[dropcap color=”black”]වි[/dropcap]මුක්ති ජයසුන්දර විසින් නිර්මාණය කරන ලද Light in the Yellow Breathing Space (2012) (කහපාට හුස්ම වැටෙන තැන ඇති එළිය.) ච්ත්‍රපටිය ගැන දීප්තිගේ අදහස් දැක්වීමක් කොළඹ රාජගිරියේ ට්‍රයිකෝන් කලා කේන්ද්‍රෙය් දී 1003/4, පාර්ක් ලේන්, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ මාර්තු මස 18 වන දා සවස 3.30 ට පැවැත්වේ.

උල්ලංඝණය (Transgression) වෙනුවට ප්‍රතිනිර්මාණය ( creation) යන්න, හැම දෙයක්ම නිරාවරණය වන යුගයක (cctv කැමරා වලින් අපගේ සන්තවය – Intimacy- මහා අනෙකා නරඹන නිසා ) කලාකරුවාගේ අවසාන් සටන් බිමයි. විමුක්තිගේ ච්ත්‍රපට කලාව ඔහුගේ ‘සුළග එනු පිණිස’ (2005) හරහා ප්‍රකාශ වුයේ උල්ලංඝණය (Perversion as Transgression ) හරහාය. නමුත් පශ්චාත්-නූතන ධනවාදය තුළ වෙළෙද දැන්වීම් පවා ‘උල්ලංඝණය’ දේශපාලන අවියක් ලෙස යොදා ගනියි. මෙවැනි තත්ත්වයක් තුළ ජේම්ස් ජොයිස් මෙන් වෙළෙදපොළට අවශේෂණය කරගත නොහැකි ‘විනෝදයක්’ තමයි මේ යුගයේ දේශපාලන කලාව කියන්නේ. විමුක්ති ගේ අලුත් ච්ත්‍රපට කිසිවකුට (සිනමාව විෂයක් ලෙස හදාරණ අයට පවා) නොතේරීම මේ අනුව අභිරහසක් නොවේ. අපේ අරමුණ ඒවා තේරුම් කිරීම නොවේ. ඒ වෙනුවට අපගේ වෑයම වන්නේ ඒවා නොතේරීම තුළම තිබෙන්නට හැරීමයි. මෙම නව කලා නිර්මාණ අප හදුන් වන්නේ සින්තෝමික කලාව කියාය.

මේ සදහා දුර පළාත් වල සිට කිසිවකු පැමිණීමට අවශ්‍ය නොවන්නේ සම්පූර්ණ දේශණය පටිගත කර පසුව වෙබ් ගත කිරීමට නියමිත නිසාය. දේශණයට පෙර ච්ත්‍රපටිය ප්‍රදර්ශණය කිරීම සිදු කෙරේ.

දේශණය- දීප්ති කුමාර ගුණරත්න

මෙහෙයවීම- භූපති නලින් වික්‍රමගේ

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. එක තාත්තෙකුයි පුතෙකුයි බූරුවෙක් කර උඩ තියාගෙන විකුණන්න ගියා. අන්තිමේදී බූරුව තාත්තයි පුතාවයි විකුණල යන්න ගියා. අන්තිමේදී පුතා තාත්තගෙන් මෙහෙම ඇහුව, ‘‘මූ මොන විදිහෙ බූරුවෙක්ද?‘‘

    බූරුව උල්ලංඝණය කළේ කාගේ ස්ථාවරයද? කැමරාවට කොණ්ඩමයක් දමාගෙන ඇවිත් දැවිල්ල හැදෙනකම්ම ………… (හිස්තැනට තමන් කැමති වචනයක් දමාගන්න.)

Comments are closed.