ගෙවී යන කාල සීමාවේ මෙරට විශ්වවිද්යාල ශිෂ්‍ය ප්රජාව අතර අර්බුද රැසක් ඉස්මතුව ඇත. ශිෂ්‍ය  ගැටලු යන්න විශ්වවිද්යාලවලට නුපුරුදු අත්දැකීමක් නොවේ. පෞද්ගලික වෛද්ය විද්යාල විරෝධය, අධ්යයන සුබසාධන ගැටලු, නවක වද විරෝදය යන මාතෘකා ඔස්සේ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් විශ්වවිද්යාල ශිෂ්යයෝ මේ දිනවල නැවතත් විරෝධතා ව්යාපාරවල නිරත වෙති.
පෞද්ගලික වෛද්ය විද්යාල පිහිටුවීම විරෝධය පාමින් රාගම, කොළඹ, කරාපිටිය, පේරාදෙණිය වෛද්ය පීඨවල සිසුන් ආරම්භ කොට ඇති සත්යග්රහ ව්යාපාරවලට දින 170ක් සපිරි ඇත. ඒ අතර වරින්වර පන්ති වර්ජන ද පැවැත් වේ. ඊට අමතර නවක වද ලබාදීම පිළිබඳ ගැටලුවක් හේතුවෙන් කැළණිය විශ්වවිද්යාලයේ සිසුන් හයදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. සබරගමුව, ශ්රී ජයවර්ධනපුර, කැළණිය යන විශ්වවිද්යාලවල සිසුන් 50 ආසන්න ප්රමාණයක් පන්ති තහනමට ලක්ව ඇත.
මෙකි එකදු අර්බුදයකටවත් තවමත් කිසිදු විසඳුමක් ලැබී නැත. නමුත් ශිෂ්‍යයයින් සිය සටන්පාඨ අත්හැර යළිත් දේශන ශාලා වෙත යෑමේ සුදානමක්ද නැත. කෙතරම් ආර්ථික අර්බුද තිබුණ ද අධ්යාපනය වෙනුවෙන් රටේ ජාතික ධනය වැයකිරීම අඩුවී නැත. කෙතරම් අර්බුද තිබුණ ද ශිෂ්‍ය ප්රජාව සිය සමාජ වගකීම ඉටුකර තිබේ ද? නොඑසේනම් ශිෂ්‍ය ප්රජාව සටන්පාඨ කියමින් මහ මඟ රැඳී සිටීම සාධාරණ ද? මේ ඒ සම්බන්ධයෙන් විමසුමකි. සබරගමුව විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂ් හපුගොඩ ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේ ගොනු වේ. [පක්ෂයේ නම වෙනුවට ලංකාදීප මාධ්‍යකරැවා යොදා ඇත්තේ මෙම නාම තහඩුවයි – අපේ පිළිකුල.]

A demonstrator protesting the shooting death of Alton Sterling is detained by law enforcement near the headquarters of the Baton Rouge Police Department in Baton Rouge, Louisiana
විශ්වවිද්යාල සිසුන් විශාල සමාජ අරගලයක නිරතවන බව බැලූ බැල්මට පෙනී යනවා. කොළඹ මහාමාර්ග, වීදි දිහා බැලුවම අපිට ඒක දැනෙනවා. නමුත් එහි ක්රියාකාරි බව ඇතුළේ ඇත්තටම සිදුවෙන දෙය තමයි කිසිවක් සිදු නොවීම, එක කුඩා සමාජ තීරුවක් නූතන යුගයේ ක්රියාකාරී බවක් පෙන්වනවා. නමුත් එහි ඇතුළත කිසිවක් ගැබ්වෙලා නැහැ. ඔවුන් මතුපිට සමාජ වෙනසකට දඟලනවා විතරයි. ඔවුන්ගේ මේ ක්රියාකාරිත්වයට පිටින් ඉන්න මිලියන ගණනාවක් වු ජනතාවට මේ ක්රියාකාරීත්වය බලපාන්නේ කොහොමද කියලා අපි විමසිය යුතුයි.
