[dropcap color=”pink-orange”]මේ[/dropcap] දවස් වල පාරේ තොටේ ගමන් කරන විට ( කරුණාකර මෙය කොළඹ සහ තදාසන්න ප්‍රෙද්ශවලට අදාලවේ) දක්නට ලැබෙන්නේ Range Rover Evoqu, BMW සහ kia වාහනය. හිටි හැටියේ මේ වාහන ගහනය වැඩි වූයේ කෙසේද? පසුගිය කලායේ රජයේ සේවකයන්ට තීරුබදු රහිත වාහාන ආනයනයට ලබා දුන් බලපත්‍ර මගින් ගෙන්වන්නට හැකි වාහන අතර මේ වාහන ප්‍රමුඛ වේ. ඒ අනුව රජයේ සේවයක් විසින් සිය බලපත්‍රය වාහන ආනයන කරන සමාගම් වලට සුළු ලාභයක් තබා ගෙන විකුණා ඇත. මේ නිසා මුදල් යමින් ඇති අයට අඩු මිලට සුපිරි පන්නයේ වාහන ලබා ගැනීමට හැකි වී ඇත. ඇත්තටම මේ වහන පදවන්නේ රජයේ සේවකයන් නොව ධනපති ව්‍යාපාරකයන් සහ ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන්ය.

ඒ අනුව මේ නිසා රටට අහිමි වන විදේශ විණිමය ප්‍රමාණය කොපමද යන්න ගැන කිසිවෙකුත් ගනණ් බලා නැත. අනික් අතට මෙවැනි සුපිරි වාහන දෙවන වර විකිනීමට වෙළෙද පොළක් නැත්තේ මේ වැහන ඉන්ධන ලීටරයකින් කිලෝ මීටර් පහටත් අඩු ප්‍රමාණයක් පමණක් ධාවනය කළ හැකි බැවිනි. විශේෂයෙන් Range Rover Evoqu රථය වෙළෙද පොළට හදුන්වා දෙන්නේ ලොව ප්‍රඛට පාපන්දු ක්‍රීඩකයෙකු හා ලොව ප්‍රමුඛ පෙළේ ධන කුවේරයෙක් වන ඩෙිවිඩ් බෙකම් ගේ බිරිද වික්ටෝරියා බෙකම් විසිනි. ඇය විසින් සන්ද්‍ය කාලයේ විනෝදාස්වාදය සහ ගොල්ෆ් ක්‍රිඩා කරන්නට යෑම වැනි කටයුතු වලට භාවිතා කළ මෙම රථය ලංකාවේ ගොඩක් ව්‍යපාරිකයන් සහ වෘත්තිකයන් පාවිච්චි කරන්නේ හැන්දෑවට බිරිදට කරපිංචා ගෙනියන්නට හෝ පිට කොටුව මැනිං මාර්කට් එකෙන් එළවළු සහ පෑලියගොඩ් මාළු මාර්කට් එකෙන්  සාලයෝ පන්සියක් අරගෙන යාමටය. රජයේ සේවකයන්ට ලබා දෙන මෙ බදු සහනය අවසානයේ වාහන ආනයන සමාගම් වලට ඉල්ලමක් වන විට කවදත් දුප්පතුන් වූ රජයේ සේවකයන්ට සොච්චම් මුදලකට සිය බලපත්‍ර විකිණිමෙන් අමතර විනෝදයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබී ඇත. නමුත් මේ හරහා රටට දරන්නට සිදුවන විදේශ විනිමය ආවස්තික පිරිවැය සම්බන්ධයෙන් කිසිවෙකුවටත් වගේ වගක් නැත. අඩුම තරමේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ වන අතරේම චීන අධිරාජ්‍යවාදයට ආවඩන වාමාංශික මැට්ටන්ට වත් මේ ගැන සිතන්නට වෙලාවක් නැත. ඔබට දැන් නිතර මගතොටදී හමුවන අධි සුඛොපභෝගී වාහන වල රහස මෙයයි.

ඔබේ අදහස කියන්න...