[dropcap color=”black”]කා[/dropcap]ලාන්තරයක් පුරා මේ රටේ ජාතිවාදය වපුරමින් ගිය ගොඩක් අය හිතුවේ තල වපුරා මුං කපා ගන්නටයි. නමුත් දැන් තමන් වැපිරූ දේ තමන්ටම කපා ගන්නට මේ අයට සිද්ධ වෙලා තියෙනවා. මේ දවස් වල රටේ හැම තැනකම කතා වෙන්නේ බලය බෙදීම සහ දහතුන් වන සංශෝධනය ගැනයි. කාලයක් ජාතිවාදය රටපුරා වපුරලා දැන් මෙන්න කනවෝ කනවෝ කියනවා. මේ රටේ දෙමළ මිනිස්සු හතලිස් දහසකට වැඩිය මරා දැම්මේ ඇයි? අන්තිමට මොනවද අපිට ඉතිරි වුනේ. දැන් ඉන්දියාව අපිට බලපෑම් කරනවා කියලා බෙරිහන් දෙනවා. යුද්ධ කාලේ ඉන්දියාව අපිට උදව් කලේ ඇගේ අමාරුවටද? නෑ ඒ කරපු දේවලට තමයි ඉන්දියාව දැන් මෙහෙම හැසිරෙන්නේ. ඇමරිකාව සහ චීනය අනාගතයේ දී මොන විදිහට හැසිරුනත් ඒකට හේතුව මේ හැමෝම නියමින් සහ අනියමින් යුද්ධයට උදවි කරපු නිසයි.

යුද්ධය දිනන්න ජාතිවාදය පෝෂණය කරලා ඉන්දියාව ඇතුලු ගොඩක් රටවලින් උදව් ගත්තා. ඒ අය උදව් කලේ නිකම් කහනවට නෙවි.ඒ නිසා අපට මේ වෙලා තියෙන්නේ වපුරපු දේවල් කපා ගන්න එකයි.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. දෙමාපියන්ගේ අඬදබර, ඔවුන්ගේ අනියම් සම්බන්ධතා, දික්කසාද වීම්, පියාගේ බිමත්කම, තවත් සමහර සරසවි සිසුනට අධ්‍යාපන කටයුතු එපා කරවන ගැටලුවේ. “ගෙදර මොනව වෙනවද දන්නේ නෑ”කියමින් නිතරම බියෙන් පීඩා විඳීම නිසා අධ්‍යාපන කටයුතු සහමුලින් එපාවූ එවැනි සිසු සිසුවියන් බොහෝ විට මට හමුවී තිබේ. එවැනි අත්දැකීම් ලබන සමහර සිසුවියන් “ගෙදර ප්‍රශ්න මතක් වෙන කොට මට හිස හැරුණු අතේ යන්න හිතෙනවා, මැරෙන්න හිතෙනවා” වැනි දේවල් වරින් වර මා සමග පැවසූ අන්දම මේ මොහොතේ ද මගේ සිහියට නැගේ.සරසවි සිසු සිසුවියන් මුහුණ දෙන මෙවැනි අනේක විධ ගැටලුවලට විසඳුම් නැත්තේම නැත. මෙහිදී කළ යුතු මූලිකම දෙය වන්නේ එවැනි සිසු සිසුවියන් හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දිය හැකි මාර්ගවලට යොමු කිරීමය. වර්තමාන පරම්පරාව තුළ අභියෝගවලට මුහුණ දීමට හැකි ශක්තිය ධෛර්ය ඇති දරුවන් අඩුය. එය වසර ගණනාවක් තිස්සේම අපේ රටේ දිගින් දිගටම පැවත ආ විභාගවලට ලකුණු ලබා ගැනීමේ තරගයට පමණක් දරුවන් හුරු කරවීමේ අසාර්ථක අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයකි.දැන් මේ තත්ත්වය බොහෝ සෙයින් ඔඩුදුවා තිබේ. දරුවන්ට ජීවිතයේ අත්දැකීම් ලබන්නට ජීවිතය විඳින්නට තිබූ ළමා විය අහිමිව ගියේය. එහි ප්‍රතිඵල වසර ගණනාවක් තිස්සේ අපේ රට දැන් භුක්ති විඳිමින් සිටියි. මේ හේතුව මත සමාජය හා මුසු වීමේදී එළඹෙන විවිධාකාර අභියෝගවලට මුහුණ දීමට නොහැකිව මානසිකව කඩා වැටෙන විට දිවි නසාගැනීම තුළින් ඊට පිළිතුරු සොයන්නට යම් දරුවකු පෙළඹේ නම් ඊට වග කිව යුත්තන් කවුද? අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා පලක් නැත. නොපමාවම අපේ තරුණ පරපුර මුහුණ දී හිඳින මේ ඛිෙදවාචකයෙහි අල ගිය තැන් මුල ගිය තැන් සොයා ඒවාට විසඳුම් සෙවිය යුතු වේ.

  2. මේ සැලසුමට අනුව තමයි දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාව ගන්න යන්නේ. එහෙම ගත්තොත් මේ රට නැවත එදා රණවිරුවො දිවි පුදල, මහා අනන්ත අපරිමාණ කැපකිරීම් කරල, දැන් මේ රෝද පුටුවේ ආපු රණවිරුවො කකුල් අතපය අහිමි කරගත්තු රණවිරුවො, ඒ අය ඒ මහා කැපකිරීම් කරල බේරාගත්තු රට, පණ දීපු ඒකීයභාවය නැවත ආපස්සට තල්ලූ වෙනව මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය. ඒ නිසා තමයි, ජාතික නිදහස් පෙරමුණ මේ රජයේ පාර්ශ්වකාර පක්‍ෂයක් හැටියට ඉන්න ගමන් මේ රජයට බල කරන්නෙ, ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලන්නෙ, මේ පළාත් සභා මැතිවරණය උතුරේ තියෙනවා නම්, දැන් ගෙනල්ල තියෙන සංශෝධන දෙක විතරක් නෙවෙයි, ඉඩම්, පොලිස් බලය ඇතුළු බෙදුම්වාදයට රුකුල් දෙන සියලූ බලතල අහෝසි කරන්න ඕනෙ. ඒ බලතල සංශෝධනය කරන්න ඕන.

Comments are closed.