 ශිෂ්‍යයන්ට කියන්න පුළුවන් අපි මේ සියලු සටන් කරන්නේ නිදහස් අධ්යාපනය වෙනුවෙන් කියලා. එයින් මේ රටේ දෙමව්පියන් මිලියන ගණනාවකගේ දරුවන්ට අධ්යාපන අයිතිය සුරක්ෂිත වෙනවා කියලා ඔවුන්ට කියන්න පුළුවන්. නමුත් නැවතත් එයින්ම ගැටලුවක් මතුවෙනවා. සත්ය වශයෙන්ම අපේ රට නිදහස් අධ්යාපනයේ ප්රතිලාභ ලබනවාද? මම හොඳ උදාහරණයක් කියන්නම්, මීට වසර දෙකකට කලින් මහින්ද රාජපක්ෂ රජය සමයේ විශ්වවිද්යාලය ආචාරයවරුන්ගේ සමිති සම්මේලනය දැවැන්ත අරගලයක නිරත වුණා, ජාතිත නිෂ්පාදිතයෙන් සියයට හයක් අධ්යාපනය සඳහා වෙන් කරන්න කියලා ඔවුන් සටන් කළා. දැන් ඒ අරමුණ ඉටුවෙලා තිබෙනවා.
දැන් ඔබ සියලු දෙනාම සෝදිසි කරලා බලන්න මෙම මුදල් ලැබුණාට පසුව රටේ අධ්යාපනයට මොකද වුණේ. එහි ගුණාත්මක පාර්ශ්වය වර්ධනය වෙලා ද? එහෙම වෙලා තිබෙනවා නම් නියෝජ්ය ඇමති පාලිත තෙවරප්පෙරුමට සිදුවෙනවා ද ළමයි අටදෙනෙක් වෙනුවෙන් අරගල කරන්න. ප්රතිපාදන ලැබුණා කියලා විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ ගුණාත්මක බව වැඩිවෙලා තිබෙනවා ද? ලකුණු ගන්නවා, විභාග පාස් වෙනවා .පිටරට යවා මේ ක්රියාවලිය විතරක්මයි අධ්යාපනය තුළ සිදුවෙන්නේ. වර්තමානයේ නිදහස් අධ්යාපනයෙන් අත්වී තිබෙන ප්රතිලාභ මොනවාද? පෞද්ගලික වෛද්ය විද්යාල පිහිටුවීම එහෙමත් නැත්නම් සයිටම් එකට උපාධි ලබා දීමේ අයිතිය පැවරීම සම්බන්ධයෙන් වන කතාවෙන් තිබෙන්නේ සුළු ධනේස්වර පන්තිය රටේ මධ්යම පන්තියට එන්න නම් දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න ඕනෑ. නමුත් එහෙම වු පමණින් සමාජ වෙනසක් වෙනවා ද?
උද්ගතවී ඇති තත්වයන් හමුවේ කළ යුතු හොඳම දෙය විදිහට මම ශිෂ්යයන්ට යෝජනා කරන්නේ ඉගෙන ගැනීමයි. ආකල්ප වෙනස් කිරීමෙන් පමණයි සමාජය ඉදිරියට යන්නේ. එයින් පමණයි ඔබට මේ සමාජයට බලපෑමක් කරන්න පුළුවන්. චින්තනය වෙනස් නොවන සන්දර්භයක් ඇතුළේ කරන සටන් සමාජයට උරා ගන්නේ නැහැ. ඒ සියල්ල කළු කුහරයක් මතට දැමුවා හා සමාන වෙනවා.
අද තිබෙන තත්වය අනුව මේ සටන් කිරීම විහිළුවක් බවට පත්වෙලා. මම ඊට හොඳ උදාහරණයක් දක්වන්නම්. ඊයේ පෙරේදා මම කොළඹ එද්දී කොළඹ එක්තරා ප්රධාන මාර්ගයක කළු වර්ණයෙන් සැරසුණු පිරිසක් කෑ ගසමින් පාරේ යනවා දැක්කා. නැවතිලා බලද්දී ඒ අය යම් වෙළෙඳ භාණ්ඩයක් විකිණීම සඳහා ප්රවර්ධන චාරිකාවක නිරතවන ආකාරය තමයි දැකගන්නට ලැබුණේ. ඒ අය සනීපාරක්ෂණ ද්රව්ය විකිණීමක් වගේ දෙයක් කරනවා. ‘අපිට පිරිසිදුවට ඉන්න දියව්‘ කියලා කෑ ගහනවා.
