සමාජවාදී දෘෂ්ටියට එහා ගිය ඇමරිකානු සිහිනය විවේචනය කිරීමට දායකවීමක් …

 

කෝදා නොව තවත් බොහෝ අය අපගෙන් අසන ප්‍රශ්න ජාලාවකට සංයුක්ත පිළිතුරු ලබා දී ඇති පොතක් ලගදීම නිකුත් වීමට නියමිත බව මහත් ශෝකයෙන් ඔබට දන්වා සිට්න්නෙමු. පොතෙහි නම මෙසේය. ‘ ජලයෙන් යට වූ ලින්ච්ගේ ලෝකය ‘.
මහා අනෙකාට හොරෙන් නින්ද නැති රාත්‍රී ජාමයන්( ස්වඋල්ලංඝනයෙන් විනෝද වීමට ) අසංඛ්‍යය සංඛ්‍යාවට පසුත් හේගල් විසින් මාක්ස්ට වඩා වැඩියෙන් ප්‍රකාශ කළ සත්‍යය හමු වී නැත. දීප්තිගේ ජීවිතයේ සුඛෝපභෝගී පැත්ත ෆැන්ටසිකරණය කරන පුත්‍රයකුගේ දුරකථනයේ අනෙක් පැත්ත ඔබට හමු වී ඇතිනම් ඔබ පැරණි සමාජවාදී දෘෂ්ටියට නැවත ඇතුල් වී ඇත. Lost Highway චිත්‍රපටයේ පාතාල නායකයාගේ චරිතයට අයත් බෙන්ස් රථය වෙනත් මගියකු ඉස්සර කළ පසු ඒ මගියාට සිදු වූ දෙය ඔබට මතක ද ? ‘‘ යකෝ මහපාරෙ යන්න ඕන හුකන නීතිය තෝ දන්නෙ නැද්ද ? ‘‘ පාතාල නායකයා මහපාරේදී විදින අධිකතර අතිරික්ත අශ්ලීල විනෝදය ඔහුට පවරා ඇත්තේ විනෝද වීමට නියුරෝසික ඇල්මක් නැති පුත්‍රයාය.
Strsight story photo 5
ඔබට අනෙකාගේ ආශාව තව දුරටත් ප්‍රෙහේළිකාවක් නම් එය කියාදීමට පැමිණෙන ඕනෑම පුද්ගලයකු ෆැන්ටාස්මැතික සහනයක් ඔබට ලබා දෙයි. දීප්තිගේ දෛනික පුද්ගලික ජීවිතය පිෂ්ඨය, ප්‍රෝටීන, විටමින් උතුරා යන ඇපල් යුෂ යථාර්ථයක් දැයි සොයා ගැනීමට ඔහුගේ දවසේ ජීවිතයට ඇතුල් විය යුතුය. Skype කාචයේ දැක්මට වශී වී ඒ තුළට ගුහාසයම් වන කෙනෙකුට ස්ටැලිනියානු විපරිත අශ්ලීල රසය හැර අන්යමක් හිමි නැත. මාක්ස් හේගල්ව ඔලුවෙන් හිටවූයේ නැත. හේගල්ව ‘ ජර්මානු දෘෂ්ටිවාදය ‘ තුළ ඔලුවෙන් හිට වූ මාක්ස් තම ‘ ප්‍රාග්ධනය ‘ කෘතියේ පළමු පරිඡේදය තුළ පාරිභෝගික භාණ්ඩ අර්චනකාමය හරහා යළි දෙපයින් සිටවූයේය.
හදාරන්න ! හදාරන්න !

 

ඔබේ අදහස කියන්න...