ලෝකය වෙනස් කරන ආකාරයේ පක්ෂයක් ගොඩනැඟීම අරඹන විට මෙතෙක් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සීමා වී තිබූ අරගලයේ පරාසය අප පුළුල් කළ යුතු ය. ලංකාවේ වාම අරගලය එක්කෝ වෘත්තීය සමිති අරගල වලට සීමා විය, නැතහොත් ගම පදනම් කොටගත් ගැමියාගේ දෘෂ්ටිවාදය වන ජාතිකත්වයට සීමා විය. ගෝලීයකරණයේ තීව්‍රතාවය ‘මාධ්‍ය ප්‍රාග්ධනය’ හරහා පුළුල් වන අතර ‘මිනිස් ජීවිතයම’ ප්‍රාග්ධනයේ ලාභ මූලාශ්‍රයක් බවට පත්ව ඇත. මෙතෙක් කල්, අප සිතුවේ ප්‍රාග්ධනය සඳහා අමුද්‍රව්‍ය බාහිරින් ලබා ගන්නා බවයි. යටත්විජිතවාදය එහි පළමු ඓතිහාසික ප්‍රකාශනය යි. මුදල් වලින් මුදල් මවන යුගයක ජීවත්වන අපගේ අවධියේ දී මූල්‍යකරණය මුඛ්‍ය සමාජ සම්බන්ධය වී ඇත. ශ්‍රමය පාවිච්චි නොකොට ප්‍රාග්ධනයට දැන් වටිනාකම් මැවීමට හැකිය. මෙය වටිනාකම් න්‍යාය බිඳ වැටෙන අවධි ලක්ෂය යි.

                  නව සන්දර්භය තුළ ප්‍රාග්ධනය සඳහා යෙදවෙන්නේ ‘ජීවිතය’- Life – නම් අමුද්‍රව්‍යය යි. නූතන සමාජ – ජාලාවලට මිනිසුන් විකුණන්නේ තමන්ගේ ජීවිතය නම් අමුද්‍රව්‍යය යි. නව තත්වය තුළ සංස්කෘතිය සොබාදහම ජය ගැනීමක් නොව සංස්කෘතිය ප්‍රතිචක්‍රීකරණය වීමකි. නව තත්වාරෝපිතය පශ්චාත්-නූතන ධනවාදය ලෙසින් අපි හැඳින්වූයෙමු. ලංකාවේ කුමන ප්‍රගතිශීලී ව්‍යාපාරය ගත්තත් ඔවුන් පදනම් වූයේ, ගැමියන්ගේ කැරළි සහ විවිධ ත්‍රස්ත ක්‍රියා මත ය. මේ අවධිය දැන් අවසන් වී ඇත.

                 අප අරගලය පටන් ගත් අවධියේ සිට ගත් කල මේ වන විට, පශ්චාත්-නූතන සන්දර්භයක දී මාක්ස්වාදය වටහා ගත හැකි තත්වයකට රට පත් වී ඇත. (1890 ගණන් වල සිට ප්ලෙහානොව් කළ අරගලය නිසා 20 වැනි සියවස ආරම්භ වන විට රුසියාවේ මාක්ස්වාදය ප්‍රධාන ප්‍රවණතාවය වීම මෙයට සමකය) නමුත් 21 වැනි සියවසේ දෙවන අවධියට එළඹෙත්ම අපේ රටේ අර්බුදය වගුගත වන්නේ, විවිධ දේශපාලන කණ්ඩායම් වල මධ්‍යම පන්තික ස්වරූපය හේතු කොට ගෙන ය. මේ වන විට, මහජනයා වශයෙන් සංවිධානය වී ඇති පීඩිත පන්තියේ මූලික ප්‍රශ්න කිසිවක් සූත්‍රගත කිරීමට මේ මධ්‍යම පන්තිකයන්ට නොහැකි ය. දැනට සිදු වන්නේ, ක්ෂණිකව මතුවන ජනයාගේ ඇවිස්සීයාම් වලට හිස නැමීම සහ හුදු ආර්ථික අරගලය පමණක් අවධාරණය කිරීමයි. දැන් අපට අවශ්‍ය වන්නේ, මහජනයා බවට පත්වූ පන්තීන් නැවත පන්තීන් කරා තල්ලූ කිරීමට ය. න්‍යායික දේවල් වියුක්තව පවතින තරමට ඒවා බුද්ධිමතුන් ආරක්ෂා කරයි. තාක්ෂණය මේ මොහොතේ කරන්නේ, මහජනයාට වඩ වඩා ප්‍රකාශ වීමට ඉඩ දීම පමණි.