ශිෂ්‍ය ව්යාපාරය ධනවාදයට උරාගෙන තිබෙන්නේ ඒ විදිහටයි. එහෙමත් නැත්නම් ශිෂ්‍ය ව්යාපාරයෙන් ලබා තිබෙන සමාජ ආදර්ශය මෙවැනි පහත් තත්වයකට පත්වී තිබෙනවා කියලා එයින් පෙනී යනවා. අද වෙද්දී අරගල කිරීම කියන එක ධනවාදය විසින් ඉල්ලා සිටින දෙයක්. ‘උඹලා ඔහෝම අරගල කරපල්ලා. අපි එයින් මේ විදිහේ ප්රතිලාභ ලබනවා කියලා සතුටු වෙන්න පුළුවන්.‘
මුළු ලෝකයම අද ගෝලීය ධනවාදයකට ප්රවේශවෙලා තිබෙන්වා. ඒ පිළිබඳව නිශ්චිත අවබෝධයක් නැතිව වැඩකිරීම නිසා ශිෂ්‍යයන් පරාජයට පත්වෙලා අවසන්. අතීතයේ තිබුණු සුබසාධක රාජ්ය සංකල්පය වර්තමානයේ වැඩකළ හැකි ද? මෙකී සුබසාධන රාජ්ය සංකල්පනය වගේම මාක්ස්වාදය, වාමවාදය වගේ සංකල්ප අද වන විට මියගිහින්. ඒවා නැවත ඉදිරියට ගෙන යෑමෙන් කිසිදු ප්රයෝජනයක් නැහැ. අඩුම තරමේ ශිෂ්යයෝ ඉගෙන ගත්තොත් මේ තත්වයන් තේරුම් ගන්න ප්රශ්න කරන්න හරි ඔවුන්ට පුළුවන් වේවි.
විශ්වවිද්යාල ශිෂ්‍ය ප්රජාවගේ කාලය ශ්රමය කොතරම් නම් මහපාරේ ගත වෙලා යනවා ද? සතියකට දවස් තුනක්වත් පාරට බහිනවා. ඊට අමතරව වීදි නාට්ය කියලා දවස් ගණන් බාහිර ක්රියාකාරකම්, විවිද දේවල් කියලා විශාල කාල සීමාවක් වැය කරනවා. පැරණි සමාජයේ දේවල් ප්රතිනිර්මාණය කරන්න ඔවුන් උත්සාහ දරනවා. නමුත් අලුත් කිසිවක් සිදුවෙන්නේ නැහැ. බණ භාවනා වැඩසටහන් කරනවා, පිරිත් කියනවා. මෙවැනි පැරණි දේවල් යළි යළි කිරීමෙන් ශිෂ්‍යයයන්ට ප්රයෝජනයක් වන්නේ නැහැ. ශිෂ්‍යයයෝ බොහෝ විට වැඩ කරන්නේ පැරණි යල් පැනගිය අදහස් දරන දේශපාලන පක්ෂයක උවමනාවන්වලටයි. මේ දවස්වල ශිෂ්ය ව්යාපාරයත් දඟලන්නේ නකුට කැඩුණා වගේ පණ යන්න නගුට ගැහෙනවා වගේ තත්වයක් තියෙන්නේ. ලංකාවේ ශිෂ්ය ව්යාපාරයේ අධික්රියාකාරිත්වය කියන්නේ මියයන්නට කලින් පණ ගහන කාලසීමාව. විශ්වවිද්යාල ආචාර්යවරුන් පවා මේ ගැන විවේචනය කරන්නේ නැහැ. හුඟක් විශ්වවිද්යාල ආචාර්යවරුන් විවිධ දේශපාලන ව්යාපාර එක්ක සම්බන්ධයි. නැත්නම් වක්රව ශිෂ්යයන්ට සහයෝගය දක්වනවා. දේශපාලනය සම්බන්ධව කතා කරන බොහෝ විශ්වවිද්යාල ආචාර්යවරු පෙටුගාමී සමාජවාදී පක්ෂය හෝ ඊට සමීප වෙනස් පක්ෂවලට සම්බන්ධයි. එවිට ඔවුන්ගේ අදහස් සෘජු නැහැ. ඇත්ත විවේචන කරන්නේ නැහැ.
