2004 සිදුවීම මගින් අප සංවිධානයට අවබෝධකරනු ලැබුවේ පුද්ගල ආත්මය (Subject) සම්බන්ධව අධ්‍යනයට ඇති අවශ්‍යතාවය යි. ඊට හේතුව පුද්ගල ආත්මය දේශපාලනික හෝ සමාජීය හෝ ඕනෑම ආකාරයේ පොදු වැඩකදී දෘශ්‍යමාන තලයේදී (Appearance) ක්‍රියාත්මක වන ආකාරය සහ ආත්මියත්වය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව වටහා ගැනීමේ අවශ්‍යතාවය මතු වීමයි. එම අරමුණ සාක්ෂාත් කරණය සඳහා අප පක්ෂයේ නායක දීප්ති සහෝදරයා සහ එවකට අප පක්ෂයේ සාමාජිකයෙකු වූ සමන් පුෂ්ප කුමාර සහෝදරයා විසින් ජර්මානු විඥානවාදය (German Idealism) අධ්‍යනයට යොමු විය. එහි ප්‍රතිඵලය වුවේ අපගේ දේශපාලන ඥානය හේගලියානු දර්ශනය මගින් තව දුරටත් පෝෂණය වීමයි. සියලුම වාමාංශික පක්ෂයන් මාර්ක්ස් ගේ දර්ශනයට පමණක් ගමන් කරන විට සහ ඒ මතම පමණක් පරායත්ත වීම මගින් දේශපාලනයේ නියැලෙන විට අප කාන්ට් සහ හේගල් යන විඥානවාදීන් ගේ දර්ශනයට යොමු විය. ඒ ඔස්සේ නුතන සමාජය මෙන්ම දේශපාලනය තුළදී අපට අපගේ ආත්මය ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීමට හැකි විය. අප විසින් හදාරන්නට යෙදුන විඥානවාදී දාර්ශනික අදහස් සමාජගත කිරීමට උත්සයක් ගත් අතර එහෙයින් 2012 වර්ෂයේදී හේගල්ගේ දර්ශනය පිළිබඳ සම්මන්ත්‍රණ මාලාවක් ක්‍රියාත්මක කරන ලදී. එම වකවානුවේදී අනෙකුත් වාමාංශිකයන් විසින් ද හේතුවක් නොමැතිව මාර්ක්ස් කියවීම, නීට්ශේ කියවීම, කාන්ට් කියවීම වැනි සම්මන්ත්‍රණ ආරම්භ කලද ඒවා නොබෝ කලකින්ම අවසන් වුවේ ඔවුන්ටද ඔවුන්ගේ ක්‍රියාවන් පාරා වළල්ලක් වීමෙනි. එය අප විසින් ලබාගත් විඥානවාදී අදහස් තව දුරටත් තහවුරු කරන්නක් විය.

2013 වර්ෂයේදී සමන් පුෂ්ප කුමාර සිය ආචාර්ය උපාධිය සඳහා ‘චෙක් ජනරජය’ වෙත ගිය අතර ඔහු නැවත පැමිණියේ අපගේ පක්ෂයෙන් ඉවත් වීමේ තීන්දුවත් රැගෙනය. සමන්ගේ ආචාර්ය උපාධිය හේගලියානු දයලෙක්තිකය සම්බන්ධයෙන් උවත් ඔහුටද ඔහුගේ ආත්මයේ ස්වයං බාධාව අවබෝධ නොවීම ඔහු සම්බන්ධයෙන් පුදුමයට කරුණක් වුවද එය අපට පුදුමයක් නොවන්නේ හේගලියානු අවබෝධය නිසාය. මන්ද ඔහු අපගෙන් ඉවත් වීමේ ඔහුගේ හේතුව ඔහුටද සවිඥානික නොවන බැවිනි.  

මුල් කාලින මාර්ක්ස් සහ අල්තුෂර් ඇතුළු දාර්ශනිකයන් විසින් දෘෂ්ටිවාදී විචාරය දැනුම මත පදනම් වුවක් ලෙස සලකන ලදී. එනම් දෘෂ්ටිවාදී විචාරය අර්ථයේ ලෝකය තුළ වටහා ගැනීමට යාමයි. එහි සරළ අර්ථය නම් ලෝකය පිළිබඳ මා තුළ පවතින දැනුමේ අඩුපාඩුව ඉවත්කරගත් විට ලෝකය නියම ආකාරයෙන් දැකිය හැකිය යන්නයි. එමගින් යථාර්තය අර්ථ සහිත දෙයක් ලෙස වටහා ගැනීමක් සිදුවිය. ධනවාදය ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරන විට දෘෂ්ටිවාදය අර්ථයේ මානයෙන් හිස්තැනක් (lack) වටා ගොනු වීම සිදු විය. මාර්ක්ස් හෝ අල්තුෂර්ගේ දෘෂ්ටිවාදී විචාරය ඔස්සේ මෙම නව ප්‍රවණතාවය වටහා ගැනීමට නොහැක. මන්ද වර්තමානයේ ධනවාදී සමාජය තව දුරටත් අර්ථ සපයන්නක් නොව හිස් තැනක් පමණක් වන බැවිනි. එය පුද්ගලයාට අර්ථය වෙනුවට විනෝදය(Enjoyment) සපයයි. X පාසලින් ඉවත්ව ගිය හෝ ඉන් පිටත සිටින බුද්ධිමතුන් දෘෂ්ටිවාදී විචාරය ලෙස සලකන්නේ අර්ථයේ මානය පමණකි. මෙම බුද්ධිමතුන් ජිජැක්, ලැකාන්, වැනි නම් භාවිතා කලද ඔවුන්ගේ දර්ශනය නොදන්නා බැවින් තව දුරටත් අර්ථ ලෝකය තුළින් ලෝකය පැහැදිලි කරයි. මේ පිළිබඳ සාක්ෂි අවශ්‍ය අයෙක් වෙතොත් විදර්ශන කන්නංගර හෝ පුබුදු ජාගොඩ විසින් සිදුකරන සමාජ විචාරයන් කියවා බැලිය හැකිය.

මෙම ලිපිය තුළින් උත්සහ කරන්නේ දෘෂ්ටිවාදී විචාරය හේගලියානු දර්ශනය තුළින් පැහැදිළි කිරීමට අවශ්‍ය ආරම්භයක් ලබා දීමටයි. ඒ පිළිබඳ ක්‍රමික අධ්‍යනයක් මෙතැන් සිට සිදු කිරීමට බලාපොරොත්තු වේ.  