                  මේ මොහොතේ අවශ්‍ය වන්නේ, ‘සංස්කෘතිය’ දේශපාලනීකරණය කිරීමයි. අප ඒ නිසා, කලා කෘති සහ කලාකරුවන් ගැන විශේෂ කොට කතා කරන්නේ නැත. ව්‍යාපාරයෙන් වියුක්ත කලාවක් හෝ කලාකරුවන් අපට නැත. අප කරේ දෘෂ්ටිවාදී විශ්ලේෂණය යි. අපගේ ප්‍රතිවාදීන් කරන්නේ, දේශපාලනය සෞන්දර්යකරණය කිරීම යි. ඉදිරියට අප ‘සංස්කෘතික’ උගුල්වල පැටලෙන්නේ නැත. අපි කෝච්චිය පීල්ල මත තබා ඇත.

පහත පළ වන්නේ ගැටලුව වටහා ගැනීමට දරණ ලද ප්‍රථම උත්සාහයකි.

 -සංස්කාරක- 

Culture as a barbaric Text –

One of the best relatively recent examples of it is drawn from Robert Antelme’s The Human Race in which there is a scene where a young student is arbitrarily picked out of a line by an S.S. officer and thus chosen for execution. The young boy responds by blushing. What elicits this telltale sign of shame; why this affective response from someone who is about to die? The answer is that the boy feels he has been chosen for a reason, that there is something about him that caused him to be selected; he cannot deny this thing in him, he accepts that it is an intimate part of who he is — but he does not know what it is. This feeling of being tethered to something one cannot assume as one’s own is worse than death. Shame, then, rather than mortal fear is the boy’s [Deepthi’s] response.[ In 2004 ?]

It is significant that the boy is described as Italian; perhaps the boy thinks he was chosen for his ethnicity. But what does it mean, really, to be Italian? Hegel’s famous witticism is apt, “The secrets of the Egyptians are secret to the Egyptians.”

++++++++++++++++++++++++++++++++++++++++++++++++

සමබිම පක්ෂය පිහිටුවීමට පසුදින මිතුරන් තිදෙනෙකුට  වෙන වෙනම ගත් දුරකථන ඇමතුම් තුනක්. එහි පොදු සංවාදය පහත පරිදී  වෙයි.

” A: අපි අලුත් පක්ෂයක් හැදුවා…….

    B: නියමයි,   මුන් ඔක්කොම හොරු…., ඔක්කොම කරන්නේ බොරු …, මෙහෙම ගියෝතින් රට ඉවරයි……..         වැඩේ කරන්න හොඳ ප්‍රසිද්ධ චරිත ටිකක් ඉන්නවද ?

ඉහතින් සඳහන් කළ තිදෙනාම මධ්‍යම පංතික , වෘතියෙන් මාණ්ඩලික නිලධාරින්ය. අප හා මොවුන් අතර ඇති දීර්ග කාලීන මිත්‍රත්වය මත අපගේ ඉදිරි වැඩ සඳහා ඔවුන් උදවු කිරීමට නියමිතයි.මොවුන් තිදෙනාම සාමාන්‍ය ජීවිතයේදී වංචාව, දුෂණයට විරුද්ධ සාධාරණ මිනිසුන්. මොවුන් සමාජ මධ්‍යා තුළ හා සාමාන්‍ය ජිවිත්දීද, සම්ප්‍රධායික දේශපාලකයින්ට  සහ ඔවුන් දන්නා බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්දව විවෙචනය කර ඇත.

