කෙටි පැහැදිලි කිරීමක්…….

අපගේ දේශපාලනය පිළිබඳව විවිධ අර්ථකතන මේ රට තුළත්, විදේශීය රටවල ශ්‍රමිකයන් අතරත් ඇත. එම විවිධ අර්ථකතනවල පැවැත්මට අප විරුද්ධ නැත. නමුත් දශක දෙකක පමණ කාලයක තුළ අපගේ පක්ෂය පිළිබඳව අපගේම නිර්වචනයක් සමාජයට ඉදිරිපත් කිරීමට අප උත්සහ කළෙමු. පසුගිය වසරක පමණ කාලය තුළ පක්ෂය විසින් “පර්යේෂණ සහ සංවර්ධන” (R&D)අංශයක් පිහිටුවන ලදී. එම අංශය විසින් පක්ෂයේ ඉදිරි දර්ශනය පිළිබඳ කටුසටහනක් මේ වන විට සම්පූර්ණ කර ඇත. අපගේ අරගල භූමිය නිර්වචනය කළ යුත්තේ පූර්ව අගතීන්ගෙන් තොරව අපගේම හර පද්ධතියක් තුළය. එහි මූලික හරයට අනුව අපගේ නෙළුම් මල පිපෙන්නේ මඩෙන් පිට නොව මඩ තුළමය. මෙම විධික්‍රමය ධනවාදය සම්බන්ධයෙන් අලුත් ප්‍රවේශයකි. ඊනියා වාමවාදීන්ගේ නිර්මල වාම සංස්කෘතිය අපට අදාළ නැත. ඔබ සඳහා ‘පරමාදර්ශ’ අලෙවි කිරීමේ ව්‍යාපෘතිය තුළද අප නැත. ස්ත්‍රීවාදී නොවන මෙම දේශපාලනය ස්ත්‍රීමය එකකි.

Party Line

A

වතින සමාජ යතාර්ථය අවිනිශ්චිත නම්, අවුල් සහගත නම්, දෘෂ්ඨිවාදාත්මක නම්, සියල්ල සැක සහිත නම්, වාමාංශික ව්‍යාපාර විසින් මුළු ලෝකය පුරාම මෙතෙක් බොහෝ විට දෙසූ දහම වූයේ නිශ්චිතභාවයයි. දෘෂ්ඨිවාදාත්මක දෘෂ්යමානයන්ට එරෙහිව සමාජවාදී හෝ කොමියුනිට්ස්වාදී සමස්ථතා පොරොන්දු ය. සරලව කිවහොත් දැන් පවතින අවුලට එරෙහිව තම ව්‍යාපාර විසින් අවුලට පසු පවතින සමාජය ගැන ගොතන ලද නිශ්චිත සාරයන් ය. ඒ අනුව බොහෝ වාමාංශික ව්‍යාපාර අනාගතයේ ප්‍රජාතන්ත්‍රික සමාජවාදය පිහිටුවන ඒවා ය. එසේ නැතහෝත් රැඩිකල් සමාජවාදය හෝ අරාජිකවාදී සමාජයක් නිර්මාණය කරන ඒවාය. නව රැල්ලේ මෝස්තයට අනුව එක්කෝ ‘අපට කළ හැක’ (We Can=PODEMOS) නැතහොත් ‘බිම් මට්ටමෙන් නැඟෙන’ (From the roots= Syriza) ව්‍යාපාරය. එය එසේ වන විට ‘X’ කණ්ඩායම අඥාතයකට පසු බැස ඇත.

‘X’ කණ්ඩායමට තමන් සම්බන්ධව සිටියා යැයි සුදුසුකම් තෙපලන බොහෝ දෙනෙක් ‘X’ කණ්ඩායමෙහි ‘X’ යන්නෙහි තේරුම කුමක්ද යැයි ඇසුවහොත්, බොහෝ විට උඩ බිම බලනු ඇත. ඇත්තටම ‘X’ යනු කුමක්ද? විප්ලවවාදී කොමියුනිට්ස් පක්ෂයේ සාමාජිකයෙක් බොහෝ දුරට තම පක්ෂය අඩුම තරමේ තව අවුරුදු 500කින් පමණ හෝ කොමියුනිට්ස් සමාජයක් සාදනු ඇති බවට අපට කියනු ඇත. එහෙත් ‘X’ කණ්ඩායමෙහි ‘X’ ගැන? මැල්කම් X ට (Malcolm X), ‘X’ Files හා ‘X’ Menට පසුව X වැජඹුනේ ‘X’ කණ්ඩායමෙහිදීය.