තවදුරටත් ශිෂ්‍යයයෝ මොනවා කළත් මේ තත්වයන් නවත්වන්න බැහැ. ගැටලු මතුපිට නවතින්නේ නැහැ. ශිෂ්‍යයයෝ කළ යුත්තේ ඒ තත්වයන්ට මුහුණ දීම පමණයි. අද මේ එකතැන පල් වෙන විශ්වවිද්යාල ක්රමයට වඩා අලුත් දේවල් එකතු වෙන එක හොඳයි. ඒ ගැටීම ඔස්සේ අලුත් දේවල් නිර්මාණය වේවි. අලුතින් සිතීම ආරම්භ වේවි.
අප තුළ සිටින අධ්යාත්මික මිනිසාව අවදි කර ගැනීමට කටයුතු කළ යුතුයි. අද ඉන්න මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ අයට ශිෂ්යයෝ තවදුරටත් හසුවිය යුතු නැහැ. ශිෂ්යයෝ තමා ඇතුළෙන් තමා නිෂ්පාදනය කර ගැනීමට වල බලා ගත යුතුයි.
වාම ව්යාපාරය බිඳවැටිලා සුබසාධන රාජ්ය බිඳවැටිලා ශිෂ්‍යයයන්ට ආදර්ශයක් ගන්න තැනක් නැහැ. ශිෂ්‍යයයෝ තමා ඇතුළේම හිරවෙලා. ශිෂ්‍යයයෝ ක්රියාකරි වෙන්නේ තමා ඇතුළේ පමණයි. ශිෂ්‍යයයින් විතරක්ම නෙවෙයි අද මුළු මහත් සමාජයටම මේ ඉරණම අත්වෙලා. නමුත් ඒ අය තමා ක්රියාශීලියි කියලා පෙන්වනවා. සමාජය ෆේස් බුක් එක ඇතුළේ අතිශය ක්රියාකරීයි. විරෝධතා දක්වනවා. හෙළා දකිනවා. ප්රකාශ කරනවා. නමුත් ඒවා එළියට එන්නේ නැහැ. සතුන් දඩයම් කළා කියලා කෑගහන්න පටන් ගත්තා. දැන් ඒක ඉවරයි. නමුත් තවමත් අපේ සමාජයේ අය සතුන් දඩයමේ යනවා ෆේස් බුක් එක තිබුණා කියලා මිනිස්සු සතුන් මැරීම නවත්වන්නේ නැහැ.
අපි ඇතුළේ සිටිය යුතු දේශපාලන ආත්මය, සදාචාරාත්මක ආත්මය, නැවත නිෂ්පාදනය කරගන්නේ නැතුව කිසිවක් කළාට වැදගත් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් රනිල් සහ මෛත්රි ලබා ජනතාව මහින්දව එළවා ගත්තා. නමුත් එයින් ඇති වූ ප්රතිඵලය මොකක් ද? එහි කිසිවක් නැහැ. බාහිර සමාජය වෙනස් කළ යුත්තේ කොතැනින් ද කියල හරියාකාරව නොදැන එම සමාජය සමඟ හැප්පීමෙන් ඇතිවෙන්නේ පීඩාවක් විතරයි. එංගලන්තයේ අද ඇතිවී තිබෙන තත්වය ඊජිප්තුවේ පසුගිය සමයේ ඇති වූ අර්බුදය ආදී මේ සියල්ලට හේතුව නොදැන යන ගමනක් ආරම්භ කිරීමයි.