නුතන දර්ශනය ආරම්භ වන්නේ රෙනේ ඩේකාර්ට් නමැති දාර්ශනිකයාගේ බුද්ධිවාදී දර්ශනයෙනි. ඩේකාර්ට් විසින් මධ්‍යතනික අධානග්‍රහිත්වයෙන් මිදී නව දාර්ශනයක් ඉදිරිපත් කරන්නට විය. එය සැකය (doubt) තුළින් නිර්මිත දර්ශනයකි. ඩෙකාර්ට් විසින් සිය දර්ශනය තුළින් ද්වෛතවාදයක් (Dualism) ඉදිරිපත් කරන ලදී. එමගින් ඔහු විසින් ලෝකය ආත්මය(මනස) සහ ප්‍රපංචය(වස්තුව) ලෙස දෙකඩ කිරීමක් සිදු කරන ලදී. නුතන දාර්ශනිකයන් විසින් එනම් බුද්ධිවාදී දාර්ශනිකයන් වන ස්පිනෝසා ලයිබ්නිට්ස් යන දාර්ශනිකයන් විසින් කාටිසියානු ද්වෛතවාද විසඳීමට උත්සහ කළේය. එහිදී ස්පිනෝසා විසින් ඒකත්වය තුළින් ද්වෛතයෙන් අද්වෛතයක් වෙත යාටමට උත්සහ ගත් අතර ලිබ්නිට්ස් විසින් තන්මාත්‍රා (Monads) ඔස්සේ අද්වෛතවාදයක් ඉදිරිපත් කිරීමට උත්සහ ගන්නා ලදී.

බුද්ධිවාදීන් ඥානය ලබාගැනීමට බුද්ධිය නැතහොත් තර්කය පමණක් වැදගත් බව දක්වන ලද අතර ඊට ප්‍රතිපක්ෂ ගුරුකුලයක් ලෙස ජෝන් ලොක් ගේ දර්ශනයෙන් අනුභුතිවාදය ඉදිරිපත් විය. අනුභූතිවාදය තුළින් ඥානය ලබාගැනීම සඳහා අනුභුතියේ වැදගත්කම අවධාරණය කරන ලදී. බුද්ධිවාදී සහ අනුභූතිවාදී දාර්ශනිකයන්ගේ දාර්ශනික අදහස් එක් කොට නව දර්ශනයක් ඉදිරිපත් කිරීමට කාන්ට් නමැති දාර්ශනිකයා සිදු කරන ලදී. කාන්ට් විසින් කාටිසියානු ද්වෛතවාදය විසිඳීමට උත්සහ ගැනීමක් නොකර ලද අතර එම ද්වෛතය තව දුරටත් සංකීර්ණ කිරීම සිදු කරන ලදී.

කන්ටියානු දර්ශනය තුළදී ආත්මය මෙන්ම ප්‍රපංචය ද තව දුරටත් කණ්ඩනයට ලක්කරන ලදී.

ඩේකාර්ට් විසින් දෘශ්‍යමාන වස්තුව සහ ආත්මය ලෙසට වෙන්කරන ලද ලෝකය නැවත කාන්ට් විසින් වෙන් කරයි. එහිදී ආත්මය මෙන්ම වස්තුවද නැවත කොටස් දෙකකට බෙදන ලදී. ආත්මය අනුභූතික ආත්මය සහ සංවිජානයේ අනුභූති උත්තර ආත්මය ලෙස ද වස්තුව අනුභූතික වස්තුව හෙවත් ප්‍රපංචය සහ අනුභූතික උත්තර වස්තුව හෙවත් නිෂ්ප්‍රපංචය වශයෙන් නැවත බෙදා ඇත.

                                     ඒ අනුව දෘශ්‍යමාන ආත්මයට ඔබ්බෙහි සංවිජානයේ අනුභූති උත්තර ආත්මයක් පවතින අතර අනුභූති වස්තුවට ඔබ්බෙහි අනුභූතික නොවන වස්තුවක්ද ඇත. එබැවින් ආත්මයට බාහිර වස්තුව වටහා ගැනීමට නොහැකිවාක් මෙන්ම ආත්මය වටහා ගැනීමට ද නොහැකිය. පුද්ගලයා වස්තුවක් වටහා ගැනීමට යාමේදී ඉන්ද්‍රිය දත්තයන් (sense data) මනසේ ප්‍රවර්ග 12ක් ඔස්සේ ගමන් කරන බැවින් අප ප්‍රත්‍යක්ෂ කරන්නේ සෑම විටම මනසේ ප්‍රවර්ගයන් මගින් ඉදිරිපත් කරන වස්තුවයි. මේ නිසා මෙම වස්තුව මානසික වස්තුවක් වන අතර යථාර්තය තුළ වෙනස් නොවන වස්තුවක් පවතී. අපට වස්තුවේ එහි එහිම ස්වරුපය දැනගත නොහැකි ප්‍රපංචයක් හෙවත් නිශ්ප්‍රපංචයක් වන්නේ මේ නිසාය. මෙම අදහස කාටිසියානු ද්වෛතය සංකීර්ණ කිරීමක් ලෙස දක්වන්නේ එබැවිනි. සාමාන්‍ය මිනිසා කාටිසියානු ආකාරයට සිතුවත් කාන්ට් දක්වන්නේ අපට යථාර්තය පුර්ණ ලෙස ඥානනය කල නොහැකිවාක් මෙන්ම යථාර්තය ලෙස වටහා ගන්නේ අපගේ මනස මගින් ඉදිරිපත් කරනු ලබන වස්තුවක් බවයි.

                                     හේගල් නමැති දාර්ශනිකයා 18 වන සියවසේදී කාන්ටියානු විඥානවාදය තව දුරටත් වර්ධනය කරන ලදී. මෙහිදී කාන්ටියානු ආත්මය සහ වස්තුව අතර බෙදුම තව දුරටත් සංකීර්ණ කිරීම තුළින් ප්‍රබල විඥානවාදයක් ඉදිරිපත් කරන ලදී.         

                                     හේගල් ආත්මය යන්න හිස් (Empty) දෙයක් ලෙස සලකයි. මෙම හිස් ආත්මය පුද්ගලයාගේ චින්තනය විසින් අන්තර්ගතයකින් (Content) පිරවීමට උත්සහ ගනු ලැබේ. නමුත් මෙම උත්සාහය සෑම විටම අසමත් වන අතර මේ නිසා පරිපුර්ණ නොවන ක්‍රියා සන්තතියක් මගින් ඉදිරියට ගමන් කරයි. එහි ප්‍රතිඵලය වන්නේ පුද්ගල ඥානය වර්ධනය වීමයි.

