දීප්ති විසින් පක්ෂයේ අධ්‍යාපන ක්‍රියාවලියට මනෝවිශ්ලේෂනය හඳුන්වා දුන්නේය.එම මනෝවිශ්ලේෂන අධ්‍යයන මාලාවේ එක් සංකල්පයක් වූයේ ” ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නොමැත” යන්නයි ( there is no sexual relationship ). මෙම සංකල්පය ලැකානියානු මනෝවිශ්ලේෂනයේ ප්‍රතිඵලයකි.
 ” ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නොමැත ” ‍යන වාක්‍ය තේරුම් ගැනීමට ප්‍රථමයෙන් ම එය ලිවිය යුතුය.ඉන් පසුව මෙම වාක්‍යයෙන් කුමක් අදහස් කරන්නේදැයි සොයා බැලිය යුතුය.ඒ අනුව ඔබ ලිංගික සබඳතාවයකට ඇතුළු වන විට හෝ ඉන් ඉවත් වන විට එම ක්‍රියාවලියේ සිටින්නේ දෙපාර්ශවයක් පමණක් නොවේ.බොහෝ විට අප දකින්නේ ලිංගික සබඳතාවල සිටින්නේ දෙපාර්ශවයක් පමණක්ය යන්නයි.මෙය ලැකානියානු මනෝවිශ්ලේෂනය හඳුන්වාදෙන තෙක් පැවති තත්ත්වයයි.නමුත් ලැකාන් පැමිණ මෙම තත්ත්වයට සම්පූර්ණ වෙනස් මතයක් ඉදිරිපත් කරන ලදි.
ලැකාන්ට අනුව ලිංගික සබඳතාවයකදී එම සම්බන්ධයේ නිරත වී සිටින පෙම්වතා හෝ පෙම්වතියට අමතරව තුන්වන පාර්ශවයක්ද සම්බන්ධ වන බවයි.එහිදී මෙතක් පැවති තත්ත්වය වූයේ සබඳතාවයකදී එහි සිටින්නේ දෙපාර්ශවයක් පමණක් බවයි.නමුත් ලැකාන්ගේ මැදිහත් වීමෙන් පසු එය සම්පූර්ණයෙන්ම වෙනස් වී එම ව්‍යූහයට තුන්වන පාර්ශවයක්ද සම්බන්ධ බවත් එකී තුන්වන පාර්ශවය නොමැති නම් එකී ලිංගික සබඳතාවයේ අඩුවක් ජනිත කරන බවත් පැහැදිලි විය.
ඔබ පෙම්වතා හෝ පෙම්වතිය සමඟ ලිංගික සබඳතාවයකට යන විට එය සංකේතීය නීතියේ එක් ක්‍රියාවලියකි.නමුත් මෙම සකේතීය සම්බන්ධයට පරිකල්පනීය අනෙකෙක් සම්බන්ධ වන්නේ කෙසේද? සිංහල බෞද්ධ විවාහයකදී පෝරුවට නගින්නේ මනමාලිය සහ මනමාලයා පමණක් වුවද  තුන්වන පර්ශවයකුත් පෝරුවට නඟී.ඒ පාර්ශවය පරිකල්පනීය අනෙකෙක් වේ.ඒ අනෙකා අවිඥානික අනෙකෙකි.මෙම තත්ත්වය අපට වටහා ගැනීමට අසීරු තත්ත්වයකි.වටහා ගැනීමට හෝ සිතන විට මෙම අනෙකා නොපවතින අතර අනෙකා පවතින්නේ අප ක්‍රියා කරන විටය.
අපට මේ ආකාරයට ලිංගික සබඳතාවයක් පවත්වාගැනීමේදී තුන්වන පාර්ශවයක් අවශ්‍ය වන්නේ ඇයි?
දෙදෙනෙකු අතර ලිංගික සබඳතාවයක් පරිපූර්ණ සබඳතාවයක් වන්නේ නැත.එය සැම විටම අඩුවක් මඟින් ආතතියක් ජනිත කරනු ලබයි.එම නිසා පරිපූර්ණ ලිංගික සබඳතාවයක් කවරකු හෝ පරිකල්පනීය ( ෆැන්ටසියක්) කරන විට එය ඇත්ත වශයෙන්ම පරිපූර්ණ විය හැක්කේ ෆැන්ටසිමය ආකාරයකින් පමණක් වන අතර සැබෑ යථාර්තයේදී දෙදෙනෙකු අතර ලිංගික සබඳතාවක යම් අඩුවක් ඇති කරයි.මෙම අඩුව නිසා (Lack) නියම විනෝදයක් ලිංගික සබඳතාවයකදී ඔබට හෝ ඔබගේ පෙම්වතා හෝ පෙම්වතියට ලැබිය නොහැක.