ජිජැක් කියන දේශපාලන දාර්ශනිකයා කියනවා උදේ පාන්දර නැගිටලා මෙනෙහි කළාම අපිට කිසිවක් සිදුවෙලා නැහැ කියලා හැඟෙන තත්වයට පත්වෙලා කියලා. අපේ රටේ යහපාලන අයටත් සිදුවෙලා තියෙන්නේ මේ තත්වයමයි. පුරවැසිබලය, සිවිල් බලය වගේ විවිධ මතවාදවලින් පිරිස එකතුවෙලා ක්රියාකාරිත්වයක් පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් රටේ බහුතරයක් වු ගිරාඳුරුකෝට්ටේ, දෙහිඅත්තකණ්ඩිය වගේ පළාත්වල මිනිස්සුන්ට කිසිවක් සිදුවෙලා නැහැ. එදා බස් එකට ගෙවපු ගාස්තුව අදත් ගෙවනවා. එදා පොහොර තිබුණා නම් අද පොහොර ටිකත් නැහැ. එදා තිබුණු දුෂණ අද දශමයකින්වත් අඩුවෙලා නැහැ. තෙවරප්පෙරුම මහත්තයාට තමයි ගාල්ලේ හෝටල් පිරිසිදු කරන්න සිදුවෙලා තිබෙන්නේ. නමුත් එක්තරා චක්රය විතරක් ක්රියාත්මක වෙනවා. නාමල් අත්අඩංගුවට ගන්නවා. තව වංචාවක් හෙළි කරනවා හෙට තවත් එකක් කරළියට ගේනවා. හිරේට ගිය නාමල් රාජපක්ෂ කියනවා එයා යෝගි භාවනා කරනවාලු. මේ සමාජ තත්වය ශිෂ්ය ව්යාපාරය තේරුම් ගත යුතුය.
යෝග භාවනා කරනවා කියන්නේ තමන්ට මොන ප්රශ්න තිබුණත් ඉතා හොඳින් ජීවත්වෙනවා කියලා පෙන්වීමට උත්සාහ දැරීමයි. ශිෂ්‍යය ව්යාපාරයට මේ සියල්ලෙන්ම ඉගෙන ගත යුතු පාඩම් ක්රියාකාරීත්වයකට සුදුසු පරිසරයක් හැඩගස්වා ගන්නා තුරු සමාජය සමඟ හැප්පෙන්නට යෑම නිශ්ඵල ක්රියාවක්. අද සමාජය ඉන්නේ අන්ධකාරයක. අධ්යාපනයෙන් සන්නද්ධ වෙලා ශිෂ්‍යයයා විප්ලවීය භූමිකාවකට ප්රවේශ විය යුතුයි.
නිදහස් අධ්යාපනය, නිදහස් සෞඛ්ය සේවාව මේවා සම්බන්ධයෙන් රටේ පවතින කතිකාවත් සත්යවාදී නැහැ. තාර්කික නැහැ. ඇමෙරිකාවේ, කැනඩාව වගේ රටවල තිබෙන සෞඛ්ය වැඩසටහන් අපට ක්රියාත්මක කරන්න බැහැ. අපේ රටේ වෛද්යවරු ගැන ටිකක් හිතලා බලන්න. ඔවුන් තවමත් උත්සාහ කරන්නේ දෙවිවරු වගේ ඉන්න, වලාකුළුවලින් බහින්න සුදානමක් ඇත්තෙම නැහැ. නිදහස් අධ්යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවිවරු වගේ වෛද්යවරුන් ද? ඔවුන් දෙවිවරු වගේ ඉඳගෙන රටේ සුබසාධනයට වැඩ කරාවි ද? ඒ අයගේ සාමාන්ය ජනතාවට සිදුවෙන සේවාව කෙබඳු ද?
අද ගෘහ නිර්මාණ ශිල්පියෙකුගෙන් නිවාස සැලැස්මක් නිර්මාණය කරන්න කොයිතරම් මුදලක් ගෙවන්න ඕනැ ද? ඉංජිනේරුවෙකුගෙන් සේවයක් ගන්න පුළුවන් ද අඩු මුදලකට, ඒ කිසිවක් ගැන ඔවුන් සානුකම්පිතව හිතන්නේ නැහැ. ඔවුන්ට උවමනා දේවත්වයෙන් වැජඹෙන්න පමණයි. නිදහස් අධ්යාපනය අරගෙන පෞද්ගලික චැනල් සේවා පවත්වාගෙන යනවා. මෙහෙම බලද්දී සුබසාධන රාජ්ය බිඳවැටී අවසන් කියලා පෙනී යනවා.
