01 මේ මොහොතේ විශ්ව-විද්‍යාල ශිෂ්‍යයන් අරගල කරති. ඒ අයට නායකත්වය දෙන්නේ Yනම් දේශපාලන පක්ෂයයි. පසුගිය දිනෙක එම ශිෂ්‍යන්ට පොලීසිය තදින් පහර දුන්නේය.( අවම බලය පාවිච්චි කිරීම)  එහි ඵලයක් ලෙස රාජ්‍යෙය්ම තවත් ආයතනයක් වන උසාවියට ප්‍රශ්ණය දුර දිග ගියේය. 1988-89 යුගයේ දී ශිෂ්‍යයන් අරගල වලට පිවිසියේය. විශාල පරිමාණයට ඝාතනද සිදු විය. එහි අවසන් ඵලය වූයේ කුමක් ද? ශිෂයයන්ට නායකත්වය දුන් පුද්ගලයෙක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විය. ශිෂ්‍ය ඝාතන වලට සෘජුව සම්බන්ධ වූ නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පල මහතා මේ වන විට  බෑගයක් රැගෙන මහනුවර පොළට එන්නේ එළවළු රැගෙන ඒමටය.

Y නම් පක්ෂය දැනට ශිෂ්‍යයන් අරගලයට යොමු කරන විට ඔවුන් අතින් නිරායාසයෙන් රාජ්‍ය මර්ධන උපකරණ වඩ වඩා ගුප්ත, පාරාන්ධ ආයතන බවට පත් වෙයි. රාජ්‍යෙය් මර්ධන උපකරන යනු මිනිසුන් මගින් මෙහෙයවෙන්නේ නැති අදිසි හස්තයන් බවට එවිට ඒවා පරිවර්තනය වෙයි. ඒ නිසා මෙම මර්ධපන උපකරණ වඩ වඩා ශිෂ්‍යයන්ටත්, මහජනයාටත් පාරාන්ධ වෙයි. එබැවින් ශිෂ්‍යයන්ට පහර දෙන්නන් අවතාර බවට පත්වෙයි. ශිෂ්‍යයන්ට  ඔවුන්ට පහර දෙන අයව පෙනෙන්නේ නීතියට ඉහලින් සිටින්නන් ලෙසිනි.

02 E-News  හී සදරුවන් භාවිතාව

රජයේ මර්ධන උපකරන යනු අදිසි හස්තයන් හෝ විසදිය යුතු ප්‍රෙහේලිකාවක් ලෙසින් සදරුවන් සලකන්නේ නැත. ඒ වෙනුවට ඔහු මෙම මර්ධන උපකරණ තුළ සිට ක්‍රියාත්මක වන පුද්ගලයන් ගේ සියළුම පුද්ගලික විස්තර තම වෙබ් අඩවියේ පළ කරයි. ක්‍රම ක්‍රමයෙන් කාලය ගතවන විට මෙම මර්ධන උපකරණ තුළම සිටින නීති විරෝධි දේ නොකරන අය සදරුවන්ට තොරතුරු දීමට පටන් ගනියි. රතුපස්වල සිදුවීමේ දී සදරුවන් ගේ උපක්‍රම වුයේ එයයි. එමගින් සිදු වූයේ රාජ්‍ය මර්ධන උපකරණ මහජනයාටත් අරගලකරුවන්ටත් පාරදෘෂ්‍ය වී ඒවා ගැන එතෙක් පැවති චකිතය නැති වී යාමය. එවිට මර්ධකයන් බිය වීම සිදු විය. යම් අරගලයක් මෙහෙය වන අය රාජ්‍ය  යන්ත්‍රය වඩ ඩා ගුප්ත කරනවා වෙනුවට එය වඩ වඩා පාරදෘෂ්‍ය කළ යුතුය. එවිට ආණ්ඩුව තම මර්ධන උපකරන හරහා කරන අරගලනාශක විභවය අහිමි වෙයි. ක්‍රම ක්‍රමයෙන් උස්සන්න කරන ලද රාජ්‍යෙය් මර්ධන විභවය පාරදෘෂ්‍යකරණය කිරීම නම් ක්‍රියාවලිය හරහා සදරුවන්ට විශාල ප්‍රතිරූපයක් සමාජයේ හිමි වී තිබේ. නමුත් අවාසනාව වන්නේ ඔහුගේ මෙම ප්‍රතිරූපය වාමාංශික විභවයක් නොවීමයි. Y සංවිධානයේ මෙම උපක්‍රමය ඉක්මනින් අවබෝධ කර ගන්නේ නැති නම් ඇසක් තුවාල කරගත් ශිෂ්‍යයා තව දශක 2කට පසු විමල් හෝ එස්.බී වනු ඇත.

ඔබේ අදහස කියන්න...

