අන් සියලු දෙනා ඔබට යථාර්තයේ ඇති වාස්තවික ඥානය ඉගැන්වීමට පොරබදයි. අප ඒ වෙනුවට ඔබට උගන්වන්නේ යථාර්තය මායාවක් බවත් යථාර්තය ගිලිහී ශේෂ වන දෙය සැබෑවක් (Real) බවත්ය.

කරුණාකර විප්ලවවාදීන් වීමට කැමති අය අපවෙත නො එන්න. Hulk වර්ගයේ ප්‍රායෝගික මිනිසකු වීමට අවශ්‍යනම් ඒ සඳහාද අපව ගැලපෙන්නේ නැත. වැඩියෙන් කථාකරන අඩුවෙන් වැඩකරන අය අපට වැඩක් නැත. අඩුවෙන් කථාකරන වැඩියෙන් වැඩකරන අයද සමහරවිට භයානකය. පොත්පත් කියවනවිට ඔබට නින්ද යන්නේ නම් ඒ අයද වැඩක් නැත.
නින්ද ලබාගැනීමට පොත් අවශ්‍ය අයද අපවෙත නො එන්න.
බඩ උඩ පොත් තබාගෙන නිදාගැනීමටද කරුණාකර නො එන්න. අප කියනදෙය හැර වෙන පණ්ඩිත වැඩ කරන අයද කරුණාකර අපවෙත නො එන්න.

අප පක්ෂය මගින් දැනටමත් අධ්‍යයනයන් ආරම්භකර ඇති අතර පහත නගර වල අධ්‍යයන කටයුතු සඳහා සම්බන්ධ වීමට කැමති සහෝදර සහෝදරියන් පහත දුරකථන අංකයට අමතන්න.

දුරකථනයෙන් ඇමතීමේදී පලමුව ඔබ කතාකල යුතුය.

රත්නපුර, ගාල්ල, කුරුණෑගල, මීගමුව, අනුරාධපුරය සහ හලාවත

දුරකතන අංකය: 0113356707/ 0786358123 දමිත් විජේවීර

අධ්‍යාපන මෙහෙයුම් අංශය
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

fi-philosopher-support-group

ඔබේ අදහස කියන්න...

7 COMMENTS

  1. “අප කියනදේ හැර වෙන පණ්ඩිත වැඩ කරන අය” මේක හරියට තමන්ගේ ශිෂ්‍යශිශ්යාවන් තමන් නොදන්නා යමක් දැනගනීවි, තමන්ගේ දැනුම අභ්යෝගයට ලක්කරවී කියන මතිබ්‍රමනය (paranoia)ඇති අද බහුතරයක් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් තමන්ගේ ශිෂ්‍යශිශ්යාවන්ට දෙන උපදෙසක් වගේ එකක්. ඔබ පක්ෂයට බිහි කිරීමට අවශ්‍යවන්නේ අද විශ්ව විද්‍යාල වලින් එලියට එන බහුතරයක් මෙන්, කියාදුන් දේ පමණක් දන්නා, නමුත් තමන් දැනුමින් අගතැන්පත් යයි අසීමිත නාස්සිමිකත්වයකින් (narcissism) පෙලෙන, ගිරවුන් මෙන් කටපාඩම්කර, ගිරවුන් මෙන් කටපාඩම්ක කළ දේ කතාකලහැකි පිරිසක් නොවේ යයි මම විශ්වාශ කරමි.

    • ලංකාව තුල ක්‍රියාත්මක වන ධනවාදී, ලිබරල්, ෆැසිස්ට් යන පිස්සු පක්ෂ හැරුන විට වමේ පක්ෂ හා බලන විට, පක්ශ සාමජිකයාට උපරිම ආත්මීය නිදහස ලබා දී ඇත්තේ අප පක්ෂය විසිනි.
      එහි කිසිදු තර්කයක් නොමැත මන්ද අප විශ්වාශ කරන ලෙස
      පක්ශ සාමාජිකයා සත්භාවාත්මකව ( ontological) වර්ධනය වීමට ඔහුට ආත්මීයව නිදහසක් අවශ්‍යය.
      උදාහරණයක් ලෙස පක්ශයට බැඳෙනවිට ගඳක් ගඳක් ලෙස හඳුනා ගන්නා සහෝදරයකු පක්ෂයට බැඳී ටික කලකින් ඒ ග ඳක්සුවඳක් ලෙස හැඟවුම් කරනය කරගැනීමට අපට අවශ්‍ය නැත.
      සිදුවිය යුත්තේ ක්‍රමයෙන් විප්ලවවාදී හිස් ආත්මයක් ගොඩනැගීමයි එය බැඳතැබෙන්නේ එක් සාර්වත්‍රික අරමුනක් ඔස්සේය.
      එහිදී අශාව පසුපව ව්‍යාප්තවාදීව හබා යාම වෙනුවට අප කරන්නේ වඩ වඩා සංඛේතකරණයයි අපට යතාර්ථීය ප්‍රබන්ධමය මායාව හසුවන්නේ එවිටයි.
      සහෝදරය මෙහිදී අප තවදුරටත් කියන්නේ ” අප කියනදෙය හැර වෙන පණ්ඩිත වැඩ කරන අය අප වෙත නො එන්න කියායි” එය ගැඹුරකින් නොව එහිම ඇති අර්ථයයි.

  2. can i participate ? i am in kururunagala but i want to know about lacan “object a” becose i am confused it. thx

  3. i am living in colombo, mr wijeyweera could u mind to arrange a class for me in colombo please.

Comments are closed.