පළමුවෙන් ම කිව යුත්තේ අපගේ විචාරයේ ඉලක්කය වුයේ හිමාෂි නොවන බවයි. නමුත් දැන් අප දන්නා පරිදි ඇය Lanka Daily වෙබ් අඩවියේ සංස්කාරවරියක් නම් තත්වය අප හිතනවාට වඩා බරපතලය. නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන බව බුර්ෂුවා නීතිය දන්නා අය දනිති . හිමාශිගේ තර්කයට අනුව ඇය සහ ලංකාදීප, හිරු, සිරස, E-නිව්ස්, ස්වර්ණවාහීර්‍ණ, ITN, රූපවාහිර්‍ණ වැනි ආයතනවල සේවය කරන මාධ්‍යවේදිණියන් අතර වෙනස කුමක්ද?
ප‍්‍රස්තුතයට අදාල පුද්ගලයා ස්ත‍්‍රින්ට ශාරීරිකව පහර දෙන බවට සමාජයෙ  ඕනෑ තරම් සාක්ෂි ඇත. ඒ සදහා ඇති ඉතිහාසය වසර හය හතක් තරම් පැරණිය. අවශ්‍යනම් ජීවමාන සාක්ෂි ද ඇත. මෙම තක්කඩියා වෙනුවෙන් පෙනී සිටින විශ්වවිද්‍යාල තක්කඩියාට විරුද්ධව ලිංගිකව බලහත්කාරයක් කළ බවට වූ චොදනාවක්  99 වැනි ඈත යුගයක දී අද රජයේ උසස් නිලයක් දරණ කාන්තාවක් කල බව බොහෝදෙනෙකුට අමතකය. ඒ නිසා හිමාෂි විසින් දෙන උත්තරය බොළඳය. ස්ත‍්‍රින්ට ශාරීරිකව හානි කරන්නෙ නම්, එවැනි අය බුද්ධිමතුන් ලෙස පෙන්නුම් කරන්නේ නම් එතන රජ කරන්නේ පුරුෂ බලයයි.
Rigsts Now ආයතනයේ විධායක අධ්‍යක්ෂක වරයාට විරුද්ධව සත‍්‍රීන්ට පහර දුන්නා යැයි චෝදනාවක් නැත. එහි දී සිදු වූයේ එම ආයතනයේ සේවය කරන ස්ත‍්‍රීයකට එරෙහිව පිරිමින් සමුහයක් විසින් ලිංගිකව අපහාස කල නිසා, ඊට එරෙහිව විනය චොදනා මතු වීමයි.  Rights Now අධ්‍යක්ෂවරයා ට  එරෙහිව චොදනා කරන බොහෝ පිරිමින්ගේ අත්වල ගැහැණියට එරෙහි බලය යොදා පිට කල ශුක‍්‍රාණු පැල්ලම් ඇත. අපි එම පිරිමින් සමග සම්මුඛ වීමට කැමැත්තෙන් සිටින්නෙමු. එලෙසම මෙම පිරිමින් Rights Now ආයතනයේ අධ්‍යක්ෂවරයාට පොන්නයා කියමින් ප‍්‍රසිද්ධියේ අපහාස කරමින්, තමන් තඩි පිරිමින් බව පිළිගත්තේය. හිමාෂිගේ මුහුණු පොතේ මෙම  ’තඩි පිරිමින්ට’ නිදහසේ වැඩෙන්නට ඉඩ දී ඇත. දහවල් කාලයේ මිනිසුන් කරන දේවල් රාත‍්‍රියේදී පිරිමින් අවලංගු කරන්නේ නිදි යහන මතය.
රජයේ සහ පුද්ගලික ආයතනවලත්, දේශපාලන පක්ෂ තුලත් ස්ත‍්‍රීන් ’බලය’ පරිහරණය කිරීමට විරුද්ධ වන්නේ කවුද? ස්ත‍්‍රීය සමතැනට විත් පිරිමින්ට අභියෝග කරන්නේ නම් එය දේශපාලන ප‍්‍රශ්ණයක් ලෙස මිස එය ඇගේ ශරීරය පිළිබඳ දේශපාලනයක් ලෙස බාර ගත යුතු ද? හිමාෂිට එම ආයතනයේ වැඩ කරන තවත් පිරිමියෙක් සමග අශ්ලීල සම්බන්ධයක් ඇතැයි පිරිමින් රංචුවක් චොදනා කරන්නේ නම් හිමාෂිට සිදු වන්නේ කුමක් ද? එම චෝදනාව හිමාෂි තමන්ගේ මුහුණු පොතට දානවද? තවත් ස්ත‍්‍රීයකගේ ප‍්‍රෂ්ණය හිමාෂිට ප‍්‍රශ්ණයක් නොවේද? 90 දශකයේ දී ස්ත‍්‍රීන් වෙනුවෙන් අප කල අරගලය නොමැති නම් , මේ සිංහල දේශය පිරිමින්ගේ නිදහස් ලොවක් වනු ඇත. ඒ වෙනුවෙන් අරගල කළ අපි පොන්නයන් යැයි ඔබත් පිළිගන්නවාද?
අවසාන වශයෙන් හිමාෂි පවසන්නේ ඇය සමාජ ව්‍යාපාරයකට අයත් නොවන බවයි. සමාජ ව්‍යාපාරයකට අයත් නොවන සමාජ වැඩ හිමාෂි අපට පෙන්වන්නෙනම්  අප එය පිලිගන්නෙමු.
ඕනැම පුද්ගලික දෙයක් දේශපාලනිකය. එහි විලොමයද සත්‍යය.  ආයතන බල රටාව තුලත් , පොදු සමාජය තුලත් අපට තව දුරටත් ස්වභාවික ලිංගික වෙනස අවශ්‍ය ද? එතැනට අනාගත යහපත් සමාජයකදී මනුශ්‍යත්වය අදේශ කරමුද? හිමාෂි සිටින්නේ මේ දෙපැත්තෙන් කොයි පැත්තේ ද?

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ජයසිරි අලවත්ත කියන්නෙ අර මීහරකෙක් වගේ ඉන්න මෝඩ මනුස්සය නේද? අර විජේරාමෙ ලොතරැයි කූඩුවක් දාගෙන හිටියෙ. මං හිතන්නෙ එයා අර ‘සැවෝයි බිජ්ජක්” කියන මහාචාර්යවරයගෙ ගෝතයෙක්.

    • මිනිස්සුන් ට වචන වලට එහා දේවල් කියන්න එපා.

Comments are closed.