දුරකථන ඇමතුමේ පළමු කොටස වෙත යොමුවෙමු. එහිදී ඔවුන් තොරතුරු සහ අත්දැකීම්   (හැගවුම ) මත පවතින ක්‍රමය සහ පුද්ගල ප්‍රතිරුප විවෙචානය කරනවා.

 මේ යුගයේදී අප වෙත තොරතුරු ගලා එන්නේ මාධ්‍ය හරහායි.

ඇමතුමේ දෙවන කොටසට යොමුවෙමු. “වැඩේ කරන්න හොඳ ප්‍රසිද්ධ චරිත ටිකක් ඉන්නවද?”

එහිදී ඔහු විමසන්නේ ඔහුත්, මමත් පමණක් දන්නා තවත් අයකු ගැන නොව, ඔහුත්  දන්න තවත් විශාල පිරිසක් දන්නවායි ඔහු විස්වාස කරන පුද්ගල ප්‍රතිරුප ගැන. එනම් මධ්‍යා මගින් ඔහු දැනගත් පුද්ගල ප්‍රතිරුප

 මෙ යුගයේදී මිනිසුන් බොහොම සරලව, විශ්වාශ කිරීම් සහ ප්‍රතික්ෂේප කිරීම් තෝරාගනු ලබන්නේ  මාධ්‍ය මගින් දෙන ලද දේ මතයි.

අප පුද්ගලිකව අත්දකින දෙයක් විශ්වාස කිරීමට එය විශ්වාශ කරන තුන්වන පාර්ශවයක්  සිටිය යුතුයි.

 අප යමක් විශ්වාශ කරන්නේ ඍජුව නොව වක්‍රවයි.

 ඉහතින් සඳහන් කල මිතුරන් සමඟ තවදුරටත් සංවාදයේ යෙධිමේදී ඔවුන් කියා සිටියේ “මොනවා හරි වැඩක් කරන්න ඕන, අපි දැන් Office එකේ birthday party  එකක් හරි උත්සවයක් තිබුනත් තෑගි විදියට දෙන්නේ මොකක් හරි හොද පැලයක් “

 ගස් සිටුවීම, පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධව සදාචාර විනිශ්චයක් දීම මෙහි උත්සාහය නොවෙයි.අප පෙන්වා දීමට උත්සහ කරන්නේ  ඔවුන්ට  සලකුණු නොවන දේ වන්නේ ඔවුන් මේ මොහොතේ කරමින් සිටින බොහෝ දේ, තේරීම්,   තමන්ගේ නිදහස් අදහස් නොව මාධ්‍ය කතිකාවේ පවතින දේවල් බවයි.

කෙනෙකු තමා ඇසුරු කරණ දෙමළ මිතුරා හෝ මුස්ලිම් මිතුරා ත්‍රස්තවාදියෙකු නොවන බව දන්නවා නමුත් අනිත් අය එය විශ්වාස කරයිද දන්නැති නිසා මමත් පොදුවේ  දෙමළා, මුසන්මලුවා ත්‍රස්තවාදීන් ලෙස විස්වාස කරනවා.

අප පසු  ගිය දිනක සුජිත් රත්නායක සමඟ කළ  වීඩියෝ වැඩ සටහනේදී ඔහු කියනවා “සමහරු කියනවා දීප්ති කියන ඒවා හරි, එත් දීප්ති පොඩ්ඩක් අප්සට් කියල “

එහි යටි පෙළ “මම දන්නවා දීප්ති කියන එක හරි කියල, නමුත් අනිත් අය දීප්ති විශ්වාස කරනවද දැන්නැ”

 ඇතැම් විට සුජිත් රත්නායකද එම  ගැටලුවට මුහුණ දුන් අවස්ථා තිබිය හැකිය.