                                     එසේම හේගල්ට අනුව පුද්ගල ආත්මය එයටම සමාන නොවේ. මන්ද යත් පුද්ගල ආත්මයේ ව්‍යුහය වන්නේ තර්කය (Logic) වන අතර එයින් ආත්මය ආත්මයටම අසමාන වේ. එය S ≠S ලෙස සුත්‍ර ගතකල හැකිය. ආත්මය තුළ ඇත්තේ ප්‍රතිවිරෝධයන් (Contradiction) වේ. ආත්මය සෑම විටම එහි අනන්‍යතාවයට සමාන නොවේ. ආත්මය විසින් අත්කර ගනු ලබන අනන්‍යතාව සහ බාහිරට ප්‍රකාශ වන්නාවූ අනන්‍යතාව අතර ඇත්තේ තද්භාවයක් (identical) නොව ප්‍රතිවිරෝධයක් වේ. නමුත් එදිනෙදා ජීවිතයේදී පුද්ගලයා කටයුතු කරන විට ආත්මය ආත්මයට සමාන වේ යන අනන්‍යතා වාදය පිළිගත්තද හේගල් විසින් එය බැහැර කරන්නේ උක්ත තර්කයට අනුවය. එසේම මෙම ඥානයට අනුව වස්තුව යනු මානසික වස්තුවක් වන අතර එය යථාර්ථයේ වස්තුව ලෙස සැලකීමද නොමග යවන සුළු අදහසකි.  

                                     හේගලියානු දර්ශනයට අනුව අපට ඕනෑම දෙයක අර්ථය ලැබෙන්නේ පසු ආවර්තිව වේ. එනම් යම් සිදුවීමක් සිදුවන විට අප එයට අර්ථයක් ලබා නොදුන්නද එය අවසානයේදී අර්ථයක් ලබාදීම සිදු කරයි. එනම් යමක් සිදු වන විට ලබාදෙන අර්ථයට වඩා වෙනස් අර්ථයක් එම සිදු වීමෙන් පසුව අපට ලැබේ. එය පසු අවර්තිත මායාවක් (Retroactive illusion) ලෙසද හැඳින්විය හැකිය. මෙම සංකල්පය උදාහරණයක් මාර්ගයෙන් පැහැදිලි කල හැකිය.

                                     X කණ්ඩායම ආරම්භ කිරීම සහ එහි න්‍යායික වර්ධනය කලේ දීප්ති විසිනි. 2004 වර්ෂයේදී X කණ්ඩායම කණ්ඩනය වීම මගින් සිදු වුවේ X කණ්ඩායම යනු දීප්ති යන අර්ථය බිඳ දමා සංවිධානයෙන් ඉවත් වූ විමතිකයන් X කණ්ඩායම වෙනත් ආකාරයකින් අර්ථකථනය කිරීමයි. එම පසුඅවර්තිතය, x සිදුවීම සිදු වන විටදී පැවති අදහසක් නොව සිදුවීමෙන් පසුව නිර්මාණය කල අදහසකි. 

                                     මෙම පසු අවර්තිතය තවත් ඓතිහාසික උදහරණයක් මගින් පැහැදිලි කල හැකිය. හිට්ලර් විසින් යුදෙව් සංහාරය සිදු කරන අවස්ථාවේදී එය යුදෙව්වන් විසින් හෙලා දැකීම සිදු කලද දෙවන ලෝක යුද්ධය නිම වීමෙන් පසුකාලීනව ඊශ්‍රයලය යුදෙව්වන් විසින් හිට්ලර්ගේ සංහාරය වඩාත් ධනාත්මක (Positive) දෙයක් ලෙස සලකනු ලබයි. මක්නිසාද යත් ඊශ්‍රයලය නමැති දියුණු රාජ්‍ය හිට්ලර්ගේ යුදෙවු සංහාරයේ ප්‍රතිඵලයක් ලෙස සලකන බැවිනි.

                                     මේ ඔස්සේ හේගලියානු දයලෙක්තිකය (Hegelian dialectics) වෙත ගමන් කල හැකිය. හේගලියානු දයලෙක්තිකය ට අනුව ඕනෑම දෙයක ඒ දෙයට ප්‍රතිවිරුද්ධ දෙය ඒ තුළම අඩංගු වේ. එනම් පරිපුර්ණ යැයි සිතන ඕනෑම සංකල්පයක් තුළ එම සංකල්පයට ප්‍රතිවිරුද්ධ දෙය ඒ තුළම අඩංගු වන බවයි. නමුත් මනස විසින් සිදු කරන්නේ මෙම පරස්පර විරෝධය සමනය කිරීමට උත්සහ ගැනීමයි.

                                     හේගලියානු දයලෙක්තිකය යම් ආකෘතියකට ගොනු කිරීමට පසුකාලීනව චින්තකයන් උත්සහ දරා ඇත. ඔවුන්ට අනුව මනස මුලික ආකෘති 3ක් ඔස්සේ ගමන් කරයි. ඒ

    1 වාදය (thesis)- සංකල්පය

    2 ප්‍රතිවාදය(antithesis)- එම සංකල්පයට ප්‍රතිවිරුද්ධ සංකල්පය

    3 සහවාදය(synthesis)-  සංකල්පය සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙයෙහි සංකලනය

                                     ඉහත ආකෘතිය හේගලියානු ආකෘතිය නොවේ. මන්ද හේගලියානු දයලෙක්තිකය තුළ සහවාදයක් ගොඩනැගීමට නොහැකි බැවිනි.

                                     ඉහත කරුණ උදාහරණයකින් වටහා ගැනීමට උත්සහ ගමු. Fritz Lang විසින් අධ්‍යක්ෂණය කරන ලද The Women in the window චිත්‍රපටය ඔස්සේ පැහැදිලි කර ගැනීමට උත්සහ ගනිමු.

                                     මෙම චිත්‍රපටය තුළ මහාචාර්ය වරයෙකු සිටින අතර ඔහු ඉතා විනීත ගුණගරුක අයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු මහත්මයෙකි. නමුත් චිත්‍රපටයේ එක නිමේෂයකදී එම ගුණගරුක මහත්මයා මිනීමරුවෙකු බවට පත්වේ. චිත්‍රපටය අවසන් වන්නේ ඔහු විසින් සිදුකල මිනීමැරුම වනාහි ඔහුගේ සිහිනයක් (Dream) පමණක් වන බව දක්වමිනි. මෙම චිත්‍රපටයේ මහාචාර්ය වරයාගේ චරිතය උක්ත පද්ධතියට අනුව විග්‍රහකළහොත් එය මෙසේය.

වාදය- විනීත මහාචාර්යවරයා (හොද)

ප්‍රතිවාදය- මිනීමරු මහාචාර්ය වරයා (නරක)

සහවාදය-  විනීත වුවත් අවිනීත ගතිගුණ ඇති මහාචාර්ය වරයා හෝ අවිනීත වුවත් විනීත ගතිගුණ ඇති මහාචාර්ය වරයා.

