Archive | Political

මාක්ස්වාදය සහ පශ්චාත්-මාක්ස්වාදය අතර වෙනස සම්භවය/විචාරය

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

ලංකාවේ බොහෝ මාක්ස්වාදීන් සහ පශ්චාත්-මාක්ස්වාදීන් යැයි කියා ගන්නා උදවිය විසින් මේ දක්වා මේ දෙක අතර වෙනස න්‍යායිකව ලකූණු කර පෙන්වන්නට අසමත් වූ බව පළමු කොට කිව යුතුය. මේ නිසා ලංකාවේ පළමු වරට මේ දෙක අතර වෙනස න්‍යායිකව පැහැදිලි කර දෙන්නට අපි අදහස් කලෙමු.
Read the full story

Posted in PoliticalComments (3)

නිරන්ජලාට මාළු ගෙනාවා

VN:F [1.9.9_1125]
Rating: 5.0/7 (2 votes cast)

ලංකාවේ රැඩිකල්බ ස්ත්‍රීවාදිනියක් වන නිරංජලා සහ කෙලී අතර වසර ගණනාවක් පුරා පැවති ආදර අන්දරයට කණ කොකා හඬ ඇති බව අපට වාර්ථාවේ. මේ නිසා මේ දවස් වල නිරංජලා පාරේ තොටේ හමුවන සියලු දෙනා අතින් කෙලී ගේ ඇදුම් ගැලවී යන පරිදි ඔහුට බැන බැන යන අයුරු අප දුටිමු.
මේ වන විටත් නිංජලාගේ ආදරයට පොල්ල තියා ඇති කෙලීගේ කොහුවල නිවස අසල අමාරිස් අයියාව දේවත්වයෙන් අදහන දේවදූතියක් සැරිසරන බවත් වාර්ථාවේ. නිරංජලා පවසන්නේ තමාට මේ දේවදූතිය හමුවුව හොත් ඇයට නතර වන්නට සිදු වන්නේ අපායේ බවයි.

 
කෙලී යනු යනු මෙරට වාම දේශපාලනයේ එක්තරා වකවානුවක ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ චරිතයකි. රොහණ විජෙවීර සහෝදරයා විසින් ගොඩ නැගූ ජනතා විමුක්ති පෙරමුණ සී/ස ජනතා විමුක්ති පෙරමුණ ( පෞද්ගලික ) සමාගම බවට පත් කරන්නට මේ විප්ලවාදියා වසර ගණනාවක් අඛණ්ඩ උත්සහයක නිරත විය. පසුව මේ කර්ත්‍යව්‍ය තමන්ට තිනිව ඉටු කරන්නට නොහැකි බව අවබෝධ කර ගත් මේ පැරණි වාංමාංශිකයා ඊට ගාම්‍ය සරල භාෂාවෙන් කියන ඌරාගේ මාළු ඌරගේ ඇගේ තියා කැපීමේ ක්‍රමයක් අනුගමනය කරනු ලැබීය. අවසානයේ ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික සමාගමක් බවට පරිවර්තනය කිරීමේ කෙලීගේ සිහිනය ඇපයෙන් සීමිත සමාගමක් බවට ජනතා විමුක්ති පෙරමුණ පත් කිරීමෙන් අහවර විය.

නිරංජලා හා අමාරිස් අයියාගෙන් ස්ත්‍රීවාදය උගත් සුරදූතිය ස්ත්‍රීවාදී නොවන ස්ත්‍රීහානී කෙලී සමග ගණුදෙනු කරන්නේ කෙසේද යන්න අප නොදනිමු. ඔරිජිනල් වමක් හදන්නට වලිකන උදවිය පවා මේ පැරණි වාමාංශිකයාගේ ලණු කන්නට තරම් මාක්ස්-ලෙනින්වාදීන් වීම ගැන අපට පුදුම නැත. ලගදීම දිනෙක කොහුවල ප්‍රදේශයෙන් විශාල පිපුරුම් හඬක් ඇසුන හොත් යළි කොළඹට කොටි ගහනවා යැයි ජනතාවට බිය නොවන ලෙස අප කියන්නට කැමැත්තෙමු. මේ වන විටත් කෙලී සම්බන්ධයෙන් දන්නා සියලු තොරතුරු නිරංජලා විසින් වමාරමින් සිටින නිසා හා අමාරිස් අයියාගේ ශිෂ්‍යයාව නිතර කොහුවල ප්‍රදේශයේ සැරිසරන නිසාත් නිරංජලා ඇය සොයමින් මග බලා සිටින නිසාත් මෙවැනි විශාල පිපිරුමු ශබිදයක් කොහුවල ප්‍රදේශයෙන් අසන්නට ලැබෙතැයි අපි අනතුරු අගවන්නට කැමැත්තෙමු.
අමාරිස් අයියාගේ ශිෂ්‍යවක් වන මේ සුරදූතිකාව මේ දිනවල හැලපයා මහත්තහාට කොචොක් දමමින් සිටියි. ‛‛ ඌ හිතාගෙන ඉන්නේ ෆැක්සිස් සඟරාව කරන්නේ ඌ කියලයි. ඒ වුනාට ඒක ඇත්තටම කරන්නේ මමයි සමිපත් අයියයි. ( මේ මෝඩ සම්පත් යැයි යමෙකු වැරදියට තේරුම් ගන්නට එපා. මොහු ඇත්තටම වෙනත් සම්පත් කෙනෙකි.) හැලපයා දන්නේ පාට පාට කමිස ඇදගෙන පිස්සු නටන්න විතරයි. දවසකට දම්පාට, තවත් දවසකට රතු පාට කමිස ඇන්දට මුන් දන්නේ නෑ අපි ගහන ගේම් ගැන.
මැය මේ වන විටත් කෙලීට අතිශයින්ම සමීප අයෙකි බවට පත්ව සිටින අතර මේ දිනවල කෙලී සිංගප්පූරුවේ සාප්පු සවාරියක නිරත වී සිටින බවද අපට වාර්ථාවේ.

Posted in PoliticalComments (3)

අපගේ මැයි දින පණිවිඩය

VN:F [1.9.9_1125]
Rating: 5.0/7 (2 votes cast)

ලක්ෂ ගණනක්, දහස් ගණනක් මිනිසුන් අරගල කරති. දහස් ගණන් පෝස්ටර් ගසති. තොට ලග තොරණ මෙන් දැවැන්ත ඇටවුම් ඉදිකරති. සමරති, ගොරවති, ගිරිය පුප්පාගෙන කෑ ගසති. සම්මුඛ සාකච්ඡා දෙති. නොදෙති. ප්‍රතික්ශේප කරති. අවසානයේ ආණ්ඩු පිහිට වූයේ තමා යැයි පුරාජෙරු දෙසති. ප්‍රතිථලය කුමක් ද?

