පහත අයට අපි අවුරැදු 20 ක් කළ දෙය මතක නැත.ඒ අය අලුතින් ඉතිහාසය ලිවීම පටන් ගෙත ඇත. ආයිත් පිස්සුනම් කෙලින්න එපා.

ඊයේ පෙරටුගාමි සමාජවාදි පක්ශයේ සම්මේලන අවසන් සැසියට කලින් අපි කිහිප දෙනෙකු 1917 රුශියානු විප්ලවය ගැන කථාවක යෙදුනෙමු. එම සාකච්චාව හොදින දන්නා අදුනන කිහිප දෙනෙකු අතර වුවක් හෙයින් අප තුල ඇති සැක සංඛා වහංගු කිරිමට වුවමනාවක නොවින. විශේෂයෙන් සාකච්ඡාව කෙරුනේ පශ්චාත් ඔක්තෝබරය ගැන ය. ඔක්තෝබර් විප්ලවය කෘෂිකාර්මික පසුගාමි රටක් වු රැශියාව කාර්මික බලවතෙක් කලේ ය. ජන ජිවිතය වර්ධනය කලේ ය. එය ලොව හැම රටකම සමාජ ජිවිතය ඉහල නැංවිමට හැම ආංඞුවකටම බල කලේ ය. ඒ සියල්ලටම වඞා එය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ විමුකතිකාමි අභිලාශයන් ශක්තිමත් කලේ ය.

එසේ වුවද ඔක්තෝබර් විප්ලවය එහි අපේක්ශිත අරමුනු ජය ගැන්ම අතින් අසාර්ථක එකක් විය. එය සමාජවාදය ගොඞ නැගුවේ නැත. සමාජ සාධාරණය ගත්තත් ස්කැන්ඞිනේවියානු රටවලට රුශියාව අබිබවා යා හැකි විය. රුශියාව අධිකාරවාදයේ හිරවින. ප්‍රජාතන්ත්‍රවාදයේ අරුනලු රුශියාවට කෙදිනකවත් නොවැටින.

ඔක්තෝබර් විප්ලවයේ එහි අපේක්ශිත අරමුනු ජය ගැන්ම අතින් වු මෙම අසාර්ථකත්වය වහංගුකර කථා කිරිමේ තෙරුමක් නැත. මම සරලව ප්‍රශ්නය ඊයේ පැන නැගුන ලෙසම ඉදිරිපත් කරන්නම්. වසර සියයකට පසු අප අපේ ලෙන්ගතුකම්, ගෙෳරවයන් සහ ආදරයන් නොඅඞුවකින් තබා ගත්ත ද ලෙනින්, ට්‍රොට්ස්කි ස්වර්ඞ්ලොව් අපේ නිවෙස්වල දේව ග්‍රහ මංඞලයේ දෙවියෝ නොවෙති. ඔවුන් අපට ඉගැන්වු විචාර චින්තනය අප ඔවුන් වෙනුවෙන් ද යොදා නොගන්නේ ද?

කව්ද හරි? කවුට්ස්කි සහ ප්ලෙකනොව් ද? ලෙනින් සහ ට්‍රොට්ස්කි ද? නැත්නම් රෝසා ලක්සම්බර්ග් ද? කව්රුන් කුමන ප්‍රශ්නයකදි නිවැරදි ද? කව්රුන් මොන ප්‍රශ්නයෙදි වැරදිද? විචාරාත්මකව පිලිතුරු හොයමු.

This is a discussion that needs to be done. Uncritical views of the Russian Revolution which overlooks the critiques it had from contemporary marxists of the revolution is one of the biggest problems of the popular left today.

Much of the problems Russian Revolution faced was predicted and anticipated by dissenting Marxists. Why can’t we have a series of discussion/study sessions to understand these criticisms?

මා කල්පනා කරන්නේ මෙහි ආරම්භය ලෙස රෝසා ලක්සම්බර්ග් ගේ රුශියානු විප්ලවය නැමැති ලිපිය යොදා ගන්නයි. එය මුද්‍රිත පිටු 30 ක්. 10 දෙනෙක් පිටු 3 බැගින් පරිවර්තනය කරන්න බාර ගත්තොත් සතියකින් එය අවසන් කල හැකිවෙයි. රුශියානු විප්ලවයේ සිය වෙනි සංවත්සරය සමරන ප්‍රකාශණ වැඞ සටහනක් යටතේ එම පරිවර්තන ප්‍රකාශ කල හැකියි. දැනටමත් වෘත්ති සමිති කිහිපයක් එක පොතක ප්‍රකාශණ බරපැන දරන්නට කැමති වෙලා තියෙනව.

Please Read Following Books Before You Translate.

Image result

Image result

Image result

Image result

ගෙදර වැඩ කරන්න – විප්ලවයට පසුව වෙන දේ ගැන ඉගෙන ගන්න පහත දේ කියවන්න

Image result

Image result

Image result

Image result

ඔබේ අදහස කියන්න...