                                     උක්ත පද්ධතිකට අනුව නරඹන්නියගේ දෘෂ්ටිකෝණය සහවාදයකට පැමිණෙන්නේ ඉහත ආකාරයට වේ. මෙය ආප්තයක් තුළින් පෙන්වා දිය හැක. “සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇත.”  චිත්‍රපටය නරඹන්නිය සිතන්නේ මහාචාර්ය වරයාගේ ආත්මය සාරයක් සහිත වන බවයි. එම ඇතැයි උපකල්පනය කරණු ලබන සාරයට ප්‍රතිවිරුද්ධ දෙයක් දුටු විට මනස විසින් උත්සහ කරන්නේ එම ප්‍රතිවිරෝධයන් සමනය කරලීම මගින් සහවාදයක් තනා ගැනීමට ය.

                                     නමුත් හේගලියානු දයලෙක්තිකය ට අනුව ගත්කල මහාචාර්ය වරයාගේ ආත්මය හිස් ය. මේ නිසා ඔහුගේ ආත්මය ඕනෑම සාරයකින් පිරී යාමට ඉඩ ඇත. එබැවින් උක්ත මහාචාර්ය වරයා හොද යැයි පමණක් ගැනීම නොමග යවන සුළු වේ. මහාචාර්ය වරයාගේ ආත්මය තුළ වඩාත් ප්‍රමුක වන්නේ කුමක්ද යන්න තීරණය වන්නේ අර්ථයේ මානයෙන් නොව විනෝදයේ මානයෙන් වේ. මෙය මනෝ විශ්ලේශයනට අනුව පැහැදිලි කරනේ නම් පුද්ගලයාගේ ආත්මියත්වය තුළ ඔහුට වඩාත් විනෝදයක් ලබාදෙන්නාවූ සංකල්පය ප්‍රමුඛ වේ. මෙය අවිඥානික ක්‍රියාවකි. නමුත් සවිඥානික තලයේදී මොහු යථාර්තයට නිරාවරණය වන්නේ ආත්මියත්වයට පරස්පර ලෙසය.

                                     හේගලියානු දර්ශනය තුළ සාකච්ඡා කරනු ලබන සාරාර්ථය (Substance) යන සංකල්පය ස්පිනොසාගේ දර්ශනයෙන් ලබාගන්නා ලද්දක් වේ. ස්පිනෝසා විසින් කාටිසියානු ද්වෛතවාදය විසඳීම සඳහා ගත් උත්සාහයේදී සාරාර්ථය යන සංකල්පය භාවිතා කරන ලදී. මෙහිදී ඔහු සාරාර්ථය වශයෙන් අදහස් කරන ලද්දේ “එයිම වූ හා එයින්ම හටගත්” (that which is in itself and consider through itself) යන්නයි. ස්පිනෝසාට අනුව පවතින්නේ එකම එක සාරාර්ථයක් වේ. එනම් දෙවියන් හෙවත් ස්භාවධර්මය යි. ස්පිනෝසා මෙමගින් සර්වේෂ්වර වාදයක් ඉදිරිපත් කරන ලදී. නමුත් හේගල් ස්පිනෝසාගේ සාරාර්ථය ආත්මය ලෙස සලකයි. එනම් හේගල් විසින් සාරාර්ථය යනු දෙවියන් නොව ආත්මය බව දක්වයි. මන්ද ආත්මයට ඇත්තේ එහිම වූ චලනයක් හෙවත් ස්වයං චලනයක් වේ.

                                     පුද්ගලයා විසින් යම් වස්තුවක් පිළිබඳව සිතීමේදී එම වස්තුව පිළිබඳව තමන් තුළ ඇති සංකල්පය ස්වාර්ථක (in itself) සංකල්පයක් ලෙස හඳුන්වයි. ස්වාර්ථක සංකල්පය යථාර්තයට බහිශ්කරණය කිරීමෙන් එය පරාර්ථක සංකල්පයක් (On itself) වෙයි. වස්තුව බාහිර යථාර්තය තුළ පවතින ආකාරය ප්‍රපංචය හා නිෂ්ප්‍රපංච ලෙස බෙදී ඇති බැවින් යථාර්තය තුළ පවතින වස්තුව අප වස්තුව ලෙස වටහා ගන්නේ ස්වාර්ථක හා පරාර්ථක සංකල්පයන්ගේ සංකලනයෙන් බිහිවන ඕපපාතික සංකල්පයක් ලෙසින් වේ.(in and for itself). ඕපපාතික අවස්ථාවේදී සිදුවන්නේ අපගේ මනස විසින් ස්ව සංකල්පය සහ පරාර්ථකය අතර සංකලනයක් නැතිනම් ප්‍රතිවිරෝධය සමනය කිරීමට උත්සහ ගැනීමයි.
                                     මෙම ක්‍රියාවලිය තුළදී වස්තුව යනුවෙන් අප සිතන්නේ අපගේ මනස මගින් නිර්මාණය කරන ලද වස්තුවකි. එසේත් නැතිනම් යථාර්තය යනු තමාගේ මනස විසින් නිර්මාණය කරන ලද සංකල්පයක් ලෙස වටහා ගනී. පුද්ගල මනස විසින් නිර්මාණය කරන සාරාර්ථය බහිශ්කරණය කිරීමෙන් එම සංකල්පය යථාර්ථයේ සත් ලෙස පවතී යයි සිතයි. එනම් තමන්ගේ සාරාර්ථය නැවත වරක් යථාර්තය ලෙස තමාටම අභිමුඛ වීමයි. එහිදී පුද්ගලයා සිතන්නේ එම සාරාර්ථය තමන්ගේ නොවන බාහිර යථාර්ථයේ දෙයක් බවයි. මේ නිසා එය ඕපපාතික වේ.

                                     උදාහරණයක් මගින් පැහැදිළි කරන්නේ නම් අපි විසින් X නමැති පුද්ගලයා හොද අයෙකු ලෙස සිතයි. නමුත් යථාර්තය තුළදී X ක්‍රියා කරන්නේ අපගේ සිතීමට ස්වාධීනව සහ ඊට ප්‍රතිවිරුද්ධව නම් එහිදී අප විසින් සිදු කරන්නේ හොද X සහ යථාර්ථයේ නරක X අතර පාලමක් තැනීමට උත්සහ දැරීමයි. මෙය සෑම විටම පරිපුර්ණ වන ක්‍රියාවක් නොව නැවත නැවත ක්‍රියාත්මක වන්නක් වේ. අප වීසින් නිර්මාණය කරන සාරාර්ථය සහ යථාර්ථයේ ඇති වස්තුව අතර කිසිඳු සම්බන්ධයක් නැත.

