[dropcap color=”green”]කැ[/dropcap]ලුම් නවරත්න මහතාට කට වැරදීමක් සිදු වී ඇත. මංගල සමරවීර ගැන ත්‍රිමාන වෙබ් අඩිවියේ පළ වූ කෙටි සටහනක් තම මුහුණු පොතට එක් කරමින් ඔහු ඊට අර්ථකනයක් ද මෙලෙස එකතු කර තිබුනේය.

දීප්ති කුමාර ගුණරත්න විප්ලවවාදියා ගෙන් ධනපති මංගලට මිතුරු යෝජනාවක්!

අප දන්නා පරිදි කැලුම් නවරත්න කලින් සිටියේ ජනතා විමුක්ති පෙරමුණේය. දැන් ඉන්නේ පෙරටුගාමි ස්මාජවාදී පක්ෂයේය. කලින් සිටි පක්ෂයෙන් ඔහු ශාරීරිකව කැඩී වෙන් වී ඇති බවට සැකයක් නැත. නමුත් ඔහුගේ විඥාණය තවම අයිති වන්නේ පැරණි වමටය. 2002 වර්ෂයේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ ජාතිවාදී මතයේ කේන්ද්‍රය වූ ජ.වි.පෙට අනුව මංගල යනු ප්‍රගතිශීලි මැදපාන්තිකයෙකි. ( ධනපතියා යනු නිෂ්පාදන බලවේග හිමි පුද්ගලයාය.-මාක්ස්) 2005 වසරේදී ජ.වි.පෙ මංගලට කී නම අපට වඩා හොදින් කැලුම්ලා දන්නවා ඇත. නමුත් මංගල මහින්ද චින්තනයෙන් වෙන් වී යූ.ඇන්.පී යට බැදුණු පසු ඔහු දේශද්‍රෝහියෙකු සහ ධනපතියෙක් බවට පත් විය. මෙම පසුබිම නිසා අපිට මංගල නම් ප්‍රපංචය කතිකාවක් කියල හමුවන්න පුලුළුවන්.

ජනරළ වැනි පුවත් පත් වලත් කැලුම්ලා අනුදත් දේශපාලන සාකච්ඡා වලත් පසුගිය කාලයේ සාකච්ඡා කළ ප්‍රධාන තේමාව වූයේ පශ්චාත්-මාක්ස්වාදයයි. ඊට අනුව භාෂාව සහ කතිකාව යනු ප්‍රභේද දෙකකි. භාෂාව යනු වෙනස්කම් අනන්තයක් අතර ලිස්සා යන යම් අර්ථයකි. නමුත් කතිකාව යනු අර්ථය නොව භාෂාවේ සීමාව ලකුණු කරන සංඥාවයි. කතිකාව බිහි වන්නේ භාෂාවට සීමාවක් තිබෙන නිසාය. මෙම සන්දර්භය තුළ මංගල නම් හැගවුම්කාරකයට ස්ථිතික පැවැත්මක් නැත. එය ගතිකය. එය විවෘතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි මංගලට එකවරම යූ.එන්.පී ය තුළ නායකයකු වීමට හැකැයාවක් ලැබෙන්නේ අනන්‍යතාවය (Identity) යනු ද කතිකාවක් නිසාය. උදාහරණයක් වශයෙන් කැලුම්ට විප්ලවවාදියෙක් වන කුමාර් ගුණරත්නම් නන්දන ගුණතිලකට අනුව පාවාදෙන්නෙකි. ඉතිහාසයේ යම් දිනකට පසු කේන්ද්‍රය විකේන්ද්‍රීය වීම ඇරඹි ඇත. එය වඩ වඩා පිටතට යන දෙයක් ලෙස ප්‍රකාශ වීම ඇරඹී ඇත. එබැවින් වාස්තවික විග්‍රහයන් වලදී අපට හමුවන ස්ථිතික අනන්‍යතාවය වෙනුවට දැන් අපට හමු වන්නේ විවෘත අනන්‍යතාවයන්ය. එබැවින් මංගලට ධනපතියා ලෙස ඇමතීම අප තුළ ඇති අතීත වේදනාවක ප්‍රශ්ණයක් පමණි.

