කුමාර හෙට්ටි ආරච්චි නීට්ෂේ උපුටා දක්වමින් සත්‍යය යනු භාෂාත්මක නිර්මිතයක් බව පවසයි. මාර්ටින් හෛයිඩෙගර් උපුටා දක්වන ඔහු භාෂාව විසින් මිනිසා පරිහරණය කරනු ලැබේ යැයි කියයි. එසේම ඩෙරීඩා උපුටන ඔහු වචන අර්ථ ගැනිවීමේදී සාහිත්‍ය කෘතියක් මගින්එක් අර්ථ කේන්ද්‍රයක් වෙනුවට අර්ථ කේන්ද්‍ර රාශියක් සාදන බව පවසයි.
කුමාර හෙට්ටි ආරච්චි ‘පාර(ජම්බු)ළ’ නමින් කවිපොතක් ලියා පසුගිය දිනෙක දොරට වැඩමවීය. කවි 117කි බොහෝ කවි නිසැඳස් වනඅතර ඉතා හොඳ සඳස් ද ඇත.
මම කවි කියවමි. ඔහුගේ කවි ද බොහෝමයක් කියවූවෙමි. ඔහුගේ පොතින් කාලෙකට පසු රහක් ඇති කවි ටිකක් කියවූයෙමි. රත්න ශ්‍රීවිජේසිංහ ගේ කවි පොත්වල ඇති සූකිරි කවි වලට වඩා රහක් ඇත. පොතේ පින්තූර මහ ගොඩකි. ඒ වැඩේටද මම කැමතිය. සෞන්දර්ය වි. විද්‍යාලයේ පුංචි බබාලට වඩා මහන්සිවී චිත්‍ර ටිකක් ඇඳ තිබුණි.
පොතේ ඇති හොඳම කවිය අම්මා ගැන ලියා ඇති කවියයි. ඔබ අම්මාට තරම් තාත්තාට ආදරය නැත යැයි සින‍ෙතන තරම් තාත්තා කවිය කැතය. අධ්‍යාපනය, මැයි දිනය, චුම්බකත්වය, සකුරා ගස් හා බ්‍රේක්නැති ගල්රෝල් ගැන ලීවත් ගාල්ලේ බෙලිගහ හංදියේ වතුරපයිප්පය ගැන කවි ලියා නැත. දුර ඔබට ළඟ වෙන්නත් ළඟ ඔබට දුර වෙන්නත් හේතුව ඔබගේ පිටස්තර කවි සිත යැයි මට සිතේ. එසේම ඔහු ගමට ආදරය කර ඇත්තේ හිතින් පමණක් වන නිසා විය හැක.
නමුත් මට අදාළ කාරණය මෙය නොවේ. කුමාර තම පොතේ “මගේ සිනමාව කවියයි” නමින් ලියන පෙරවදනේ ‘ද්‍රව්‍ය’ ගැන, වස්තූන් ගැන හා භෞතිකය ගැන බොහෝ වාරයක් සඳහන් කරයි. (ඒක නරක නැත.) ඔහු මේ අපට නොකියා කියන්නේ තමන් භෞතිකවාදියෙකු බවයි. (එයද හොඳය.)
“ද්‍රව්‍යමය උපකරණ මෙන්ම ද්‍රව්‍යමය පරිසරයද මිනිසා කෙරෙහි බලපානවා. එසේම මිනිසා නිපදවන උපකරණ මෙන්ම පරිසරයදසංස්කෘතික තේරුමකින් අර්ථ ගන්වන බව ඔහු පවසයි. නැවත “පරිසරය දයලෙක්තික ලෙස මිනිසා විෂයයෙහි අර්ථ සම්පාදනය කරනබව පෙනේ” යැයිද පවසයි.
මේ කියන්නේ ඔහුගේ හිත ගැනයි. හිත ඇතුළේ ඉන්නා ඩබල ගැනයි. ප්‍රශ්නය ඔහු තවමත් ලිහාගෙන නැත. කවි හිත මානව වාදීය. ඔහු ඉහත ඩෙරීඩා හෛයිඩගර් ආදීන් උපුටා දක්වන්නේ බොරුවටය. තම හිත රවටාගැනීමටය. ඇත්තටම කුමාර කිසිසේත්ම භෞතික වාදීනැත. ඔහු ඉන්නේ විඥානවාදී ස්ථාවරයකය.
