේ ව්‍යුහය සලකා බැලූ විට ප්‍රාග්ධනය සහ සංකේතනය ඇත්තේ, කොළඹය. පරිවාරය සහ කේන්ද්‍රය අතර ආතතිය තවමත් උපරි-ව්‍යුහය තුළ අඩංගු නිසා දෘෂ්ටිවාදී නිර්මිතය මෙසේ සකස් කළ හැකිය.

           ජයදේව උයන්ගොඩ, සමන් පුෂ්පකුමාර, සුමිත් චාමින්ද, ධම්ම දිසානායක, නිර්මාල් රංජිත් දේවසිරි යන ග්‍රාමීය චින්තන- ආකෘතිය සතු යතුර ඇත්තේ එහි උසස් නාගරික ආකෘතිය තුළය. බහුතර දෙනා මෙම පරිණාමීය තර්කනය සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි. මේ අදහස අනුභූතියට අනුව සත්‍යය. අපි මාක්ස්ගේ තර්කනයෙන් ඉහත පරිණාමය කියවමු.

           උයන්ගොඩ, සමන් පුෂ්පකුමාර, සුමිත් චාමින්ද, ධම්ම දිසානායක, නිර්මාල් රංජිත් දේවසිරි ආදී ග්‍රාමීය චින්තන ආකෘති යනු, දීප්තිගේ නාගරික චින්තන ආකෘතියේ අඩස්සිගත ව්‍යුහයන් ය. තාර්කික තලයට අනුව කිවහොත්, දීප්තිගේ චින්තන ආකෘතිය අඩස්සිගතව සඳලංකාව, කුරුණෑගල, මින්නේරිය, මාතර, රත්නපුර, නුවර ආදී වශයෙන් පවතියි. (මෙම ලිපිය තුළ සමන් කුමාරට ජර්මානු චින්තනය පිළිබඳව ඇති ළදරු අඩස්සිගත දැනුම මේ වන විටත් අප පෙන්වා ඇත. ඉතුරු අයගේ පෙන්වීමට දෙයක්වත් නැත. ඒ සියලු දෙනා X චින්තනය වටහාගත් අය නොව ශුද්ධ ජේවිපීකාරයන් ය.)  කාන්ට්ගේ දැනුම යොදා ඉහත අය ගැන කියන්නේ නම්, ඔවුන් කිසිවෙකුට තමාව අගතියට යවන අනුභූති උත්තර X පිළිබඳව දැනුමක් නැත. ගම සහ චින්තනය අතර නැතහොත්, පන්තිය සහ චින්තනය අතර සම්බන්ධය වටහා ගැනීමට පියරේ බෝදියෝගේ ‘Distinction’ නම් කෘතිය හදාරන්න. සරලව කිවහොත්, උයන්ගොඩ විසින් තමාගේ මිතුරියක් ලෙස චන්ද්‍රිකා පිළිබඳව කතා කරන්නේ ඇයි? තව උදාහරණ ඕනෑ තරම් ඇත.

 


මේ සියලු කාරනා හරහා දීප්ති පෙන්වා දෙන්නේ ප්‍රපංච වාදීව අප හිතන විට අපෙන් ගිලිහී යන ‘යථ’ සහ අපව සැබෑවට මෙහෙය වෙන අපගේ ආත්මමූලිකත්වය නැතහොත් අවිංඥානය නැමති දැනුම පෙන්වා දීමය.


( දීප්ති කිසිලෙසවත් තමන් මේ පොත ලියා ඇත,අර පොත ලියා ඇත යනුවෙන් පම්පෝරි ගසන්නේ හෝ අඩා වැලපෙන්නේ නැත. ඔහු මේ දක්වා කර ඇත්තේ නව චින්තනයක් සමාජ ගත කිරීම වෙනුවෙන් සාමූහික කටයුත්තක් පමණි. එය පෞද්ගලික අනන්‍යතාවයක් වෙනුවෙන් හෝ තමන්ගේ විනෝදය සදහා වන මැදිහත්වීමක් නොවන බව මේ තක්කඩියන් නොදැනීම සෝචනීයයි. දීප්ති එදා සිට අද දක්වා ඔහු බලාපොරොත්තු වන එම සාමූහික කටයුත්ත වෙනුවෙන් විවිධ කාල වල විවිධ පුද්ගලයන් සමග සම්බන්ධ වී කටයුතු කරන ලදි. එම කටයුත්තට විවිධ කාලවල සම්බන්ධ වූ කිසිවෙකුටත්  ඔහු ගරහන්නේ හෝ අවමන් කරන්නේ  නැත. එය අගය කරයි,එයට ගරු කරයි, එය වෙනම කාරනයකි. එමෙන්ම ඒ විවිධ අය ඒ අවස්තාවන් වල ඉදිරිපත් කරන ලද න්‍යායික කරුනු වෙනුවෙන් ඒ අය පෙනී නොසිටියද  ඔහු තවදුරටත් පෙනී සිටියි සහ ඒවායේ න්‍යායික වර්ධනයන් සිදුකරයි. එහිදී දීප්ති පෙනී සිටින්නේ එම චින්තනය වෙනුවෙන් මිස එය ඉදිරිපත් කරන ලද පුද්ගලයන් වෙනුවෙන් නොවේ. විවිධ කාල වල තමන්ගේ අනන්‍යතාවයන් ගොඩ නගා ගැනීම වෙනුවෙන් ,ආචාර්‍ය පට්ටම් ලබා ගැනීම  වෙනුවෙන්,නාගරික ස්ත්‍රීන් කසාද බැදීමට ඇති ආශාව වෙනුවෙන් x දේශපාලනයට විවිධ අය සම්බන්ධ වී ඇත. දීප්ති විස්තර කරන්නේ මෙම සමාජ සංසිද්ධිය මිස ඔවුන්  කරන ලද සදාචාරාත්මක ද්‍රෝහි කමක් ලෙස නොවේ. මහාචාර්ය …සමන් හෝ සුමිත් චාමින්ද හෝ X කණ්ඩායම සමග සම්බන්ධවී වැඩ කරන විට පවසන්නේ සහ ක්‍රියාකාරීත්වය තුල පෙන්නුම් කරන්නේ සැබෑවටම කිසියම් සමාජ වෙනසක් ඇති කිරීමේ සත්භාවයෙන් කටයුතු කරන බවය. මෙහි කිසිදු ව්‍යාජයක් ඇති බවක් ඔවුන්ටද සවිංඥානකව හදුනාගත නොහැකිය. එමෙන්ම කණ්ඩායම හැර යන විටද ක්‍රියාත්මක වනුයේ ඉහත අකෘතියමය. මෙය සියලු දෙනා සබුද්ධික තලයේ සමාජ යථාර්ථය කියවා ගන්නා ආකාරයයි. එහෙත් පසු ආවර්තිතව මෙම සමාජ සංසිද්ධිය කියවා ගැනීමේදී අප අත්දකින ලද අනුභූතික සමාජ යථාර්ථය පැලී ගොස් එහි අර්ථය වෙනස් වෙයි. දීප්ති මතු කරන්නේ අනුභූතික යථාර්ථය ලෙස අප සියලු දෙනා පිලිගත් මතුපිට යතාර්තය (Appearance ) තුල තිබූ ප්‍රබන්ද මානය මතු කිරීමයි. එවිට විවිධ පුද්ගලයන් ගොඩනගා ගෙන තිබූ ප්‍රබන්දමය අනන්‍යතාවයන්ගේ අර්ථය වෙනස් වී යයි. මෙය අනන්‍යතා හඹා ගිය සමන්, සුමිත් චාමින්ද වැනි පුද්ගලයන්ට දරා ගැනීම අපහසුය.