මෙම අඩුව සම්පූර්ණ කරනු ලබන්නේ පරිකල්පනීය තුන්වන පාර්ශවය වේ.මෙම අවිඥානික තෙවැන්නා නොමැතිව ලිංගික සබඳතාවයක් උපරිම තත්ත්වයකට ලඟා නොවේ.
කවුද මේ තුන්වන පර්ශවය?කොතැනක සිටින කෙනෙක්ද? මේ තෙවැන්නා සියළු දෙනාටම අභිරහසකි.ප්‍රෙහෙළිකාවකි.
කුමක්ද එසේ නම් ගැටළුව?
අපට සමීප අනෙකෙකු සමඟ ( පෙම්වතා හෝ පෙම්වතිය )  ලිංගික සබඳතාවයකට ඇතුළු වන විට අපට දැනෙන්න ගන්නවා යම් කිසි අඩුවක්.මොකක්ද මේ , කවුද මේ අඩු තත්ත්වය කියන්නේ?
වෙනත් ආකාරයකට ප්‍රකාශ කරන්නේ නම් ඔබ ඇයට හෝ ඔහුට ලිංගිකව උපරිම සතුටක් ලබා දුන්නේ නෑ නේද ? යන අඩුවක් සිතන්නට ගනී.කවුද එසේ අමතන්නේ? ඒ ඔබගේ අනෙකා.එනම් තමා විසින් ඇයව හෝ ඔහුව ලිංගිකව තෘප්තිමත් කළේ නෑ නේද යනුවෙන් තමාට සිතෙන්නේ තමා තුළම සිටින අනෙකෙකුගේ මැදිහත්වීමකි.
මෙම අනෙකා බාහිරව තිබෙන්නෙකි.එම නිසා එවැනි සබඳතාවයකදී අපට අඩුවක් දැනෙන්නට ගනී.මෙම තත්ත්වය ලිංගික සබඳතාවකදී බලපෑම් කරන්නේ බාහිර අනෙකෙකුගේ මැදිහත්වීමෙනි.ලැකාන් ප්‍රකාශ කරන පරිදි සත්තුන්ට වෙනස්ව මිනිසුන්ට තම අනෙකාගේ ශරීරයට ඇතුළුවීමට භාෂා මාධ්‍යයක් අවශ්‍යයි.මෙම භාෂා දැල විනිවිදින්නේ නොමැතිව කිසිවෙකුට අනෙකෙක් තේරුම්ගැනීමට නොහැක.දෙදෙනෙකුගේ සබඳතාවයකදී ඒ ආකාරයට භාෂා මාධ්‍යය නම් අතරමැදියා මැදිහත් වී එම සම්බන්ධයේ ස්වරූපය තීරණය කරයි. 
ලිංගික සබඳතාවයකදී යමෙක් අඩුවක් හෝ ලිංගික සතුටක් නොලැබුන බව ප්‍රකාශ කරන විට ඒ ප්‍රකාශ කරන්නේ භාශාව මඟින් කරනු ලැබූ අතරමැදි කර්තව්‍ය හේතුවෙන් වූ තත්ත්වයකි.ඒ අනුව අනෙකාගේ ශරීරය අප විනිවිදින්නේ භෂාව හරහා නිසා මෙම අතරමැදියා තමයි අපිට ප්‍රකාශ කරන්නේ ඔබ ලබන ලිංගික සතුට අඩුයි හෝ වැඩියි කියා.
කවරකු හෝ ඔබගෙන් ලිංගිකව සතුටු වුනේ නෑ කියා චෝදනා කරන විට ඒ කියන්නේ මහ අනෙකෙකු ගැන වේ.ඔබ විඳින ලිංගික සතුට අඩුයි කියා කියන්නේ මහ අනෙකා විසිනි.එවිට අප අවබෝධ කර ගත යුතු වන්නේ ඔබගේ අනෙකා එසේ සතුටු වූයේ නෑ කියා ප්‍රකශ කරන විට ඇය හෝ ඔහු තුළින් ඒ ප්‍රකාශ වන්නේ මහ අනෙකාගේ හඩයි.
දීප්ති විසින් සංවිධනයට හඳුන්වා දුන් මනෝවිශ්ලේෂන සංකල්ප කිසිදු ක්‍රියාධරයෙක් නිසි ලෙස අවබෝධ කර ගන්නේ නැත.ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නොමැත යන ලැකානියානු සංකල්ප සංවිධානයේ අවම වශයෙන් වසර දහයකට පෙර සිටම භාවිතා කරන්නකි.නමුත් සංවිධානයේ ක්‍රියාධරයින් විසින් එය තේරුම් ගත්තේ අපභ්‍රංශයක් වශයෙනි.
PBM 2