කුමාර මහත්තයෝ භෞතිකය මිනිසා විෂයයෙහි කිසිවක් කරන්නේ නැත. භෞතිතිකය මිනිසා නැතිව වුවත් එය එසේම පවති.‍භෞතිකය යනු ‍භෞතිකය මය. තෝකියෝ දේදුන්න යනු තෝකියෝ දේදුන්න නොවේ. තෝකියෝ දේදුන්න තෝකියෝ දේදුන්නක් වන්නේ ඔබ ඒ ගැන හිතන්න පටන්ගත් මොහොතේ සිටය. නමුත් ඒ පිළිබඳ සිතුවිලි යනු භෞතිකයක් නොවේ. ඒවා පාර‍‍භෞතිකයන්ය. හරියට ඔබගේ කවිසිත වාගේමය. ඔබගේ ව්‍යාපාරික සිතටත් වඩා ඔබගේ කවිසිත පාර‍‍භෞතිකය.
ඔබට පේරාදෙණියේ දී තිබූ ඉතිහාසය වගේම වචන වලටද ඉතිහාසයක් ඇත. ඒ අනුව කලින් කලට වචනවල තේරුම වෙනස් වෙමින් හා විකාශනය වෙමින් හැඩ ගැසී ඇත. එම තේරුම් එලෙසම පිළිගැනීමට අපට බලකෙරී ඇත. හේතුව අපි උපදින්නේම තේරුම් ලබාදී ඇති ලෝකයකට වන හෙයිනි. ඔබ කවි ලියන භාෂාව ද සෑදී ඇත්තේ මෙම ‘අතීතයේ දී තේරුම් ලබා දී ඇති භාෂාවෙනි’.
අපට පෙර ‘ඔබගේ කවියක තිබෙනා සමාජවාදයට’ සමාජවාදය යනුවෙන් නමක් දී ඇත. එනිසා අපි එයට සමාජවාදය යැයි කියමු. අපට පෙර අපගේ දේශපාලන ලෝකය නම් කර ඇත. අපි ඒ නම්වලින් ලෝකය තේරුම් ගනිමින් සිටිමු. ඔබ ඒ ගැන හොඳ තත්වයේ කවිටිකක් ලියා ඇත. ඈත අතීතයේ සිට අද දක්වා අම්මා යන වචනයට ඇත්තේ අපට උපතේ සිට හුරු කරවනු ලැබූ අර්ථයකි.
ඔබේ කවිපොත හැර අනෙකුත් සියලුම කවිපොත්ද, ඔබේ සිංහල භාෂා මාධ්‍ය හැර අනෙකුත් සියලුම භාෂාවන්ද, ‘ඔබගේ කවිවල ඇතිවචන වලට ඇති තේරුම’ තේරුම් කර දෙනු ඇත. අපේ පන්සල මෙන්ම ටෝකියෝවේ ඇති පන්සල්ද ඔබගේ අම්මා යන කවි පෙළටඇති තේරුම තේරුම් කර දෙනු ඇත. ඔබ ලිඛිතව සඳහන් කර ඇති විශාල ගණනක් වූ මහාචාර්ය්‍යවරු මෙන්ම දේශපාලකයෝද, අපි වැනි මදාවියෝද ලංකාවේ මෙන්ම ජපානයේ සිටිනා කුපාඩියෝද වේසියෝද ඇතුළු සියල්ලෝම දැනටමත් ඔබගේ අම්මාට ඇති තේරුම සකස් කර හමාරය.
ඔබටත් මටත් පෙර ඔබත් මාත් දන්නා සියල්ල ‘නම් කර ඇත’. ඔබ අම්මා ට කවි කියන විට එයින් අදහස් වන්නේ එම වචනය පන්තියටම අයත් කතිකාව විසින් සාදා නිම කරන ලද readymade තේරුම ඔබ නැවතත් කියන බවයි. එසේ නැතිනම් කවි යනු පැරණි අර්ථයම ඇති වචන නැවත සකස්කොට ලියනවා යන්නයි. එනිසා ඔබගේ කවි අපූර්වත්වයෙන් යුතු වුවද ඒවා අළුත් ඒවා නොවේ.
ඔබ වැනි කවියන් ව්‍යාපාරිකයන් වන්නේ ද මේ ගැටුම නිසාය. ඔබ ජවිපෙට කැමතිවන්නේ ද මේ හේතුවෙනි. ජවිපේ මාක්ස්වාදී හෝසමාජවාදී නැත. කැත හිතෙන තරම් ජාතිවාදීය. නැවත වරක් ඩෙරීඩාම කියවන්න. එවිට ජවිපේ කැත ජාතිවාදීන්ට වඩා ඔබ හොඳමිනිහෙකු බව ඔබටම තේරුම් යනු ඇත.
කරුණාකර ඔබේ පාසැල්වල ඉගෙන ගන්නා අනුන්ගේ දරුවන්ට හොඳින් උගන්වන්න.
Maruwa

ඔබේ අදහස කියන්න...