 
ඡන්දය දිනුවාට පසු තමන් කඩේ ගිය අයව තමන්ට පෙනෙන්නේ මෙසේය. ‛‛ වසර 1994 ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරුණ රාත්‍රියේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග ප්‍රතිඵල අසන කිහිපදෙනා අතරට ඊට කලකට පෙර චන්ද්‍රිකා වෙසගනක් ලෙස හැදින්වූ හැරී ජයවර්ධනද සිටියේය. මා එහි ගිය පසු මට බොන්නට විස්කි වීදුරුවක් රැගෙන එමින් සිටි චන්ද්‍රිකාට ඇසෙන පරිදි හැරී ජයවර්ධන මට කීවේ ‛ වික්ටර් මේ ළමයා අපිව බෙිරා ගත්තා කියාය’.
අපි ඉහතින් සදහන් කලේ අනාගතයේ තිරගත වීමට නියමිත ජැක්සන් ඇන්තනිගේ මනමේ චිත්‍රපටියේ කොටසක් නොවේ. එය චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත් කිරීමෙන් අපට සමාජවාදය කරා යා හැකි යැයි සිතූ අමන මෝඩයෙකුගේ විකට ජවනිකාවකි.

අද සුවිශේෂි මැයි දිනයක් ගොඩ නැගීමට අවශ්‍ය නම් කෙනෙකු තමන්ගේ බුද්ධිය පාදා ගත යුතුය. අප ඉගෙන ගත යුත්තේ කා ගැනද? කුමන දේවල් ගැනද? ඒ සදහා පෙළපාලි යාම අවශ්‍යද? ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂට කඩේ යන විට සජින් වාස් ගැන ඔවුන් සිහිනෙන්වත් සිතුවාද? කුමාර් මහත්තයාගේ චින්තනයේ දිග පළල තුල චන්ද්‍රපාල ලියනගේ හා මහින්ද අබේසුන්දර වැඩ සිටියේ ද? අහංකාර පණ්ඩිත බැරෑරුම් මාක්ස්වාදී වචන තෙපලන්නේ නැතිව අපි චන්ද්‍රපාල ලියනගේ වැනි විකටයෙකුටත් අහුවුණා යැයි ස්වයං විවේචනය කළ නොහැක්කේ මන්ද? රැඩිකල් මැයි දිනයක් සැමරීම යනු ලංකාවේ සියලු විකටයන්ට බැරෑරුම් වම රැවටුනා යැයි විවෘතව ප්‍රකාශ කිරීම නොවේද?

අපගේ අවසාන අදහස සදහා අපි මහාචාර්ය සනත් ගුණතිලකව මෙසේ උපුටන්නෙමු. ‛‛ සනත් ගුණතිලක අයත් මිනිසුන්ගේ කුලකය ඉතාමත් කපටි ලෙස බලවත් අයට සමීප වීමට අවශ්‍ය තියුණු පොන්න හැකියාවකින් යුක්තය. ඔවුහූ සිරිතක් වශයෙන් ආණ්ඩුවක් බලයට පත් කිරීම සදහා කිසිවක් නොකරති. ඒ සදහා ක්‍රියා කරන්නේ පොන්න වම්මුන්ය. එහෙත් බලයට පත්වන කවර ආණ්ඩුවකට හෝ ඉක්මනින් සෙට් වීමේ අපූරු හැකියාවක් සනත් ගුණතිලක කුලයේ අය සතුය. ඒ සමගම ඔවුන් ඉක්මනින් එම ආණ්ඩුවේ අයිතිකරුවන් බවට පත්වෙමින් ලැබෙන බලය උපරිම වශයෙන් පාවිච්චිකර ධනය උපයා ගනිති. නිරීක්ෂණ නිවට ඉවක් ඔවුන් සතුය. බලයට එන ආණ්ඩු අවසන් මෙහොතේ කඩාගෙන වැටෙන්නට ඔන්න මෙන් කියා තිබෙන විට ඒවා අතහැර යමින් ඊලගට බලයට එන ආණ්ඩු වලට එක් වීමටත් ඔවුහූ දක්ෂයෝ වෙති.

කුමාර් මහත්තයාගේ දක්ෂතාවය යනු සනත් ගුණතිලක වර්ගයේ දක්ෂතාවයක්ද? පුබුදු ජයගොඩ නම් වන ඔහුගේ සිංහල බෞද්ධ උද්ඝෝෂකයාට අනුව තමන්ගේ නායකයා විප්ලවාදියෙකි. සනත්ලාගේ වර්ගයේ විඥාණයක් ගැන ඔහු විශේෂඥයෙකි. තමන්ම කඩේ ගිය ජාතිවාදී ආණ්ඩුව තමන්වම අත් අඩංගුවට ගන්නා බවට ඔහු පෙර නිමිති නොදුටුවේ මන්ද?
අරගලය විසින් ඉහත ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙනු ඇත….

Posted in PoliticalComments Off

නව සමසමාජ පක්ෂය, නිදහසේ වෙිදිකාව විපක්ෂයේ මැයි දින පෙළපාලියේ

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

ඒකාබද්ධ පොදු විපක්ෂය විසින් සංවිධානය කරණු ලැබූ මැයි දින උත්සවය යාපනය නල්ලූර් කොව්ල අසලින් මීට ස්වලප මොහොතකට පෙර ආරම්භ වූ බව අපට වාර්ථා විය. මේ අවස්ථාවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන්, නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයන් වන වී.තිරුනාවුකරුසු,සහ ධර්මසිරි ලංකාපේලී නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, සහ එක්සත් ජාතික පක්ෂ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා, මහ ලේකම් තිස්ස අත්තනායක ඇතුලු දේශපාලන නායකයින් විශාල පිරිසක් සහභාගී වී සිටින බව වාර්ථාවේ. Read the full story

Posted in PoliticalComments Off

මැයි දිනයට මුලු රටම සූදානම්

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

 
මේ වන විටත් ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නට මුලු රටේ පක්ෂ විපක්ෂ සියලු දෙනා සූදානමන් සිටින අයුරු දක්නට ලැබේ. ආණ්ඩුපක්ෂ, විපක්ෂය, විපක්ෂය පණක් නොව සිවිල් හා බහුජන සංවිධාන විසින් ද අති උත්කර්ශවත් අයුරුන් මැයි දනය සමරන්නට මේ වන විටත් කටයුතු කරමින් සිටියි. කම්කරු දින සම්බන්ධයෙන් පලවූ සුභ පැතුම් පණිවිඩ හා ප්‍රවෘත්ති කිහිපයක් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියෙන් උපුටා දක්වන්නට අපි අදහස් කලෙමු. Read the full story

Posted in PoliticalComments Off

විපක්ෂයේ මැයි දින පෙළපාලිය

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

 
ඒකාබද්ධ විපක්ෂය විසින් මෙවර මැයි දින රැළිය සමරණු ලබන්නේ යාපනයේදීය. මේ වන විටත් ඒ සදහා වූ සියලු කටයුතු සූදානම් කර අවසන් බව අපට වාර්ථාවේ. අද සවස 3.00 පමණ යාපනය ඇල්ෆර්ඩ් දොරේ අප්පා ක්‍රීඩාංගනයේ දී පවත්වන්නට නියමිත මෙම මැයි දින රැළිය සදහා ද්‍රවිඩ ජාතික සංධානය,එක්සත් ජාතික පක්ෂ, නව සමසමාජ පක්ෂය,එකසත් සමාජවාදී පක්ෂය, නව සිංහළ උරුමය, ඇතුලු දේශපාලන පක්ෂ රැසක නායකයින් මේ රැස්වීම අමතන්නට නියමිතය. Read the full story

