[dropcap color=”green”]බො[/dropcap]හෝ දෙනෙකුට අනුව ඇමෙරිකාව අධිරාජ්‍යවාදියෙකි. මොවුන් සේවය කරන්නේ සිංහල බෞද්ධයන්ට විරුද්ධවය. නමුත් ඔවුන් ජිනිවාහී මානව හිමිකම් කොමිසම හරහා ආණ්ඩුවට ඇති කරන තෙරපුමෙහි යටිපෙළ කුමක්ද? මෙමගින් සිදුවන එකම ප්‍රතික්‍රියාව වන්නේ ජාතිවාදය තව තවත් තහවුරු වී විපක්ෂයට ලැබෙන සමාජ-බලය දුර්වල වීමයි.

ඇමරිකාවේ තක්සේරුව වන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව හරහාම උතුරට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ නිම කර ගැනීමයි. එය අලුත් ආණ්ජුවකට කළ නොහැක්කක් යන්න ඔවුන්ගේ තක්සේරුවයි. එනිසා ඉන්න කෙනාගෙන්ම ඉතුරු වැඩ ටිකත් කර ගැනීම ඔවුන් ගේ අභිප්‍රායයි. විටින් විට ලංකාවට විත් ජාතිවාදය ටියුන් කර නැවත තම රටට යන ඇමරිකන්කාරයන් නිසා පොදු විපක්ෂයේ දේශපාලන අන්තර්ගතයට සිදුවන හානිය විගණනය කළ නොහැක.

පොදු විපක්ෂයේ කිසිවකුට ඇමරිකන්කාරයන් කරන මෙම සූදු ක්‍රීඩාව ගැන වැටහීමක් ඇතිබවට සලකුණක්වත් නැත. වැල්ලේ බඹර කැරකවෙන්නේ නැති බව තව පාරක් කෙළවාගෙන ඔවුන්ට වටහා ගත හැක.

ඔබේ අදහස කියන්න...