මෙහිදී මැල්කම් X ඉතා වැදගත් ය. ඔබ දන්නා පරිදි මැල්කම් X යනු ඇමරිකාවේ කළු ජාතීන්ගේ සටන සැබැවින්ම රැඩිකල්කරණය කළ පුද්ගලයා ය. අද පවතින අප්‍රිකානු- ඇමරිකානු (African – American) අරගල වලට ඔබ්බෙන් තම අනන්‍යතා රහිත බව (Rootlessness), නැතහොත් වාසගමක් නැතිව ඇමරිකාවට ගෙන ආ වහලුන් තම නියම සාරය අප්‍රිකාවට සොයා යාමේ දේශපාලනය අහෝසි කොට ඊට විරුද්ධ තම අනන්‍යතා රහිතභාවය රැඩිකල්කරණය කළේ ඔහු ය. ඉතා රැඩිකල් හෙගේලියානු අරුථකින් නිෂේධනයේ නිෂේධනය දේශපාලන අරගලයකදී පිළිඹිබු කළ අරගල කරුවෙකි ඔහු. එනම්, මැල්කම් කියූ දෙය සරලව මෙයයි. ඇත්ත, අපි අවජාතකයෝ . හිටපු වහල්ලු. මෙම අවජාතකකමම අපි අවියක් කර ගමු , අනන්‍යතා නැමැති දෘෂ්ඨිවාදයෙන් (බොරුවෙන්) මිදී, ඉන් පිට වෙනත් විශ්වීයත්වයක් ආමන්ත්‍රණය කිරීමට. තවදුරටත් නියම අනන්‍යතාවය යන අදහසම ඉවර කරමු. නියම අනන්‍යතාවය බොරු අනන්‍යතාවයට වඩා දෘෂ්ඨිවාදී බව තේරුම් ගනිමු . මැල්කම් X මුස්ලිම් විය. සහරාන්ද මුස්ලිම්ය. බදියුදීනුත් මුස්ලිම්ය.

තරමක් පරස්පර විරෝධී අදහසක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත. ඉහත පක්ෂ වල නම් මත්තෙන් මාක්ස්වාදයේ ඉතා විඥානවාදී අඩංගුවන් මෙහිදී විවේචනයට ලක් වේ. (මාක්ස්වාදය විඥානවාදී විය හැකිද?). එනම් ඉතිහාසය පිළිබඳ මාක්ස්වාදී න්‍යායේ ඇති සාධ්‍යතාවාදී බව (Teleological) හා නියතවාදී බවය (Determination). වොල්ෂැන්ග් ස්ට්‍රේඉක් (Wolfgang Streeck) කියන පරිදි මාක්ස් (Marx) මෙහිදී ශුද්ධ වූ පාවුලු තුමා (St Paul) කැපූ වලට වැටුණු බවයි. එනම් පාවුලු තුමා සිට ලිපි වලදී පෙන්නුම් කරන ආකාරයට ඉතාම කලබල ස්වරූපයකින් මුල් ක්‍රිස්තියානීන්ට සූදානම් කළා ජේසුස් වහන්සේග් දෙවන පැමැණීම වෙත. ඔහු සිතන්නට යෙදුනා දෙවන පැමැණීම තම ජීවිත කාලය තුළ දීම සිදු වන බව. මාක්ස් ද මේ අනුව යමින් ඉතිහාස ක්‍රියාවලියේ නියාමයන් පුරෝකථනය කොට තම ජීවිත කාලය තුළ දීම කොමියුනිස්ට් සමාජය සෑදීමට බලාපොරොත්තුවෙන් උත්සුක විය. මෙම උත්සුක බවේ ප්‍රතිඵලයක් ලෙස ඉතා භයානක විඥානවාදයකට එළඹුනේ ය.