ඔබේ අදහස කියන්න...

8 COMMENTS

  1. “දීප්ති විසින් සංවිධනයට හඳුන්වා දුන් මනෝවිශ්ලේෂන සංකල්ප කිසිදු ක්‍රියාධරයෙක් නිසි ලෙස අවබෝධ කර ගන්නේ නැත.ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නොමැත යන ලැකානියානු සංකල්ප සංවිධානයේ අවම වශයෙන් වසර දහයකට පෙර සිටම භාවිතා කරන්නකි.නමුත් සංවිධානයේ ක්‍රියාධරයින් විසින් එය තේරුම් ගත්තේ අපභ්‍රංශයක් වශයෙනි.”

    යමක් හරියට වටහා නොගැනීමට හේතු දෙකක් තිබිය හැක. වටහා ගන්නාගේ නොහැකියාව සහ වටහා දෙන්නාගෙ නොහැකියාව වශයෙනි.
    යමක් තේරුම් නොගැනීම ගැන ශිෂ්‍යයන්ට වරද පටවා ඇඟ බේරා ගැනීම ශ්‍රී ලාංකික ගුරුවරුන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. එය පළවන ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා දිවෙන රෝග ලක්ෂණයකි.
    පහත එක් එක් කාරණා වෙන්වෙන්ව පැහැදිලි කලොත් “ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නොමැත” කියන දේ ඕනෑම ‘ගොනෙකුට’ වටහා
    දිය හැකි බව මගේ විශ්වාසයයි:
    1. ‘මහා අනෙකා’ (the big other) සහ ‘සුපිරි අහම’ (super ego) එනම් අපේ පිටින් සිට අප දෙස බලාසිටින්නේ යයි අප සිතන කෙනා සහ අපේ ඇතුලතින් අපට අණ දෙන්නා.
    2. සංකේතික පිළිවෙල (Symbolic Order)
    3. හැඟවුම් කාරකය (signifier)
    4. කතිකාව (discourse)
    5. ලිංගිකත්වය (sexuality)
    යමක් වටහා ගැනීමට අවශ්‍ය මූලික සංකල්ප හරිහැටි සවිස්තරාත්මකව පැහැදිලි නොකොට
    “ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නොමැත”, “ගැහැණිය නොපවතී”, “ගැහැණියට සාරයක් නොමැත” වැනි සංකල්ප වලින් මිනිසුන්ට දමා ගැසු විට ඔවුන්ට ඒවා අපබ්‍රංශ වීම අරුමයක් නොවේ.
    දශකයක් තුල තම කාඩර් වරුන්ට එක මූලික සංකල්පයක් අවබෝධ කර දීමට නොහැකිවීම යනු සංවිධානයේ අසමත්කම මිස කාඩර් වරුන්ගේ නොහැකියාව නොවේ.
    තමනුත් අනුන්ගෙන් ලබාගත් දැනුමකින් උද්දාමයට පත්වෙමින් ඒ දැනුම නැති අය හෙලා දකිමින් කතාකරන සංවිධානයකට නොව පුද්ගලයෙකුටවත් ඉදිරි ගමනක් නොමැත.

