මහේෂ් හපුගොඩ මෙවර සාකච්ඡා කරන්නේ දෘෂ්ටිවාදී විචාරය සමග පන්ති අරගලය සමපාත කිරීමේ ක්‍රියාවලියයි.

ජාතිවාදය උත්සන්නව පැවති 2012 වර්ෂයේදි සමන් පුෂ්පකුමාර සහ දීප්ති විසින් හේගල් සම්මන්ත්‍රණ හරහා එවකට විදාරණය කිරීමට උත්සහා කරන ලද්දේ වමාංශික ක්ෂතිජය වෙනස් වී ඇති බවයි.
අපි එදා නැවැත්වූ තැනින් අද නැවත පටන් ගැනීම කර ඇත.

21 වැනි සියවසේදී අප හමුවේ ඇති අභියෝග සහමුලින්ම 20 වැනි සියවසේ අභියෝග වලින් වෙනස්ය.නායකතවය පිළිබඳ ගැටළුව අතිශය විවාදසම්පන්න තත්වයකට පත්ව ඇත.
අපගේ මෙම සාකච්ඡාව සපුරා කේන්ද්‍රගත වන්නේ අනාගත කාඩර්වරු පුහුණු කිරීම ඉලක්ක කරගෙනය. මෙහි සාකාච්ඡා වන ගැටළු විශ්ව විද්‍යාල බුද්ධිමතුන්ට, සකර්බග්ට කඩේ යන විපරිතයන්ට, මාස්ටර්වරු සොයන ස්ත්‍රීන්ට අදාල නැත.

මෙම හඬපටය ඇසූ විට වැඩියෙන්ම ලජ්ජා විය යුත්තේ අපගේම සංවිධානයේ සහෝදරයින්ය.මන්දයත් හපුගොඩට ඉගැන්වූ පක්ෂ සහෝදරවරුන් දැනට පත්ව ඇත්තේ පාත්තයන්ගේ ස්ථාවරයටයි. කොමුයුනිස්ට්වාදීන් වන අපට උගන්වන්නේ කවුද? ඒ ඔනෑම කෙනෙකුගෙන් ඉගෙන ගන්න.

පක්ෂයට පැරණි සම්බන්ධයක් ඇති ඔහු “දේශපාලනය” දියුණු තැනකට තල්ලු කිරීමට දරණ තැතට අපහාස නොකර ප්‍රශංසා කරන්න!

එය අපගේ පක්ෂයේ උදාර උරුමයයි.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. Why, file not found. that’s real system of you or who? විහිළුවක්ද? පරීක්ෂණයක්? බැරිවීමක්ද? නැත්තං සුනාමිද?

Comments are closed.