මාක්ස්ගේ විඥානවාදය නම්, ඔහු සංකල්පගත කිරීමට යෙදුනා ඉතිහාසයේ අනාගත නියාමයන් ගැන. මාක්ස්ට අනුව ඉතිහාසය සාධ්‍යතනවාදීයි (Teleological). එනම් පන්ති අරගලයේ යම් නිශ්චිත මොහොතකට පසුව, කම්කරු පන්තිය විසින් රාජ්‍ය බලය ගෙන එම සමාජය කොමියුනිට්ස් (පන්ති නොමැති) කරනු ඇති බවයි. ඔහුට අනුව එම නිශ්චිත මොහොතේ සියලු දෘෂ්ඨිවාදයන් අවසන් වන අතර, කම්කරු පන්තිය ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන් කරන්නේ කුමක්ද යන්න වග (in it self of the revolution) නිශ්චිතවම දැන ගෙන, ඉතිහාසයේ නියාමයන් ක්‍රියාත්මක කරනු ඇත. ජිජැක් (Zizek) පෙන්වා දෙන පරිදි ජෝර්ජ් ලූකාච්ගේ (George Lukas) ඉතිහාසය හා පන්ති විඥානය (Listing and class consciousness) නම් විශිෂ්ඨ පොතේ ප්‍රධාන අඩුපාඩුව ද මෙයයි. එනම් ලූකාච් ද මාක්ස් මෙන්ම ප්‍රධාන හෙගේලියානු දයලේක්තිකයක් වැරදි ලෙස නොසලකා හරී. එනම් නිෂේධනය (negation) සත්තාවවාදී ( පැවැත්මේ මූලයක්) නිසා ඕනෑම ක්‍රියාවක් අවශ්‍යයෙන්ම වරදියි. (an act ,error) ඕනෑම සස්ථාපිතියක් නිෂේධනය නිසා විනාශ වේ. මෙම විශ්වීය සත්‍යය පන්ති අරගලයට පමණක් අදාල නොවීම මාක්ස් ගේ විඥානවාදයයි.

ඒ අනුව නිෂේධනය පන්ති අරගලයටද අදාළය. විප්ලවයෙන් පසු සමාජය ගැන ටක්කෙටම, නිශ්චිතවම, සමස්ථයක් ලෙස කිව හැක්කේ සමස්ථවාදී ව්‍යාපාරයකට (totalitarian movement) පමණකි. මාක්ස්වාදයේ මෙම භෞතික නොවන සාරයේ සිට සමස්ථවාදයට ඇත්තේ කෙටි දුරකි. භෞතිකවාදී මාක්ස්වාදීන් වන අපට ඉතිහාසයේ නියාමයන් යැයි සැළකෙන ප්‍රෝඩාව උඩ හිඳගෙන එහි අවසාන ප්‍රතිඵලය උද්ගමනය (deduce) කිරීමට කිසිදු හැකියාවක් නොමැත. කලින් සූදානම් කරන ලද නියාමයන් අපට මඟ සලසන්නේ නැත. අපගේ අරගලයේ ඉතිහාසමය පූර්ව නිගමනයන්,අප අරගලයේ පථය විසින් අතීතානුයෝගීව ප්‍රතිජානනය කරනු ලබන කොන්දේසි වේ. නැතහොත් කලින්ම දැනගෙන ඊට අනුව සිදු කරන වහල්භාවයක් නොවේ.

දැන් නැවතත් ‘X’ කණ්ඩායමෙහි ‘X’ වෙත පිවිසෙමු. මැල්කම් ‘X’ ට X වූයේ තම අතීතයයි. පෙනෙන ආකාරයට ‘X’ කණ්ඩායමට ‘X’ යනු තම අනාගත සිහිනයයි. ගැටළුව වනුයේ අන් සියලු වාමාංශික ව්‍යාපාරයන්ට වෙනස්ව, දීප්ති සහෝදරයාට තම පක්ෂයේ ඉතිහාස නියාමයන් කලින් දැන ප්‍රකාශ කළ හැකි විශිෂ්ඨ නාමයක් නොමැත. ඔහු විප්ලවයෙන් පසු මොනවා වේදැයි ටක්කෙටම දන්නේ නැත (අන් අය මෙන්). එබැවින් ඔහු සැබෑ භෞතිකවාදියෙකි (මාක්ස්ට ද වඩා). දැන් කලින් සඳහන් කළ විග්‍රහයට අනුව,