ඉහත උදාහරණයම ගත් විට පසු ආවර්තිතව බැලූ විට ඇත්තටම සමන් හෝ සුමිත් චාමින්ද x කණ්ඩායමට පැමින ඇත්තේ නව සමාජ ව්‍යාපාරයක් බිහි කිරීම වෙනුවෙන් නොව වෙනත් යමක් වෙනුවෙනි. ( උදා:  ඇකඩමික දාර්ශනිකයෙක් ලෙස පෙනී සිටීම, නාගරික ස්ත්‍රියක් කසාද බැද ගැනීම් ආදී ලෙස ). එය ඔවුන් දන්නේ ද නැත.එය ඔවුන්ටද අවිංඥානකය. [unconscious]දීප්ති මතු කරන්නේ ඔවුන්ද නොදන්නා ඔවුන්ගේ මෙම අවිංඥානයයි. මෙය දීප්ති ගොඩනගන ලද බොරුවක් හෝ ප්‍රබන්දයක් නොවේ . ඔවුන් තුලම පැවති ඔවුන් විසින්ම සමාජ ගත කරන ලද එහෙත් ඔවුන් නොදැන සිටි දන්නා දැනුමකි.( unknown known ) . අවිංඥානය යනු දැනුමක් යැයි දීප්ති කියන්නේ ඒ නිසයි. සියලු දෙනා මතුපිට යථාර්ථය සත්‍ය ලෙස ගනිද්දී දීප්ති සත්‍ය ලෙස දකින්නේ අප තුල අවිංඥානකව සැගවී ඇති එහෙත් අපව සැබෑ ලෙස මෙහෙය වන ‘යථ’ පෙන්වා දීමයි. සමන් තුල තිබී ඇති සමන්ගේ සැබෑ ආශාවත් සුමිත් චාමින්දගේ නාගරික ස්ත්‍රියට තිබූ ආශාවත් ගැන දීප්ති කතා කරන්නේ මෙම අවිංඥානය නැමති දැනුමෙනි. තමන්ගේ අවිංඥානය තමන්ට නොපෙනේ,එය කියවා ගත හැක්කේ පසු ආවර්තිතවය.

දීප්ති තමන් සමග සිටි සගයන්ගේ අවිංඥානය පසු ආවර්තිතව පෙන්වා දෙයි. දේශපාලනයේදී අවිංඥානය  කියවා ගැනීමට සදහා වෙන ක්‍රමයක් නැත. තමන්ගේ අවිංඥානික ආශාව තමන්ටම අවබෝධ වීම ඉතා වේදනා කාරී ක්ෂිතිමය අත්දැකීමකි. එය පෙන්වා දෙන දීප්ති ට මේ අය මෙතරම් වෛරය කරන්නේ එබැවිනි. දීප්ති කරන ලද්දේ මෙම භාවිතාවයි. එහි කිසිදු මඩක්, ව්‍යාජයක් හෝ පුද්ගල කෝන්තරයක් නැත.

පශ්චාත් ව්‍යුහවාදය සහ මනෝවිශ්ලේශනය අභ්‍යාස කරන දීප්තිට මෙම යථමය සිදුවීම් පිලිබද කිසිදු අරුමයක් ද නැත. කිසිදු දුකක් හෝ පශ්චත්තාපයක් ද නැත.


ඕනෑම සගයකු තමන් සහ තම ව්‍යාපාරය හැර දා යාම ගැන දීප්ති කිසි විටකත් සසල නොවේ. ඒ ඔහු ව්‍යුහවාදය සහ මනෝවිශ්ලේශනය  ඉතා හොදින් අභ්‍යාස කර ඇති නිසාය. එහෙත්  දීප්ති සමග සිටියදී කියන කරුනු වලට සම්පූර්නයෙන්ම පරස්පර සහ න්‍යාය විරෝදි භාවිතාවන්ට එරෙහිව දීප්ති සෑම විටම අනුකම්පා වි‍රහිතව තම න්‍යායික ආස්ථානය සමාජගත කිරීම වෙනුවෙන් එරෙහි වෙයි. එසේ කරන්නේ දාර්ශනික සත්‍ය වෙනුවෙන් මිස හුදු පුද්ගල විරෝදයක් මත නොවේ. උදාහරණයක් ලෙස පශ්චාත් මාක්ස්වාදය සමාජගතකිරීම වෙනුවෙන් පෙනී සිටි අයෙක් එය අතහැර විජේවීර වාදයට පෙම් බදිමින් කටයුතු කරන විට එය හෙලිකල යුතුය. එම පරස්පරය පෙන්වා දිය යුතුය.එයට මතවාදීව අභියෝග කිරීම පුද්ගලික පහර දීමක් ලෙස කිසිසේත්ම නොසලකයි. දීප්ති මෙම කාරනා සම්බන්ධයෙන් මැදිහත් වන්නේ මේ අර්ථයෙන් මිස වෙන අර්ථයකින් නොවේ.

දීප්ති පෙනී සිටින නව චින්තනය පසුගාමී වන්නනේ නම් මේ තක්කඩියන් දීප්ති හැරදා ගොස් ගොඩනගා ඇති දියුණු සමාජ ව්‍යාපාරය කුමක්ද ?ගොඩනගන ලද  දියුණු න්‍යායික චින්තනය කුමක්ද ? සැබැවින්ම ඔවුන් මේ කිසිවක් කර ඇත්තේ නැත. කර ඇති එකම කාර්‍ය නම් ප්‍රබුද්ධ පාරිභෝජකයන් වී තමන්ගේ කැත, ගදගහන  සැබෑ ආත්මයේ ස්වරූපය  වසන් කිරීමට විජේවීර වාදය සමග අනන්‍යවීමයි නැතහොත් දර්ශනය ගැන, හේගල් ගැන, පත හෑලි ලිවීමයි. නාගරික ස්ත්‍රීන් කසාද බැදගෙන වේදනා විදිමින් කටුක ජීවිත ගතකිරීමයි. එනිසා දීප්ති මේ හිස් පුද්ගලයන් ගැන ව්‍යාජ නිහතමානීත්වයක් දැක්විය යුතුද?

සැබෑවටම නිහතමානී විය යුත්තේ දීප්ති ද මේ තක්කඩියන්ද?

දීප්ති තමන් සමග සිටි අය සම්බන්ධයෙන් විවේචනයන් ගෙනෙන බව ඇත්තය. එහෙත් එය සෑම විටම ගෙන එන්නේ ඔහුගේ න්‍යායික චින්තනයට අනුකූලවය. අවිංඥානය දැනුමක් බව සහ හේගලියානු දයලෙක්තිකය දේශපාලන භාවිතාවක් ලෙස පලමු වරට යොදාගත්තේ දීප්තිය. මෙම සද්බාවාත්මක [ontology] දැනුම සමාජයට හදුන්වා දීම ඉතා දුශ්කරය. මෙය පැහැදිලි කිරීමට හැකි වන්නේ අපගේ සමාජ ගනුදෙනු කිරීම් සහ සමාජ මැදිහත්වීම හරහාය. යථාර්ථයේ පවතින ප්‍රබන්දමය මානය සහ පුද්ගලයාගේ අභ්‍යන්තරික බෙදීම සහ අවිංඥානය පුද්ගලයා මෙහෙය වන ආකාරය වටහා ගත හැක්කේ මෙම සිදුවීම් හරහා පමනි. දීප්ති මේ විවේචනයන්  සහ පුද්ගල උදාහරණ යොදා ගන්නේ එම අර්ථයෙන් මිස හුදු පුද්ගල වෛරයක් නිසා නොවේ. දීප්ති යනු සාමාන්‍ය ජීවිතය තුල ඉතාම නිහතමානී පුද්ගලයකු බව අවුරුදු ගනනක් එකට වැඩකල සමන් දැන නොගැනීමට කිසිදු හේතුවක් නැත. එහෙත් දීප්ති කිසිදු ව්‍යාජ නිහතමානීත්වයක් දාර්ශනික සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමේදී ප්‍රදර්ශනය නොකරයි. එය තේරුම් ගැනීමටවත් තරම් දාර්ශනික  ප්‍රබුද්ධත්වයක් සමන් තුල නැති වීම ගැන ඔහු ලජ්ජා විය යුතුය. මොවුන් ග්‍රාමීය යැයි  දීප්ති පවසන්නේ මෙම චින්තනමය ග්‍රාම්‍යත්වය නිසා මිස හුදු ගමට නිග්‍රහ කිරීමට නොවන බව මේ උගත් ගොබ්බයන් තේරුම් ගත යුතුය. සමන් හිතන්නේ නාගරිකයෙක් නම් ඔහුගේ චින්තනය උසස් වන බවත් ගැමියෙක් නම් ඔහුගේ චින්තනය පහත් ලෙසත් දීප්ති සලකන බව සහ ඒ ඔස්සේ උගත් ගැමියන්ට දීප්ති අපහාස කරන බව ය. ඊට අමතරව එම තර්කය බිද දැමීම සදහා ගමෙන් බිහිවූ බුද්දිමතුන් ගේ නම් ගම් වල විස්තරයක් ද සමන් ඉදිරිපත් කරයි. දීප්ති සමග x ව්‍යාපාරය තුල ව්‍යුහවාදය,දයලෙක්තික භෞතිකවාදය ගැන න්‍යායික කාර්‍ය භාරයක් කරන ලද්දෙකු මෙතරම් සරලමතිකයෙක් වීම පිලිබද අපට නම් ඇත්තේ බියකි.

