ඔබේ සටහනට අනුව මේ කියන සිදුවීම, ගැන අපගේ දැනුම්වත් භාවයක් නොමැත. එමෙන්ම මේ ඔහුගේ දේශනය හරහා මතුවූ වෙනත් අතිරේක කාරණයක්ද යන්න අපි නොදනිමු. ඒ ගැන දැනුමක් ඔබ වෙත තිබේ නම් ඒ හෙළි කිරීම මෙන්ම ඒ ගැන ජනමාධ්‍ය දැනුම්වත් කිරීම ඔබ විසින් කළ යුතුව තිබේ. ඒ සමාජ ව්‍යාපාරයක් වන ඔබේ වගකීමකි.

ස්ත්‍රීන්ට හෝ අන් කවරෙකුට හෝ වන අපරාධ සම්බන්ධයෙන් නිහඬ සිටීමේ ප්‍රතිපත්තියක් ලංකා ඩේලි වෙබ් අඩවියට ඇත්තේ නැත. ජනමාධ්‍යක් ලෙස අප ද දරණ යම් මතවාදයන් තිබෙන අතර මාධ්‍ය මෙහෙයවෙන්නේ ඒ අනුවය. එහි නිවැරදී භාවය අපගේ දැනුමේ සීමාවන්ට යටත්ව සිදුවන බව අප පිලිගනිමු. (අප තක්කඩීන් ලෙස අනෙකෙකුට අර්ථකතනය කළ හැක්කේ ද මේ සීමාව නිසාය.) එමෙන්ම ලංකා ඩේලි යනු සමාජ ව්‍යාපාරයක් නොවන බවද අවධාරණය කරමු.

Himashi Karunarathna

…………………………………………………………………………

අපේ උත්තරය බලාපොරොත්තු වන්න.

ඔබේ අදහස කියන්න...