ඉතිහාස නියාමයන් සාධ්‍යතාවන් නොවන, කලින් නොකියන කෙනෙකුට ඒකාධිපතියෙකු යැයි චෝදනා එල්ල කිරීම විහිලු සහගතය. මම ඒකාධිපතියෙකු නම් මගේ පක්ෂයට නමක් ලෙස ‘X’ යැයි දමන්නේ නැත. දමන්නේ අනාගතයේ ජනතාවට විමුක්තිය/ ප්‍රගතිය/සතුට/සැනසුම/නිදහස/එක්සත්භාවය රැගෙන එන පක්ෂ කියාය. මැල්කම් X තම පීඩිතයන්ට තම අනන්‍යතාවයන් යෝජනා කළ අයෙකු නොවේ. රැඩිකල් ලෙසම අනන්‍යතාවය යනුම බොරුවක් යන්න කියා දුන් වීරයෙකි. එලෙසම ‘X’ කණ්ඩායම යනු අන් පක්ෂ වලට එරෙහිව “වෙනස්ම” අනාගත සමාජයක් යෝජනා කළ ව්‍යාපාරයක් නොවේ. එහෙත් රැඩිකල් ලෙසම අනාගත සමාජය ෆැන්ටසිගත කිරීමෙහි සමස්ථවාදී ප්‍රතිඵල විසංයෝජනය කරමින් ගොඩ නැගුණු නූතන විමුක්ති ව්‍යාපාරයකි.

***************************************************************************

B

Shanghai Mao

දැන් අප හමුවේ විශාල ගැටළුවක් ඇත. එනම් අනාගතය කුමක් වේද යන්න, විප්ලවයෙන් පසු අපේ පෞද්ගලික ජීවිත වත් සතුටුදායක වේ යැයි නොදන්නවා නම් කෙනෙකු එම පක්ෂයට සම්බන්ධ විය යුත්තේ ඇයි? අනාගත සුබ සිහිනයකින් සාමාජිකයා වසඟයට පත් කිරීමට පක්ෂයට නොහැකි නම්, අප සමඟ සම්බන්ධ විය යුත්තේ ඇයි? එවැනි සිහින ටක්කෙටම දෙන වාමාංශික පක්ෂ විශාල ගණනක් තිබියදී, මෙය වැදගත් ගැටළුවකි. නැවත වරක් මෙය X හි ‘X’ නිර්ණය කිරීම පිළිබඳ ගැටළුවකි.

පෙර සාකච්ඡා කළ පරිදි පක්ෂය ඉතිහාස නියාමයන් නිවැරදිව නොදන්නවා යැයි පමණක් සඳහන් කිරීම විග්‍රහය අසම්පූර්ණ කිරීමකි. X වැනි නූතනවාදී ව්‍යාපාරයක් සමඟ සම්මුති වන (encounter) සාමාජිකයෙකු තම ව්‍යාපාරය ඉතිහාස නියාමයන් මත සිට ගෙන එයට වහල්කම් කරන ප්‍රෝඩාවක් නොවන බව පමණක් දැන ගැනීම ප්‍රමාණවත් නොවේ. තවත් ඉතා වැදගත් සත්‍යයක් පසක් කර ගත යුතු වේ. එනම් X හි ‘X’ යන්න පූර්ව ඉරණම්ගත (pre decided) වීමයි. පූර්ව ඉරණම්කරණය (pre destination) ක්‍රිස්තියානි සංකල්පයක් වුවද, එය එහි භෞතිකවාදී (ආගම්වාදී නොවන) සත්‍යයකි.