ඊට අමතරව ඔහු ලියා ඇති හෑල්ලේ ඇත්තේ දීප්ති කියන ලද දේවල් වල මුල මැද අග අඛණ්ඩ සම්බන්ධයක් නැති බවය, ඒකාග්‍රතාවයක් නැති බවය, සංඝත බවක් නැති බවය. සමන් ගේ මෙම මෝඩ කතා වලට පිලිතුර දීම අපට තරම් නොවේ, එහෙත් සමන්ගේ තක්කඩි තර්ක වලින් මුලා විය හැකි පාඨකයාට තේරුම් ගැනීමට අප නැවතත්  කියන්නේ අප කතා කරන්නේ ඥාන විභාගාත්මකව බැලිය යුතු බාහිරව පවතින අනුභූතික දැනුමක් නොවන බවයි. අප කතා කරමින් සිටින්නේ මතුපිට යතාර්තයට වශීවී ඒ මත පදනම්ව, අනන්‍යතා පිලිගනිමින් කරනු ලබන සමාජ මැදිහත්වීමක් ගැනද නොවේ. සැබෑ යථමය මානයේ කරනු ලබන සමාජ දේශපාලන මැදිහත්වීමකි. එය සත්භාවාත්මකය.එය තුල සමන් බලාපොරොත්තු වන ෆැන්ටාස්මතික සංඝත බාවය හමු නොවනු ඇත. ඔහු අදහස් කරන සංඝත බාවය යනු විජේවීර වාදයේ පදනමයි. එය අපගේ ව්‍යාපාරය තුල සමන්ට කිසිදා හමු නොවනු ඇත. සමන් නැමැති ඇකඩමික උගතාගේ ආත්ම ව්‍යුහය විජේවීර වාදීයයි, එය අද ඊයේ ඇති වූවක් නොව දීප්ති සමග වැඩකරමින් සිටියදීද තිබී ඇත්තේ මෙම ආත්ම ව්‍යුහයමය, සමන් තුල පැවති මෙම දයලෙක්තික පසමිතුරුතාවය අද විද්‍යාමාන වී ඇත. ව්‍යුහවාදීන් වන අපිටත් මෙම ව්‍යුහවාදී චින්තනය  අපිට කියා දුන් දීප්තිටත් මෙහි කිසිදු අරුමයක් නැත. අප මිනිස්සුන් සමග ගණුදෙනු කරන්නේ මෙම අති මූලික සිද්ධාන්තයට අනුකූලවය. ඒ නිසා අප සමග අනන්‍යවී සිටි සගයන් තුල මෙන්ම අප සමග අනන්‍යවීමට බලාපොරොත්තු වන අනාගත සගයන් තුල ද මෙම දයලෙක්තික පසමිතුරුබාය නෛසර්ගික එකක් බව අප දනිමු . දීප්තිත් අපත් සමාජ දේශපාලනය කරන්නේ මෙම සත්‍ය මත පදනම්වය. කෙනෙකුගේ පැමිනීම මෙන්ම හැරයාමද අපට කිසි විටකත් ක්ෂිතිමය කාරනාවක් නොවේ. කෙනෙකු අප හැරදා ගිය විට හඩා වැලපෙන්නේ හෝ ඔහුට  ගරහන්නේ නැත.

නමුත් දීප්ති මෙම අතීත සගයන් ගැන කතා කරන්නේ ඔහු සමාජ ගත කරන චින්තනයේ ඇති සත්‍ය, මිනිසා තුල පවතින පසමිතුරු බාවය, අවිංඥානය සහ අප තුල පවත්නා, එහෙත් අප නොදන්නා අව්ංඥානක ආශාවන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමටය.

කෙනෙකු අප සමග සම්බන්ධ වනුයේ ඔහුගේ හෝ ඇයගේ අවිංඥානක ආශාවක් නිසාය, එසේ  නැතිව ඔවුන්  අප සමග සම්බන්ධවූයේ සමාජය වෙනස් කිරීම සදහාම යැයි ප්‍රකාශ කලද දීප්ති හෝ අප එම ප්‍රකාශයට අනන්‍ය වන්නේ නැත. එම පුද්ගලයා තුල නෛසර්ගිකව පවතින දයලෙක්තික පසමිතුරුතාවය පිලිගනිමින් සැබෑ සහෝදරත්වයකින් කටයුතු කල හැකිය.එබැවින් වෙන්ව යාමකදී හෝ සතුරුකම් කිරීමකදී පවා ඇති විය හැකි හිංසනය අප තුල ඇති වන්නේ නැත. සමන් සම්බන්ධයෙන් දිප්ති තුල පවතින්නේ එවැනි ව්‍යුහවාදය සහ මනෝවිශ්ලේශනය මත පදනම්වූ කියවීමක් මිස සමන් ප්‍රකාශ කරන ප්‍රබන්දමය යථාර්ථයට අයත් කියවීමක් නොවේ.

2 කොටස

*වලිගේ පාගා ගත් බස්සාගේ
ගොම්මනේ තටු සැලීම….

සමන් දීප්ති සමග සම්බන්ධවී කටයුතු කරන කාලය තුල දීප්ති කරන ලද වැරදි වලදී නිශ්ශබ්දව සිටිය බවත් එයට එදවස විරුද්ධ නොවීම සමන් කල වරදක් බවත් එදා ඒ සම්බන්ධයෙන් විරුද්ධ වීමට තරම් දැනුමක් නොතිබූ බවත් එය තේරුම් යන්නේ පසු ආවර්තිතව බැලීමේදී බවත් ප්‍රකාශ කරයි. මෙයට ගන්නා උපහැරණය වන්නේ බස්සා තටු සලන්නේ ගොම්මනේදී බවයි යන්නයි.

 “බස්සා තටු සලන්නේ ගොම්මනේදී ය” යන උධෘතයට අදාළව සමන් පුෂ්පකුමාරගේ කියවීම ප්‍රපංච විද්‍යාත්මක මිස ව්‍යුහවාදී පදනමක් මත නිගමනය කරන ලද්දක් නොවේ. සමන්ගේ තර්කය සරල රේඛීය චින්තනයකි. එය මෙසේ සාරාංශගත කළ හැකිය.

      “ එකමත් එක රටක දීප්ති කියලා වට්ටාඩියෙක් හිටියා. මට එයාව ඒ කාලේ මුණ ගැහුනා. එයා යම්කිසි දේවල් ටිකක් කතා කරා. පසු කාලයකදී මම එයාගෙන් ඉවත් වුණා. ඊට පස්සේ, මම ස්වාධීනව ඒ කිව්ව දේවල් හැදෑරුවා. දැන් තමයි තේරෙන්නේ, ඒ දේවල් වැරදියි කියලා. දැන් මම ඔහුගේ අපවිත්‍ර දැනුමෙන් ඉවත් වෙලා පිරිසුදු තැනක හිටගෙන ඉන්නවා.”