ඉහත ගැටළුව අශෝක හදගමටද තිබිය හැකියි.

නලින්ද සිල්වා කියන ඒවා  සාමාන්‍ය ජීවිතයේදී කවුරුවත් විශ්වාශ කරන්නේ නෑ, නමුත් සමහරු හිතනවා එහෙම විශ්වාස කරන පිරිසක් සමාජයේ ඉන්නවා කියලා. එහෙම හිතල නලින්ද සිල්වාට පිළිතුරු දීමට මුළු ජිවිතයම් කැපකරන මිනිසුත් ඉන්නවා.

 මිනිස්සු හිතනවා ජනාධිපතිතුමා “ගම සමග පිලිසදරක්” තුළින් ගමට එන්නේ ඔබේ ප්‍රශ්නය අහන්න කියල, ඇත්තටම ඔහු එන්නේ ඔහුගේ ප්‍රශ්නය කියන්න.

ඉහතින් සඳහන් කල විශ්වාස කිරීමේ විධික් ක්‍රමය හදුනාගෙන තමයි ජනාධිපති මාධ්‍ය උපදේශකයෝ  එවැනි වැඩසටහනක් නිර්මාණය කරන්නේ.

ගමට ඇවිල්ල ජනාධිපතිතුමා කියනවා මාධ්‍ය මුදලාලිලාට ඕන විදියට රට පාලනය කරන්න බැහැ කියල. දීප්ති වසර විස්සක් දිගින් දිගටම කියපු එක දැන් ජනාධිපති තුමා කියනවා. එය කිලි මහරජා ට වගේම දිලිත් ජයවිරටත් වලංගු වියයුතුයි.

දෙරණ විශ්වාස කරන අය ධම්මික පැණිය විශ්වාශ කළා, විශාල ජනතාවක් එය විශ්වාස කරන නිසා පාර්ලිමේන්තුවේ කතානායක තුමා සහ සෞඛ්‍ය ඇමතිතුමියත් ධම්මික පැණිය විශ්වාස කළා. (පසුව ඇය රුපවාහිනි වැඩ සටහනකදී කියනවා කොවිඩ් හැදිල මරණ ආසන්න වුන මොහ්තේදී මෙවැනි අදහසක් “අන්තිම මොහොතේ මට තේරුණා මොනවා තිබුනත් (අනිත් අය විස්වාස කරන ) වැඩක්නැහැ මගෙ විස්වාසය හැර ” වැනි අදහසක්.) ඇයට තේරුණා දෙවියෝ නැහැ කියල.

සිරස විශ්වාස කරන අය භාග්‍යා දැරිය විශ්වාස කරනවා, කිලි මහාරාජා මේ මොහොතේ දිලිත් ජයවීර පරදවමින තම මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කරයි. ඒ පරිසරය තේමාව යටතේ. ජ.වී.පෙ සිරස කොන්ත්‍ර්ත්තුවක් කරමින් සිටියි. විපක්ෂ නායකයත් පරිසරය බේරාගැනීමට පෙළ ගැසී සිටියි. මෙමගින් තහවරු වන්නේ දේශපාලන පක්ෂ, දේශපාලනයට ඍජුව බලපාන ගැටළු වෙනුවට මාධ්‍ය මගින  මතුකරන ගැටළු පසුපස යමින් සිටීම.

