රාජ්‍ය හිංසනයේ outsource සමාගම වන බොදු බල සේනා විසින් ඇති කළ ජාතිවාදී කළ කෝලාහය මගින් මහින්ද රාජපක්ෂ බල හවුල ( Power Bloc )අපේක්ෂා කරන අනාගත අසුභ චිත්‍රය කුමක් ද?

01-                      බාහිර සතුරෙකු පෙන්වීම මගින් ( UN සතුරා, ඩයස්පෝරා සතුරා, අධිරාජ්‍යවාදී සතුරා ) සිංහල ඡන්ද ඒකරාශි කරගත නොහැකි නිසා අභ්‍යන්තර සතුරෙකු ( තම්බියා,මරක්කලයා,කොටියා) පෙන්වීම හරහා එය කර ගැනීම. මෙය න්‍යායික තලයේ මෙලෙස ප්‍රකාශ වෙයි. “ධනවාදය” ජාතිභේද, ආගම් භේද, ඉක්මවා ගෝලීයකරණය වෙමින් සියළු දෙනාට පොදු වූ ආගමක් නොහොත් දෘෂ්ටිවාදයක් වෙමින් පවතින නිසා  සුවිශේෂයන්ට ( විවිධ අනන්‍යතා-සිංහල,දෙමළ,වැනි වාර්ගික අනන්‍යතා සිට ප්‍රාදේශීය අනන්‍යතා දක්වා) ඉඩ විවර වීම.

02-                      නීති-රීති පිළිනොපදින ක්‍රීඩා තරගයක් විපක්ෂයට ලබා දී විපක්ෂයට ඒකමතික වීමට ඇති ඉඩ අවකාශ අහෝසි කිරීම.

03-                      අධික ලෙස ලාභ ලැබිය හැකි ව්‍යාපාර මුස්ලිම් ජනයා අත්පත්කොට ගෙන ඒකාධිකාරයක් පවත්වා ගෙන යන නිසා ඒවා අහෝසි කිරීමට නිදහස් තරගය තුළ ඉඩ අවකාශ නැති නිසා මාෆියා පන්නයේ ප්‍රහාර මගින් එම ව්‍යාපාර සතු දේපල විනාශ කිරීම. මෙම තත්ත්වය ධනවාදී නිදහස් වෙළෙදපොල වර්ධනය වන විට වැලැක්විය නොහැකි තත්ත්වයකි. දශක තුනක පමණ විවෘත ආර්ථිකයේ මහගු ඵල සිංහල ජනයාට අනුව ලබාගෙන ඇත්තේ මුස්ලිම් ප්‍රජාවය. ඔවුන් දේශපාලනය නොකරන අතර ඔවුන්ව පාලනය කරන්නේ පල්ලිය සහ ව්‍යාපාරිකයන්ය. මෙම කෝලාහලය මගින් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට සපථ වන්නේ තම පුද්ගලික දේපල වලට සිංහල රාජ්‍යෙය් ආරක්ෂාව නොලැබෙන බවයි. එබැවින් නැගෙනහිර මත පදනම් වූ මුස්ලිම් ක්‍රොන්ගසයේ ඡන්ද පදනම ඉදිරියේ දී ඛාදනය විය හැක.

04-                      චම්පික-රතන ගේ අතීතයේ කීකරුව සිට පසුව ඒජන්තයෙක් හමුවීම නිසා කියන දෙයක් නාහන තත්ත්වයට පත් වූ භික්ෂූන් නිසා චම්පිකගේ දේශපාලනය සාරය නැති ජාතිවාදයක් බවට පෙරළෙමින් යයි. මේ තත්ත්වය තුළ ඔහුට වඩ වඩා සාන්ද්‍ර ලෙස ජාතිවාදී වීමට පවතින තත්ත්වය බල කරයි. නැතිනම් සිංහලේ රාජ්‍යයේ මර්ධන උපකරණ සතු සුජාතභාවය ඔප්පු කිරීමට අලුත් නළුවන් කරළියට ඒමට නියමිතය.

05-                      ජාතිවාදියෙකු වීමට පසු යූ.ඇන් පීය මගින් ජනාධිපති වීමට හැකි යැයි සජිත් ප්‍රේමදාස අනුමාණ කරයි. මෙම අනුමාණය නිසා රනිල් ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩීයාමට නියමිතය. මහින්දට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති අතර රනිල් නොමැති විට එ.ජා.පය නැත. ඉන්පසු ඇතිවන අරාජකත්වය තුළ චම්පික එක පැත්තකින් සහ දෙමළ ජාතික සංධානය තව පැත්තකින් බලය උරාගනු ඇත.

ඔබේ අදහස කියන්න...