  2. ප්රංශයේ තිබු මානසික රෝහලක් ලංකාවෙ ස්ථානගත
    කිරීමෙන් පසු ඇතිවන තත්ත්වය පිලිබද ඔබ සිතා බලන්න.ඔබ මනෝවිශ්ලේෂණ සංකල්ප ගැන කතා කලද ඒවා තේරැමිගැනීමට හැකි ආකාරයෙන් පැහැදිලි කිරීමත් එම සංකල්ප සමාජගත
    කිරීමත් දුෂ්කර වෑයමකි.ඔබට විවෙචනය අඩුපාඩු පෙන්වා දීම පහසුය.ඔබට හැකියාවක් පවතීනම් ඔබ දන්නා සංකල්ප ලාංකීය මහජනයාට අවබෝධ කිරිමට උත්සාහ ගන්න.එවිට ඔබට එහි ඇති දුෂ්කර තත්ත්වය වටහා ගත හැක.අප කරමින් ඉන්නේ මහජනතාවට දැනුම ලබා දීම වන අතර එය කෙතරම් දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද සිදුකරන්නෙමු.ඒ අපගේ ගමන් පථය වැටී ඇත්තේ එම මාර්ගය ඔස්සේ නිසාවෙනි.
    කිසිදු දේශපාලන සංවිධානයක අභ්‍යන්තර සංවිධායකයෙකු නොවුනු ඔබ වැන්නන්ගේ පංති ආස්ථානය කුමක්ද යන්නත් හුදු විවෙචනයෙන් ඔබිබට ගොස් සිතා බලන්න.

  3. ලැකාන් මූලිකවම කරන ලද්දේ න්‍යාය ප්රායෝගිකව යොදා ගෙන ව්ශ්ලේෂකයන් පුහුණු කරන එක.ඒ වගේ අපි උත්සාහ කරන්නේ විප්ලවවාදීන් පුහුණු කිරීමට.සහෝදරයාට පක්ෂයක අභ්‍යන්තරික අපි ගැටෙන ප්රායෝගික ගැටළු ගැන කිසිදු අවබෝධයක් නැත.අපි උත්තර දෙමින් සිට්න්නේ විප්ලවවාදී දේශපාලනය කරන විට අපිම වැඩ කරන පංතියේ සහෝදරයන්ගෙන් එන ප්රායෝගික ගැටළුවලටයි.එලියේ සිට අපිව කියවන ඔබලාගේ විවෙචනය හුදු අපි ගැන වු ෆැන්ටසියක් පමණි.

  4. PBM2 සහෝදරයා,
    1) සංකල්ප – විශේෂයෙන් දශක ගණනාවක් පැවතුන දැනුත් පවතින දෘෂ්ටිවාදයට විරුද්ධව යන සංකල්ප – සමාජ ගතකිරීම දුෂ්කර වෑයමක් බව අමුතුවෙන් කිවු යුතුනැත. මා කිසිසේත් එවැනි දෙයක් අදහස් කලේ නැත. නමුත් මා කලේ එක සංකල්පයක් සංවිධානයේ ‘ක්‍රියාධරයින්ට’ (පොදු මහජනතාවට නොවේ) වටහාදීමට දශකයක් තිස්සේ නොහැකිවීම එය උගන්වන ආකාරයේ අඩුපාඩුවක් වියහැකිද? යන්න ප්‍රශ්නකිරිම පමණකි.