Wathsula Wasantha liked this post

Posted in PoliticalComments Off

“ඉවර වූ යුද්ධයේ විවර නොවූ බාධක” (Divaina)

VN:F [1.9.9_1125]
Rating: 5.0/7 (1 vote cast)

වසර තිහක්‌ම පැවැති යුද්ධය හමාර වූ විට වැඩි වශයෙන්ම සතුටට පත්වූයේ උතුර නැගෙනහිර සාමාන්‍ය වැසියෝය. උයාගත් බත් මුට්‌ටිය කාලතුවක්‌කු උණ්‌ඩවලට හසුවී පිපිරී යද්දී හිස්‌ ලූ ලූ අත දිවු ඔවුන්ගේ ජීවිතවලින් විශාල ප්‍රමාණයක්‌ මේ මහපොළවට මිහිදන් වන්නට තරම් යුද්ධය කුරිරු විණි. Read the full story

Posted in PoliticalComments Off

රූපය සහ ලෙනින්

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

මෝස්තර නිරූපිකාවක් මාක්ස්-ලෙනින්වාදී දේශපාලන ක්‍රියාකාරියක් බවට පත් වීමේ දී සිදු විය හැකි දේ

 

Posted in PoliticalComments (1)

කුමාර් ගුණරත්නම්ගේ ප්‍රථම රූපවාහිනී සංවාදය අද රාත්‍රී

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා මෙරට රූපවාහිනී නාලිකාවක පවත්වන ප්‍රථම සම්මුඛ සාකච්ඡාව අද රාත්‍රී දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශය වීමට නියමිතව තිබේ. Read the full story

Anuradha Kodagoda liked this post

Posted in PoliticalComments (1)

බුරිය මෙතන වටේට නටන්න

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපතවරයා බවට පත් කරවන්නට උපකාර කළ ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී.ඊ සංවිධානයට අවසානයේ තමන් විසින් පත්කළ නායකයා නිසාම විනාශ වන්නට සිදු විය. එල්.ටී.ටී.ඊ සංවිධානය සමූල ඝාතනයට ලක්වන අතර ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වී අවසානයේ මහින්ද රාජපක්ෂ රාජාභිෂේකයට ඔටුනු පලදිනු ලැබීය.පසුගිය දිනෙක දෙරණ රූපවාහිනි නාලිකාවේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අවසන් මහා තරගය නරඔන විට ලංකාවේ දේශපානය තුල මේ වන විටත් ඇතිව තිබෙන තත්ත්වයන් නිවරදිව සංජානනය කරන්නට අපට හැකියාවක් ලැබුනි.

 
දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අවසන් මහා තරඟයේ අවසන් වටයට කණ්ඩායම් තුනක් තේරී පත් විය. එම කණ්ඩායම් නම් ගම්පහ ඩේන්ජරස් ගැන්, කලුතර රෝයල් වොරියස්, සහ කළම්ඹූ ට්‍රුකස් යන කණ්ඩායම්ය. මෙහිදී අවසන් වටයේ කේවල තරඟය සදහා කලුතර රෝයල් වොරියස් කණ්ඩායමෙන් නංගියෙක් සහ මල්ලියෙක් තේරීපත් වූ අතර ගම්පහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමෙන් මල්ලිලා දෙන්නෙක් තේරී පත්විය. කෙසේ නමුත් අවසානයේ මෙම තරගාවලියේ කේවල තරඟයේ ජයග්‍රහනය හිමිවන්නේ කලුතර රෝයල් වොරියස් කණ්ඩායමේ ඉමල්ෂා මධුෂානී හටයි. ඇයගේ කණ්ඩායමේම නායකයා වන නදීෂ් රන්දීර් මෙම තරගයෙන් දෙවැනි තැනට පත් විය. නමුත් සම්ස්ථ තරගාවලියේ ජයග්‍රහණය හිමි වන්නේ ගමිපහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමටයි. මේ තරගාවලියේ තෙවන ස්ථානයට පත් වූයේ කොළොම්ඹු ට්‍රුකස් කණ්ඩායමයි.

 එම කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ තර්තන ශිල්පිණියකටයි. ඇයට පරාජය වන්නට සිදු වන්නේත් ඇය කේවල තරඟය ගැන ප්‍රමුඛ කොට සැලකූ නිසියි. මෙම තරගයේ පළමු තැනට පත්වූ ගම්පහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමේ නායකයාගෙන් තම ජයග්‍රහනයට හේතුව විමසන අවස්ථාවේ ඔහු පවසා සිටියේ ඔහු සිය කේවල තරගයට වඩා සම්ස්ථ කණ්ඩායමේ ජයග්‍රහනය ගැන කල්පනා කළ බවයි. මෙහිදී හොදම නර්තන ශිල්පිණිය වශයෙන් කිරුළ පලන් ඉමල්ෂා මධුෂානිගෙන් ඇගේ ජයග්‍රහනයට හේතුව විමසන විට ඇය පවසන්නේ අනුරාධා අක්කී, ටූටූ අක්කී වැනි නම් කිහිපයක් පමණි. ඇය මෙහිදී සිය කණ්ඩායම ගැන චවනයක්වත් කතා කරන්නට ඉදිරිපත් නොවීය. කලුතර රෝයල් වොරියස් කණ්ඩායම සිය කණ්ඩායමට ඉමල්ෂා සහ තවත් නර්තන ශිල්පිණියකගේ දායකත්වය ලබා ගෙන තිබුනි. නමුත් ගම්පහ ඩේන්ජරස් ගැන් කණ්ඩායම නියෝජනය කළේ තනිකරම නර්තන ශිල්පීන් පමණි. අවසානයේ කලුතර රෝයල් වොරියස් කණ්ඩායම දෙවැනි තැනට පත් වූ නමුත් ඉමල්ෂා මධුෂානි කේවල තරගයේ ජයග්‍රහිකාව විය. මෙහි කිරුළ පලදින්නට ගම්පහ ඩේන්ජරස් ගැන් කණ්ඩායමට අවස්ථාව ලැබුනේ ඔවුන් කණ්ඩායම් හැගීමෙන් කටයුතු කරණු ලැබූ බැවිනි.