                                     එසේ නම් වස්තුවට අපගේ මනසින් පරිබාහිරව එයටම වෙන්වූ සාරයක් සහිත පවතීද? නැත. අප සහ වස්තුව යනු හිස් ආත්මයන් වේ. ආත්මය කරන්නේ මෙම හිස්බව පිරවීම සඳහා සරාර්ථයන් ගොඩනැගීම වේ. මෙම සාරාර්ථය වස්තුවට ප්‍රක්ෂේපනය කරයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ආත්මය විසින් වස්තුව තුළ සිට වස්තුව නැරඹීම නිසා වස්තුවට එයටම වෙන්වූ සරාර්ථයක් සහිත බව සිතීමයි.

වස්තුව තුළ සිට නැරබීම අපට කළුවර කාමරයක් තුළ සිට කළුවර කාමරය නැරඹීමට සමාන කල හැකිය. නරඹන්නෙක් නොමැති නම් කළුවරද නොපවතී.

                      හේගලියානු දර්ශනය මගින් සිදුවන්නේ ට්‍රොස්කිවාදී යථාර්තවාදී සංකල්පය බිඳ වැටීමට ලක්වේ. ට්‍රොස්කිවාදීන් තර්ක කරන්නේ පුද්ගලයාගෙ මනසින් පරිබාහිරව යථාර්තයක් පවතින බවත් එය අවබෝධ කරගත යුතු බවත් ය. එම යථාර්තය අවබෝධකර ගැනීම සඳහා උත්සහ ගැනීමේදී ඇතිවන බාධාවන් යනු බාහිර බාධාවන් ලෙස ඔවුන් සලකනු ලබයි. මේ නිසා ට්‍රොස්කි වාදීන් උත්සහ කරන්නේ යථාර්ථයේ පවතින බාධාවන් ඉවත්කර යථාර්තය මුළුමනින්ම ඥානනය කිරීමයි.

                      නමුත් හේගල් පෙන්වා දෙන ආකාරයට යථාර්තය යනුවෙන් ස්වාධින දෙයක් නොපවතින බවත් යථාර්තය යනුම පුද්ගල ආත්මයේම නිර්මාණයක් බවයි. මේ නිසා යථාර්තය තේරුම් ගැනීමට යාමේදී ඇතිවන බාධාවන් යනු පුද්ගල ආත්මියත්වය විසින් නිර්මාණය කරන අභ්‍යන්තරික බාධාවන් වේ. වාස්තවික යථාර්තයක් නොමැති අතර පවතින්නේ ආත්මීය යථාර්තයක් වේ. මෙය ජිජැක් (Zizek) නමැති දාර්ශනිකයාගේ උදාහරණයකින් දක්වන්නේ නම් ඊජිප්තු වාසීන්ගේ රහස අපට මෙන්ම ඔවුන්ද දන්නේ නැත. අප විසින් යථාර්ථයේ ඊජිප්තු වාසීන්ගේ රහසක් ඇතැයි සිතනු ලැබුවත් එය ඔවුන්ද නොදන්නා රහසක් වේ. 2009 වර්ෂයේ යුද්ධය අවසන්කර ප්‍රභාකරන්ගේ සිරුර රැගෙන එනවිට ඔහුගේ කලිසම ගලවා නිරුවත් කරමින් සෙවීමට උත්සහ ගත් ප්‍රභාකරන්ගේ රහස යනු සිංහලයාගේ ආත්මියත්වයේ නිර්මාණයකි. ප්‍රභාකරන්ගේ පාර්ශවයෙන් බලන්නේනම් ඔහුටද එය රහසකි. සිංහලයා විසින් සිතන්නේ මුස්ලිම් මිනිසා සතුව යම්කිසි සාරයක් පවතින බවයි. නමුත් මුස්ලිම් මිනිසාටද ඔහුගේ සාරය රහසකි. මෙයට හේතුව වන්නේ වස්තුවත් ආත්මයත් බෙදී පැවතීමයි.

                      යථාර්තය සම්බන්ධ මෙම ඥානය පැහැදිලි කිරීම සඳහා  කරුණාසේන ජයලත් මහතා විසින් රචිත ගොළුහදවත නවකතාව ගත හැකිය. ට්‍රොස්කිවාදීන් මෙම නවකතාව ඉතා බොළඳ නවකතාවක් ලෙස ගැරහීමට ලක්කලේ යථාර්තය පිළිබඳ ඔවුන්ගේ හේගලියානු නොදැනුම හේතුවෙනි. නවකතාව තුළ සියලු දෙනාටම ගැටලුව වුවේ දම්මිගේ ආශාව කුමක්ද? යන්නයි. එය නවකතාවේ සුගත්ට මෙන්ම විචාරකයන්ට ද ගැටළුවක් විය. ධම්මිට අවශ්‍යව ඇත්තේ කුමක්ද? සුගත්ව ලබා ගැනීමටද? නැතහොත් ඔහුව අතහැරිමටද? . සුගත් ඇතුළු සියලු දෙනාම අමතක කර දමන්නේ ධම්මිගේ ආත්මියත්වයයි. නැතහොත් අවිඥානය වේ. ධම්මිගේ ආත්මය හිස් ආත්මයකි. මෙම හිස් බවින් මිදීමට ආත්මය විසින් සුගත් කෙනෙකු නිර්මාණය කරයි. එම සුගත් නමැති සංකල්පය ස්වාර්ථක සංකල්පයකි. නමුත් දම්මි සිතන්නේ සාරයක් සහිත සුගත් කෙනෙකු සිටින බවයි. ඒ ඔස්සේ සාරයන් දෙක එකක් ලෙස චින්තනය විසින් එකතු කරන අතර එමගින් ඕපපාතික සුගත් කෙනෙකු බිහිවේ. යථාර්තයේ සිටින සුගත් විසින් එම ඕපපාතික සුගත් සඳහා සිය ශරීරය ලබා දෙයි. ඒ අනුව සුගත් යනු ධම්මිගේ සාරයේ ප්‍රක්ෂේපනයක් වන අතර එම සාරය යථාර්තයේ සිටින සුගත් සමඟ සම්බන්ධයක් නොමැත. යථාර්තයේ සුගත් යනු ආකෘතියක් පමණකි. යථාර්තය තුළ ධම්මි විසින්  සුගත්ව ලබාගැනීමට පෙරුම් පුරන්නියක් වුවත් ආත්මියත්වය තුළ ඇයට සිය ආශාව පවත්වාගෙන යාමට අවශ්‍ය වේ. මන්ද ආශාව ඉටු වුවහොත් ආත්මය මියයන බැවිනි.  මේ නිසා ධම්මිගේ ආත්මියත්වය තුළ සුගත් ලබාගැනීමට නොහැකි බාධාවක් ඇති කරයි. යථාර්ථයේ සිටින සුගත් යනු ධම්මිගේ ආශාවට අතදිගු කර බාර ගන්නා ශරීරයක් පමණක් බැවින් මේ නිසා සුගත් යනු වංකගිරියක අතරමං වුවෙක්  වන අතර ධම්මිගේ ආශාව රඟ දැක්වීමට ගොස් අවසානයේ මකුළු දැලක පැටලී යයි. සුගත් අමතක කරන්නේ ධම්මිගේ අවිඥානය වේ. ධම්මි විනෝද වන්නේ සුගත් ලැබීම ඔස්සේ නොව ඔහු නොලැබෙන්නක් බවට පත්වීම මගින් හටගන්නා වේදනාත්මක සතුට තුළින් වේ. මේ නිසා ඔහු විසින් සිතන ධම්මිගේ ආශාව යන්න ඔහුට මෙන්ම ධම්මිට ද රහසක් නැතිනම් අවිඥානික ය.