10 COMMENTS

  1. Y පක්ෂයට කිව්වට තේරෙන්නැති දෙයත් ඕකම තමයි. න්‍යායට වඩා භාවිතාව ඇති අය වශයෙන් කල්පනා කර ගත්තට කමක් නැහැ. අරගලයේ ස්වභාවය වත් තේරුම් ගන්නවනම් . බොහෝ විට අරගල මෙහෙයවන්නේ ආවේගයෙන් මිසක් න්‍යායික හා උපායමාර්ගික දක්ෂ කමෙන් නොවෙයි.

  2. ඔබ අවාසනාව වාමාංශික නොවීම ලෙසට ගනිද්දී මම එය ධනවාදී නොවීම ලෙසට ගනිමි. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල තුල පැවතිය යුතු මතවාදීමය නිදහස් චින්තනමය පරිසරයක ප්‍රබලම සතුරැ බලවේගය රාජ්‍ය නොව ජ.වි.පෙ (අන්තරය )වේ

  3. අන්තරයේ බලයේ ජවිපෙ අතින් ගිලිහි ඇති බව ක්ක්‍රිෂ්ණා නොදැනීම අවාසනාවක්. මම නම් ධනවාදී වී වාසනාව (ධනවාදී අර්ථයෙන්) ලබාගෙන වාමාන්ශිකවී ඔබ කියන අවාසනාව වැළඳ ගැනීමට යත්න දරමි.

  4. ෂහ් !!!!මරු බලාගෙන පාර දන්න අයගෙන් අයන් යන්න

  5. තව දෙයක් නියන්න අමතක උනා ඹයාගෙ ගමන යන්න බය වෙන්න එපා මොකද ඔය රතු රටවල් වල වගේ එහෙම යන අයට වෙඩි තියන්න නියම ධනවාදී රටක නම් කව්රැවත් නෑ හරිද සුබ ගමන්

  6. පාර දන්න අයගෙන් අහන්නවත් ක්‍රිෂ්ණා ගෙන් අහන්නවත් මට අවශ්‍යතාවයක් නැහැ . ඒ වෙනුවට මාක්ස් ල ලෙනින් ල කියල දීල තියෙන ඒවා හරියට ඉගෙන ගත්තම ඇති. බවෙර්ක් ල වොන් මිසුස් ල කියන බොරු අහන්නේ නැතුව.

  7. ක්‍රිෂ්ණ කියන අපි කැමති රතු රටවල් මොනවාද? රාජ්‍ය ධනවාදී ඒකාධිකාරයක් සහිත command economy තිබුන හෝ තිබෙන චීනය වගේ රටවල් මට අනුව නම් සමාජවාදී රටවල් නෙමෙයි. රතු රටවලුත් නෙමෙයි. ඕන කෙනෙකුට දකත්තයි මිටියයි ගන්න පුළුවන්. එහෙම වුනාය කියල ඒවා රතු වෙන්නේ නැහැ. එක එක. දෙක ධනවාදී රටවල් මිනි මරන්නේ , වෙඩි තියන්නේ නැහැ කියන එක? FBI එකෙන් කොමියුනිස්ට් නම වුනොත් බොරු මත ද්‍රව්‍ය චෝදනා දාල ඇත අඩංගුවට ගන්න බවත්, සමහර වෙලාවට අර ලංකාවේ යුධ හංගන්න ගෙනියනවා වගේ, ආයුධයක් අතට ගත්ත කියල වෙඩි තබා මරණ බවත් දන්නවද? ඇමෙරිකන් ආණ්ඩුවට පිටින් “ත්‍රස්ත විරෝධී ” කියල මිනි මැරුම් කණ්ඩායම් එංගලන්තයේ, ඇමෙරිකාවේ හා යුරෝපයේ තිබෙන බව දන්නවද? ඒවාට ආණ්ඩුව මුදල් වෙන් කරන බවත් එහි වගකීම් ඒ ආණ්ඩු ගන්නේ නැති බවත් දන්නවද. http://www.vice.com/en_uk/read/how-the-fbi-goes-after-activists
    ඔයිට වැඩිය ටිකක් ඇහැ අරගෙන ඉන්න . ඔයා ගැන ඔය නොදන්න දේවල් NSA එක දන්නවා කියල ඔයා දන්නවද? බොහොමයක් ධනවාදී රටවල් වාමාංශික පක්ෂවල ඒ රටවල් ඔත්තු සේවා සාමාජිකයෝ ඉන්න බව දන්නවද? (ලංකවේ මරණ ටික නැතුව හොඳ ධනවාදී රටවල් ගැන මේ කිව්වේ.) තව ගොඩක් සාධක සහිතව ලියන්න පුළුවන්. නමුත් බයයි.