මෙම තරඟාවලියේ කේවල තරඟයේ ජයග්‍රාහිකාව බවට කිරුළ පලන් ඉමල්ෂා මධුෂානි විසින් සිය නර්තනය මූලික වශයෙන් කොටස් තුනක් යටතේ ඉදිරිපත් කරණු ලැබීය.ඇය පළමුව පෙරදිග ඉන්දියානූ ආභාෂයන් සහිත නර්තනයන් හී නිරත වූ අතර අනතුරුව තුර්කි බැලි ඩාන්ස් නැතිනම් බුරි ඩාන්ස් නර්තනයක් ඉදිරිපත් කරණු ලැබීය.  ඇය මෙහිදී තනිකරම අනුකරණය කරණු ලැබූවේ ජනප්‍රිය අරාබ් ගායකයෙකු වන චේබ් මාමිගේ ගායනයකට අදාල නර්තනයකි. පසුව ඇය විසින් ඉදරිපත් කරණු ලැබූ නර්තනය මේ තරගයේ තීරණාත්මක නර්තනය බවට පත්විය. මේ නර්තනයෙන් ප්‍රේක්ෂකයන් හා විනිශ්චය මණ්ඩය පවා සලිත,මමිත, මුකුලිත විය. ඇයගේ එම නර්තනය දෙස බලා සිටි චන්දන වික්‍රමසිංහ ගුරුතුමා පැවසුවේ ඇය මෙහි සිටින සියල්ලන්ගේම පංචේන්ද්‍රියන්ම පිනවනු ලැබූ බවයි. ඇය අවසානයේ ජයග්‍රහනය ලබා ගත්තාට පසු ඇගේ කණ්ඩායමේ නායකයා වන නදිෂ් රන්දික බලා සිටියේ සිදු වූයේ කුමක්ද යන්න වටහා ගත නොහැකිව මවිතයට පත්වයි.

 
සිදු වූයේ කුමක් දැයි ඔහුට සිතාගත නොහැකි විය. විනාඩියක කාලයක් තුලදී ඔහුගේත් සිය කණ්ඩායමේ ඉතිරි සාමාජිකයන්ගේත් ශ්‍රමය වාෂ්ප වූ ආකාරය අප දුටිමු. 2004 වසරේ දෙසැමිබර් 26 වනදා මධුවන්තිගේ ඇග කිලපොලා යන බුරි නැටුම ඉදිරිපිට සිංහල වාමාංශිකයන් මුසපත් වී සිහිය අවුල් වනු දුටු ං කන්ඩායමේ යටිබිම් ගත නායකයන්ට වූදේ රන්දීර්ට වූදේට සමානය.

රන්දීර්ටත් දීප්තිටත් සමාජයේ නිශේධනය හමුවේ සිදු වූයේ විනාඩි දහයක පමණ කාලයක් වෙීලිගිය තොල් දිවෙන් තෙමීම පමණි. 2004 වසරේ සිදු වූ දේම 2012 වසරේදීද යළි එකම ආකාරයකා සිදු වීම ප්‍රාතිහාර්යයක් ද මායාවක් ද කියා අප නොදනිමු. සමාජයට අප දොස් තැබිය යුතු නැත.සමාජ වැඩ වලදී අප අතින් තියුනු වරදක් සිදු වන්නේ නම් එයට වනදි ගෙවිය යුත්තේ අපමයි. දැනටමත් රන්දීර් සහ ඉමල්ෂා එකිනෙකා හා කාගනිමින් සිටයි. දීප්ති ගේ ලිවිම් වලට ආශක්ත වී ං කණ්ඩායමට පැමිණි මධුවන්ති පසුව කුරුණෑගල කසිප්පු ලාල්ගේ මල්ලිගේ පුතා සමග හද එළියේම පැන ගියාය. දේශපාලනයේ දීද ප්‍රේමයේදී මෙන් සද එළියේම පැන යන පව අප දැන ගත්තේ එදාය. කිසිවකුගේ ඇත්ත මහන්සිය වෙනුවට වාමාංශිකයන් ඡන්දය දුන්නේ සුදු බුරිටයි.

පුදුමයකට මෙන් මෙම වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා වන්නේ ද කුරුණෑගල උපන් පුත්‍රයෙකු වන ලක්සිරි වික්‍රමගේය. සිංහල ජන සමාජය කැරකවෙන්නේ ස්ත්‍රී බුරිය වටා බව කුරුණෑගල මේ දක්ෂයන් අපට පෙන්නුම් කරමින් සිටිති. අම්මපා උන් නම් දක්ෂම කොල්ලෝ තමා යැයි අපට සිතේ. ඉමල්ෂාගේ පංචේන්ද්‍රියන් පිනව නැටුම සදහා පහත ලින්ක් එක බලන්න.

http://www.srilive.co/view/22701/derana-city-of-dance-season-3-grand-finale-2012/

Posted in PoliticalComments Off

නංගියා සංකල්පය

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

පසුගිය දිනෙක ලංකාවට යළිත් වතාවක් පැමිණි ෂැගීගේ සංගීතය ප්‍රසංගයේ දී මාධ්‍ය වෙත පලකර තිබූ ඡායාරූප අතරින් එක් ඡායාරූපයක් මගින් අපට ලංකාවේ පශ්චාත් නූතන නංගියාගේ භූමිකාව කුමක්ද යන්න අවබෝධකර ගන්නට අවස්ථාවක් හිමිවිය.ඒ අනුව අපට නංගියා සංකල්පය පහත පරිදි ව්‍යුහගත කරන්නට පුලුවන. Read the full story

Posted in PoliticalComments (11)

චීනයේ මොළදෙකේ ළමයෙක් උපදියි

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

මේ දවස් වල අන්තර් ජාලයේ දේශපාලනයට අදාල ප්‍රවෘත්ති පමණක් නොව අපරාධයක් ගැන පවා ප්‍රවෘත්තියක් සොයා ගැනීම දුෂ්කරය. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති නැති මෙවැනි කාල වලදී මොකක් හෝ ප්‍රවෘත්තියක් පලකිරීම සිය ඇලෙක්සා රෑන්එක අඩු නොකර පවත්වා ගෙන යන්නට වෙබි අඩවි විසින් කළ යුතුය. එය හොදින් තේරුම් ගන්නට මේ දවස් වල අන්තර්ජාලයේ පලවන ප්‍රවෘත්ති අධ්‍යනය කර බලන්න යැයි අපි ඔබට කියන්නෙමු.

 
අපට මේ දවස් වල අරුම පුදුම ප්‍රවෘත්තියක් අන්තර්ජාලයෙන් සොයා ගන්නට පුලුවන් විය. මෙය චීනයෙන් වාර්ථා වන ප්‍රවෘත්තියකි. චීනයේ ග්‍රාමීය ප්‍රදේශයක මොල දෙකක් සහිත ළමයෙකි ඉපදී ඇත. මේ අරුම පුදුම දරුවාගේ හැසිරීම නිසා මේ දුපත් චීන දෙමාපියන් මහත් පීඩාවට පත්ව සිටින බවද වාර්ථාවේ.
මේ අරුම පුදුම ළමයා ගේ ඇති සුව්ශේෂත්වය වන්නේ ඔහු කිසිවිටෙකවත් නිදා නොගැනීමයි. එක් මොලයක් වෙහෙසට පත්ව නිදා ගන්නට ඔහුට අවශ්‍ය වන විටම අනික් මොලය නිසා යළි අවධියෙන් සිටින්නට ඔහුට අවශ්‍ය වේ. මේ මොළ දෙකක් සහිත දරුවා නිසා මේ වන විටත් විශාල අර්බුදයකට මේචීන දෙමාපියන් මුහුණ පා සිටින බව අන්තර්ජාල වාර්ථා සනාත කරයි.