අපි උදාහරණයක් ගමු

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විසින් ගොඩනැගූ සමගි සංධානය නම් සංවිධාන ව්‍යුහයට පසු මංගල විසින් ඔහු එතෙක් පාවිච්චි කල BMW මෝටර් රථය ඉවත් කර Toyota වෑන් රථයක් ආදේශ කරන ලදි. එමගින් මංගල වටාවු වාමාංශිකයන්,ප්‍රගතිශීලි බලවේග ඔහුට වඩාත් ආකර්ශනය විය. සමහර වාමාංශිකයන් සහ ප්‍රගතිශීලි පුද්ගලයන් තම දවසේ වැඩි කාලයක් ගත කරන්නේ එම වෑන් රථය තුළය. ඔවුන්ට අනුව මංගල ධනපතියෙකු නොවේ.(මනෝ විශ්ලේෂණය ගැන දන්නා සහ විතන්ඩවාදය ගැන දන්නා අයෙකුට අනුව මංගල පීඩිතයෙක් මිස විපරිතයෙකු නොවේ.)අද දවසේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය ද උත්සහ කරන්නේ ඉහත ආකාරයේ තවත් සන්ධානයක් ගොඩනැගීමටය. එහිදී ද ඔවුන් සමග එකතු වී ඇත්තේ ද වෙනත් දෘෂ්ටි කෝණයකින් මංගලට මෙන්ම ධනපතියන් යැයි කිව හැකි නිදහස් මතධාරී පුද්ගලටන්ය. (පක්ෂ සාමාජිකයෙකු සහ නිදහස් පුද්ගලයා අතර දැඩි වෙනසක් ඇත.)

දැන අපට දැඩි අභියෝගයක් ඇත.