    2) මාගේ විවේචනය හුදු විවේචනයක් පමණක් නොව එය ස්ද්භාවී විවේචනයකි (a constructive criticism). ඕනෑම ව්‍යාපාරයක (බත්කඩ යක සිට ‘විපලවවාදී’ දේශපාලන පක්ෂයක් දක්වා) නිරතව සිටින සම්යක් බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකු පිළිගන්න දෙයක් නම් එම ව්‍යාපාරයේ නිරතව සිටින තමන්ට නොපෙනෙන දෙයක් ව්‍යාපාරය දෙස පිටතින් බලන්නෙකුට (“එළියේ සිටින” කෙනෙකුට) වැටහිය හැකි බවයි. එයට එම පුද්ගලයා මිට කලින් බත් කඩයක් කර ඇත්තද නැතහොත් එම පුද්ගලයාගේ ‘පන්ති ආස්ථානය’ ආදිය අදාළ නොවේ.

    2) මගේ නමින් සහ ඊ මේල් ලිපිනයෙන් “මා කිසිදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තර සංවිධායකයකු” වී නොමැති බව ඔබට කිව හැකිවීම ආශ්චර්යයකි.

    3) PMB2 සහෝදරයාට ඒ සදහා වෙලාව ඇත්නම් [විප්ලව වාදී දේශපාලන]පක්ෂ සන්විධානයක මිනිසුන් සමග වැඩකිරීමේදී පමණක්ම තුවන එහෙත් අන් කිසිම මිනිසුන් සමග වැඩකරන අවස්තාවන් වලදී මුහුණදීමට සිදුනොවන ප්‍රධාන “ප්‍රයෝගික ගැටළු” තුනක් මට පෙන්වා දිය හැකිනම් බොහෝ ස්තුතිවන්ත වෙමි.

    4) ලකාන් අධ්‍යනය කර ඇති ඔබට වැටහියයුතු වැදගත් කාරණයක් ඇත. එනම් ඔබලාගන අපගේ කියවීම “හුදු ෆැන්ටසියක්” විය හැකිවාක් මෙන්ම “අපි කරන්නේ [සුපිරි]විප්ලවවාදී දේශපාලනයක්, එනිසා අපිට තියෙන ප්‍රශ්ණ වෙන එවුන්ට තේරෙන්නේ නැහැ” යන්නද “හුදු ෆැන්ටසියක්” පමණක් විය හැකි බවයි.

    5) අවසන් වශයෙන්, ඕනෑම සංවිධානයක් සාර්ථක එකක් වීමටනම් එහි ප්‍රධාන සංවිධායකයන් “මෙනින්ජයිටිස්” රෝගීන් නොවීම අනිවාර්ය සාධකයකි.

  5. වසන්ත ප්‍රේමරත්න සහෝදරයා වෙතට -: දීප්ති සහෝදරයා විසින් අලුත් දැනුමක් සමාජයට හදුන්වා දෙනු ලැබූ අතර එම දැනුම ලබා ගැනීම අනෙකුත් කාඩර් වරුන්ගේ වගකීමකි නමුත් ගැටලුව වන්නේ පක්ෂයකට සම්බන්ධ වන පුද්ගලයන් විවිධ අගතීන් ගෙන් යුක්ත වීමය .එය මුලදී මතුපිටින් නොපෙනුනද එක් නිශ්චිත මොහොතකදී එම අගතීන් අධිනිශ්චය වේ .මෙම අගතීන්
    සම්බන්ධයෙන් ඔබට ඇත්තේ ඉතා අඩු ආකල්පයක් බව අපගේ හැගීමයි.එයට හොදම උදාහරණය X කණ්ඩායමේ කැඩී යාම දැක්විය හැක.එය නායකත්වයට අභියෝග කිරීමට තරම් දුරදිග ගියේය.

    2005 අවසන් ලන්ඩන් සගරාව කියවන්න .