 පක්ෂයක් වශයෙන් අපි මතුකරන්නේ ” ඔක්ෂිජන් නැතිව ජිවත්වෙනන බෑ වගේම ඔක්ෂිජන් පමණක් තිබිල ජීවත්වෙන්න බෑ, කියන තරම් ඉක්මනට ඔක්ෂිජන් ඉවරවෙන්නේ නෑ , නමුත් ඊටකලින් හුස්ම ගන්න තියෙන බෙල්ල නැති වෙන්න පුලුවන්, මිනිස්සුන්ට බෙල්ල බේරගන්න ක්‍රමයක් හදල දුන්නොත් මිනිස්සු පරිසරය බේරගනියි, නැත්නම් මිනිස්සු බෙල්ල බේරගන්න පරිසරයත් එක්ක ගැටෙන එක නවත්වන්න බැහැ.”

පසුගිය කාලයේ පරිසරය තේමාව රැගෙන ගියේ දිලිත් ජයවීර, ඒමගින් බදුර්දීන් ට එරෙහිවත් පරිසරය රැක ගැනීමටත් ගොටභය රාජපක්ෂ ප්‍රතිරුපය ගොඩනැගමට හැකිවිය. දැන් එම තේමාවම ජනාධිපති වරයාට එරෙහිව සිරස අතට ගෙන ඇත.

J.R ට විරෝධයක් ගොඩනගන්න විජෙවීර ඉන්ධියානු විරෝධය ගොඩනැගුව, ඉන්දියානු විරෝදය වෙනුවෙන් පෙනීසිටිය අග්‍රාමාත්‍ය ප්‍රේමදාස ජනාධිපතිවී විජේවිරද ඉවරකරලා දැමුවා.

 අනුර කුමාර නියෝජනය කරන වර්තමාන ජ.වී.පෙ. රනිල් වික්‍රමසිංහ ට සහ චන්ද්‍රිකා ජනාධිපති තුමියට විරෝධයක් ගොඩනගන්න දේශප්‍රේමය ගෙනාව, දේශප්‍ර්මය වෙනුවෙන් පෙනීසිටි මහින්ද රාජපක්ෂ ජන්නාධිපති තුමා  LTTE ඉවරකරලා ජ.වී.පෙ. ද කැලි කැලි වලට කඩලා දැම්මා.  

ඉහත ඉතිහාසයෙන් තවම ජ.වී.පෙ පාඩම් ඉගෙන ගෙන නැත.

 ඇත්ත ප්‍රශ්නෙට සම්මුක වන්නේ දෙවානි නොව ප්‍රසන්න රණවිරලා, සනත් නිශාන්තල, චෝකා මල්ලිලා  සහ විමලවිරලා. රාජ්‍ය සහ දේශපාලන පක්ෂ දේශපාලනයට ඍජුව බලපාන ප්‍රශ්න මගහරින තාක්කල් මිනිස්සු ඉහතින් සඳහන් කල චරිත වලට ආකර්ෂණය වන එක කාටවත බැ.

බලය ලබා ගැනීම සම්බන්ධව ආත්ම මුලික ගැටලුවක හිරවී සිටින ජ.වී.පෙ. ඇත්ත ප්‍රශ්න මග හැරියට, බලය ලබාගැනීම  ඉලක්ක කරගෙන වැඩ කරන අප ඇත්ත ප්‍රශ්නය හා සම්මුඛ විමට සුදානම්. කාලෙන් කාලෙට නැගල යන රැලි මගින අපි ඔබ සම්මුඛ වංනෙ නැත. 

ඔබ විශ්වාස කරන විදික් ක්‍රමය අනුව තමයි, ඔබට පාර්ලිමේන්තුවේ ජනප්‍රිය නළුවන්,නිලියන්, ක්‍රීඩකයන්, මැරයන් හමුවනේ.

 ඔබ විශ්වාස කරන විදික් ක්‍රමය හදුනා ගත් අප, සමබිම පක්ෂයේ ඉළග අභියෝගය හදුනාගෙන ඇත. නමුත් අප වේශ නිරුපනය වීමට සුදානම් නැත.

Amila

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

අයදුම් කිරීමට මෙතන Click කරන්න

සමබිම පක්ෂය

 

ඔබේ අදහස කියන්න...