[dropcap color=”yellow”]මේ [/dropcap]දිනවල ලංකා ඊ නිවිස් වෙබ් අඩවිය සිය කටයුතු සදහා ලැප්ටොප් පරිගණක දෙකක් මිලදී ගැනීමට පාඨකයන්ට උපකාර කරන්න යැයි ඉල්ලීමක් කර තිබෙනව. ඒ ඉල්ලීමට විශාල පාඨක ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර ක්‍රෙඩිට් කාඩ් නැති උදවිය තමන් මුදල් ලබා දිය යුත්තේ කෙසේද යන්න ගැන පවා විමසයි. මේ වන විටත් ඒ සදහා අවහය පවුම් 800ක මුදලින් 350කට වඩා වැඩි මුදලක් ලැබී තිබෙන බවද වාර්ථා වේ.

මෙහි ඇති විශේෂත්වය කුමක්ද? සදරුවන් විසින් දීර්ඝ කාලීනව මෙම වෙබි අඩවියේ භාෂා භාවිතය මගින් රටේ ඉහළම පුරවැසියන් ගේ සිට විවිධ පුද්ගලයන්ව විවේචනයට ලක් කළේ අශ්ලීල අයුරිනි. නමුත් සදරුවන් ගේ මේ මාධ්‍ය භාවිතයට බහුතරයක් දෙනා කැමතිය. අප විසින් දිගින් දිගටම අපව පවා දී දේශපාලනයට කැත වැඩ කළ පුද්ගලයන්ට පහර දුන් විට බොහෝ අය අපට අපහාස කරන්න එපා! දේශපාලනික විවේචන කරන්න යැයි උපදෙස් දුන්නෝය. අපට වාමාංශික මහත්වරුන් වන්න යැයි අභියෝග කළෝය. නමුත් අප දිගින් දිගටම අප අනුගමන කළ මාවත වෙනස් නොකළේ සමාජ වෙනස් කරන්න නම් ඇත්ත කිව යුත්තේ රිදෙන්නට බව දැනුවත්වය. ඒ බව මේ වන විටත් සදරුවන් විසින් ඔප්පු කර අවසන්ය.

ඉතින් ඇත්ත අශ්ලීලව හෝ ශිෂ්ඨ සම්පන්නව ප්‍රකාශ කරනවාද නැද්ද යන කාරණය අදාල නැත. අදාල වන්නේ සත්‍ය ඒ හැටියෙන්ම ප්‍රකාශ කිරීමය. සමාජය වෙනස් කරන්නට කරන අරගලයකදී ලිබරල් මහත්වරුන්ට කළ හැකි කාර්යට වඩා දේශපාලනිකව පාදඩයන්ට කළ හැකි කාර්යභාර්ය බොහෝය. ඒ අතින් අප සහ සදරුවන් සමානයන්ය. නමුත් දේශපාලන අරගලයේ දී අප සහ සදරුවන් අහසට පොළෙව තරම්ම දුරස්ථය. ( සදරුවන් යනු අවිඥාණක ජාතිවාදියෙකි.)

අපට පුද්ගලික න්‍යාය පත්‍ර නැති අතර අපට ඇත්තේ සමාජයීය න්‍යාය පත්‍රයකි. ඒ නිසා මෙන්න මඩ ගසනවා යැයි අවලාද නැගුවාට වැඩක් නැත. අවශ්‍ය වන්නේ අපේ ගමන් පථය තුළ නිවරදිව ස්ථානගත වීම පමණි. ඔබගේ සැභෑ සතුරා හදුනා ගැනීමට නම් පළමුව ඔබේ පුද්ගලික ප්‍රතිරූප විනාශ කරන්න!

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. සඳරුවන් ගේ මාධ්‍ය භාවිතයට කැමති සිසිර කුමාර මනික්ක ආරච්චිගේ මාධ්‍ය භාවිතයට කැමති වෙලා හිටි උන්ගේ ළමයි. එකෙන් තව J R කෙනෙක් එලියට එන්න පුළුවන්. නමුත් එක විසදුම නෙමෙයි. ත්‍රිමාණ , විකල්ප, lankaviews ආදිය බලන්නේ වෙනෙමම පිරිසක්. සඳරුවන් ගේ මාධ්‍ය භාවිතයට ඉක්මනින්ම කැමති වෙන අය එයාව ඇත හරින්නෙත් ඒ වේගයෙන්මයි. නැත්නම් මෙලහට ලංකාවේ වෙන ආණ්ඩුවක්.

Comments are closed.