    ඔබ අනිවාර්යෙ මතක තබාගත යුතු වන්නේ දැනුමට වඩා අපි මුලිකත්වය දෙන්නේ බොහොම සරල මානුෂික සම්බන්දයක් වන
    විශ්වාස කිරීමට ය . අපි දැනුම කෙරෙහි උනන්දු වන්නේ සරල මානුෂික සම්බන්ධකම් මත පිහිට ගෙනය.

    ඔබ කියන ආකාරයට දීප්තිගේ ගැටළුවක් නොමැත .ගැටලුව ඇත්තේ දීප්ති තුල නොව ඔබ තුලමය .

  6. 2) මාගේ විවේචනය හුදු විවේචනයක් පමණක් නොව එය ස්ද්භාවී විවේචනයකි (a constructive criticism). ඕනෑම ව්‍යාපාරයක (බත්කඩ යක සිට ‘විපලවවාදී’ දේශපාලන පක්ෂයක් දක්වා) නිරතව සිටින සම්යක් බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකු පිළිගන්න දෙයක් නම් එම ව්‍යාපාරයේ නිරතව සිටින තමන්ට නොපෙනෙන දෙයක් ව්‍යාපාරය දෙස පිටතින් බලන්නෙකුට (“එළියේ සිටින” කෙනෙකුට) වැටහිය හැකි බවයි. එයට එම පුද්ගලයා මිට කලින් බත් කඩයක් කර ඇත්තද නැතහොත් එම පුද්ගලයාගේ ‘පන්ති ආස්ථානය’ ආදිය අදාළ නොවේ.

    Answer

    ඔබගේ විවේචනය අපට ගැමිමකි.
    ඔබ සිතනවා දෘෂ්‍යමානය සත්‍යයක් කියලා.අපි කියන්නේ දෘෂ්‍යමානය මායාවක්.බත් කඩයක් පිටතින් දකින්නෙකු එහි ඇතුලත කුමනාකාරදැයි නොදකි.ඔබ පංචෙන්දීයන්ගෙන් ලබා ගන්නා දැනුම නිවැරදියැයි සිතයි.එය එසේ නොවන බව කිවුවේ හේගල්ය.ඔබ අපගේ පක්ෂයේ අභ්‍යන්තරික කරැණු පිලිබදව සහ අප ගැටෙන ප්රායෝගික ප්රශ්න පිලිබදව ඔබට අවබෝධයක් නැත.අප පක්ෂ අභ්‍යන්තරිකව වැඩ කරද්දි පක්ෂ සාමාජිකයන්ගෙන් එන ගැටළු එලියේ මිනිසුන්ගෙන් එන්නේ නැත.

    හොදම උදාහරණ වන්නේ අප පක්ෂයේ 2004 සහ 2015 සිදුවීමිය.ඔබ කෙසේද වටහා ගන්නේ ස්වෙචිඡාවෙන් දේශපාලනය කරන්න එන පක්ෂ සාමාජිකයා පක්ෂය විනාශ කරන්න,පක්ෂයේ අරමුදල් සොරකමි කිරීම ගැන?එවැනි දේවල් වටහා ගැනීමට පුද්ගලයාගේ සද්භවය (ontology) පිලිබද හැදෑරිය යුතුමය.
    ඒ අර්ථයෙන් මම කිවුවෙ ඔබගේ විවෙචනය යනු හුදු ෆැන්ටසියක් පමණයි කියලා.

    පක්ෂ සාමාජිකයා පක්ෂයට එන විට එන්නේ කූඹියෙක් වගේ.නමුත් පක්ෂයෙන් යන විට යන්නේ පක්ෂයේ දේපලත් කරගහගෙන.ඔබ කොහොමද මෙවැනි දේවල් වටහා ගන්නේ?

    දීප්ති සහෝදරයාගේ හෙට දින ප්රාකාශයට පත් කරන මැයි දින හඩපටයේ තවත් උත්තර ඇත.

    ඔබට හැකියාවක් ඇත්නමි අප විසින් පසු ගිය දෙසැමිබර් 26 දින කරනු ලැබු වැඩසටහනට සවන් දෙන්න.