 

        ප්‍රපංච විද්‍යාවට අනුව, අතීතය, ස්මරණය, පැරණි මතක, කලින් හිටපු තැන් කියන්නේ මානසික අත්දැකීම් ය. ඒ කියන්නේ, හැඟවුම් (Signified). ඒ අනුව, කෙනෙක් අතීතය දෙසට හැරුණු විට දී එම අතීතය ඒ කෙනා වෙනුවෙන් විද්‍යාමාන වෙයි. [presence] නමුත් ව්‍යුහවාදයට අනුව, සිද්ධ වන්නේ වෙනත් දෙයකි. ඊට අනුව, මනුෂ්‍ය චින්තනයේ වස්තුව එයමයි. [ object of Thinking] එම නිසා, ව්‍යුහවාදය හදාරන්නේ චින්තනය ශුද්ධ ස්වරූපයෙනි. ව්‍යුහවාදයට අනුව අප සම්බන්ධ වන්නේ දේවල් සමඟ නොව දේවල් (Things) පිළිබඳව නිමකර ඇති සංකල්ප (Concepts) සමග ය. ඊළඟට, මේ සංකල්ප වලට ඉතිහාසයක් තිබේ. එම නිසා, සමන් පුෂ්පකුමාර පැරැණි X එක ගැන හරි, දීප්ති පිළිබඳව හරි සිතන විටදී ඔහුට මුණ ගැසෙන්නේ ‘X කියන දේ'[x- thing] හෝ දීප්ති [Deepthi – Thing]කියන දෙය නොව ඊට අදාළ සංකල්ප නැතහොත් හැඟවුම්කාරකය.[signifier] එම නිසා, අප ව්‍යුහවාදය තුළ දී පසු – ආවර්තනය කියන්නේ පැරණි දෙය යළි ආවර්ජනය කරන එක හෝ ඒ දෙය සමඟ ස්පර්ශ වීම නොව ඒ දෙය සහ එය නියෝජනය කරන හැඟවුම්කාරකය අතර පරතරය කියවීමයි. එම නිසා, අප ඒ දෙයට දෙන්නේ වර්තමානයේ ඉඳන් අර්ථයකි. පසුආවර්තනය ගැන සමන්ගේ කියවීම සහ අපගේ කියවීම අතර මේ නිසා පැහැදිලි වෙනසක් තිබේ. බස්සා තටු සලනවා යන්නෙහි රූපකාර්ථය වන්නේ, අතීතය පිළිබඳ අර්ථයෙන් ඉවත් වී හැඟවුම්කාරකයේ තර්කය වටහා ගන්නවා යන්න මිස ප්‍රඥාවක් ලැබීම නොවේ.

මෙය සමන් යොදා ගන්නා සිදුවීම සදහා කුමන ආකාරයකට අදාල වුවද සමන්ගේ ආත්මීය ව්‍යුහය ක්‍රියාකර ඇති ආකාරය අධ්‍යනය කල විට ඔහු තුල සිටි ඔහුගේ සැබෑ ආත්මය යනු දීප්ති සමග එකට සිටියදී පෙන්නුම් කරන ලද ආත්මය නොව අද ඔහු පෙන්නුම් කරමින් සිටින ආත්මයයි.

සමන් මෙහිදි  අවබෝධ කරගත යුත්තේ දීප්ති සමග සිටියදී පශ්චාත් – ව්‍යුහවාදියෙක් ලෙස බාහිර අන්න්‍යතාවයක් සමන් විසින්  රගදක්වමින් සිටියද  ඔහු කිසිසේත්ම සැබෑ පශ්චාත් -ව්‍යුහවාදියෙක් නොවූ බවත් ඔහුගේ සැබෑ ආත්මීය ආස්ථානය – real- විජේවීර වාදය බවයි. අප පෙන්වා දෙන න්‍යායික චින්තනය මෙයයි.

 

දීප්ති හතර අතේ නෙලන්නේ යැයි බොහෝ දෙනෙකුට පෙනෙන්නට පුලුවන. එහෙත් ඒ සියල්ල කරන්නේ තමා පදනම් වන නව චින්තන සම්ප්‍රදාය තේරුම් කිරීම සදහා මිස හුදු පෞද්ගලික දුර්වලකම් පෙන්වා ඔවුන්ට ගැරහීමට නොවේ. දිප්ති සෑම විටම කරමින් සිටින්නේ ප්‍රබන්දමය යථාර්ථය – Fictional hyperreality- තුල ඇති බොරුව, රැවටීම, ව්‍යාජත්වය සහ තමා විනෝද වන නොපෙනෙන අවිංඥානය සහ අශාවන් එකිනෙකාව මෙහෙය වන ආකාරය පෙන්වා දීමයි. මෙම සද්භාවාත්මක නව චින්තනය අනුභූතිකව ඥානනය කල නොහැකිය, [Not epistemological] එය තේරුම් ගැනීම පහසු වනුයේ පුද්ගලානුබද්දව සහ සිනමාව හරහාය. දීප්ති පුද්ගල චරිත  සහ සිනමාව උදාහරණ ලෙස යොදා ගන්නේ එම චරිත වලට ගැරහීමට හෝ වෛර කරන නිසා නොව මෙම නව චින්තනය තේරුම් කිරීම සදහා වෙනත් ක්‍රම වේදයක් නොමැති නිසාවෙනි.[Ex- Zizek]

සමාජය එක තැන පල් කරමින් පීඩිතයන් පීඩාවේ පත්ලටම ඇද දමන යල් පැන ගිය චින්තන සම්ප්‍රදාය තව තවත් පෝශනය කරන ඊනියා බුද්දිමතුන් සහ වම්මුන්ට සුදුහුනු ගාමින් එහිම ගිලී ඉන්නවාද, නැත්නම් සකලවිධ ඊනියා නිහතමානිත්වය සහ ව්‍යාජ සදාචාරය අමතක කර නව ලෝකයක් වෙනුවෙන් කැප වෙනවාද යන්න දීප්ති විසින් තෝරාගත යුතුව ඇත. දීප්ති ඒ දුශ්කර ව්‍යායාමය තෝරා ගෙන ඇත. එය ඉතා වේදනාකාරී තෝරා ගැනීමකි. එය සදාචාර වාදී එකක් හෝ ඊලග ආත්මයේදී විශ්ව විද්‍යාල ඇදුරෙක් ව්මේ බලාපොරොත්තුවෙන් හෝ කරන ලද පුන්‍යමය ක්‍රියාවක්ද නොවේ. එසේම  දීප්ති යනු මෙම නව චින්තනය බිහි කිරීම වෙනුවෙන්ම  කැප වූ සහ ඒ වෙනුවෙන් පෙරුම් පුරාගෙන ඓතිහාසික කාර්‍යයක් ඉටු කිරීමට පැමිනි පුද්ගලයකු ලෙස  පෙනී සිටින්නේද නැත. දීප්ති ගේ මෙම භූමිකාව යනු ඔහු විනෝද වන ඔහුගේ ආත්ම ව්‍යුහය විසින් ඉල්ලා සිටින්නක් මිස සදාචාරවාදී  පදනමක සිට කරනු ලබන් භූමිකාවක් නොවේ.

