අපිට ලියන්න, කතා බහ කරන්න සැබෑ ප‍්‍රශ්න ගොඩක් මේ රටේ තියනවා. ඒවා උඩට තවත් ප‍්‍රශ්න එකතු වෙනවා. කුණු ප‍්‍රශ්න, වතුර නෑ. ඉන්න ගෙවල් නෑ.. පවුලෙන් කෙනෙක් මහණ කරොත් ගෙවල් ගන්න පුළුවන්. ඒකත් සංකීර්ණ ප‍්‍රශ්නයක්. බෙහෙත් නෑ.. ඩොක්ටර්ස්ලා ස්ට‍්‍රයික්. ඒ මදිවට අලි ප‍්‍රශ්නත් තියනවා. ඉතිං මේ සැබෑ ප‍්‍රශ්න උඩට එනවා. ෆේස්බුක් ප‍්‍රශ්න. ඒ කියන්නේ සමනලීලා ජාතියේ ප‍්‍රශ්න. මෙන්න මේ ප‍්‍රශ්න ගැන කතා කරන්න අපිට සිද්ධ වෙනවා මුලින්ම ෙහෙඩගර්ව තේරුම් ගන්න. ෙහෙඩගර්ගේ අවිඥානය තේරුම් ගන්න.

මාර්ටින් ෙහෙඩගර් (Martin Heidegger) කියන්නේ ජර්මනියේ හිටපු දාර්ශනිකයෙක්. එක්තරා දවසක මොහුට බර්ලින් විශ්වවිද්‍යාලයෙන් ආරාධනාවක් ලැබෙනවා මහාචාර්ය තනතුරකට. ෙහෙඩගර් කියන්නේ සෑහෙන්න බුද්ධිමතෙක්. ඒත් මොහු මේ ගැන තදින් කල්පනා කරනවා. අවසානයේ මොහු තීරණය කරනවා ඒ ප‍්‍රදේශයේ ජීවත් වෙන වයෝවෘද්ධ ගොවියෙක්. ඒ ගොවියා හමුවෙන්න යන්න ෙහෙඩගර්ට කැලයක් පසු කරන්න සිද්ධ වෙනවා. ඉතිං මේ දාර්ශනිකයා බයෙන් බයෙන් භයානක, කළු‍වර කැලය වගේම දීර්ඝ සහ වෙහෙසකර ගමනක් නිමා කරලා ගොවියා ඉදිරියට යනවා. ගිහින් ගොවියගෙන් මෙහෙම අහනවා.

 

මට ගම දාලා මහාචාර්ය තනතුරක් බාර ගන්න බර්ලින් යන්න යන්න වෙලා තියෙනවා. මම යන්නද එපාද?”‍

 මේක අහන් හිටපු ගොවියා එකපාරටම උත්තර දෙනවා.

 ”එපා.. යන්න එපා”‍

 මේ උත්තරය අහපු ෙහෙඩගර් සතුටින් නටන්න ගන්නවා.

 අපි ෙහෙඩගර්ගේ ගැඹුර හොයන්න යනවා. ඒත් එයා සරල ප‍්‍රශ්නෙකට උත්තරය හොයාගන්න යන්නේ ගොවියෙක් ළඟට. ඒ උත්තරය ඔහුගේ අවිඥානය බලාපොරොත්තුවෙන් හිටපු උත්තරයක්. ඔහු කලින්ම තීරණය කරලා තිබ්බේ බර්ලින් යන්නේ නෑ කියලා.

ඉතින් සහෝදරවරු කණ්ඩායමක් උදේ ඉඳන් වෙනකල් සිගරට් පුච්ච පුච්ච නාන්නේ රෙදි හෝදගන්නෙ නැතුව ෙහෙඩගර්ගේ ගැඹුර හොයනවා. මහින්දටයි මෛත‍්‍රීටයි දෙන්නටම එකම කතාව වචන එහා මෙහා කරලා ලියලා දෙන එක්තරා සුමනසේකර කෙනෙක්ගෙ පුතෙක් තමයි මේ සහෝදරවරු එක්ක එකතු වෙලා ෙහෙඩගර් කියවන්නේ.. මේ පුතා කතා ලිව්වේ නැති වුණාට වෙන විදියේ ස්ක‍්‍රිප්ට් ලියනවා. ඒ ස්ක‍්‍රිප්ට් පුරාම තියෙන්නේ ගෑනු… ගෑනු… ගෑනු… විතරමයි. ඉතින් මේ සහෝදරවරුන්ට හොඳටම ශුවර්ද මේ ඇත්තටම හොයන්නේ ෙහෙඩගර්ව කියලා?

ඔබේ අදහස කියන්න...