[dropcap color=”green”]බු[/dropcap]ඩී කීර්තිසේන නම් පොඩි ළමයා තවත් ච්ත්‍රපටියක් නිර්මාණය කිරීමට අදහස් කර ඇත. ලංකාවේ බොහෝ විදග්ධ විචාරකයන්ට බුඩී යනු කුඩා දරුවෙක් බව වැටහී නැත. මේ සදහා දැනටමත් නළු-නිළියන් කිහිපදෙනෙකු තෝරා ගෙන ඇත. ඒ අය ද කුඩා ළමයින් බව අමුතුවෙන් කිව යුතු නැත.

Iphone5 නම් මොබයිල් දුරකථනයෙන් මෙම ච්ත්‍රපටිය පටිගත කිරීමට අදහස් කරනු ලැබේ. ජංගම දුරකථනයක් පාවිච්චි කර ළමයින් විසින් නිෂ්පාදනය කිරීමට නියමිත පළමු චිත්‍රපටිය ලෙස මෙය ගිනස් වාර්තාවක් තබනු ඇත. මෙම චිත්‍රපටිය ආරම්භ කිරීමට අඩුම වශයෙන් අවුරුදු 04 ක් ගතවනු ඇත. ඉන්පසු  එය රූගත කිරීමට අවුරුදු 2ක් ගතවනු ඇත. පශ්චාත් නිෂ්පාදන කටයුතු සදහා අවුරුදු 8ක් පමණ ගතවනු ඇත. ඒ වන විට සමහර නළු-නිළියන් මිය යාමට පවා හැක. ච්ත්‍රපටිය සිනමාහල්වලට මුදා හරින විට එය ලෝකයේ පැරණිම දුරකථනයකින් පටිගත කරන ලද ච්ත්‍රපටියක් බවට අනාගතයේ දී පත්වනු ඇත. පියාගේ මුදල් සහ මවගේ ආදරය සමග සෙල්ලම් කරන බුඩීට අපෙන් සුභ පැතුම්!

1524912_217312968454587_758596522_n 1530571_217313155121235_2011498235_n 1545724_216740365178514_1805714630_n 1554508_217717371747480_1124834771_n 1557645_216080181911199_1628104336_n 1601418_216740718511812_1967690263_n

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. කාලය ගතවීමනම් ඉතිං ලොකුම ගැටලුවක් තමයි. ඔය පොඩි කැමරාව යොදාගෙන නරි නැටක නටන්නෙ නැතුව හොද නිර්මාණාත්මක විදියට නිර්මාණයක් කලානම් අහවරයි කියලයි මට හිතෙන්නෙ. මොකෝ සල්ලිය බාගෙ නැති මිනිස්සු නෙමෙයි නේ. අයි පෝන් එකක් ගන්න යන සල්ලි වලින් සාමාන්‍ය තරමේ විඩීයෝ කොලටියක් සහිත වීඩියෝ කැමරාවකුත් ගන්න ඇහැකි නෙව. පිස්සු වැඩ.

Comments are closed.