[dropcap color=”purple”]ය[/dropcap]ම් අයෙකු විප්ලවවාදී දේශපාලනය කරමින් සිට ඉන් ඉවත්වීම විවිධ හේතුමත සිදු විය හැක. ඒ සඳහා පොදු හේතූන් හෝ පුද්ගලික හේතූන් අදාල විය හැකිය. උදාහරණයක් වශයන් ගතහොත් බෝපගේ ජ.වි.පෙන් ඉවත් වූයේ ජාතික ගැටළුව නිසාය. සුචරිත ගම්ලත් විකොසෙන් ඉවත් වූයේ පුද්ගලික හේතූන් නිසාය.

බොහෝ විට ලංකාවේ මාධ්‍යකරුවන් වැඩි කැමැත්තක් දක්වන්නේ පක්ෂ වලින් ඉවත් වූ තනි පුද්ගලයන්ට වන අතර ඔවුහු පක්ෂ වලට දක්වන්නේ දැඩි අපුලකි.

1984 දී ජ.වි.පෙන් ඉවත් වූ ලයනල් බෝපගේ ඔස්ට්‍රෙිලියාවේ රැකියාවක් සඳහා ගිය පසු පුරුද්දක් වශයෙන් වසරකට සැරයක් ලංකාවට සැපත් වෙයි. ඔහු පක්ෂයෙන් ඉවත් වී වසර 29ක් ගත වී ඇත. ජ.වි.පෙන් ඉවත් වූ අයගෙන් එහි බුද්ධිමය නිර්මිතය ප්‍රශ්ණ කළ හැකි මට්ටමකට වර්ධනය වූයේ ජයදේව උයන්ගොඩ පමණි. ඉතිරි අය හුදු වාචාලයන්ය. ඒ අතින් ප්‍රකට වාචාලයා පොඩි අතුලය.

ලංකාවේ සිටින විවිධ පිස්සන් විසින් බෝපගේ සමග සම්මුඛ සාකච්ඡා කරනු අප අනන්තවත් දැක ඇත්තෙමු. ඒවා මේ වන විට අනේකවාරයක් පළ වී ඇතිවාට ද සැකයක් නැත. කිසිඳු දේශපාලන සවිඥාණිකත්වයකින් තොරව ඕනෑම කෙනෙකුට බෝපගේ සම්මුඛ සාකච්ඡා දෙන බව අපි දන්නෙමු. නමුත් මේ මෑතකදී ඔහු සම්මුඛ සාකච්ඡාව දුන් පුද්ගලයන් අනිත් අයට වඩා වෙනස්ය. මේ අය බෝපගේ ගේ දුවලා ගැන කී කතා අපිට මතකය.

බෝපගේ ගේ සම්මුඛ සාකච්ඡා වල බල රටාව අමුතුය. එය අධ්‍යාපනිකය. බෝපගේ හොඳ ආදායමක් සහිත අවංක මිනිසෙකි. ලංකාවෙන් දුර ඈත පෙන්ගුවින් දිවයිනකට වී ඔහු ලංකා දූපතේ විමුක්ති ව්‍යාපාරයක් මතුවන තෙක් දැන් දශක තුනක් තිස්සේ බලා සිටියි. වසරින් වසර ගෙවෙයි. හදිසිය වැඩි කමට කාට හෝ රැවටෙයි. සම්මුඛ සාකච්ඡාවක් රැවටීමේ යාන්ත්‍රණයක් වන අයුරු අපූරුය.

දැන් ඔහු අන්තිමට සම්මුඛ සාකච්ඡාවක් දී රැවටී ඇත්තේ තම වචන වලට තමන්ම අනුරාගිකව රැවටෙන ‛‛ සාමූහිකයකටය’’ (දශක දෙකක් ලංකාව දෙවනත් කළ කුමාර් මහත්තයා පවා අන්තිමේ දී මේ ‛‛ සාමූහිකයට’’ රැවටුන නිසා බෝපගේ ගැන අනුකම්පා කළ යුතුය. කුමාර් ගේ මේ රැවටීම කෙතරම් බරපතලද යත් එමගින් ඔහු තම පක්ෂයම විනාශ මුඛයට යවා ගත්තේය. මෙය ඉදිරියේ දී සියළු දෙනාට වඩ වඩා හොදින් පැහැදිලි වනු ඇත.).

