[dropcap color=”blue”]ජි[/dropcap]නීවා හී පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරය ගැන ඕනෑවට වඩා කල්පනා කිරීම නිසා වාඩි වී සිටි පුටුවේම දයාන්ට නින්ද ගියේය. ඔහු දුටුවේ සුන්දර සිහිනයකි. එක්වරම එල්-සැල්වදෝරයට පියඹා ගිය ඔහු දුටුවේ පෑරා බුන්ඩි මාර්ටි ගරිල්ලා ව්‍යාපාරයේ සටන්කරුවන්,ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ලෙස L.T.T.E යට විරුද්ධව සටන් කරන ආකාරයයි. සිහිනය තවදුර යන විට සැල්වදෝර් සැන්චේස් සෙරේන් එල්-සැල්වදෝරයේ ජනාධිපති විය. පසුව අදහා ගත නොහැකි දෙයක් සිදු විය. අනුර කුමාර දිසානායක ලංකාවේ ජනප්‍රිය ප්‍රජාත්‍රාන්ත්‍රවාදී බලවේග වල නායකයා වී පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වාමාංශික ජනාධිපති විය. ඉන්පසු දෙමළ ජනයාට ඔහු ස්වයං-නීර්ණය අයිතිය ලබා දී ස්වර්ගයට යන ලදි. මේ මුළු සිහිනයේම ඔහු දුටු අනුර යනු ඔහුගේම ෆැන්ටසි රූපයක් බව පමණක් හාන්සි පුටුවේ දී දයාන්ට අමතක විය. නින්දෙන් අවධි වූ දයාන් පෑනක් සහ කොලයක් අතට ගෙන මේ සම්බන්ධයෙන් තඩි ලිපියක් ලියන්නට පටන් ගත්තේය. මේ ලිපිය කියවපු කිසිවකු එය දයාන් දුටු දවල් හීනයක් බව නොදන්නා නිසා මවිතයට පත් විය. එය සිහිනයක් බව දන්නේ දයාන් සහ සර්වබලධාරී දෙවියන් වහන්සේ පමණි.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මගෙත් එක හොද විනෝදාංශයක් තමයි කොලම්බු ටෙලිග්‍රාෆ් කියවන එක. ඒක කියෙව්වාම විනෝද සමය බැලුවාට වඩා හොද විනෝදයක් ලැබෙනවා.. ඒකෙ දේසපාලනය කතාකරන උන් උදේට කන්නෙත්,කක්කුස්සියෙ රෙන්නෙත්, වැඩට යන්නෙත්, බස් එකේ එන්නෙත්, කොටින්ම සහවාසය කරන්නෙත් දේශපාලනය සහ මානව හිමිකම් එක්ක කියලා හිතෙනවා.

Comments are closed.