(මීට අමතරව සමන් විසින් ගනනාථ ඔබේසේකර, බීඩී එස් ද සිල්වා වැනි අය සම්සම්බන්ධයෙන් ද කියන්නේ මෙවැනි ළදරු ආඩපාලිය . මේ සියලු දෙනා තමන්ගේ කෘතිවල පදනම ලෙස ගෙන ඇත්තේ ප්‍රපංච වේදී ඥාන විභාගාත්මක දැනුමය. දීප්ති කිසිවිටකත් මෙම විවිධ සමාජ ක්‍රියාදරයන් සහ බුද්දිමතුන් බොරුකාරයන් හෝ වැඩකට නැත්තවුන් ලෙස හදුන්වන්නේ නැත. දීප්ති කිසිසේත්ම  ඒ අයට අවශ්‍ය පිලිගැනීම සහ ගරුත්වය ලබා දීමට මැලි වන්නේද නැත. යථාර්ථවාදී කලා විචාරය පිලිබද කතා කිරීමේදී ගම්ලත් සහ පියසීලී ගැනත් එම කෘති පරිහරනය කල යුතු බවත් සෑම විටම ප්‍රකාශ කරයි, එමෙන්ම ගනනාථ ඔබේසේකර  සම්බන්ධයෙන් අදාල හැම තැනකදිම ඔහු ප්‍රාමාණික බුද්දිමතකු ලෙසත් උසස් ඇකඩමියාවක් තුල බිහිවූ අයෙක් ලෙසත් ඔහුගේ ශාස්ත්‍රිය මැදිහත් වීම් හදුනා ගනියි. එමෙන්ම ඔහු ලියන ලද ‘නෙරපු රජ කෘතිය’, ‘ගණනාථගේ රචනා’ උසස් කෘතීන් බව ප්‍රසිද්ධියේත් පෞද්ගලිකවත් ප්‍රකාශ කරයි.
එමෙන්ම ජයදේව උයන්ගොඩ විසින් රචිත  සමාජ විද්‍යා ලිපිත් ඒ වෙනුවෙන් ඔහු කරන ලද දායකත්වයත් දැඩිසේ අගය කරයි, කිසිසේත්ම බැහැර නොකරයි.
නමුත් සමන් ඇතුලු බොහෝ අය දීප්තිට එරෙහිව මේ චෝදනා එන්නේ ඇයි?

මේ සියලු දෙනා කතා කරන්නේ ඥාන විභාගාත්මක දැනුමකි. දීප්ති ඉන් එහාට ගමන් කරනවා. ඔහු කතා කරන්නේ සද්භාවාත්මක දැනුමක් ගැනය. ඔහුගේ පදනම පශ්චාත් ව්‍යුහවාදය සහ මනෝවිශ්ලේශනයයි. මෙය අහසට පොලොව මෙනි. මෙම  දැනුම අනුව බැලූවිට අපගේ සංකේත යථාර්ථය සම්පූර්නයෙන්ම කණ්ඩනය වේ. එවිට අපට සත්‍ය යැයි කලින් පෙනුන යථාර්ථයේ ප්‍රතිපක්ෂ ය විද්‍යාමාන වේ. අනන්‍යතා යනු ව්‍යාජයන් බවත්, එම සංකේත යථාර්ථය තුල සැගවුනු වෙනත් මානයන් එලියට එන අතර අපගේ විශ්වාසයන් සහ  පරමාදර්ශ බිද වැටේ. මෙය අපට දරාගැනීමට අපහසු යි. අපිට ලජ්ජාව සහ අනපේක්ෂිත බය ජනිත වේ. සමන් මේ පෙන්නුම් කරන්නේ එම සත්‍යයට ඇති බිය සහ එහි වේදනාවය. ලක්ශ හතරක පමනක් පඩියක් ගෙන කිසිදු සැබෑ සමාජ ක්‍රියාකාරිත්වයකට අන්‍යන්‍ය නොවෙමින් දර්ශනය නැමැති විෂය කොහේ හෝ සිටිනා අනෙකෙකුට උගන්වමින් ස්වයං වින්දනයේ යෙදෙන්නේ සමන් මිස දීප්ති නොවේ. දීප්ති මේ මොහොතේත් විශාල අභියෝග මැද සියල්ල කැප කරමින් දේශපාලන භාවිතාවක් අභ්‍යාස කරමින් සිටින විට සමන් කරන්නේ තමන් හොදින්ම දන්නා සත්‍ය අමතක කර ලියනගේ අමර්කිර්‍ර්ති වැනි ග්‍රාමීය සරලමතිකයන් සමග රහසින් පෙම් කිරීමය.(අමරකීර්ති ආත්ම වංචනික ලෙස වුවද  තමන්ගේ ග්‍රාමිය චින්තනය හරහා විජේවීර වාදීන් සමග දේශපාලන කිරීම සමන්ගේ දේශපාලනයට වඩා ආචාරධාර්මික බවද පිලිගත යුතුය). සමන් තුල ඇත්තේ දාර්ශනික පදනමක් මත ගොඩනැගුනු නූතන වාදී චින්තනයක් නොව විජේවීර වාදී චින්තනයයි. එහෙත් එය වෙනුවෙන් පෙනී සිටීමේ ආචාරධාර්මිකත්වයක් පවා ඔහුට අහිමිය.ඔහු කොතරම් ආචාරධාර්මික දිලින්දෙක්ද?

 

*නලින්ද සිල්වා සමන්ට වීරයෙක් වීම…

සමන් නලින්ද සිල්වා ‍පරමාදර්ශී චරිතයක් බවට පත් කර ගනිමින්  ඉතාම ලාමක විවේචනයක් එල්ල කර ඇත. ඔහු කියන්නේ ඔහු නලින්ද සිල්වා සමග සම්පූර්ණයෙන්ම එකග නොවන බවලු. ඔහු ගණිතඥයෙක්ලු,දාර්ශනිකයෙක්ලු, ජාතිවාදියෙක්ලු, අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නෙක්ලු එමෙන්ම  නලින්ද සිල්වා යනු සමන්ට පරමාදර්ශී චරිතයක්ලු.
අර්ථකතන වේදය අනුව විග්‍රහ කර ගත්තද මෙය අපබ්‍රංස කතාවකි. නලින්ද සිල්වා යනු අප පිලිනොගත්තද කිසියම් ඥානවිභාගාත්මක චින්තනයක් ඉදිරිපත් කල අයෙකි. ඔහු ඉදිරිපත් කරන චින්තනය වෙනුවෙන් අවංකව පෙනී සිටින බව සම්බන්ධයෙන්ද ඔහුගේ අල්පේච්ඡ
ජීවන දර්ශනය සම්බන්ධයෙන්ද අපට කිසිදු ආරෝවක් නැත. ඒ සම්බන්ධයෙන් දීප්ති තුලද යම් ගෞරවයක් ඇති අතර දීප්ති කිසි විටකත් එයට ගැරහීමක් කර ඇති තැනක් හමුවී නැත. දීප්තිටත් අපටත් අවශ්‍ය වන්නේ නලින්ද සිල්වා ට මේ තියෙනවා යැයි සමන් වශීවෙන ප්‍රබන්දම යථාර්ථය ගැන කතා කිරීම නොව ඔහු ඉදිරිපත් කරන චින්තනයේ ඇති දරිද්‍රතාවය, පරස්පරයන් සහ මහින්ද සමග එකතුවී කරන ලද සමාජ විනාශය  පෙන්වා දීමයි.  දීප්ති විවේචනය කරන්නේ ඔහුගේ වැඩකට නැති න්‍යාය සහ මහින්ද සමග එකතුවී දෙමළුන් හැට දාහක් පමණ විනාශ කර ලංකාවේ ආර්ථික විනාශයට  වග කිව යුතු නලින්ද සිල්වා මිස සමන් ආශා කරන අල්පේච්ඡ වාදී නලින්ද සිල්වා නොවන බව සමන්ට මතක් කරදිය යුතුය. සමන් ඒ අල්පේච්ඡ පරමාදර්ශී  නලින්ද සිල්වා සමග නිදි වැදුනාට දීප්තිට හෝ සමබිම පක්ශයේ අපට කිසි ගැටලුවක් නැත. දීප්ති තමන්ගේ අනෙකා විවේචනය කරන්නේ එවැනි පටු අර්තයෙන් යැයි  සැලකීම සමන්ට පමනක් නොව සියලු ඊනියා බුද්දිමතුන් ගේ සහ වම්මුන්ගේ පුරුද්දය. මෙවැනි ලාමක විපරිතයන් සතුටු කිරීම වෙනුවෙන් තමන්ගේ සමාජ මැදිහත්වීම තුල දීප්ති කිසිදු භූමිකාවක්  රගදක්වන්නේ නැත. ඉතින් මේ සමන් ඇතුලු විපරිතයන්ට දීප්ති ව පෙනෙන්නේ උද්දච්ච, ගරුත්වය දීමට නිහතමානී නොවන, සමාජ සාරධර්ම විනාශ කරන්නෙකු ලෙසය. සමන් තුල ඇති බුද්දිවිරෝදය සහ දාර්ශනික දිලිදුකම ප්‍රදර්ශනය කිරීමට තවත් වෙන කිසිවක් අවශ්‍ය වන්නේද?  දීප්ති වැනි ලාංකීය සමාජයට නව චින්තනයක් (පශ්චාත් ව්‍යුහවාදය, මනෝවිශ්ලේශනය සහ පශ්චාත් මාක්ස්වාදය ) හදුන්වා දීමට විශාල බුද්දිමය දායකත්වයක් දෙන ලද අයෙකුට ලංවීමටවත් මෙම ඊනියා ඇකඩමික උගතුන්ට නොහැකිය. එය සැබෑවටම අවාසනාවකි, එහෙත් ඒ සම්බන්ධයෙන් දීප්ති කුමක් කරන්නද?

