විජේවීර විසින් ලංකාවේ ඉතාමත් දුගී ආර්ථිකයක් නියෝජනය කළ ග්‍රාමීය ආර්ථිකයේ සාමාජිකයන් වන ග්‍රාමීය දුගීන්ව රාජ්‍ය යන්ත්‍රයට එරෙහිව සංවිධානය කර අපට ඓතිහාසික අත්දැකීමක් ඉතුරු කර ඇත. 89 අරගලය අවසන් කිරීමේ අවසාන ලක්ෂය වූයේ ඩී.එම්. ආනන්ද අත්අඩංගුවට පත්වීමයි.  අන්ත කෘෘර වධහිංසනයන්ට ලක් වූයේ සංවිධානයේ පහළම සාමාජිකයන් වුවත් නායකත්ව මට්ටමට එන විට හමුදා උපක්‍රමය වෙනස් විය. පහළ සාමාජිකයන් කොතරම් ඝාතනය කළත් පක්ෂ නායකත්වය සිටින තැන නොදන්නේ නම්, අරගලය දිගමට ගමන් කරන බව හමුදාවේ ‘ ඇස් අංශය ‘ දුටුවේය. එනම් ‘ දැක්ම ‘ ( Gaze ) පිළිබද ගැටලුවයි. ජ.වි.පෙ ප්‍රධාන නායකයන් වූ පියදාස රණසිංහ ( අභ්‍යන්තර ලේකම් ) , එච්. බී. හේරත්, ඩී.එම්.ආනන්ද , කදුරැපොකුණ වැනි නායකයන් ඉන්නා තැන් සෙවීමේ අවසන් කටයුත්ත භාර වූයේ ‘ ක්ෂණික විහිදුම් බළකායේ ‘ (RDF) ඇස් අංශයටයි. [ස්වාධීන ශිෂ්‍ය සංගමය ඇතුලත්ව]
මේ ඇස් අංශය නොදැනුවත්ව ලැකාන්ගේ ආත්මය පිළිබද න්‍යාය අපට උගන්වන බව ඔවුන් තොරතුරු සොයාගත් ආකෘතියෙන් ඔප්පු වෙයි. 89 වර්ෂය වන විට RDF ඇස් අංශය අමුතු අත්දැකීමක් විශ්ලේෂණය කළේය. පක්ෂයේ ඉහත කී කිසිදු නායකයෙක්ගේ දේශපාලන ක්‍රියාකාරකම් හරහා ගොස් අවසානයේ දී ඔවුන් අල්ලා ගත නොහැකිය යන්න ඔවුන්ට පසක් විය. ඉන් පසු ඔවුන් තම අවධානය යොමු කරන ලද්දේ ඉහත නායකයන්ගේ ආත්මීය රෝග ලක්ෂණ – symptoms – කෙරෙහිය. එම ආත්මීය ලක්ෂණ ඔත්තු සේවා මාර්ගයෙන් ක්‍රම ක්‍රමයෙන් සොයා යන විට ඔවුන්ට පහත සදහන් ප්‍රධාන නිගමන දෙකට එළඹීමට හැකි විය.
1). පියදාස රණසිංහ සහ එච්.බී.හේරත් අතර තිබූ ස්ත්‍රී අරාවුල.
2). ඩී.එම්.ආනන්දට තම ළාබාල පෙම්වතිය සම්බන්ධයෙන් තිබූ අධික උනන්දුව. 

 පක්ෂයේ තත්ත්වය අන්ත භයංකාර තත්ත්වයක පවතින මොහොතක පවා ඔහු විටින් විට මෙම පෙම්වතියගේ නිවසට තම රියදුරා සමග යන එන බව.

RDF ඇස් අංශය තම දැල ඉන් පසු එළන්නට ගත්තේ ඉහත ‘ ආත්මමූලික සාධක ‘ දෙක වටාය. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මුලු ව්‍යාපාරයම විනාශ වී ගිය අතර නායකත්වය ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට හමුදාවට හැකි විය. ආත්මයට ( Subject ) සාපේක්ෂව ‘ වාස්තවිකත්වය ‘ ( Objectivity ) යනු දෘෂ්ටිවාදයක් බව RDF ඇස් අංශය අපට පෙන්වා දුන්නේය.
විජේවීරගේ දේශපාලන ව්‍යාපාරය සාර්ථක වූයේ ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කොටගෙන සටන් කරන විටය. ගමේ මිනිසෙක් තවත් ගමේ මිනිසෙක් දකින තැන ඔවුන් සාර්ථක විය. නමුත් ඔවුන් කොළඹට පැමිණි පසු විනාශයේ ආරම්භය සටහන් විය. එතැනදී ඔවුන්ට මුණ ගැසුනේ මැද – පන්තියයි.[ලෙනින් මැදපන්තිකයෙකි – මුල්ලා ඔමාර් ගැමි කාන්ට්වාදියෙකි.] වාස්තවිය දැනුම ගැන දුර්වල මැද – පන්තිකයාට ‘ බෝලය ‘ පොල් ගෙඩියක් සේ පෙනෙන්නේ ආත්මීය අඩවියේ දීය. කුමාර් ගුණරත්නම්ට වැරදුනේ ද මේ අඩවියේය.
ලංකාවේ විප්ලවවාදීන්ගේ වළිගයෙන් අදින විට ඔවුන්ගේ හිස අපට හමුවන්නේ බස්සා තටු සළන ගොම්මනේදීය. මිලියන ගණනක් මිනිසුන්ගේ අනාගත සමාජ ජීවිතයේ ඉරණම රැදී ඇත්තේ විප්ලවවාදීන්ගේ රාත්‍රී ජීවිතය තුළය. 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.