Posted in PoliticalComments (1)

සජිත් පාර්ශවය පාරාජය බාර ගත්තාද?

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

උතුරේ හා දකුණේ ජනතාවට සෙත සලසන්නේ නොමැති රාජපක්ෂ පාලනය ගෙදර යැවීමට පළමු වෙඩිමුරය යාපනයෙන් පත්තු කිරීමට සූදානම් බව පවසනවිපක්ෂනායකවරයා, ඒ සඳහා මැයි මස පළමුවනදා යාපනයට පැමිණෙන ලෙසට සියළුදෙනාටම ආරාධනා කර සිටියි. Read the full story

Posted in PoliticalComments (1)

“තොරතුරු වෙළෙඳපොළ ඒකාධිකාරයේ ගැටුම සහ අපි” (Divaina)

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

SOPA හා SOPA යනු මෑත යුගයේ වැඩියෙන් ම ජාත්‍යන්තර කතාබහට ලක්‌ව ඇති ජනප්‍රියම තේමාවන් දෙකකි. SOPA (STOP ONLINE PIRACY ACT) සන්ධිත අන්තර්ජාල ප්‍රකාශන සොරකම් වැළැක්‌වීමේ පනත හා SOPA (PROTECT INTELLECTUAL PROPERTY ACT) බුද්ධිමය දේපළ සුරැකීමේ පනත යන මේ පනත් කෙටුම්පත් දෙකම අමෙරිකානු දේශපාලන අධිකාරී මණ්‌ඩල දෙකකට ඉදිරිපත් වෙද්දී සමස්‌ත ලෝකයම ඊට දැවැන්ත ලෙස ප්‍රතිචාර දැක්‌වූයේ ඇයි ද යන්න සලකා බැලීමත්, එය අපට කෙසේ බලපාන්නේ ද යන්න ආදී කරුණු කිහිපයක්‌ සාකච්ඡා කිරීමත් මේ ලිපියේ අරමුණයි. මෙය කල් ඉකුත්වූ සාකච්ඡාවක්‌ නොවන්නේ අනතුර තවමත් අවසන්ව නොමැති බැවින් හා පුළුල් සමාජ දැනුවත් කිරීමක්‌ අවශ්‍ය බැවිනි.

ඔබ අන්තර්ජාලය ඔස්‌සේ විවිධ ගනුදෙනු කරන සාමාන්‍ය පුරවැසියකු, පර්යේෂකයකු, විද්වත් වෘත්තිකයකු, ශිෂ්‍යයකු, ජනමාධ්‍යවේදියකු හෝ තම ආයතනය, ව්‍යාපාරය සඳහා අන්තර්ජාලය විවිධ අයුරින් සම්බන්ධ කරගත් ව්‍යවසායකයකු විය හැක. ඉහත කී පනත් දෙක අමෙරිකානු එක්‌සත් ජනපදයේ කතාබහට ලක්‌වුවද ඔබ එම පනත්වල බලපෑමට අනිවාර්යයෙන් ම හසුවන්නකු බව ඉඳුරාම දත යුතුය. අන්තර්ජාලය ගැන තබා පරිගණකය ගැනවත් – හාංකවිසියක්‌ නොදන්නා සාමාන්‍ය පුරවැසියකු වුවද එහි බලපෑමට අනිවාර්යයෙන්ම හසුවන බව කීමට මා මැළි නොවන්නේ තොරතුරු සමාජය, දැනුම් සමාජය, ජාලගත සමාජය, දැනුම් ආර්ථීකය ආදී වූ නම් ගණනාවකින් හැඳින්වෙන නූතන සමාජ ආකෘතිය තුළ දැන හෝ නොදැන අප තොරතුරු තාක්‌ෂණයෙන් යෑපෙන්නන් වී ඇති බැවිනි. එහෙයින් මේ පැහැදිලි කරගැනීම අප සියල්ලන්ටම අදාළ ය. එහෙත් සියල්ලන්ටම සම සේ නොවැටහෙනු ඇත. වැටහෙන්නන්ට එහි බරපතළකම හොඳින්ම වැටහෙනු නොඅනුමානය.

2012 වර්ෂයේ ලෝක බැංකු ජගත් සංවර්ධන දර්ශක සංගණනයන්හි සංඛ්‍යා ලේඛනවලට අනුව 1990 හි බිංදුවක්‌ ව තිබූ අන්තර්ජාල භාවිතය 2009 වන විට බිලියන 1.8 ඉක්‌මවා ඇත. එනම්, සමස්‌ත ලෝක ජනගහනයෙන් 27%ක්‌ ඉක්‌ම වූ තත්ත්වයකි. වර්ෂ 2000 – 2011 වකවානුවේ අන්තර්ජාල භාවිතය ඉහළ යැම 528.1% කි . ලෝක ජනගහනයට බෙදී යැමට සමානුපාතිකව සමස්‌ත අන්තර්ජාල භාවිත කරන්නන්ගෙන් 49%ක්‌ ම ආසියාවේ සිටිති. එහෙත් ආසියාවේ ජනගහනයෙන් අන්තර්ජාලය භාවිත කරන්නේ 26.2% කි. එම අගය උතුරු අමෙරිකාවේ 78.6% ක්‌ වෙයි. විද්යුත් තැපෑල, ෆේස්‌බුක්‌, අන්තර්ජාල බැංකු ගනුදෙනු, වාණිජ්‍යය, අන්තර්ජාල රූපවාහිනී, ගුවන් විදුලි සේවා ග්‍රහණය, වෙබ් සටහන් (බ්ලොග්), ස්‌කයිප් චැට්‌, තොරතුරු ගවේෂණය, දැන්වීම්කරණය ආදී දහසකුත් එකක්‌ කටයුතුවල ඉහත අන්තර්ජාල භාවිතා කරන්නෝ නියෑළෙති. ජාතික සංවර්ධන උපක්‍රමයක්‌ ලෙස බොහොමයක්‌ රටවල් තොරතුරු තාක්‌ෂණය පදනම් ප්‍රවේශයකට තම ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයන් හරවන්නේ තොරතුරු තාක්‌ෂණය විසින් නිබඳවම අත්කර දෙන ඉහළ ඵලදායීතාව, තරගකාරීත්වය නිසාම ය. ඒ අනුව බොහෝමයක්‌ ඌන සංවර්ධිත රටවල අන්තර්ජාලය හා තොරතුරු තාක්‌ෂණය පදනම් කරගත් ව්‍යවසායකත්ව (ව්‍යාපාරික) නවෝත්පාදනයන් දසදහස්‌ ගණනින් බිහි වේ. තොරතුරු තාක්‌ෂණයේ වඩාත් විප්ලවීය නිමැවුම වන අන්තර්ජාලය ප්‍රකාශිත නිදහස විශ්වීය ප්‍රපංචයක්‌ බවට පත්කර ඊට නව මානයක්‌ එක්‌කර ඇත. කොටින්ම නූතන විශ්ව ගම්මාන සංකල්පයේ “ස්‌නායු පද්ධතිය” වන්නේ අන්තර්ජාලය බව කීම අතිශයෝක්‌තියක්‌ නොවේ.

