Life and Death

 

කේන්ද්‍රයේ ධනවාදයෙන් කවින්ධ්‍යා ට ලැබී ඇති උපරිම නිදහස මත්පැන් අලෙවි සැලක සේවය කිරීම නම් එය නිදහසක් වන්නේ කෙසේද? වරණයන් වාරණය (restricted choices) කර ඇති ධනවාදයේ ඇයගේ ස්ථානය බලහත්කාරී එකකි (forced choice). නො නිදහසකි. නමුත් සටන් කිරීමට සහ සමානාත්ම තාවය වෙනුවෙන් ඇයට ඇති අයිතියට අපි ගරුකරමු ….අවසානයට අපිට එකතුවී අරගල කල යුතු වන්නේ මෙම ක්‍රමයේ සීමාවන්ට එරෙහිවය…මෛත්‍රිපාල මහතා යනු එම ධනවාදයේ සිමාව ස්වභාවික කරණය කරන්නෙක් පමණි (naturalizes the organic limits of capitalism). සැබෑ සතුරෙක් නොවේ. සමනලී තේරුම් නොගන්නා පුළුල් සත්‍ය එයයි.

Mahesh

…………………………………………………………….

පසුගියදා කාන්තාවට මත් පැන් මිලදී ගැනීම සහ මත් පැන් අලෙවිහල්වල සේවය කිරීමට ඉඩ සලසා මුදල් අමාත්‍ය මංගල සමරවී මහතා ඉදිරිපත් කළ චක්‍රලේඛනය වහා අහෝසි කරන ලෙස ජනාදිපතිතුමා කළ නියෝගයට විරෝධය පෑ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන ලංකාවේ සිසුවියක වන කාවින්ද්‍යා තෙන්නකෝන් මෙනවිය සමග Lankatarget වෙබ් අඩවිය සිදුකළ සංවාද සටහන මෙසේය.

ඔබ අධ්‍යාපනය හදාරන්නේ කොහේද ?

මම ශිෂ්‍යත්වයකින් ඇමරිකාවේ වෙල්ස්ලි විදුහලට ඇතුලත්ව එහි අධ්‍යාපනය හදාරා දැන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව විද්‍යාව ඉගෙන ගන්නවා.

අධ්‍යාපනය හදාරණ ගමන් රැකියාවකත් නිරත වනවාද ?

ඔව්, මම අධ්‍යාපනය ලබන ගමන් රැකියාවක නිරත වෙනවා. මම සාමන්‍ය පවුලක කෙනෙක්. ඒ නිසා මට අධ්‍යාපනය හදරණ ගමන් රැකියාවකත් නිරත වෙන්න වෙලා තියෙනවා . මම පහුගිය අවුරුදු තුන පුරාම අර්ධ කාලීන රැකියාවක නිතර වෙනවා. ඒ බාර් එකක සහ ආපන ශාලාවක.

කාන්තාවක් මත්පැන් අලෙවි හලක රැකියාවක් කිරීම කවරාකරවද ඔබ දකින්නේ ?

බාර්වල වැඩ කරන පිරිමි අය ඉන්නවා. ඒ වගේම ඒවායෙහි සේවය කරන කාන්තාවන්ද සිටිනවා. ඒ නිසා එවැනි ස්ථානවල කාන්තාවක් සේවය කිරීම තුළ මා කිසි වරදක් දකින්නේ නැහැ. එය මිනිසෙකු සඳහා හොඳ රැකියාවක් නම්, එය කාන්තාවක් කළායැයි පවසා එය පහත් කොට විවේචන කරන්නේ කුමක් නිසාද යන්න මම දන්නේ නෑ .

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

අපි ජීවත් වෙන්නේ හිංසනය( Violence)  පිරුනු සමාජෙක.මේ හිංසනයන් විවිධාකාරයි. ප්‍රධාන වර්ග තුනකට අපිට මේ හිංසනයන් වෙන් කරන්න පුළුවන්. එක තමයි ආත්මීය හිංසනය(subjective violence) . ඒ කියන්නේ ස්ත්‍රීන්ට සිද්ධ වෙන ඕනෑම හිංසනයක මූලය විදියට පිරිමියෙකු හඳුනා ගැනීම.ලංකාවේ වර්තමාන ස්ත්‍රීවාදිනියන්ව සහ ඔවුන් මතු කරන ඔවුන්ගේ ගැටළු හදාරනකොට අපිට ඉතා පහසුවෙන් මේ ආත්මීය හිංසනය වටහා ගන්න පුලුවන්.සාරුවා සුනිල්ගේ සිදුවීමත් මෙයට එක් උදාහරණයක්.
දෙවනි එක පවතින සමාජ ක්‍රමය විසින් ඇති කරනු ලබන පරාර්ථක හිංසනය( objective violence). ඇඟලුම් සේවිකාවන්,කාර්‍යාල වල සේවයෙහි යෙදෙන්නියන්, ලිංගික ශ්‍රමිකයන් මුහුණ දෙන හිංසනයන් මේ වර්ගයට අදාළ වෙනවා. මේ පාර්ශවන් එදිනෙදා මුහුණ දෙන හිංසාකාරී අත්දැකීම සමාජ ක්‍රමය විසින් ඇති කරනු ලබන හිංසනයන් ලෙසට අපිට හඳුනා ගන්න පුලුවන්. ඒ වගේම මේ ගැටලු ගැන දැන් මිනිස්සු කතා කරන්නේ නෑ.ඒ සම්බන්ධව චිත්‍රපටි  හා ගීත නිර්මාණය උනාම ඒ ගැන කතා කළත් ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් දැන් කතා කරන්නේ පැරණි වාමාංශිකයින් විතරයි.
අවසාන එක තමයි ඕපපාතික හිංසනය( ස්වපීඩා හිංසනය)ඒ කියන්නේ තමන් විසින් තමන්ව පීඩාවට ළක් කර ගැනීම.ශරීරය සිදුරු කර ගැනීම,කපා ගැනීම,ටැටූ ගසා ගැනීම වගේ දේවල් ඕපපාතික හිංසනයන් ලෙස අපට හඳුනා ගන්න පුලුවන්. ඒක ඉරොටික් ආර්ට් එකක්.
 සමාජ හිංසනයන් පිළිබඳ නිවැරිදි කතා කිරීමෙන් දැන් අපිට පුලුවන් මේ දවස් වල ලංකාවේ වැඩියෙන්ම කතා බහට ලක් වන ස්ත්‍රීන්ට පනවා තිබෙන මත් පැන් තහනම ගැන කතා කරන්න.ඒක ඇත්තටම සරළයි. කොයිතරම් සරළද කියනව නං එක සිස්ටම් එකෙන් කරපු පොඩි සෙල්ලමක්.උනේ ඒ සෙල්ලමට අදාළ නොවන පාර්ශවයක් සෙල්ලම් කරන්න ආව එක විතරයි.
 