  7. නවීන් සහෝදරයා වෙතට,
    දීප්ති මේදක්වා කර ඇති කර්තව්‍ය සහ ඒ සදහා දරන ලද පරිශ්‍රමය සහ කැපවීම් ගැන මට අමුතුවෙන් දැනගැනීමට දෙයක් ඇතැයි මම හිතන්නේ නැහැ. මා දීප්ති මුලින්ම හඳුනාගන්නේ දීප්ති ලිව්ව ‘පෘතුවිකරණය සහ හෙජමොනියේ නව පස්වරූප’ (X කණ්ඩායම, 1999) පොත කියවීමෙන්. ඒ 2012 විතර.ඒ පොත මන් පිළිගත්තේ ලාංකික චින්තනය රැඩිකල් කරණය කිරීමේ අත්‍යවශ්‍ය මුලික සැලැස්මක් (an essential ‘blue print’ for the radicalization of Sri Lankan thinking) විදිහට. ඒත් දීප්ති සත්හඬ පටන් ගන්නකන් දීප්තිත් එක්ක අදහස් හුවමාරු කරගැනීමක් කරන්න බැරිවුනා. සත්හඬ තුලින් දීප්ති නැවත හමුවීමෙන් පසුව එදා මෙදා තුර දීප්ති ඒ දරන ලද පරිශ්‍රමය ගැන මා තුල ඇත්තේ ඉමහත් වූ ගෞරවයක්. මා මිට පෙර ලියා ඇති comments කියෙව්වොතින් නවින්ට මේක වැටහේවි. දීප්ති පමණක් නෙවෙයි මහේෂ්, ඇතුළු සත්හඬ සාර්ථක කරගැනීමට දීප්තිට උදව් වූ ඔබ සංවිධානයේ සෑම දෙනෙකුටම මගේ ඇත්තේ ඉමහත් ගෞරවයක්, ආදරයක්. ඒ වගේම අනුෂ්ක වැනි ඔබ සංවිධානයේ සාමාජිකයන් සංවිධානයේ ඉදිරි ගමනට මහත් පිටුවහලක් වනු බව මම තදින් විශ්වාශ කරන දෙයක්.
    නමුත් එය එසේ වන්නේ ඔබ සංවිධානය නිවැරදි ට්‍රැක් යනවානම් විතරයි. ඉතා කනගාටුවෙන් නමුත් කිවයුතුවන්නේ ඔබ සංවිධානය මෑතකදී ඉතා බරපතල ‘පිලිපැනිමකට’ ලක්වී ඇති බවයි. ඔබ සංවිධානයේ න්‍යාය සහ භාවිතය අතර බරපතල පැලමක් (chasm)ඇතිවි ඇති බව මගේ වැටහීමයි. ඒ ගැන මම තවදුරටත් කතා කිරීමට බලාපොරොත්තු නොවෙමි. එය එසේද නැත්ද යන්න හඳුනාගැනීමේ වගකීම ඔබලා සතුය.

    නවින්, ඔබේ පිළිතුරෙන් මා මෙ දක්වා කිහිප වතාවක් දීප්ති ඇතුළු අනෙකුත් අයගේ අවධානයට යොමු කිරීමට උත්සාහ ගත් දෙයක් ඔබ ඉස්මතුකර ඇත, එනම්, ඔබ සංවිධානය තවමත් 2004 “ඛන්නඩයේ කම්පනයෙන්” ගොඩ ඒමට බැරුව Post Traumatic තත්වයකින් පෙලෙන අතර ඔබේ පිලිතුරෙන්ම (“දැනුමට වඩා අපි මුලිකත්වය දෙන්නේ බොහොම සරල මානුෂික සම්බන්දයක් වන
    විශ්වාස කිරීමට ය”)පැහැදිලි වෙන හැටියට එය Paranoid වර්ගයේ සෛකොසියාවක් තරමට වර්ධනය වී ඇත.