                      මෙම ඥානය ඔස්සේ දීප්ති යනු කවුරුන්ද? පිළිබඳ හන්දිගානේ අහුමුලු වල නිර්වචන සපයන මහාචාර්ය වරයාටද පිළිතුරක් ගොනුකර හැක. දීප්ති යනු කවුරුන්ද යන්න ඔබ පමණක් නොව දිප්තිද නොදන්නා දෙයකි. එබැවින් ඔබ විසින් දීප්ති කවුරුන්ද යනුවෙන් කරන නිර්වචන ඔබගේම ආත්මියත්වයේ නිර්මාණයන් වේ. ඒවා දීප්තිට සම්බන්ධ නැත.

                      හේගලියානු දර්ශනයට අනුව ඇත්තේ ආත්මයේ හිස් බවක් පමණි. එසේනම් හිස් බව වටා ගොඩ නැගෙන සමාජය යනු අර්ථය ලබාදෙන්නක් නොවේ. ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව එවන් සමාජයක් යනු අතිරික්ත විනෝදය සපයන සමාජයකි. මෙවන් සමාජයක පුද්ගලයන් වේදනාත්මක සතුට හෙවත් අතිරික්ත විනෝදය(Surplus Enjoyment) වෙත යොමු වේ.  පුද්ගලයා අතිරික්ත විනෝදයට බැඳෙන්නේ අවිඥානිකව වේ. එහෙයින් මෙවැනි සමාජයක පුද්ගලයන් වටහා ගැනීමට අතිරික්ත විනෝදය සහ අවිඥානය යන ලැකානියානු මුලික සංකල්පයන් දෙකම අවශ්‍ය වේ. මෙම සංකල්පයගෙන් එකක් හෝ මගහැරීමෙන් සිදු වන්නේ දෘෂ්ටිවාදී විචාරය අසමත් වීමයි.

                      දේශපාලනික තලයේ උදාහරණයක් වෙත හේගලියානු ඥානය ගෙන එන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු වාමාංශිකයන් විසින් මේ මොහොතේ සිදු කරමින් සිටින දෙය දැක්විය හැකිය. ජ.වී.පෙ. ඇතුළු වාමාංශිකයන් විසින් ජනතාව සමඟ ගණුදෙණු සිදු කරන්නේ යථාර්තය තුළ සිටය. ඔවුන් එය අර්ථයේ මානයෙන් තේරුම් ගැනීමට උත්සහ කරයි. ජනතාවට පවතින පාලනය ගැන දැණුම ලබා දීම තුළින් පවතින පාලනය පෙරලා දමා යහපත් සමාජයක් වෙත යාමට හැකි යයි ඔවුන් විස්වාස කරයි. ජනතාවට සිදුවන පීඩනයන් සහ ජනතාවට ඇති ගැටළු විසඳීමට උත්සහ ගන්න අතර ඔවුන් එමගින් ජනතාවට අවශ්‍ය දේ ලබාදීමට උත්සහ ගනී. නමුත් සෑම මැතිවරණයක් තුළදීම ජ.වී.පෙ. ඡන්ද පදනම ඛාදනය වන්නේ ඔවුනටද එය තේරුම් ගැනීමට නොහැකි දෙයක් බවට පත්කරමිනි. සම්ප්‍රධායික වාමාංශිකයන් සෑම විටම සිතන්නේ මෙයට හේතුව යථාර්ථයේ ඇති ගැටලුවක් බවයි. ඔවුන් අමතක කරන්නේ ලංකාවේ මහජනතාවට ආත්මියත්වයක් හෙවත් අවිඥානයක් ඇති බවයි. මේ නිසා දශක ගණනාවක් ජ.වී.පෙ. ඇතුළු සියලු වාමාංශිකයන් අසමත්වන අතර ජනතාවගේ සතුරන් ලෙස පෙන්වා දෙන පිරිස සැම විටම ජනතාව විසින් පත්කර ගනී. මිනිසුන් ජ.වී.පෙ. කතා අසා පොහොට්ටුවට කතිරය ගසයි. මෙයින් ජ.වී.පෙ ඇතුළු සියලු වාමාංශිකයන් කරමින් සිටින්නේ ගොළු හදවතේ සුගත්ගේ කාර්යය දේශපාලනික තලයට ගෙන ඒම පමණි. සුගත්ට ධම්මිගේ ආත්මියත්වය පිළිබඳව දැනුමක් නොමැතිවාක් මෙන්ම ජ.වී.පෙ. ඇතුළු වාමාන්ශිකයන්ට ද ජනතාවගේ ආත්මියත්වය පිළිබඳ ඥානයක් නොමැත. එනම් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ පුද්ගල අවිඥානය වේ.

                      ජනතාවට යථාර්තය තුළදී අවශ්‍ය වන්නේ සතුට වුවද ඔවුන්ට ආත්මියත්වය තුළදී අවශ්‍ය වන්නේ වේදනාවයි. ජනතාව මේ නිසා වේදනාව ගෙනදෙන පොහොට්ටුව තෝරාගන්නා අතර සතුට සහතික කරන වාමාංශිකයන්  සමඟ යථාර්තය තුළ කටයුතු කරයි. එනම් ජනතාවට යථාර්තය තුළදී දෙවියන් අවශ්‍ය යයි පැවසුවද ඔවුන්ට අවශ්‍ය වන්නේ යක්ෂයා ය. මෙය පුද්ගලයාට අවිඥානික වේ. ජනතාවට අවශ්‍ය වන්නේ සතුට ලෙස දැක්වුවද ඔහුට අවිඥානිකව අවශ්‍ය වේදනාව වේ.