අද වෙනකොට ලංකාව රුපියක් බිලියන 9500ක් ණයයි.ඒ කියන්නේ අපි මේ ණය ගෙවන්න ඕන කියන එක. මේ ණය ගෙවන්න අපිට සිද්ධ වෙනවා.එනිසා අපේ ආදායම වැඩි කර ගන්න වෙනවා.ගෙදරක වියදම ආදායමට වඩා වැඩි වෙනකොට කරන්නේ, ආදායම කොහොම හරි වැඩි කරගන්න එක.ලංකාවේ බාර් විවෘත කරලා තියන වෙලාව වැඩි කරේම සංචාරක කර්මාන්තය තුළින් ඩොලර් කීපයක් වැඩි කරගන්න.ඒ කියන්නේ ලංකාවට එන විදේශිකයින්ව ඉලක්ක කර ගෙන වයින් ස්ටෝර්ස් වැඩි වෙලාවක් විවෘත කරන්න තීරණය කරා.මේ වගේ දේකට විරුද්ධවෙන්න පෙර තියාම ලෑස්ති වෙලා ඉන්න සදාචාරවාදියන්,ජාතිවාදීන් සහ සුචරිතවාදීන් පිරිස එලියට ආවා.සිංහල බෞද්ධයොත් මේ අතර හිටියා. අනික් පැත්තෙන් ස්ත්‍රීන්ට මත් පැන් මිළදී ගන්න,මත් පැන් විකිණීමේ තහනම අවුරුදු 40කටත් වැඩියෙන් ලංකාවේ තිබුනා.ඒක ඊයේ පෙරේදා වෙනකල් ලංකාවේ සාමාන්‍ය සමාජය දැනන් හිටියේ නෑ. ගෑනු බිව්වා, බාර් වල වැඩ කරා.කැරෝකේ ක්ලබ් වල වැඩ කරා.මේ වගේ හරිම සාමාන්‍ය විදියට ලංකාවේ ස්ත්‍රීන් මත් පැන් භාවිතා කළා.තහනමක් ගැන අද කතා කරන ස්ත්‍රීන් සහ රැඩිකල් වාමාංශිකයින්ට මේ තහනම මීට පෙර අදාළ උනේ නෑ.  මංගල සමරවීර පුංචි සෙල්ලමක් ප්ලේ කරා.ඒක තමයි බාර් විවෘත කරලා තියන වෙලාව වැඩි කරපු එකට විරුද්ධව සුචරිතවාදියෝ එලියට එනකොටම ස්ත්‍රීන්ගේ මත් පැන් තහනම අවලංගු කරන එක.ඒත් නොහිතපු විදියට ග්‍රවුන්ඩ් එක ලෑස්ති කරලා ප්‍රධාන කණ්ඩායම් දෙක සෙල්ලම් කරන්න ලෑස්ති වෙනකොටම තරඟේ බලන්න ඕන ප්‍රධාන අමුත්තා ග්‍රවුන්ඩ් එක මැද්දට පැනලා සෙල්ලම ඇතුලේ විකාරයක් කරනවා. මංගල සමරවීර හිතුවේ නැති විදියට සිරිසේන ජනාධිපතිතුමා මේ මත් පැන් තහනම මැද්දට ආවේ එහෙමයි. ඒත් ඕන කරන වැඩේ උනා.ඒක තමයි සුචරිතවාදියෝ ටික මයික් ඕෆ් කරන් ගෙවල් වලට ගියා. ස්ත්‍රීන් ටික බෝඩ් උස්සන් පාරට බැස්සා.
        සමහර දේවල් පුරෝකතනය කරන්න පුළුවන් උනාට ඒ ගැන හරියට කියන්න බෑ. අපි අන්න ඒ වගේ ඒවට කියනවා ආපතිකභාවය කියලා.ලංකාව කියන්නේ විදේශීය ණය වලින් යැපෙන රටක්.තව දීර්ඝ අවුරුදු ගණනාවක් පුරාවට අපිට සිද්ධ වෙනවා මේ ණය ගෙවන්න.මේ බාර්,අරක්කු,ස්ත්‍රී ප්‍රශ්ණ උඩින් තිබුනට ඇත්ත ප්‍රශ්ණය කවුරුත් ඇහුවේ නෑ.ඒ තමයි අපිට ඉන්නේ තමන්ගේ අය වැය වාර්ථාවවත් නොකියවන ජනාධිපතිකෙනෙක් නේද කියලා.
Ramesha

ඔබේ අදහස කියන්න...