ඇලෙන්කා සුපන්චිව් (Alenka Zupancic) සඳහන් කරන පරිදි කාන්ටියානු (Kantian) ආචාර ධර්ම විද්‍යාවේ මූලයද පූර්ව ඉරණම්කරණයයි. ඊට අනුව අපගේ ක්‍රියා බාහිර වටිනාකම් පද්ධතියකින් නිශ්චය කිරීම (හොඳ ක්‍රියාවක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙන බවට වන විශ්වාසය) පූර්ව නූතන පාරභෞතික අසත්‍යයකි. එවැනි අන් අයෙකු (සංස්කෘතිය, ආගම, දෙමව්පියන්, පක්ෂය) විසින් බාහිරින් දෙනු බලන වටිනාකම් හෝ රීති පද්ධතියකට අනුකූලව ක්‍රියා කිරීම කාන්ටිට අනුව නූතනවාදී ආචාරධාර්මිකවාදයක් (Modern Ethics) නොවේ. නූතනත්වයේ අනෙකෙක්ගේ විනෝදය රඟ දක්වන විපරිත සමස්ථතාවාදී ක්‍රියාවන් වේ.

පූර්ව ඉරණම්කරණයෙහිදී සිදු වන්නේ ඉහත බාහිර හර පද්ධතියේ විලෝමයයි. එනම් අප හොඳ වැඩ කළහොත් හොඳ ප්‍රතිඵල අත්වේ යැයි සිතීම අප යථාර්තය සම්පූර්ණයෙන් හොබවන මහා අනෙකෙකු සිටී යැයි කරන දෘෂ්ඨිවාදී විශ්වාසයනි. එනම් අනුභූතී-උත්තර මහා නියාමයක් විසින් අපගේ ක්‍රියා වලට නිසි ලෙස විමර්ෂනය කොට ස්වභාවික යුක්තියක් ඉටු කරයි යන අන්ධ විශ්වාසයයි. දීප්ති සහෝදරයා අපට සෑම විටම කියන පරිදි එසේ අප ක්‍රියා විශ්ලේෂනය කොට ඊට ප්‍රතිචාර දක්වන මහා අනෙකෙකු නැත. පූර්ව-ඉරණම්කරණයේ විප්ලවීය ආචාරධර්ම සංකල්පය එහි විලෝමයයි. පෙර සිටම අපගේ ඉරණම තීන්දු වී ඇත. අපේ හොඳ ක්‍රියා එම ඉරණම සමඟ සම්බන්ධයක් නොමැත. මෙහි අදහස දෙවියෙකු (තවත් මහා අනෙකෙකු) මෙය තීන්දු කර ඇති බව නොවේ. එහිද විලෝමයයි. එවැනි අනුභූතී-උත්තර (Transcendental) මහා අනෙකෙකුගේ පැවැත්මක් නැති හේතුව නිසාම අපගේ ක්‍රියා නිශ්චය කිරීමේ අනුභූතී-උත්තර නියාමයන්ද නොමැත.

එසේ අනභූතී-උත්තර ආචාර ධාර්මීය නියාමයන් නොමැති වූවත් අපගේ කප්පාදුව (castration) හේතු කොට ගෙන, මහේෂ් හපුගොඩ සහෝදරයා කියන පරිදි අප මේ ලෝකයට අතහැර දමා ඇති නිසාද, සෝරන් කියකර්හාර්(ඩ්) (Soren Kierkegaard) කියන පරිදි ගැටළුව වන්නේ අපගේ පරිමිත (Finite) පැවැත්ම (කවදා හෝ මැරෙන බව) නොව මුල සිටම අප අපරිමිතය විසින් අනුජානය කර ඇති නිසාත් (Sanctioned by the infinite), අපගේ සෑම ක්‍රියාවක්ම අපිරිමිත ආචාරධාර්මිකත්වයකින් අපව වගකීමකට භාජනය කොට ඇත. මින් මිදීමට අප කප්පාදුවෙන් පිටත් විය යුතුය. සයිකෝටික විය යුතුය. ලිංගික සබඳතාවදී අප ආදර ගීත ලියන්නේ මෙම ආචාරධාර්මික දණ්ඩනය නිසාය, එනම් ඒවා කිසි විටකත් අපට ශාරීරික කට ගැස්මක් පමණක් විය නොහැකි නිසා ය.