 


* සමන් පලවන හිතලුව යටතේ ලියා හෑල්ල ගැන…

සමන් ඔහුගේ හෑල්ලේ පලවන හිතලුව නැමති කොටසට අදාලව ඉදිරිපත් කර ඇති කරුනු මෙලෙස සංක්ශිප්ත කල හැක. සමන්ට අනුව 2004 සිට දීප්ති නන්නත්තාර වී සිටියදි කරන ලද සියලු න්‍යායික ඉදිරිපත් කිරීම් මෙන්ම සාකච්ඡා සම්මන්ත්‍රණ කර ඇත්තේ ඔහුගේ මූලිකත්වයෙන් වන අතර දීප්ති ඔහු පසු පසින් සිටිමින් ඔහුගේ විරුද්ධ වාදීන්ට පහර දෙමින් කුණුහරුප කතා කියමින් සිට ඇත.සියලු න්‍යායික වැඩ කොටස කර ඇත්තේ සමන් ය.

සමන් පවසන ආකාරයට   හේගල් , හුසල්, හෛඩගර්,මාක්ස්වාදය, පශ්චාත් මාක්ස්වාදය යන සියල්ලම පිලිබද ලියුවේ සහ දේශන පැවත්වූයේ ඔහු විසින් බව අප පිලිගත්තා යැයි සිතමු. ඒ අනුව අපට ඔහුගෙන් අහන්නට ඇත්තේ ඔහු එදා වැමෑරූ දෑ ගැන අද කියන්නේ කුමක්ද කියාය. එම අදහස් සහ චින්තනය පිලිගන්නවාද? ඒවා වැඩකට නැති දේ ලෙස ප්‍රතික්ශේප කරනවාද? ඔහු මෙය ඍජුව ප්‍රකාශ කල යුතු නොවේද ? එසේ නොකරන්නේ ඇයි  ?. ඔහු ප්‍රකාශ කරන ලෙසටත් අපිට  තේරුම් යන ලෙසටත් ඔහු කිසිසේත්ම එම චින්තකයන් අනුගමනය කරන බවක් හෝ පශ්චාත් මාක්ස්වාදයෙක් බව හෝ අපට නම් නොපෙනේ . කෙසේ වෙතත් අපට නම් පෙනෙන්නේ ඔහු  තක්කඩි විජේවීර වාදීයෙක් බව පමනි. එබැවින් අප ඔහු සමග අනන්‍යවන්නේ කෙසේද ? එහෙත් ඔහු  ලිව්වා යැයි කියන, පැවසුවා යැයි කියන දාර්ශනිකයන් මෙන්ම පශ්චාත්- මාක්ස්වාදය වෙනුවෙන්ද පෙනී සිටින්නේ දීප්ති මිස වෙන කවරෙක්ද? දීප්ති එදා පදනම් වූයේද පශ්චාත් නූතන වාදය , පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් මාක්ස්වාදී ආස්ථානය තුලය.අද ද එම පදනමෙහි වර්ධනයක් මිස කිසිදු අපගමනයක් සිදුවී නැත . අප පෙනී සිටින්නේ ද එම චින්තනය වෙනුවෙනි. එසේ නම්  සංඝත නොවන්නේ, එකාග්‍රතාවයක් නොමැත්තේ  දීප්තිට ද සමන්ට ද? සෑබෑ සමාජ වෙනසක් සහ චින්තනමය වෙනසක් වෙනුවෙන් ක්‍රියා නොකර තමන්ගේ අනන්‍යතාවයන් වෙනුවෙන්  සහ පුද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් පොදු ශ්‍රමය යොදාගෙන ඇත්තේ සමන් මිස දීප්ති ද ? දීප්ති කිසි විටකත් ව්‍යාජ සමාජ පිලිගැනීම පයිසයකට මායිම් කරන්නේ නැත. ඔහු පෙනී සිටින්නේ තමා පෙනී සිටින චින්තනය සහ දාර්ශනික නිදහස වෙනුවෙනි. ඔහු කිසිසේත්ම අනෙකාගේ විනෝදය රගදක්වන සමන් වැනි විපරිතයෙක් නම් නොවේ.


*දෙවන හිතලුව යටතේ ලියූ හෑල්ල පිලිබද අදහස ….

සමන් කියන්නේ ලියනගේ අමරකීර්ති සහ ලාල් කාන්ත සම්බන්ධයෙන් දීප්ති බොරු කියන බවය.
දීප්ති ඔවුන් සම්බන්ධයෙන් මෙම විවේචනය ඉදිරිපත් කරන්නේ සරල අර්ථකථන වේදයකට (Hermeneutics) අනුව නොව සංඥාර්ථවේදී (Semiotics ) පදනමකිනි.
සමන්ගේ ඉදිරිපත් කිරීම තුලම අමරකීර්ති සම්බන්ධයෙන් ඇත්තේ එකගතාවයක් මිස කිසිදු න්‍යායික ප්‍රතිවිරෝධතාවයක් නොවන බව ඉතා පැහැදිලිය. ඔහු අගයන බාහිර සංකේත අනන්‍යතා සියල්ල අමරකීර්ති තුලත් ලාල කාන්ත තුලත් පවතියි. අමරකීර්ති ද්වීභාශා උගතෙකු බවත්, විශාල පොත් පත් ගනනාවක් පල කර ඇති බවත් සැබෑ සමාජ පරමාදර්ශයන් වෙනුවෙන් මැදිහත් වන බවත් ලියා ඇත. එමෙන්ම එනිසා සමන්, අමරකීර්ති සමග ලගින් ඇසුරු කරන බවත් කන බොන බවත් අපට ව්‍යංගයෙන් ප්‍රකාශ කරයි.
අමරකීර්ති යනු ජාතික ජන බලවේගයේ ඉහල පෙලේ නායකයකු බව ප්‍රසිද්ධ කරුනකි. ඔහු ජා ජ බ යේ නායකයන් සමග ප්‍රසිද්ධියේ දේශපාලන කරයි. ලාල් කාන්ත සහ අමරකීර්ති ජීවත් වන්නේද එකම නුවර ප්‍රදේශයේය. එබැවින් එකට කටයුතු කිරීම ගැන ප්‍රකාශ කිරීමට ඇසින් දුටු සාක්ෂි හෝ වීඩියෝ දර්ශන අවශ්‍ය වන්නේ නැත. ලාල් කන බොන චරිතයකි එබැවින් අමරකීර්ති ද බොන්නේ නම් ලාල් කාන්ත සමග බීමේ කිසිදු සදාචාරාත්මක වැරැද්දක් තිබිය නොහැකිය. එබැවින් සමන්ද ඇතුලත්ව මේ තිදෙනාම ජීවත් වන්නේ එකම නුවර ප්‍රදේශයේ නම් සමන් ලාල්කාන්ත සමග බොනවා යැයි දීප්ති පැවසුවා යැයි සමන් කියන්නේ නම් එහි ඇති වැරැද්ද හෝ සදාචාරමය ගැටලුව කුමක්ද ?  කොල බෙදනවා යැයි දීප්ති පැවසුවා යැයි සමන් කියන කතාවටද අවශ්‍ය පැහැදිලි කිරීම මෙය තුල ඕනෑවටත් වඩා නොමැතිද?
සමන්ට  තවදුරටත් ආචාරධාර්මිකව නිදහස් ආත්මීයත්වයක් හෝ දේශපාලන දර්ශනයක් ඇති බවක් පෙන්නුම් කරන්නේ නැත. ඔහු රගදක්වමින් සිටින්නේ  බාහිර අනෙකෙකුගේ විනෝදයයි. ඔහුගේ බාහිර අනෙකා විජේවීර වාදියෙකි, ඔහු මෙහෙය වන අවිංඥානක ආශාවේ වස්තුව වීජේවීර වාදියාය. නමුත් ඔහුගේ දැනුම ඔහුටම බාධා කරයි. ඔහුගේ වේදනාව මේ දෙක අතර පවතින ආතතියයි. ලාල් කාන්ත සමග සමන් බොනවා කියනවිටත් අත් පත්‍රිකා බෙදුවා කියන විටත් සමන් සලිත වන්නේ එනිසාය. අපි නම් කියන්නේ “ඔව් මම ලාල් කාන්ත එක්ක බිව්වා සහ අත් පත්‍රිකා බෙදුවා කියාය සහ ඇයි එය කාට හරි  ප්‍රශ්ණයක් ද?” කියාය.

