දැඩි ලෙස එක අරමුණක් වෙනුවෙන් කැප වූ LTTE ව්‍යාපාරය ගෝලිය ධනවාදී රාජ්‍ය එකමුතුව විනාශ කළ පසු එහි ප්‍රතිපක්ෂය ලෙස ඉතිරිවූයේ නව අරාජකවාදී රාජපක්ෂ බල හවුලයි.

සමාජ නිෂ්පාදනය (ධනය) නව ආකෘතියකින් යළි බෙදා දීම [ Redistribution of income and redistribution of wealth ]රාජපක්ෂ කරන ලදී. ගමටත්, නගරයටත් වෙන වෙනම ‘දේශපාලන – ආකෘතියක්’ හදුන්වා දුන්නේය. මේවායේ සමස්ත ප්‍රතිඵලය ලෙස අපට හමු වී ඇත්තේ ශුද්ධ නරැමවාදියෙකි. මෙම ශුද්ධ නරැමවාදය විචාරය කරන බුද්ධිමය ආයුධ නැති තැන කුමාර් ගුණරත්නම් යටිබිමිගත දේශපාලනයට බැස ඇත්තේ නිකම්ම නොවේ. සමහරවිට අලුත් ප්‍රශ්නවලට පැරණි පිළිතුරු සාර්ථක විය හැක. 88-89 උත්තරය යළිත් අත්හදා බැලීමට හැකි පරිසරයක් නැවත ගොඩ නැගී ඇත. මේ මොහොතේ අති බහුතරයක් දකුණේ අය පිස්සු කෙළීමට කියන්නේ දේශපාලනය කිරීම නිසාය.

නූතන ධනවාදී සමාජ සම්බන්ධතා විසින් සාමාන්‍ය මිනිසාට ඇති කර ඇති භීතීන්ට හොදම උත්තරය ලෙස ඔවුන් තෝරාගෙන ඇත්තේ සිංහල ජාතිවාදයයි. එය ඛණ්ඩනය කිරීම පහසු නැත. මිනිසුන්ට දැන් ඇත්තේ පුද්ගලික මානසික අසනීප නොව සමාජ අර්බුද නිසා හටගත් සමාජරෝගය. මනෝවිශ්ලේෂණයට ඉතාම බිය වු යුගයක එහි විචාරාත්මක පක්ෂය පුනර්ජනනය කරන්නේ කෙසේද?

‘හරි/වැරදි’ වෙනස නොව ‘හරි/හරි’ අතර වෙනස පවතින විට හරි වැරැද්ද වෙන් කිරීම අතශය දුෂ්කරය. උමතුව බඹර චක්‍රයක් මෙන් කේන්ද්‍රයෙන් ඉවතට පැන නීතියකින් තොරව නටන්නේ අපට බාහිර සතුරෙකු අහිමි වූ නිමේෂයකදීය. මාක්ස්වාදයට බිය නැති කට්ටඩීන් මනෝ විශ්ලේෂණය ඉදිරිපිට සරල වන්නේ මේ නිසාය

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. //මෙම ශුද්ධ නරැමවාදය විචාරය කරන බුද්ධිමය ආයුධ නැති තැන කුමාර් ගුණරත්නම් යටිබිමිගත දේශපාලනයට බැස ඇත්තේ නිකම්ම නොවේ. සමහරවිට අලුත් ප්‍රශ්නවලට පැරණි පිළිතුරු සාර්ථක විය හැක. 88-89 උත්තරය යළිත් අත්හදා බැලීමට හැකි පරිසරයක් නැවත ගොඩ නැගී ඇත. මේ මොහොතේ අති බහුතරයක් දකුණේ අය පිස්සු කෙළීමට කියන්නේ දේශපාලනය කිරීම නිසාය.// තවමත් 89-90 ජිවත් වෙන එක ප්‍රශ්නයක්. යළිත් අත්හදා බලා සමාජ විප්ලවය තවත් අවුරුදු 25කට කල දම්ම ගත හැකි.

Comments are closed.