    ඔබ සංවිධානය ඉදිරියට ගෙනයා යුතුනම් ඔබ සියලු දෙනාගේ වගකීම වන්නේ මේ Post Traumatic තත්වයෙන් හැකි ඉක්මනින් ගොඩ ඒමය. දැනටමත් එය ඔබ සංවිධානයේ “අකිලිගේ විලුම්බව” වී ඇති නිසාය.

    ඔබට හඳ පෙන්නන්න හදන කෙනාගේ අත හෝ ඇඟිල්ල දෙස බැලීමෙන් හඳ මිස් වෙන්නේ ඔබට මිස එය ඔබට පෙන්වන අයට නොවේ.

    මේ ලිපිය සම්බන්දව මේ මගේ අවසන් පිළිතුරයි. නමුත් ඔබ වෙබ් අඩවියේ පලවෙන ලිපි සඳහා අවශ්‍යවිට අදහස් දැක්වීම හැකි සෑම වෙලාවකදීම කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මම එහෙම කරන්නේ දීප්ති සහ ඔබ සංවිධානය ගැන ඇති බලාපොරොත්තුවක්ම නිසා මිස වෙන කිසි දෙයක්ගේ නිසා නොවෙයි. මගේ ප්‍රතිචාරවල ගතයුතු හරයක් නොමැතිනම් එය පල නොකරසිටීම ඔබ වෙබ් අඩවියේ moderator ගේ වගකීමයි. ඒවාට පිළිතුරු දීමෙන් කාලය නාස්ති නොකර ගැනීම අන් අයගේ වගකීමයි.

  8. ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි වන්ත වෙනවා 2004 සිදුවීම ගැන අපට හිතවත් අය පවා නැවත නැවත ප්‍රශ්න කර සිටිනවා. ඔවුන් සරලව අසන්නේ මෙම 2004 සිදුවීම අපට අමතක කළ නොහැකි ද යන්නය. කෙනෙකුට මෙය අනෙකා සම්බන්ධයෙන් පවතින ඊර්ෂ්‍යා සහගත තත්ත්වයක් ලෙස ද හැඳින්විය හැකිය .2004 සිදුවීම අප අමතක කළ බොහෝ කල්ය් ඔබ කියන ආකාරයට කිසිදු post trumatic තත්වයක් නොමැත .

    අනෙක මෙම ලිපිය ලියන මාද 2004 ට සම්බන්ධ කෙනෙක් නොවන අතර ඒ අර්ථයෙන් 2004 සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් මට ද ඇත්තේ අලූත් අත්දැකීම්ය.

    2004 සිදුවීම අප නැවත මතක් කරනු ලබන්නේ බොහොම සද්භාවයෙන් සහ දේශපාලනික අර්ථයෙනි. ලාංකීය මිනිස් විෂය හඳුනා ගැනීම සම්බන්ධයෙන් 2004 සිදුවීම අපගේ පරම්පරාවට විශාල වැඩ බිමකි.ලාංකීය වාම දේශපාලනික ඉතිහාසය යනු පාවා දීම් වලින් ගහන අතීතයකි. මටත් වඩා හොඳට වසන්ත සහෝදරයා ⁣මේ පිලිබඳව දන්නවා ඇති. ඔබ නිකමට සිතුනාද මනුෂ්‍යත්වය නාමයෙන් වාමාංශික දේශපාලනයේ නියුතු සහෝදරයන් අතර මෙවැනි බෙදිම් හටගන්නේ ඇයි කියලා?

    දීප්ති විසින් මෙය 2004 සිට අද දක්වා අධ්‍යයනය කරමින් සිටින ප්‍රපංචයකි .එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසාට අවිඥාණයක් තිබෙන බවටත් එය සිතියම් ගත කර ඇති ආකාරය අවබෝධ කරගත යුතු බවටත් ප්‍රවාද ගත කර ඇත. සමාජයට අලුතින් මානුෂික මුහුණුවරක් ලබා දීමට 2004 සිදුවීම මූලාරම්භයක් සපයයි. ඒ අර්ථයෙන් අපි 2004 මහා පාවා දීම නැවත නැවතත් සමාජයට හෙළිදරව් කරනු ඇත .

Comments are closed.