 

තුන් වන හිතලුව යටතේ ලියා ඇති හෑල්ල පිලිබද අදහස….

මේ යටතේ දර්ශන අශෝක කුමාර පදනම්ව දීප්ති ගැන ලියා ඇති චෝදනා ගැන අප කිසිවක් කිව යුතු නැත. සමන් විසින්ම අප දර්ශන අශෝක කුමාර සම්බන්ධයෙන් ගෙනෙන ලද විවේචනයේ සාධාරණත්වය හොදටම පෙන්වා දී ඇත. එනිසා දර්ශන අශෝක ගැන අපට කිසිවක් අමතරව ප්‍රකාශ කිරීමේ අවශ්‍යතා වක් මතුවන්නේ නැත. ඒ විතරක් නොව දර්ශන අශෝකගේ ආචාර්‍ය උපාධියට සමන්ගේ ඇති සම්බන්ධතාවය පිලිබද දීප්ති ප්‍රකාශ කර ඇතැයි කියන අදහසේ ඇති නිවැරැදි බාවයද සමන් එහිදී ක්‍රියා කර ඇති ආකාරයද සමන්ම දීර්ඝ ව ලියා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද අප නැවතත් පැහැදිලි කිරීමට කාලය ගන්නේ නැති බව  සදහන් කල යුතුය.

* දීප්ති දර්ශනය විකුනන්නේද?

සමන් කුමාර ඉතාම තක්කඩි ලෙස දීප්ති තමන්ගේ දැනුම මුදලට විකුනන බව පවසයි. මේ තක්කඩි කතා කාරයාගෙන් අපට අසන්නට ඇත්තේ එලෙස මුදලට විකුනා ඇත්තේ මොකක්ද ,කොතනද කවදාද යන්නය. දිප්ති තමන්ගේ දැනුම නොවිකුනන්නේ සමන් මෙන් අනෙකා සතුටු කිරීමේ විපරිත ආශාවෙන් හෝ බොරු සදාචාර වාදයක් නිසා නොවේ. ඔහුට මුදල් රැස් කර පාරිභෝගික භාණ්ඩ ගොඩ ගසා සතුටු වීමේ ආශාවක් නැති නිසාය. බාහිර යථාර්ථය තුල පෙනෙන කිසිදු ප්‍රපංචයක සාරාත්මක අන්න්‍යතාවයක් නැති බව පදනම් කරගත් විශ්වීය දර්ශනයක් ලංකාවට හදුන්වා දුන් දීප්ති ද සමන් කුමාර වැනි සුලු ධනේශ්වර පරිභෝජන අරචන කාමයට ගොදුරු වූවෙකු යැයි සිතා සිටීම ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත. තමාට කියා කිසිදු පෞද්ගලික දේපලක් ගොඩනගා නොගත් ජීවත් වීමට සුරක්ෂිත නිවසක් පවා නොමැතිව තමාගේ එකම දරුවාගේ අනාගතය වෙනුවෙන් පවා කැත වැඩ නොකරමින් තමා ලංකාවට හදුන්වා දුන් චින්තනය වෙනුවෙන් මුලු ජීවිතයම මේ දක්වා කැප කර ඇත. දීප්ති  එලෙස කටයුතු කරද්දී මහජන මුදලින් මාසිකව ලක්ශ ගනනින් වැටුප් ලබමින් පරිභෝජනවාදී ධනවාදයේ ආධ්‍යාත්මික ව ගිලුනු සමන් කුමාර වැන්නවුන් ගැන අපට ඇත්තේ හිරිකිතයකි. දීප්ති කවුදැයි හොදටම දන්නා සමන් කුමාර තමන්ට ජානවලින් උරුම වූ විජේවීර වාදී චින්තනයෙන් මුසපත්ව මේ කරන සාපරාදී ප්‍රකාශ ගැන ලජ්ජා විය යුතුයි.

සමන් කුමාර නැමති තමන් ඉගෙන ගත දාර්ශනික චින්තනයේ කිසිදු සාරාත්මක යමක් තමන්ගේ ජීවිතයට එකතු කර නොගත් තමන්ගේ බඩවියත රැක ගැනීමට පමනක් එය යොදාගෙන ඇති අසරණයාට අප කියන්නේ මෙම සරල කාරනයි, එනම් අප බොරුවට දර්ශනය කොහේ හෝ ජීවත් වන අනෙකෙකුට විකුනන දාර්ශනික ගුරුකුලයක් නොවේ,අප දේශපාලන පක්ශයකි,අප ක්‍රියා කරනුයේ දාර්ශනයේ නාමයෙන් නොව දේශපාලන බලය ලබා ගැනීමේ අරමුණෙනි. එබැවින් අප ක්‍රියා කරන්නේ එම කටයුත්ත වෙනුවෙනි . අප පදනම්ව ඇති දර්ශනය, අපගේ චින්තනය, මුදලට විකුනන්නේ නැත, එහෙත් ව්‍යාපාරය වෙනුවෙන් එය විකිනීමට අවශ්‍ය නම් එය විකිනීමට මැලි වන්නේද නැත. බොරු සදාචාරය වාදය වෙනුවෙන් අප කිසිසේත්ම පෙනී සිටින්නේද නැත. අපට මුදල් අවශ්‍යය ඒ අපේ ව්‍යාපාරය වෙනුවෙන් සහ අපගේ ජීවත් වීම සදහා මිස පාරිභොගික අර්චන කාමය නිසා හෝ මුදලට ඇති ගිජු කම හෝ නිසා නොවේ. පශ්චාත් නූතනත්වය නැමති සංකල්පය  ලංකාවට හදුන්වාදුන්නේද, සංස්කෘතිය ඇතුලු සියල්ල වෙළද පොල වටිනාකම පිලිබද තර්කනයට යටත් වීම නව සමාජ ආර්ථික ව්‍යුහය බව ලංකාවට තේරුම් කරන ලද්දේද දීප්තිය.