අද්‍රව්‍යාත්මක, කාලයේ හා අවකාශයේ කිසිදු ඉඩක්‌ නොගන්නා මේ අපූරු තාක්‌ෂණික මාධ්‍යය, සන්නිවේදනයේ හා ජාත්‍යන්තර පරිවහන, භාණ්‌ඩ හුවමාරු රටාවන්ගේ ඇති කරන දැවැන්ත පරිවර්තනය තුළ ඒ ඒ රටවලට අනන්‍ය වූ හෝ ගෝලීය වශයෙන් පොදු වූ නෛතික රාමුන් අභියෝගයට ලක්‌වේ. මින් වඩාත්ම බැට කන එක්‌ ක්‌ෂේත්‍රයක්‌ වන්නේ බුද්ධිමය දේපළයි. තාක්‌ෂණික ප්‍රායෝගයන්ගෙන්, විවිධ නිර්මාණ සොරකම් කරන, අයථා ගනුදෙනුවල නිරත වන පිරිස්‌, ආයතන කොපමණදැයි කිව නොහැක. මාධ්‍ය සමාගම් මේ සොරකම්වලට එරෙහි විවිධ පියවර ගනී. ඔවුන් පවතින නීතිරීති යටතේ කොටුකර ගැනීමට උත්සාහ දරයි. ඒ සඳහා නව ක්‍රම සොයයි. පුද්ගලයන්ට, එම වෙබ් අඩවි භාවිත කරන්නන්ට, දායකත්වය දරන්නන්ට (Subscribers) එරෙහිව නඩු පවරයි. එහෙත්, PirateBay, MegaUpload වැනි ජාත්‍යන්තර වෙබ් අඩවි මේ ප්‍රකාශන අයිතීන් උල්ලංඝනයෙන් වැළකී නැති අතර වර්තමානය වන විට සිදුවී ඇත්තේ එබඳු ප්‍රකාශන අයිතීන් උල්ලංඝනය කරන වෙබ් අඩවි සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යැමය. SOPA හා PIPA ගැන කතා කිරීමට මේ මූලික හැඳින්වීම කළ යුතුම ය.

මේ හැඳින්වීම තුළ SOPA හා PIPA වැනි පනත්වල අරමුණ හොඳින් පැහැදිලි වේ. අමෙරිකානු මන්ත්‍රී මණ්‌ඩල සභික ලැමර් ස්‌මීත් විසින් SOPA මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කෙරෙන්නේ පසුගිය වසරේ ඔක්‌තෝබර් 26 වැනි දා ය. යම් සංශෝධනයන්ට ලක්‌වීමෙන් අනතුරුව එය යළිත් පසුගිය දෙසැම්බර් 16 වැනි දා ඉදිරිපත් කරනු ලැබුයේ හාරසිය තිස්‌පස්‌ දෙනකුගෙන් සමන්විත මන්ත්‍රී මණ්‌ඩලයේ තිස්‌ එක්‌ දෙනකුගේ යෝජනා සහායෙනි. PIPA ඉදිරිපත් කරන්නේ සෙනට්‌ සභාවට ය. එහි නිර්මාණකරු සෙනට්‌ සභික පැටි‍්‍රක්‌ ලේහි විසින් පසුගිය දෙසැම්බර් 5 වැනි දා සියයක්‌ වූ සෙනට්‌ මණ්‌ඩලයේ හතළිස්‌ දෙනකුගේ යෝජනා සහායෙන් එය සභාගත කරයි. පනත් කෙටුම්පත් දෙකෙහිම අන්තර්ගතය බැලූ බැල්මට සමාන ය. එහෙත් විශ්ලේෂකයන් පවසන්නේ SOPA වඩාත් බරපතළ බවයි. එම පනත් කෙටුම්පත්වල ඉලක්‌ක වී ඇති අන්තර්ජාල සේවා, වෙබ් අඩවි වර්ග කිහිපයක්‌ වෙයි. ඒවා නම්- ප්‍රකාශන අයිතීන් උල්ලංඝනය සඳහාම කැපවී ඇති වෙඩ් අඩවි Internet Sites Dedicated to infringement activities (ISDIA), අනවසර වෙබ් අඩවි නාම ලියාපදිංචිය සපයන සේවා පද්ධති (Nonauthoritative Domain Name System Servers NDNSS), මූල්‍ය හුවමාරු සේවා සපයන්නන් (Financial Transaction
Providers ˙ (FTP), අන්තර්ජාල දැන්වීම් සේවා (Internet
Advertising Services ADS), තොරතුරු මුලාශ්‍ර ස්‌ථාන මෙවලම් (Information Location Tools ˙ ILTS) වේ. මෙම අවසානයට දැක්‌වූ ප්‍රවර්ගය යටතට ප්‍රධාන වශයෙන් ම තොරතුරු මූලාශ්‍ර ගවේශන යන්ත්‍රණ (Search engines) අන්තර්ජාලමය නාමාවලීන් (Online Directories)) ආදිය ඇතුළත් වේ. පනත් කෙටුම්පත් දෙක තුළම – ඒවායේ ප්‍රධාන අර්බුදය වන ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම් හා බුද්ධිමය දෙපල මංකොල්ල කෑම්වලට එරෙහිව නීතිමය පියවර ගත යුතු ආකාර දෙකක්‌ දක්‌වා තිබේ. පළමුවැන්න අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට යට කී චුදිත වෙබ් අඩවි හෝ සේවා පදනම්, සැපයුම්කරුවන්ට එරෙහිව ඒවා අවහිර කිරීමට, අවලංගු කිරීමට අධිකරණ නියෝග ලබාගත හැක. දෙවනුව, මෙම කොල්ලකෑම්වලට ලක්‌වන බුද්ධිමය දේපලවල සැබෑ අයිතිකරුවන්ට, සෘජුවම අදාළ සිදුවීමට සම්බන්ධ සෑම අන්තර්ජාල අඩවියකට ම එරෙහිව නීතිමය පියවර ගත හැක. විශේෂත්වය වන්නේ මෙම පනත් දෙකම විදේශ වෙබ් අඩවි ඉලක්‌ක කර කෙටුම්පත් කර තිබීමයි. ප්‍රධාන වශයෙන් මෙම ‘වංචනික’ වෙබ් අඩවි ඔස්‌සේ ‘කොල්ලකෑමට’ ලක්‌වන භාණ්‌ඩ ලෙස දක්‌වා ඇත්තේ, ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ (සංගීත, චිත්‍රපට), වංචනික ඖෂධ, ජාතික ආරක්‌ෂක ප්‍රමිතීන් හා අනුකූල යෑයි වංචනිකව නිර්දේශ කළ විවිධ භාණ්‌ඩ වේ. චූදිත පාර්ශ්වයන් සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම, ඇමෙරිකාකු දේශීය ආරක්‌ෂක ලේකම්, නීතිපති, වාණිජ ලේකම් හා බුද්ධිමය දේපළ පාලන ලේකම් යන අයගේ තක්‌සේරු හා නිර්දේශ මත සිදු කෙරේ.