මේ සාමුහිකයේ ලොක්කා අපූරු පුද්ගලයෙකි. ඔහුට අනුව ඔහු ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු බුද්ධිමතෙකි. ඔහුගේ මෙවර උපාය වන්නේ ජන අරගල ව්‍යපාරයෙන් කැඩෙන අය ආර්ටිකියුලේට් කිරීමයි. ඒ සදහා ඔහු දිගට හරහට වැඩ පෙන්වමින් සිටියි. හදිසියේම ඉගෙනීමට ඔස්ට්‍රෙිලියාවට පැන සිටින තමන්ගෙන් ඉගෙන ගත් ගෝලයෙකුට දුරකථන ඇමතුමක් දී ජාත්‍යන්තර කෙමනක් අටවා බෝපගේව අන්දවන්නේ සම්මුඛ සාකච්ඡාව අගින් සාමුහිකයේ නම ආඩම්බරයෙන් දා ගැනීමටය. ඕපාත මහත්තයාද මීට රැවටෙනවා සිකුරුය. ඕපාත මහත්තයා ඒ අනුව නැවත වරක් හැලපයාව ඉස්ටඩී කරන්නට පටන් ගනු ඇත.  අනෙක් පැත්තේ සිටින්නේ ද මෙවැනිම ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු බුද්ධිමතෙක් වන පුබුදු ජයගොඩ මහතා නිසා සමහර විට මෙවර ඉබ්බා දිනන්නට ද හැකියාව ඇත. ඒ අනුව මේ පුද්ගලයා ග්‍රම්ස්ච් ගේ හෙජමොනි න්‍යාය තේරුම් ගෙන ඇත්තේ පහත පරිදිය. සාමුහිකයට නමය. ගෝල කොලුවාට තමන්ගේ නම සහ ෆෝටෝ එකය. බෝපගේ ට 1984 වර්ෂයේ සිට ලෝක විප්ලවය සදහා වන 87 වන සම්මුඛ සාකච්ඡාවය.

චමීර කොස්වත්ත වැනි මෝඩ චණ්ඩින් පක්ෂයක නායකයින් වී ඉන්නා තාක් කල් යථාර්ථය මෙතරම් විගඩම් සහගත වීම ගැන පක්ෂයේ සහෝදර සහෝදරියන් පුදුම විය යුතු නැත. චමීර කොස්වත්ත පක්ෂය විනාශ කරන වෙිගය ගැන රාජ්‍ය ඔත්තු සේවය (SIS) පවා කලබල වී ඇත. මන්ද යත් තතු අඛණ්ඩව මෙසේ ඉදිරියට ගිය හොත් පක්ෂය විනිවිද ඇති ඔත්තු සේවා නිළධාරීන් සියළු දෙනාගේ රැකියා අහිමි වන බැවිනි.

බෝපගේ යනු ලංකාවේ වාමාංශිකය වෙලාගත් දෘෂ්ටිවාදී සැකසුම තුළ අර්චන වස්තුවකි. සාම්ප්‍රදායික ජ.වි.පෙ ට විරුද්ධ දේශපාලනයකට අත ගසන ඕනෑම අයෙක් බෝපගේ දෙස බලා සැනසුම් සුසුමක් හෙලයි. අවසන් වතාවට එවන් සුසුමක් ලොකු සද්දයක් සහිතව හෙලුවේ කුමාර් මහත්තයාය. සුසුම දැන් දෙකොන පත්තු වී ඇත. ‛‛ හැලප සාමුහිකය’’ සමග බෝපගේ ගේ අවසන් සම්මුඛ සාකච්ඡාව ඉහත පරිදි ජන අරගල ව්‍යාපාරය(අපෙන් හොරකම් කල නමට අනුව නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය. අප සමග තරහා මාධ්‍ය වලට අනුව පෙරටුගාමී පක්ෂය. ඉංග්‍රීසියෙන් නම් Frontline socialist party  ) වෙලා ගත් ගැඹුරු ව්‍යුහාත්මක අර්බුදයක රෝග ලක්ෂණයක් පමණි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.