අනුභූතී-උත්තර ඉරණම් ලියන්නෙකු නොමැති නිසාද, එහෙත් අප අනන්තය දක්වා අපිරිමිතය විසින් ආචාර ධාර්මිකව අනුජානනය කර ඇති නිසාද නූතනත්වයේ එකම ආචාර ධාර්මිකත්වය පූර්ව-ඉරණම්කරණයයි. එනම් අපව හොඳ ක්‍රියා වලට යොමු කිරීමට අනුබල දීම සඳහා හොඳ ප්‍රතිඵල වල සහතිකයක් නොමැත. නූතන මිනිසෙක් හොඳ ක්‍රියාවක් කරන්නේ ඊට අනුරූපීව හොඳ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් නම්,ඔහු නූතන මිනිසෙක් නොවේ. එසේ නම් ඔබ හොඳ ක්‍රියා කළ යුත්තේ ඇයි? පිළිතුර ඔබේ ජීවිතයේ ඉරණම දැනටමත් පූර්ව-ඉරණම්කරණය කර ඇති නිසාය. ඉතාම වැදගත්ව, එහි අනෙක් පස නම් මා පූර්ව ඉරණම්කරණය වී තිබුනත් එම ඉරණම කුමක් දැයි නිශ්චිතවම දැනගැනීමට (Destiny In-Itself) මට කිසිදු හැකියාවක් නොමැත. මා දන්නේ මා පූර්වයෙන් ඉරණම්කරණයකට ලක් වී ඇති බව පමණයි. එම ඉරණම කුමක් ද යැයි තීරණය වන්නේ මගේ තොරක් නොමැති, නිරන්තර හොඳ ක්‍රියා වලින් පමණයි. එවිට නූතන ආචාරධාර්මිකත්වය ස්ව-ප්‍රඥාපතීය (self referential) ක්‍රියාවකි. උදාහරණ ලෙස මා පාරේ යන විට අසල වැවක කුඩා දරුවෙකු දියේ ගිලෙමින් සිටියහොත් ඔහු මා බේරා ගැනීමට පෙළඹෙන්නේ ඉන් පසු මට හොඳ ප්‍රතිඵල අත්වේ යැයි බලාපොරොත්තුවෙන් නොවේ. මා පූර්ව- ඉරණම්කරණය වී ඇති නිසා, එම ඉරණම කුමක් දැයි මා නොදන්නා නිසා, එම ඉරණම නිශ්චය කිරීමට පූර්ණ නිදහස මා සතු නිසාත්ය. එබැවින් පූර්ව-ඉරණම්කරණය යනු මගේ හොඳ වැඩ වලට හොඳ ප්‍රතිඵල නොමැති නිසා මා අලසයෙකු කරන පද්ධතියක් නොවේ. ඊට එරෙහිව මා නිරන්තරයෙන් හොඳ ක්‍රියාවලට පොළඹවන ආචාරධාර්මිකත්වයකි. මැක්ස් වේබර්ට (Max Weber) අනුව ධනවාදයේ ආචාරධාර්මිකත්වය ද පූර්ව- ඉරණම්කරණයයි.

නැවතත් X වෙත: අනාගත විප්ලවයෙන් පසු සමාජය ගැන පේන කීමට මට අනුභූතී-උත්තර අවසරයක් නොමැති නම්, වැඩ කරන පන්තියේ සාමාජිකයෙකු පක්ෂය සමඟ එකතු විය යුත්තේ ඇයි? පිළිතුර : X යන්නෙහි අඥාතභාවය විසින්ම, එම හේතුව නිසාම, පක්ෂය පූර්ව-ඉරණම්කරණය වී ඇත. එනම් අනාගත සමස්ථය අප නොදන්නවා වූවත්, අපගේ ඉරණම පූර්වයෙන් විසඳී ඇත. පක්ෂය කරන හොඳ වැඩ වලට මහ ජනතාව හොඳ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම දෙනවා යැයි අනුභූතී-උත්තර නියාමයක් නොමැති බවට වන දැනුම පක්ෂයට ඇත. එම නිසා එය එහි නමෙහිම ගැබ් ව ඇත. එම නිසා එය කිසි ලෙසක සමස්ථවාදී නොවේ. පෙර විග්‍රහය අනුවම යමින් සඳහන් කළ හැක්කේ, X හි අලසයන් වෙනුවට නිරන්තර ආචාරධාර්මික ක්‍රියාවලියකට පොළඹවයි. පක්ෂය මේ අතින් විඥානවාදී මාක්ස්වාදී ස්ථාවරයක් වන නිර්ණායක ඉතිහාසය නියාමයන්ගෙන් (deterministic historical principal) නිදහස්ය. ‘X’ පක්ෂය සැබැවින්ම නූතන ආකාරයෙන් නිදහස් ව්‍යාපෘතියකි. එහි ඉරණම විසඳීමේ කාර්යභාරය සැබැවින් සතු වූයේ එහි සාමාජිකයින්ටය. ඒ බාහිර ආචාරවිද්‍යාවකින් එය නිදහස් නිසා ය. ඒ ආකාරයට ගත් විට අන් සියලු වාමාංශික පක්ෂවලට වෙනස්ව සාමාජිකයා සැබෑ ආචාරධාර්මික හා එම නිසාම රැඩිකල් දේශපාලන සම්මුඛවීමකට ලක් කළේ ‘X’ යන රැඩිකල් නූතනත්වයයි. පක්ෂය හැර ගියත් එම කැපුම සියල්ලන්ගේ නළලෙහි ඇත. ඒ ‘X’ යථ (Real) ස්පර්ශ කළ නිසා ය.