මෙම පනත් කෙටුම්පත් සඳහා යෝජනා සහය දැක්‌වූ මන්ත්‍රණ සභා සාමාජිකයන් තිස්‌එක්‌ දෙනා හා සෙනට්‌ සභිකයන් හතළිස්‌ දෙනා පිටුපස සිටින ව්‍යාපාරික ප්‍රජාව කවුරුන් ද ? ප්‍රධාන වශයෙන් ම අමෙරිකානු දැවැන්ත මාධ්‍ය ආයතන, පොත් වෙළෙඳ සමාගම්, චිත්‍රපට නිෂ්පාදන ආයතන ඒ අතර සිටී. Pfier ඖෂධ සමාගම, Revlon රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම, විනෝද මෘදුකාංග සංගමය (Entertainment Software Association), අමෙරිකානු වාණිජ මණ්‌ඩලය, අමෙරිකානු චිත්‍රපට සංගමය (Motion Pictures Association of America), නාමිකව සඳහන් කළ හැකි ආයතන වේ. ව්‍යාපාර මෘදුකාංග සන්ධානය (Business Software Alliance), පළමුව පනත් සඳහා සහාය පළ කළ ද පසුව ඉන් ඉවත් විය. ‘ඇපල්’, ‘මයික්‍රොසොෆ්ට්‌’ ආයතන නිහඬව සිටිය ද පසුව මයික්‍රොසොෆaට්‌ සමාගම SOPA හි වර්තමාන ස්‌වරූපය හා එකග නොවන බව කියා ඇත. වීඩියෝ ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදකයන් නිහඬය. ධවල මන්දිරය මේ පනත් සම්බන්ධයෙන් තම කනස්‌සල්ල පළ කර ඇත්තේ වඩාත් පුළුල් පාර්ශ්වකාරීත්වයක්‌ යටතේ විධිමත් උපදේශකත්වයක්‌ සහිතව පනත් කෙටුම්පත් කළා නම් හොඳ බව කියමිනි. බුද්ධිමය දේපල අයිතීන් උල්ලංඝනය කරන, එබඳු දේපළ මංකොල්ලකෑමට සැදී පැහැදී සිටින අන්තර්ජාල ‘සොරුන්ට’ එරෙහිව මෙබඳු නීතිමය පියවරක්‌ ගැනීමට සූදානම් වීමේ ඇති වරද කුමක්‌දැයි ඔබට වුව සිතිය හැක. තාර්කිකව ඔබ නිවැරැදි ය. එහෙත් ප්‍රායෝගිකව ඔබ ඉඳුරාම වැරැදි ය.

අන්තර්ජාලය තවදුරටත් යාන්ත්‍රික භාවිතයක්‌ නොවේ. එය සමාජ මාධ්‍යයකි. වෙළෙඳපොළකි. බැංකුකරුවෙකි. තොරතුරු මූලාශ්‍රයකි. සිනමා ශාලාවකි. අදාළ පනත් සම්මත වූයේ නම්, එහි බලපෑමට ඔබ හසුවන ආකාරය උදාහරණයකින් පැහැදිලි කරමි. නව සංකල්පයක්‌ ගැන වැඩිමනත් තොරතුරු සොයා ගැනීමට සාමාන්‍යයෙන් අප කරන්නේ ගවේෂණ යන්ත්‍රණයක (Search Engine) සහාය පැතීමයි. එය ගූගල් යෑයි සිතමු. ගූගල් නීති විරෝධී අඩවියක්‌ නොවේ. එහෙත් ඔබ සොයන තොරතුරු සහිත වෙබ් අඩවි ලැයිස්‌තුවේ මින් පසුව පෙළගැසෙන්නේ ඉහත පනත්වල ප්‍රතිපාදනවලට ගොදුරු නොවන අඩවි වේ. ඒ අනුව ඔබේ ගවේෂණයේ ප්‍රතිඵලය හිස්‌ පිටුවක්‌ පමණක්‌ ලැබෙන්නට ද පිළිවන. ඉතින් වැරැදීමකින් හෝ එබඳු එක්‌ අඩවියක්‌ හෝ ගූගල් මගින් ඔබට ඉදිරිපත් කළහොත් ඊට ‘වන්දි ගෙවීමට’ සිදුවන්නේ ගූගල් අඩවියටය. එය තහනමට ලක්‌කෙරේ. ඒ අනුව එක්‌ වෙබ් අඩවියක ඊට අදාළ වෙනත් අඩවිවල නාම, සබඳතා දැක්‌වීම සිදු නොවනු ඇත.

දැන් මෙම පනත් කෙටුම්පත්වලට එරෙහි පාර්ශ්වයන් කවුරුන්දැයි විමසා බලමු. Twitter, Mo’illa, Google, Yahoo, Youtube, Blogger, Paypal, Flickr, e Bay, Craiálist, Wikipedia ඒ අතර ඉදිරියෙන් සිටී. මේ පනත් මගින් සිදුවිය හැකි බොහෝ අහිතකර දෑ පිළිබඳ පුළුල් ජනතා සංවාදයක්‌ ගොඩනැංවීමට ඉතා විශාල සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයක්‌ නිර්මාණය වී තිබේ. ප්‍රකාශය අයිතීන් උල්ලංඝනය, බුද්ධිමය දේපළ මංකොල්ලය යන තේමා ඔස්‌සේ සම්මත කිරීමට සූදානම් කර තිබූ පනත් කෙටුම්පත්වලින් සමස්‌ත ප්‍රකාශන නිදහසට කෙබඳු බලපෑමක්‌ ඇතිවේ ද යන්න පිළිබඳවත්, එම පනත්වල ඇති අදූරදර්ශීභාවය පිළිබඳවත් විද්වත් – වෘත්තික කතිකාවක්‌ ලෝකය පුරා සජීවීව, සක්‍රීයව සිදුවෙමින් පවතී. එම මතවාද කිහිපයක්‌ විමසා බැලීම ද අවශ්‍යයෙන්ම කළ යුතුය.