  8. චීනය අතහරිමු ඒ විතරක් නෙමෙයි කියුබාවත් අතහරිමු ‍රැසියාව ගම්මුකො ඒකෙත් අපි ස්ටාලින් ඉදල අතහරිමුකො මොකද තනිරටේ සමාජවාදය පීලිපැනීමක් කියලනෙ ට්‍රොට්ස්කි කිව්වෙ . අපි මහ ලොකු ලෙිනින්‍ ගෙ ඉදන් කතාකරමුකො .17 න් පස්සෙ බලාහිටිය ජර්මන් විප්ලවය ආවෙ නැතිකොට N.E.P ( නව ආර්ථික ප්‍රතිපත්තිය )21 දි ගෙනාවෙ ඇයි.කුඩා ව්‍යාපාර කරන්න දුන්න ඒ ඇයි? හැබැයි ම‍ෙව කලේ උත්සන්න වූ සමාජ ප්‍රතිවාරෝධතා හමුවෙ නේද ? රිටන් එකත් දුන්න ප්‍රතිවිප්ලවවාදීන්ට හරිනෙ (ඒ උන්ඩ මාක්ස්වාදී ඒව නිසා කමක් නැතිව ඇති )ඔන්න දැන් පේනවද මාක්ස්වාදයෙ වියුක්ත තර්ක හා සැබෑ භාවිතාව අතර වෙනස ඒක තමයි මම කියන්නෙ ඔය ටෙස්ට් කිරීම් වලින් සිද්ධවුන සෙතක් නෑ කියල ඔය වගේ ‍ෙ ටෙස්ට් කිරීම් ගැන බලු හදවත කියල රැසියන් නවකතාවක් කියෙව්වා ඔයත් කියවන්නකො හරිම රසවත් අනික ඔයා නිදා ඉන්නෙ හොරාට නම් ඉතින් කාටවත් ඇහැරවන්නත් බෑනෙ

  9. ජෝර්ජ් ඔර්වෙල්ල් 1984 ඉඳන් සොල්ස්හෙනිට්සින්ගේ , පස්ටෙර්නක් ගේ ඔක්කොමත් පොත් කියවල ගුලාග් අර්චිපෙලගෝ කියන ස්ටාලින් ගේ දේශපාලන හිර කඳවුරු ගැන කියවල බලු හදවත විතරක් නෙමේ ඇනා ෆුන්ඩර් ගේ ස්ටාසිලන්තය (නැගෙනහිර ජර්මනිය ගැන ) වගේම එස්තොනියන් ලේඛක සොෆි ඔක්සනෙන් ගේ the purge (2008) කියවල ආ master & margarita කියවල …තව තියනවද? අන්තිමට අපහු පාරක් ගණිතය ඉගෙන ගන්නකොට මාක්ස් හරියි කියල තේරිච්ච එකෙක් මම. හොරෙන් නිදාගෙන ඉන්නේ ඔහෙලා. මම නෙමේ. ලෙනින් ගේ NEP ගැන ශපිරෝ එක්ක උදිත එක්ක කතා කරලා ඇති වෙලා ආයි කියන්න දෙයක් නැහැ. ඔය රසවත් පොත් ඔය වගේම ලියන්න පුළුවන් ඇමෙරිකාවේ එංගලන්තේ වෙන දේ ගැනත්. ඇත්තම කියනවනම් මේ ඉන්න රටේ මේ රස්සාව කරගෙන ඉන්න අඑක හොඳයි. නමුත් ඔහෙල කියන ඒවා දැක්ක හින්දම තමයි අපි දැන් අපහු ඉඑඥ ගත්ත දේ කියන්න වෙලා තියෙන්නේ. නය අරගෙන ගෙවල් හැදුවයි කියල , පාරවල් හැදුවයි කියල ඔහෙලත් පොරවල්ද.

  10. පොත් කියෙව්වට වැඩක් නෑ ඔලුවට ගත්තෙ නැත්නම් .මම අහන්නෙ ඒක නෙමේ මිනිසාගේ ස්වභාවය ( එකිනෙකාට වෙනස්ව හිතන එක/රැචි අරැචි කම්/දක්ෂතා/බලාපොරොත්තු…)වඩාත් විකසිත වන්නේ නිදහස්ව ඊට ඉඩ දීමෙන්ද කිසියම් අධිකාරයක් හරහාද යන්නයි.අනික ලොක්කා නය අරන් ගෙවල් පාරවල් සැලසුම් හදන්නෙ ධනවාදීන් නෙමෙයි රාජ්‍ය අදිකාරය පවත්වාගෙන යන අයයි ධනවාදීනුයි පටලවා ගන්න එපා (වමේ ගිරව්වුන්ගෙ පිහිටෙන් )කැමති අයට පොරක් වෙන්නත් අකමැති එකෙුට අපතයෙක් වෙන්නත් නිදහස් ආර්ථිකයක පුලුවන් .සමාජවාදදෙි ඒක වෙන්නෙ කොහොමද කියල පහදන්න අනික මම ඇමෙරිකාව උදාහරණයට ගන්නෙ ඒක අන් රටවලට වඩා ‍සාපේෂ්ව නිදහස් වෙළඳපොලක් පවතින නිසයි ඒත් ඔයාට සමජවාදය සඳහා නිදසුන් ගන්න වෙන්නෙ Alis and wonderland එකෙන් තමයි .(ඔයා ඒ පොතත් කියවල ඇතිනෙ )

Comments are closed.