බොහෝ හැර ගිය සාමාජිකයන් සිතුවේ තම නළලේ කැපුම සිදු කළේ දීප්ති සහෝදරයා කියාය. ඔවුන් තේරුම් ගත යුතු හෙගේලියානු සත්‍යයක් ඇත. එනම් කුලයකට විශේෂ දෙකක් ඇත. එනම් විශේෂය හා එම කුලයමයි. (A genus has two species and itself). ඒ අනුව දීප්ති සහෝදරයා යනු ‘X’ පක්ෂයේ නියාමයන් නිර්ණය කළ ඉරණම්කරු නොවේ. ඔහු ද එහි යථෙහි ගැටී නළල කැළැල් කර ගත් තවත් සාමාජිකයෙකි. කුලය ඔහු වුවත්, කුලයත් විශේෂයත් අතර තවත් විශේෂයක් පමණක් බැවින් ඔහු ද X හි සමාන සාමාජිකයෙකි. එම නිසා හැර ගියවුන්ගේ නළල කැළැල් වූයේ තම සමාන විප්ලවවාදී අවකාශයේ වූ සැබෑ නවතාවය නිසා ය. එම කැපුම අහෝසි කර ගැනීමට නම් ඔවුන් සයිකෝටිකයින් විය යුතුය.

X හි අඥාතභාවය හා පූර්ව-ඉරණම්කරණය නිසා එම දේශපාලන ව්‍යාපාරයේ නූතනභාවය එක් ප්‍රධාන ආචාරධාර්මික නිර්මිතයකින් හඳුනා ගත හැක. එය ඉහත සාකච්ඡා කරන ලද ආචාරධාර්මික න්‍යාය සැබෑ ලෙස පිළිඹිබු කරයි. එනම් ලංකාවේ ප්‍රථම වතාවට චින්තනය (එම නිසාම හෙගේලියානු අරුතකින් නිදහස) හා දැනුම අධිනිෂ්චය වූ රැඩිකල් ව්‍යාපාරයක් බවට ‘X’ කණ්ඩායම පත් විය. එය සැබෑ පරස්පර විරෝධී තත්වයකි. එහි රහසද එයයි. දීප්ති නම් කුලයට (genus) හැකි වූවා ආඥාත අනාගතයක් ගැන (නොදන්නා අනාගතයක් ගැන) තොරක් නැති, නිරන්තර දැනුම සොයා යාමේ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩ නැඟීමට.එහි රහස ‘X’ යන අදහසයි. ප්‍රථම වතාවට X යන හිස් හැගවුම්කාරනය සම්පූර්ණ දේශපාලන සංකල්පයක් (Plitical Notion) බවට පත්ව තිබේ. එම සංකල්පය සම්පූර්ණ ලෙස අපට නිර්වචනය කළ නොහැක්කේ එය තවදුරටත් යථත් නිසාවෙනි, එය තවදුරටත් අරගල කරන සත්‍යයක් නිසාවෙනි. (Owl of Minerva takes flight in the dusk-යතාර්ථයක් සම්පූර්ණ ලෙස සංකල්පයට නැඟිය හැක්කේ එය අවසාන වූවාට පසුවයි). දැනට කිව හැක්කේ වාමාංශික සංකේත ලෝකයේ විය නොහැකිභාවය (Impossibility), හා යථ ‘X’ යන්නයි.

to be continued.