විශ්වවිද්යාල ගුරුවරයෙක් ලක්ෂ ගණනක් වැටුප් ගන්නවා. නමුත් එයින් රටේ ජනතාවට මොකද වෙන්නේ කියලා පෙරළා ඔවුන්ගෙන් ප්රශ්න කළ යුතුයි. ඔවුන් අපේ ජිවිත දශමයකින් හෝ ඉදිරියට රැගෙන ගොස් තිබෙනවා ද? සමාජය මේවා ගැන ප්රශ්න කළ යුතුයි. ප්රශ්න කිරීමේ අවස්ථා තිබෙනවා. නමුත් ඒවා ඔවුන් ප්රයෝජනයට ගන්නේ නැහැ. මුළු මහතා සමාජයම නිශශබ්දතාවයේ ගිලී සිටිනවා. අපි ගොඩක් දේවල් කරනවා නමුත් කිසිවක් වෙන්නේ නැහැ.
අද පුවත්පත් ගුවන්විදුලි රූපවාහිනී මේ කිසිවවක් සමාජය ප්රශ්න කරන්නේ නැහැ. ශිෂ්‍යයයින් පවා මේ සියල්ල දකිනවා. නමුත් ඔවුන්ට ද ක්රියාකාරීවීමේ අවශ්යතාවයක් නැහැ. ඔවුන් වෙනස්ම පාරක යනවා. ඒක කිසිම තේරුමක් නැති ගමනක්, ශිෂ්යයන් සටන් කරන්න ඕනෑ. නමුත් දැනුවත් ව සටන් කිරීමයි වැදගත් වෙන්නේ කියලා මා පැවසිය යුතුයි.

Mahesh Hapugoda – Vanguard Party- පක්ෂයේ නම හැර වෙන නාමවිශේෂණ යොදන්නේ තක්කඩින්ය. [Midddle class cynics]

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. විශ්වවිද්‍යාල ප්‍රජාව (ශිෂ්‍ය, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල) නිරන්තරයෙන් අරගල කරන බව අප හොඳින් දන්නා කරුණකි. අනධ්‍යයන සේවක පිරිස් ද දින 13ක වැඩවර්ජනයක් නිමා කර සේවයට පැමිණි තිබේ. කෙසේ වෙතත් මෙම විශ්වවිද්‍යාල පවත්වා ගන යාමට රජයක් විදිහට විශාල මුදලක් වැය කරනවා. එනම් විද්‍යාර්ථයෙක් බිහි කිරීමට කෙතරම් මුදලක් වැය වේ ද, ඒ තුලින් බිහිවන විද්‍යාර්ථයා රට සමෘර්ධිමත් කිරීමට (සමාජීය හෝ ආර්ථික වශයෙන්) සැබෑ ලෙසම දායක වේද යන්න ප්‍රශ්නයකි. උපාධිය ලැබූ පසු ඔවුන් රජයෙන් රැකියාවක් ඉල්ලා නැවතත් අරගල කිරීම නිරන්තරයෙන් දකින දෙයකි. එනම් අප මේ දරණ ප්‍රයත්නය සැබෑ ලෙසම ප්‍රායෝජනවත් ද?
    මෙම දිනවල රටේ ප්‍රධාන විශ්වවිද්‍යාල අසලින් ගමන් කරන සෑම කෙනෙකුටම දක්නට ලැබෙන්නේ මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව රජයේ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුන් විසින් අට්ටාල ගසා ගෙන අඛණ්ඩ සත්‍යග්‍රහ කිරීමයි. විශ්වවිද්‍යාල මඟින් පිටවන සෑම විද්‍යාර්ථයෙකුටම රජය මඟින් රැකියාවක් ලබා දෙන එකම වෘත්තීය වෛද්‍ය වෘත්තීයයි. එලෙසම එම වෘත්තිය විශාල වරප්‍රසාද සහිත වෘත්තියකි. ඔවුන් ද නිතර නිතර ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් යැයි කියාගනිමින් අරගල කරනවා. ඔවුනගේ දරුවන් ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කර ගැනීමට ද ඔවුන් වෙනම චක්‍ර ලේඛන නිකුත් කර ගන්නවා. ඔවුන් මෙලෙස ඔවුන්ව දේවත්වයෙන් සලකන්න කියා මහජනතාවට බල කරමින් සිටී. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ජනාධිපතිගේ දරුවෝ දක්වා මෙම සිද්ධි දාමයන් එලෙසම පවතිනවා. නමුත් මේ දිනවල සමාජ වෙබ් අඩවිවල ඇමරිකානු ජනාධිපතිගේ දුව තම ග්‍රීස්ම නිවාඩුව වෙනුවෙන් අවහන්හලක සේවය කරන අන්දම දැක්වෙන විඩියෝවක් දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාව වැනි රටවල එවන් තත්වයක් ඇතිවීම හීනයක්ම විය හැක.