දීප්ති විකිණී හෝ නොවිකිණී හෝ කරන්නේ දීප්ති දකින නව චින්තනයට අනුකුලව ඒ වෙනුවෙන් මිස වෙන යමක් වෙනුවෙන් නොවේ. දීප්ති ට න්‍යාය සහ භාවිතාව යනුවෙන් දෙකක් නැත. ඇත්තේ එකකි. ඔහුගේ න්‍යාය භාවිතාව වන අතර භාවිතාව සෑම විටම න්‍යායාත්මක‍ය. එනිසා සමන්ට අපි කරන අභියෝගය වන්නේ බාල අවරගනයේ අදෝනා නගන්නේ නැතිව දීප්තිගේ පශ්චාත් මාක්ස්වාදී පීලිපැනීම් සහ අසංගතබාවයන් න්‍යායිකව ඉදිරිපත් කරන ලෙසය. එසේ කරන්නේ නම් ඒ වෙනුවෙන් ඕනෑම අයෙක් සමග ඍජු සංවාදයකට දීප්ති සූදානම්‍ ය.
පශ්චාත් – මාක්ස්වාදය සහ න්‍යාය ලංකාවට ගෙන ඒමට මැදිහත් වූයේ දීප්ති බව අවිවාදිතය. දීප්ති එම න්‍යාය සමාජ ගත කරන ලද්දේ න්‍යාය තොරොම්බල් කිරීමට නොව එය යොදා ගනිමින් සමාජය වෙනස් කිරීම සදහාය. න්‍යාය භාවිතාවක් වන්නේ එබැවිනි. දීප්ති ට ළමා මනසිකින් අභූත චෝදනා නගමින්, ගරහමින්, විජේවීර වාදයට රහසින් පෙම් බැදීම හැරන්නට සමන් කරන සමාජ දේශපාලන මැදිහත් වීම කුමක්ද? කිසිදු නිර්ධන පාංතික සමාජ මැදිහත්වීමක් නොකර සැබෑ නිර්ධන පාංතික වාමාංශිකයෙක් වූ දීප්තිව හෙලා දැකීම කල හැක්කේ ඉතාම වංචනික තක්කඩියෙකුට පමනි .

( මෙහි සදහන් කරන වාමාංශිකයා සහ නිර්ධනයා යන්න සමන් දන්නා බවක් නොපෙන්වයි. ඔහු නිර්ධනයා සහ වාමාංශිකයා යන්න අර්ථකථනය කරන්නේ ග්‍රාම්‍ය මාක්ස්වාදය සහ විජේවීර වාදයට අනුවය.)

Rose and Marx.

*දීප්ති රනිල් වික්‍රමසිංහගේ දෘෂ්ටිවාදයට කඩේ යනවාද?


සමන්, දීප්ති සමග මේ ඇතිකරගෙන ඇති කෝන්තරයේ යම් පදනමක් සම්බන්ධ වී ඇත්තේ ඔහු රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දෘෂ්ටිවාදය වෙනුවෙන් කඩේ යමින් අනෙකුත් දේශපාලන බලවේගයන්ට සහ ක්‍රියාඅනෙකුත් දේශපාලන බලවේගයන්ට සහ ක්‍රියාකාරීන්ට පහර දෙනවා යැයි විශ්වාස කරන නිසා බව මෙම හෑල්ල හරහා පෙනී යයි.
සමන් ඉදිරිපත් කරන මෙම  අදහසට අපට කීමට ඇත්තේ මෙපමනයි. අපි පශ්චාත් – ව්‍යුහවාදීන් සහ පශ්චාත් -මාක්ස්වාදීන් ය. අප පදනම් වන්නේ එම නව චින්තනය මතය. අප සමාජ දේශපාලනය කියවා ගන්නේ සහ ගණුදෙනු කරන්නේ එම න්‍යායික කියවා ගැනීම තුලය. විජේවීරවාදී චින්තනයට අනුව ප්‍රපංචවේදීව සමාජ දේශපාලනය කියවා ගන්නා සමන්ට එය විශාල ව්‍යාකූලත්වයක් සහ පරස්පරතාවයක් ලෙස පෙනීම ගැන දීප්ති වත් අප වත් පුදුම වන්නේ නැත.

පශ්චාත්-මාක්ස්වාදය පැත්තෙන් බැලූ විට දී සමන් පුෂ්පකුමාරගේ සිට චාමින්ද හරහා ඕනෑම සරල මතිකයෙකු රනිල් වික්‍රමසිංහ සමග අප දේශපාලනය කිරීම තුළ ඉතා අප්‍රසන්නතාවයක් පාඨකයා තුළ ජනිත කරවයි. මේ අය, ටිල්වින් සිල්වාට හෝ කුමාර් ගුණරත්නම්ට X දේශපාලනයේ න්‍යායික අවි විකිණීම න්‍යායිකව කිසිදා සුජාත කර නැත. ටිල්වින් සහ කුමාර තවමත් ජාතිවාදයෙන් මිදී නැත. 2009 දී සිදු වූ යුද්ධය පිළිබඳව සහකම්පනයෙන් කතා කරන්නේ ද නැත. ‘පුෂ්පකුමාරට’ කුමාර් සමඟ මේ දිනවල අලුතින් සංසර්ගයේ යෙදෙන කෝදාගොඩ වැනි ආත්ම මූලික අවස්ථාවාදියෙකු සමඟ සඟරාවක එකට සිට ගැනීම පිළිබඳව ද ලැජ්ජාවක් නැත. ලැජ්ජාව ගැන අපගෙන් අහන්නේ මෙවැනි ලැජ්ජා නැති වැඩ කරන රජයේ සේවකයන් ය. හැදෑරීම සඳහා රජය විශාල වැටුපක් ගෙවද්දී තමන්ගේ විෂය හදාරා ඇති ගැඹුර අපි ඉහත දී පෙන්වා දුන්නෙමු.

       දෛනිකව අපි රනිල් වික්‍රමසිංහ සමඟ සිට ගන්නෙමු. අනන්‍ය වන්නෙමු. එය, බහුතරයට අනුව වැරදි පැත්ත සමඟ අනන්‍ය වීමකි. පශ්චාත්-මාක්ස්වාදයේ මූලික හරය වන්නේම පන්ති සාරාත්මකයේ සිට සියලුම සාරාත්මකතාවයන්ගෙන් මිදීමය. අපට ද රනිල්ට ද සාරයක් නැත. මේ සාරයක් නොමැතිකම පවතින සදාචාරයෙන් ඉවත් වීමට ඇති හොඳම මඟයි. සාරයක් නැති ආත්මය විසින් පවතින ක්‍රමය සොලවන බව අපි දනිමු. අප හැර ඉතුරු සියලු දෙනා අනන්‍ය වී ඇත්තේ, යහපත් මිනිසුන් සමඟය. ලෝකය වෙනස් කර ඇති බහුතර දෙනා නරක මිනිසුන්ය. රුසියානු විප්ලවයට පාර කැපුවේ රස්පුටින් බව කියන්නේ අප නොව ට්‍රොට්ස්කිය. දයලෙක්තික චලනයේ වැරදි ප්‍රවාදය අප සිතාමතාම තෝරාගෙන ඇත. සත්භාවවේදය (Ontology) සහ ඥාණ විභාගය අතර පරිපථය ලුහු කරන්නේ අවිඥාණය බව ද අප දනිමු. 

Rose in the cross of the present- Hegel.

It has also been suggested that the rose represents silence while the cross signifies “salvation, to which the Society of the Rose-Cross devoted itself by teaching mankind the love of God and the beauty of brotherhood, with all that they implied.” Others saw the Rosy Cross as a symbol of the human process of …

To recognise reason as the rose in the cross of the present and thereby to enjoy the present, this is the rational insight which reconciles us to the actual, the reconciliation which philosophy affords to those in whom there has once arisen an inner voice bidding them to comprehend…’

චන්දන රණසිංහ.

             

ඔබේ අදහස කියන්න...