Dilshan Fernando

and Others

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. “මා පූර්ව- ඉරණම්කරණය වී ඇති නිසා,[ එම ඉරණම කුමක් දැයි මා නොදන්නා නිසා], එම ඉරණම නිශ්චය කිරීමට පූර්ණ නිදහස මා සතු නිසාත්ය.” – Isn’t this self-contradictory? මා පූර්ව- ඉරණම්කරණය වී ඇති නම් (if I am predestined)එම ඉරණම නිශ්චය කිරීමට පූර්ණ නිදහස මා සතු වන්නේ කෙසේද?(then how can I have the total freedom to change my destiny?). තවදුරටත්
    එබැවින් පූර්ව-ඉරණම්කරණය යනු මගේ හොඳ වැඩ වලට හොඳ ප්‍රතිඵල නොමැති නිසා මා අලසයෙකු කරන පද්ධතියක් නොවේ. – it is EXACTLY such a system because if I am already predestined what is the point in doing ANYTHING?The very definition of “Predestined” is that no matter what you do it will not change the end. You do not have the freedom of choice or rather the “freedom of choice” you perceive under a predetermined system is itself an illusion!
    ඊට එරෙහිව මා නිරන්තරයෙන් හොඳ ක්‍රියාවලට පොළඹවන ආචාරධාර්මිකත්වයකි. Absolutely wrong.

    It seems to me that the author has got confused predestination with existentialism. It is under an existentialist system that you are “thrown in to the oblivion” – you are on your own, your end depends on a series of choices YOU make. You can either become a criminal or a saint. Therefore, under such a system you have the moral/ethical responsibility of making the right choices. Where as in a “predestined” system if you are predestined to end up as a criminal, no matter how hard you try to be otherwise, you will end up a criminal.

  2. පුර්ව-ඉරනම්කරණය වී තිබීම නම් පැවැත්ම / තත්වය ( ස්වභාවය / Ontology ) හා එසේ පුර්ව-ඉරනම්කරණය වී ඇත්තේ කුමක් සදහාද යන්න ( එහි අන්තර්ගතය ) පිළිබද දැනුම ( epistemology ) අතර පෑස්සිය නොහැකි පරතරයක් ඇත. එම පරතරය නිසාම මට නිකන් සිටිය නොහැක .මා දන්නේ මගේ ක්‍රියාවලට බලපාන බාහිර බලපෑමක් නොමැති බවයි. එහෙත් මගේ පුර්ව ඉරනම්කරණය වූ අන්තර්ගතය නිශ්චය කිරීමට මා දරන තොරක් නැති උත්සාහය නම් මගේ හොද ක්‍රියාවන්ය. ඉරණම යනු දෙඉවය නොවේ දෙඉවය වෙනස් කිරීමට මට නොහැක. පුර්ව-ඉරනම්කරණය බාහිර ඇගයුම් පද්දතියකින් වෙනස් වන්නේ හොඳ ක්‍රියා කිරීමට පමණක් නොව , හොඳ ක්‍රියාව යන්න කුමක්ද යන්නද තීරණය කිරීමේ පුර්ණ රැඩිකල් නිදහසද මා වෙත ඇති නිසාය.
    එබැවින් වෙන අය දෙනු ලබන ආචාරධර්මිකත්වයක් අනුගමනය කිරීමෙන් ලබන විනෝදය (Enjoyment ) පුර්ව ඉරනම්කරණයේදී නැත.Its a transition from you are “not allowed” to enjoy ( external prohibition ) to you are “allowed not to” enjoy ( Internal freedom ) – Free from pressure to enjoy your good act. අප පක්ෂයක් ලෙස මේ මොහොතේ දෘෂ්ටිවාද විචාරය කරන්නේ වාමාංශික ඉතිහාසයේ මේ මොහොතේ එඉතිහාසික හා වාස්තවික කාර්යභාරය ( enjoyment of duty ) එය නිසා නොව , අප පක්ෂය විසින් මේ මොහොතේ වඩාම රැඩිකල් දේශපාලන මෙවලම එය බව තීරණය කර ඇති නිසාය.

Comments are closed.