                      හේගලියානු දර්ශනය ව්‍යුහවාදයට සම්බන්ධ කිරීමෙන් තව දුරටත් සංකීර්ණ අවබෝධයක් කරා යා හැකිය. ව්‍යුහවාදයට අනුව භාෂාව යනු හැගවුම්කාරක(Signifier) වල එකතුවකි. භාෂාව යනු ව්‍යුහයක් බැවින් එම ව්‍යුහයෙන් පුද්ගලයාව පාලනය වීම සිදුවේ. එනම් භාෂාව පුද්ගලයාව පාලනය කිරීමකි. පුද්ගලයා භාෂාව හරහා සාරයන් ගොඩනැංවීම සිදු කරන අතර එය ව්‍යුහාත්මක අවිඥානය(Structural Unconsciousness) ලෙස හැඳින් විය හැකිය. මෙහිදී පුද්ගල අවිඥානය නිර්මාණය වන්නේ භෂාව හරහා ය. පුද්ගලයා විසින් සිතන්නේ බාහිර වස්තුවේ සාරයක් පවතින බව වුවත් එය ව්‍යුහය නිසා ඇතිවන සාරයකි. මේ නිසා  භාෂාවේ හැඟවුම්කාරක ඔස්සේ සාරයක් පුද්ගලයා විසින් නිර්මාණය කරන අතර එය බාහිරට ප්‍රක්ෂේපනය කරයි. එලෙස ප්‍රක්ෂේපනය කරන සාරය සිතන්නා තුළ පැවතී යථාර්තයට සිදු කරන ප්‍රක්ෂේපනයක් පමණි. යථාර්තයේ එම සාරය වෙත අත දිගු කරන්නා යනු එම සාරය රඟ දක්වන්නෙක් බැවින් එය අන්තර්ගතයකින් තොර ආකෘතියකි (Form without content). උදාහරණයක් ඔස්සේ පැහැදිලි කරන්නේ නම් “නිම්න දහසක් පසුකර” යනුවෙන් නිර්මාණය කළ වීඩියෝව තුළ දී භූපති හා දීප්ති අතර සංවාදය සහ පසුව භූපති විසින් නිර්මාණය කල වීඩියෝව ඔස්සේ දීප්ති පිළිබඳව ප්‍රකාශ කරන අදහස් පිළිබඳ නරඹන්නියගේ අවිඥානය ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීම ගත හැකිය.

            “නිම්න දහසක් පසුකර” යනුවෙන් නිර්මාණය කල වීඩියෝව නරඹන්නිය සිතන්නේ දීප්ති සාරයක් සහිත බවත් භූපති සාරයක් රහිත හිස් වස්තුව වන බවත් දීප්ති සමඟ සිටීම නිසා භූපති තුළද සාරයක් පවතින බවයි. මෙම වීඩියෝව තුළදී දීප්ති හා භූපති හැඟවුම්කාරක දෙකක් ලෙස ගන්නේ නම් ඒ තුළ දීප්තිගෙන් භුපතිට අර්ථයක් ලැබෙයි. එහිදී දීප්ති මාස්ටර් හැඟවුම්කාරකයක් (Master signifier) කි.  එබැවින් දීප්ති S1 ලෙසද භූපති S2 ලෙස ගත හැකිය.

භුපතිගේ දෙවන වීඩියෝව තුළින් ඉහත අධිපති හැඟවුම්කාරකය උඩු යටිකුරු වේ. එනම් එහිදී නරඹන්නිය සිතන්නේ දීප්තිට අර්ථයක් ලැබෙන්නේ භූපතිගෙන් වන බවයි. එනම් භූපති  අධිපති හැඟවුම්කාරකයක් ලෙස සැලකීමයි. එබැවින් භූපති S1 ලෙසද දීප්ති S2 ලෙස ගත හැකිය.

මෙහිදී සාරයන් දෙකක් ක්‍රියාත්මක වේ. එනම් සාරයක් රහිත[Form without content] සහ සාරයක්   සහිත වශයෙනි. පළමු වීඩියෝව නරඹන්නිය නරඹන්නේ දීප්තිව පමණක් වන අතර භූපතිව නිශේධ (negate)කරයි. එහෙයින් පළමු වීඩියෝව තුළ සිටින්නේ නරඹන්නිගෙන් දුෂණය නොවූ භූපති (pure)කෙනෙකි. එය ස්වාර්ථක-in-iteslf- සාරයක් වේ. භූපති යනු හිස් ආත්මයකි. ඔහුට සාරයක් නැත. නමුත් නරඹන්නිය සිතන්නේ දීප්තිට මෙන් භුපතිටද සාරයක් පවතින බවයි. ඊට හේතුව පළමු වීඩියෝව තුළ දීප්තිගෙන් ප්‍රශ්න ඇසීම සිදු කරන්නේ භූපති බැවිනි. මේ නිසා පසුආවර්තිතව භුපතිට නරඹන්නිය විසින් සාරයක් ප්‍රක්ෂේපනය කරයි. මෙය පරාර්ථක සංකල්පයකි- For- itself- මක්නිසාද මෙම සාරයක් සහිත භූපති පවතින්නේ මා නිසා පමණක් වන බැවිනි. දෙවන වීඩියෝව නැරඹීමෙන් ස්වාර්තක හා පරාර්ථක සංකල්පයන් එකට එක් කොට එය යථාර්තයේ සිටින භූපති සමඟ අනන්‍ය කරයි. එහිදී බිහිවන්නේ ඕපපාතික භූපති කෙනෙකු වන අතර යථාර්ථයේ සිටින භූපති නරඹන්නියගේ සාරය වෙත දෑත් දුගු කරන්නෙක් පමණි. ඔහු අන්තර්ගතයක් රහිත ආකෘතියකි පමණි. භූපති දීප්ති මෙන් හැදෑරීමක් සහිත අයෙක් නොවන අතර දීප්ති මෙන් හැදෑරීමක් සහිත අයෙකු ලෙස භුපතිට සාරයක් එන්නත් කරන්නේ නරඹන්නිය විසිනි. එය නරඹන්නියගේ සාරයක් පමණක් වන අතර එම සාරය යථාර්තය තුළ සිටින භූපති රඟ දක්වන බැවින් දීප්තිට වඩා මිනිසුන් අනන්‍ය වන්නේ භුපතිට වේ. එසේම ඕනෑම දෙයක එහි හරය තුළම  ප්‍රතිවිරෝධතා පවතී. මේ නිසා දීප්ති සමඟ අනන්‍ය වූ පුද්ගලයා පසුව දිප්තිව විවේචනය කිරීම ඒ ඔස්සේ පැහැදිලි වේ. භුපතිගේ සියලු රඟ දැක්වීම් දීප්ති හේතුවෙන් සිදුකරන්නක් වේ. දීප්ති කෙතරම් විවේචනය කළද දීප්ති නොමැති නම් භූපති යනු කවුරුන්දැයි කිසිවෙක් නොදනී. එහෙයින් සියලු රඟ දැක්වීම් සිදු වන්නේ යමෙකුගේ ආයෝජනයක් ඊට ලැබෙන්නේ නම් ය. මෙම වටහා ගැනීමෙන් අනතරුව සිදු වන්නේ සිය චින්තය තුළ විශාල නිදහසක් හිමි වීමයි. මෙය දයලෙක්තික වටහා ගැනීමකි.