    මෙලෙස වෛද්‍යවරු වරප්‍රසාද ඉල්ලමින් පීඩිත ජනයා තවත් පීඩාවට පත් කරමින් සිටී. මෙම වෛද්‍යවරු ම ජනතාව පෞද්ගලික රෝහල්, චැනල් සෙන්ටර් වෙත යෑමට බල කරමින් සිටී. ශ්‍රි ලාංකිකයින් උණට හෙම්බිරිසාවට ද විශේෂඥ වෛදවරුන් චැනල් කිරීමට පෙළඹී සිටිනවා. උදාහරණයක් ලෙස ගර්භණී කාන්තාව ප්‍රසව හා නාරි රෝග වෛද්‍ය වරයා චැනල් කළ විට ඔහුගේ වාට්ටුවේ විශේෂ සැලකිලි සහිතව දරුවා ප්‍රසූත කළ හැකි වීම. තව ද වෛද්‍යවරුන් වෙළඳනාමයෙන් බෙහෙත් නිකුත් කිරීම ජයටම කර ගෙන යනවා. මෙලෙස වරප්‍රසාද භුක්තිවිඳින, 1/12ක අනුපාතයට වැටුප වැඩිකරන ලෙස ඉල්ලමින් සිටින මෙම වෛද්‍ය සංගම් SAITM එකට විරුද්ධව හඬ නැඟීම සර්ව සාධාරණ ද යන්න ඔවුන්ම සිතා බැලිය යුතු කාරණයකි.

  2. //විශ්වවිද්යාල ශිෂ්‍ය ප්රජාවගේ කාලය ශ්රමය කොතරම් නම් මහපාරේ ගත වෙලා යනවා ද? සතියකට දවස් තුනක්වත් පාරට බහිනවා. ඊට අමතරව වීදි නාට්ය කියලා දවස් ගණන් බාහිර ක්රියාකාරකම්, විවිද දේවල් කියලා විශාල කාල සීමාවක් වැය කරනවා. පැරණි සමාජයේ දේවල් ප්රතිනිර්මාණය කරන්න ඔවුන් උත්සාහ දරනවා. නමුත් අලුත් කිසිවක් සිදුවෙන්නේ නැහැ. බණ භාවනා වැඩසටහන් කරනවා, පිරිත් කියනවා. මෙවැනි පැරණි දේවල් යළි යළි කිරීමෙන් ශිෂ්‍යයයන්ට ප්රයෝජනයක් වන්නේ නැහැ. ශිෂ්‍යයයෝ බොහෝ විට වැඩ කරන්නේ පැරණි යල් පැනගිය අදහස් දරන දේශපාලන පක්ෂයක උවමනාවන්වලටයි. මේ දවස්වල ශිෂ්ය ව්යාපාරයත් දඟලන්නේ නකුට කැඩුණා වගේ පණ යන්න නගුට ගැහෙනවා වගේ තත්වයක් තියෙන්නේ. // මේවා කිව්වහම කියන්නේ යුඇන්පියට කඩේ යනවා කියල.

  3. //උද්ගතවී ඇති තත්වයන් හමුවේ කළ යුතු හොඳම දෙය විදිහට මම ශිෂ්යයන්ට යෝජනා කරන්නේ ඉගෙන ගැනීමයි. ආකල්ප වෙනස් කිරීමෙන් පමණයි සමාජය ඉදිරියට යන්නේ. එයින් පමණයි ඔබට මේ සමාජයට බලපෑමක් කරන්න පුළුවන්. චින්තනය වෙනස් නොවන සන්දර්භයක් ඇතුළේ කරන සටන් සමාජයට උරා ගන්නේ නැහැ. ඒ සියල්ල කළු කුහරයක් මතට දැමුවා හා සමාන වෙනවා.// නිවැරදි තේරුම් ගැනීමක්.

Comments are closed.