පශ්චාත්-මාක්ස්වාදය කතා කරන්නේ වෙන වෙනම පක්ෂ,පුද්ගලයන්,ස්ථාවරයන් ගැන නොවේ.එහි න්‍යාය ගොඩනැගී ඇත්තේ ඓතිහාසික හවුලක් වෙනුවෙන් ඉහත ප්‍රෙභ්දයන් ඒකාබද්ධ කරන න්‍යායයි.(Theory of Articulation) කැලුම් උත්සහ කරන්නේ මෙම ඒකාබද්ධකරණ න්‍යායට විරුද්ධ වී යමෙකුගේ සාරය සෙවීමටයි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මෙහි ඇති එකම වරද නම් මංගල ධනපතියා යන්න ලෙස ලිවීම පමණි. මා එය මෙසේ වෙනස් කරමි. එනම් ලිබරල්වාදියා ලෙසයි. කෙසේ වෙතත් දීප්ති සහෝදරයාගේ (මහත්මයා ලෙස මා කියන්නේ නැත.) මෙම ලියමන විසින් නැවත නැවතත් මංගලව ආරක්ෂා කිරීමක නිරත වෙයි. මා අයත් වන්නේ පැරණි වාමාංශයටදැයි යන්න මා තර්ක කරන්නේ නැති නමුත් මා කියන්නේ මාක්ස් කියූ දෙය බව නැවත නැවතත් කියා සිටිමි.
    කරුණු කිහිපයක් මෙහිදී මතක් කිරීම වටී. එක් වරක් ත‍්‍රිමාන වෙබ් පිටුවෙන් මා හට මීට අවුරුදු දෙකකට පමණ ඉහතදී විවේචනයක් ගොනු කර තිබිණි. එය නම් සංස්කෘතික දේශපාලනයේ යෙදීම වාමාංශික නොවන බවත් වර්ෂ දහයක් තිස්සේ එක්ස් කණ්ඩායම කරන ලද සංස්කෘතික දේශපාලනය එයට උදාරණයක් බවත්, මාක්ස්වාදියෙක් ලෙස එම පර්යේෂණය නොපිළිගන්නේ නම් තවත් වසර දහයක් ගෙවා එම පර්යේෂණය සිදු කර අත්දැකීම් ලබා ගත හැකි බවත්ය. ඒ විවේචනය මා විසින් එසේම පිලිගත්තෙමි. අද මා හට කියන්නට තිබෙන්නේද ලංකාවේ වාමාංශික පක්ෂ විසින් කරගෙන යනු ලබන මාක්ස් විරෝධී වැඩපිළිවෙල පිලිබ`දව මාක්ස්වාදීන් ලෙස අත් දැකීම් එකතු කර නොගන්නේ නම් ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයටද කරගෙන යනු ලබන මෙම පර්යේෂණය තවත් අවුරුදු පනහක් සිදුකර අත්දැකීම් ගන්නට හැකි බවය. සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ට එරෙහිව ලෙනින් විසින් මෙම කරුණු දිගින් දිගටම අවධාරණය කර සිටියේය.
    මංගල-රනිල් ඇතුළු ලිබරල්වාදීන් විසින් සිදු කරමින් තිබෙන කර්තව්‍යය පිළිබ`දව ප‍්‍රමාණාත්මක විවේචනයක් ශ‍්‍රී ලංකා පෙරටුගාමීන් සිදු කර තිබෙනවා මා විසින් දැක නැත (ඔවුන්ගේ බොහෝ ලියකියැවලි මා විසින් පරිහරණය කරද්දීත්).
    බොහෝ දෙනා සිතන්නේ ධනවාදී-ජාතිවාදී (මේ යුගයේ ධනවාදයේ හැටි මෙසේයි) මහින්දගේ ආණ්ඩුවට වඩා රනිල්ගේ ආණ්ඩුවක් ප‍්‍රගතිශීලී (?) වන බවයි. එසේ කීමට නිදහස් මතධාරීන්යැයි කියාගත් තක්කඞීන්ට පුළුවන. මා සාකච්ඡුා කරන්නේ එවැනි තක්කඞීන් සමග නොව සමාජවාදී විප්ලවය වෙනුවෙන් පෙනී සිටින මාක්ස්වාදී පක්ෂ සාමාජිකයන් සමගය. සැබැවින්ම මාක්ස්වාදීන් යැයි පිළිගන්නා අය සමගය. මාක්ස්වාදියා යන්න කවුරුන්දැයි මාක්ස් අනුදත් ලෙනින් විසින් කියා සිටින්නේ මෙසේයි.
    ”මාක්ස්ගේ න්‍යයයෙහි ප‍්‍රධාන කරුණ නම් පන්ති අරගලය යැයි බොහෝ විට කියනු ලැබේ. ලියනු ලැබේ. නමුත් එය වැරදිය. එම පමණක් නොව, මෙම වැරදි මතයෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් මාක්ස්වාදය බොහෝවිට අවස්ථාවාදී ලෙස වෙනස් කිරීමට සහ එය ධනපති පන්තියට පිලිගත හැකි ආකාරයට විකෘති කිරීමටද හේතු වන්නේය. එසේ වන්නේ පන්ති අරගලය පිළිබ`ද න්‍යාය මාක්ස් විසින් නොව, ඔහුට පෙර නිර්මාණය කරන ලද සහ සාමාන්‍යයෙන් කියතොත් එය ධනපති පන්තියට පිළිගත හැකි හෙයිනි. පන්ති අරගලය පමණක් දන්නා අය එපමණකින් මාක්ස්වාදීන් නොවෙති. ඔවුන් තවමත් ධනපති චින්තනයේ හා ධනපති දේශපාලනයේ සීමාවන් තුළ සිටිනු දක්නට ලැබේ. මාක්ස්වාදය පන්ති අරගලයේ න්‍යායට පමණක් සීමා කිරීම යනු, මාක්ස්වාදය කප්පාදු කිරීමක්, එය විකෘති කිරීමක් සහ එය ධනපති පන්තියට පිළිගත හැකිවන යමක් දක්වා බාල කිරීමක් වන්නේය. මාක්ස්වාදියෙක් වන්නේ පන්ති අරගලය පිළිබ`දව පිළිගැනීම, නිර්ධන පන්ති ආඥාදායකත්වය පිලිගැනීම දක්වා ව්‍යාප්ත (අවධාරණය කර ඇත) කරන තැනැත්තේ පමණි. මාක්ස්වාදියා සහ සාමාන්‍ය සුළු (එසේම ලොකු* ධනපතියා අතර ඉතාමත් ගැඹුරු වෙනස සංයුක්ත වන්නේ මෙයිනි. මාක්ස්වාදය ගැන නියම අවබෝධය සහ පිළිගැනීම පරීක්ෂා කිරීමට උපයෝගී කරගත යුතු උරගල මෙයයි.” – රජය සහ විප්ලවය – ලෙනින්
    නිදහස් මතධාරීන් හා ලිබරල් ධනවාදී කත්කඞීන් මෙහිදී මට අදාල නැත. අනාගතයේදී ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය විසින් ව්‍යවහාරිකව මාක්ස්වාදය ඔප්පු කරන්නේ කෙසේදැයි යන්න පිළිබ`ද පමණක් මෙහිදී අදාල කරගනිමි. පරණ වාමාංශිකයන් මෙන් ටොයෝටා වෑන් රථයකින් දේශපාලනය මනින මිම්ම පිළිබ`දව ලිවීම මා ගැන විචාරයට අදාල නොවේ. ඔවුන්ටද ඇත්තේ මෙම විවේචනයමය.

Comments are closed.