                      එම උදාහරණය එළියට ගෙන ආ විට මුහුණු පොත (Face Book) පිළිබඳව පැහැදිළි කරගත හැක. මුහුණු පොත යනු පුද්ගලයාට විනෝද වීමට ඇති ආකෘතියකි. සකර්බර්ග් කරන්නේ අන්තර්ගතයක් රහිත ආකෘතියක් ලබා දෙන අතර එමගින් පුද්ගලයාට තමා කැමති අන්තර්ගතයකින් එය පිරවිය හැකිය. අයෙකුට විප්ලවයේ සිට අති අශ්ලීල දේ දක්වා ඕනෑම අන්තර්ගතයක් ඊට ලබාදිය හැකිය. ඔබට ඔබව යලි යලි නිර්මාණය කිරීමට නිදහසක් ඒ තුළින් හිමි වේ. ඊට හිලවු වශයෙන් සකර්බර්ග් සිදු කරන්නේ දත්ත විකිණීම තුළින් මුදල් ගැරීමයි.   

                      එසේනම් ”මාස්ටර් හැඟවුම්කාරකය” ප්‍රතික්ෂේප කිරීම සිදු කරනවා යයි පවසන විදර්ශන වැනි මෝඩයන් පාලනය වන්නේ කුමකින්ද යන්න වඩාත් වැදගත් ගැටලුවකි. මාස්ටර් හැඟවුම්කාරකය පිළිගැනීමෙන් අත්වන්නේ නිදහසකි. එය ලිපිය ලියන මට මෙන්ම දීප්තිටද අදාළ වන්නකි. අප පාලනය වන්නේ මාස්ටර් හැඟවුම්කාරකයෙනි. එම මාස්ටර් හැඟවුම්කාරකය දීප්ති හෝ මහින්ද රාජපක්ෂ හෝ විය හැකිය. මාස්ටර් හැගවුම්කාරකය ප්‍රතික්ෂේප කරන විදර්ශන වැනි මෝඩ ගොඩයන් පාලනය වන්නේ අවිඥානයෙන් – Unconscious beliefs – වන නිසා ඔහු ‘නොනිදහස’ නිදහසක් ලෙස සිතයි. විදර්ශනගේ කතාව, අදින පළදින ආකාරය, කෙටියෙන්ම විවාහය පවා සිදු කරන්නේ අවිඥානික පාලනය තුළිනි. එසේ නොමැතිව පාලනයකින් තොර නිදහසකින් නොවේ. ගීතිකා වැන්නියක් විවාහ කරගන්නේ ආදරය මත පදනම්ව නොව ඇයගෙන් ලැබෙන වටිනාකම් අත්කර ගැනීමටයි.

                      නුඹලා අවිඥානය විසින් පාලනය කරන නිසා සෑම විටම සංකේතිය නීතිය බිඳීමෙන් අතිරික්ත විනෝදයක් ලබයි. නමුත් ආධිපති හැඟවුම්කාරකය මගින් පාලනය වන අප නිතිය රකී. සංචරණ සිමා ඇති අවධියක නුඹලා ඔක්සිජන් බොතල් උස්සගෙන යාමෙන් නීතිය උල්ලංඝනය කර එමගින් සතුටු වෙයි. එතුළින් නුඹලා ඔප්පු කිරීමට සැරසෙන්නේ නුඹලා විප්ලව වාදීන් බව පච්චයක් ලෙස තහවුරු කිරීමටයි. එය නුඹලාගේ අවිඥානයේ ආධිපත්‍ය යි.

                      හේගලියානු දර්ශනය හරහා උක්ත වටහා ගැනීම යනු නව දෘෂ්ටිවාදාත්මක (new Ideological) වටහා ගැනීමක් වේ. වඩාත් හොඳ සමාජයක් වෙත යාමට නම් ජනතාවට දෙවියන් නොව යක්ෂයා අවශ්‍ය ය යන දෘෂ්ටිවාදය වටහා ගැනීම හා එය විවේචනය කිරීම අවශ්‍ය වේ. මෙය මග හැර යාමෙන් සිදුවන්නේ කිසිවක් සිදු නොවීමයි. අප පුද්ගලයාගේ ආත්මියත්වය නැතිනම් අවිඥානය වෙත ගමන් කරන්නේ මේ නිසාය. එය 21 වන සියවසේ විප්ලවීය මාවතයි. මෙම විප්ලවීය මාවත වැටී ඇත්තේ අධිපති දෘෂ්ටිවාදයට (Dominate Ideology) විරුද්ධව ය.

බුද්ධික.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

ඔබේ අදහස කියන්න...

10 COMMENTS

  1. ටිකක් පැහැදිලි කරනවද? ඩෙකාට්ස්ගෙ දර්ශනය කොහමද “සැකය” තුලින් නිර්මිත උනෙ කියලා!
    Thank you so much!

  2. “හේගලියානු දර්ශනයට අනුව ඇත්තේ ආත්මයේ හිස් බවක් පමණි. එසේනම් හිස් බව වටා ගොඩ නැගෙන සමාජය යනු අර්ථය ලබාදෙන්නක් ”
    ඔයාට ශුවර්ද?
    I’m fed up with you buddy! With this stuff!
    Read about subjective destitution.
    Then you can catch up some timething that you have missed!

  3. “හේගලියානු දර්ශනයට අනුව ඇත්තේ ආත්මයේ හිස් බවක් පමණි. එසේනම් හිස් බව වටා ගොඩ නැගෙන සමාජය යනු අර්ථය ලබාදෙන්නක්
    නොවේ ඔයාට ශුවර්ද?
    I’m fed up with you buddy! With this stuff!
    Read about subjective destitution.
    Then you can catch up some timething that you have missed!

    • බබා අපේ පස්සෙ එන්න එපා. අපිට සමාජ පිළිගැනීමක් අවශ්‍ය නැහැ.

      • සමාජ පිලි ගැනිමක් අවශ්‍ය නැත්නම් ඇය් මැරෙන්න හදන්නෙ දීප්ති තමය් X එක හැදුවෙ දිප්ති තමයි පොර ඔක්කොම දන්නෙ මනොවිශ්ලේශනය හදුන්වලා දුන්නෙ!!!
        සුමිත් කියන්නෙ මින්නෙරියෙ ඉදලා ආපු ගැමියෙක්!
        නිර්මාල් කියන්නෙ යක්කල පැත්තෙ ගොඩෙයෙක් !!
        එහෙනම් මචන් අද ඉදලා උබලාගෙ බය්ලා අපි බලන්නෙත් නෑ !!

  4. එහෙනම් මින් පසුව “ඔබගෙ අදභස් දක්වන්න” කියන එක ඉවත් කරන්න!
    ටැන්කිව් මච්න්!

Comments are closed.