අපිට ඕන වුනේ අනත්තයට යන පාර දිගේ සමග අදුරු කුටිය මුහු කරන්නයි!

ඒකට බේකරියේ කට්ටිය කැමති නැහැ.

අපි ගොඩක් කල්පනා කළා. අපි ගොඩක් හිතුවා.

දයලෙක්තිකය කියන්නේ අන්ත දෙකක් මුහු කිරීම නෙමෙයි, අන්ත දෙකක් වෙන්කිරීමයි.

මේ උත්සහයේ දී ඔවුන්ටත් යමක් දැනුනා. අපිටත් යමක් දැනුනා. අපිට දැනුන දේ මෙහෙමයි.

“දගකාර හැඩකාරී ඔබේ කම්මුල් වලට වඩා

මල් පෙති සිනිදු නැහැ කියා මම දන්නවා

ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කළා

කියා හා ඔබ දන්නවා”

ඉහත පද මාලාව ඉන්ද්‍ර චාපා ලවා කිවහොත් වඩා හී උච්ච ස්වරය, දන්නවාහී උච්ච ස්වරය, හා හී උච්ච ස්වරය, දන්නවා හී උච්ච ස්වරය අක්ෂරයේ බලය ඉක්මවා කේන්ද්‍රයක් විරහිතව අයිතිකරුවෙක් රහිතව, කටහඩක් උත්පාද වෙනවා. මේ කටහඩ අවතාර කටහඩක්. අපද ඒ සමග නැලවෙනවා,නටනවා උමතු ආදරයට පොළබවනවා.

චින්තන ගීතදේව!

ඔබත් මේ සංගීත විප්ලවයට එක්තු වනවාද?

 

මෙවර බේකරියේ කට්ටිය Down Town pulse ප්‍රසංගය මහල්වරාව බේකරියෙන් ගෑස්පා හන්දියේ පරණ නගර ශාලාවට අරගෙන ගියා.

දෙසැම්බර් මාසේ 13 වන සෙනසුරාදා රෑ 8 ට මේ ප්‍රසංගය නරඹන්න ඔබටත් එක්වන්න පුලුවන්. මේ පාර ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500/=. ප්‍රසංගය ගැන වැඩිදු විස්තර අවශ්‍ය අයට විරාජ්ට හරි මනෝජ්ට හරි කතා කරන්න පුලුවන්.

සංගීතය අසන ගමන් ඇපල් යුෂ වීදුරුවක් බොන්න!

අප ඔබව කම්පනය කරන්නේ සංගීතයෙන් මිස මධ්‍යසාරයෙන් නෙවි.

කැමති කෙනෙක්ට බොන්න පුලුවන්! ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය.

[media url=”https://www.youtube.com/watch?v=JRp6HgPSs7M” width=”600″ height=”400″]

 

ඔබේ අදහස කියන්න...