විද්යුත් දේශසීමා පදනම ((Electronic Frontiers Foundation ˙
EFF) නම් ආයතනය, මෙය කිසිසේත්ම අර්ථාන්විත නොවන කටයුත්තක්‌ බව ප්‍රකාශ කරයි. මෙම රෙගුලාසි මගින් අවහිර කරවන වෙබ් අඩවි සඳහා යුක්‌තිය කෙසේ ඉටු කළ යුතු ද ? ඔවුන්ට තම නිරවද්‍යතාව කෙසේ ඔප්පු කළ හැකි ද ? අවලංගුවීමේ අලාභය දරන්නේ කවුරුන් ද ? ආදිය EFF ප්‍රශ්න කරයි. තවදුරටත් ඔවුන් ප්‍රකාශ කරන්නේ වඩාත් ව්‍යාප්ත, ප්‍රබල වෙබ් අඩවි (උදා( Youtube) සඳහා තම ග්‍රාහකයන් හා දායකයන් නිරීක්‌ෂණය කළ හැකි වුවත් කුඩා පරිමාණ අඩවි සඳහා එසේ කළ නොහැකි බවයි. මෙම පනත් තම ව්‍යාපාරික සැලසුම්වල උපක්‍රමික දෝෂ වසා ගැනීමට නීති පැනවීමේ වෑයමක්‌ ලෙස ද EFF ආයතනය හඳුන්වයි. එබඳු ප්‍රකාශන අයිතීන් උල්ලංඝනය වැළැක්‌වීම සඳහා වඩාත් නිර්මාණාත්මක මෙවලම් අන්තර්ජාලයේ ම නිර්මාණය කළ හැකි බව පවසන EFF ආයතනය, ඒ සඳහා SPOTIFY උදාහරණ කොට දක්‌වයි.

අන්තර්ජාලයේ නිදහස්‌ මාධ්‍ය සංස්‌කෘතිය, කතා කිරීමේ, තොරතුරු හුවමාරු කර ගැනීමේ, ප්‍රකාශනයේ නිදහස මෙම පනත් මගින් බරපතළ ලෙස අභියෝගයට ලක්‌ කෙරෙන අතර විචාරකයන් පෙන්වා දෙන්නේ මෙය 1998 දී සෙනට්‌ සභාව සම්මත කළ ඩිජිටල් සහශ්‍රක ප්‍රකාශන අයිතීන් පනත (Digital Millenium Copyright Act ˙ DMCA) ඉක්‌මවා යාමක්‌ බවයි. කුඩා පරිමාණ වෙබ් අඩවි සඳහා DMCA පනතින් යම් තරමක හෝ ආරක්‌ෂාවක්‌ හිමිවී තිබිණි. EFF ආයතනය වැඩිදුරටත් කියා සිටින්නේ මෙය ලොව පුරා රටවලට වැරැදි පූර්වාදර්ශයක්‌ සපයන අතර බොහෝ මර්දනකාරී පාලනයක්‌ පවතින රටවල මෙබඳු පනත් දේශීය වශයෙන් අනුගමනය කිරීමට ඉඩ ඇති බවයි. මෑතකදී සිදු වූ ඊජිප්තු හා ටියුනීසියානු විප්ලව සඳහා මූලික වූ වෙඩ් අඩවි මෙම තත්ත්වයේ පළමු ගොදුරු බවට පත්විය හැකි බව එම ආයතනය අනතුරු අගවයි. වොෂිංටනයේ ප්‍රකාශයට පත්වන ටයිම් සගරාවේ ටෙක්‌ලෑන්ඩ් (Techland) බ්ලොග් අඩවිය මෙය සමාන කරන්නේ ප්‍රභූවරුන්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳ වාර්තා කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යය විසින් අමෙරිකානු පුවත්පත් තහනම් කිරීමකට සමාන තත්ත්වයකටයි.

මෙම තත්ත්වය අළලා විවෘත ලිපියක්‌ නිකුත් කළ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යවස්‌ථා නීතිය පිළිබඳ මහාචාර්ය ලෝරන්ස්‌ ට්‍රයිරී ප්‍රකාශ කර සිටින්නේ අන්තර්ජාලය තුළ සිදුවන නිදහස්‌ හා විවෘත තොරතුරු සන්නිවේදනය බරපතළ අවදානමකට ලක්‌වන බවකි. මෙය පළමුවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය උල්ලංඝනය කිරීමක්‌ බවද ඔහු සඳහන් කරයි. අන්තර්ජාලය හා සමාජය පිළිබඳ බර්ක්‌මන් ආයතනයේ අධ්‍යක්‌ෂ ජෝන් පැල්පරි තම පර්යේෂණ දත්ත මේ සඳහා පාදක කරගැනීම පිළිබඳ නොසතුට පළ කර ඇත. ඔහු පෙන්වා දෙන පරිදි මේ අත්තනෝමතික සීමා කිරීම්වලින් ඒකාධිපති, මර්දනකාරී පාලනයක්‌ සහිත රටවල විකල්ප මතධාරී ජනතා කණ්‌ඩායම් අනතුරකට මුහුණපායි. එම ප්‍රකාශය හා අමෙරිකානු පර්යේෂකයකු හා ප්‍රකාශන නිදහස පිළිබඳ ක්‍රියාකාරිකයකු වන මර්වින් ඇමොරිගේ මතය මනාව ගැළපේ. ඇමොරි පවසන්නේ අමෙරිකානු නාවුක පර්යේෂණ ආයතනයේ මූලිකත්වයෙන් නිර්නාමිකව තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා ආරම්භ කළ TOR (The Onion Router) ව්‍යාපෘතියේ කාර්යභාරය හෑල්ලූ වන බවයි. එය අමෙරිකාව 2002 දී අරඹන්නේ මර්දනකාරී රටවල විකල්ප මතවාද නිර්නාමිකව සම්ප්‍රේෂණයට වේදිකාවක්‌ සැපයීමේ අභිලාෂයෙනි.

යෝජිත පනත් කෙටුම්පත් දෙක පිළිබඳව විද්වත් – වෘත්තික මත මෙසේ ඉදිරිපත් වෙද්දී අමෙරිකාව තුළ හා ජාත්‍යන්තරව නැගුණු ප්‍රතිචාරය විමසා බැලිය යුතුය. ඒවා අතර පනත් පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාර මෙන්ම සිවිල් සමාජ – ව්‍යාපාරික ප්‍රතිචාර ද තිබිණි. යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ගෝලීය අන්තර්ජාල ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන හා නිදහස්‌ සන්නිවේදනයට, තොරතුරු ගලනයට හානිකර ජාත්‍යන්තර හෝ ඒකපාර්ශ්වීය නීති පැනවීම නොකළ යුතුයෑයි යෝජනාවක්‌ සම්මත කළේය. ගෝලීය ඩිජිටල් සංවර්ධන වැඩසටහන් පිළිබඳ යුරෝපා සංගමයේ මහකොමසාරිස්‌ නිලී ක්‍රෝස්‌ ”අහිතකර පනතකට වඩා විවෘත අන්තර්ජාලයේ ප්‍රතිලාභ අගනා” බව පවසමින් තම කනස්‌සල්ල පළකර තිබේ. අදාළ පනත් හෙළාදකින ලෙස බ්‍රිතාන්‍ය රජයට බල කරමින් එරට පොදු රාජ්‍ය මණ්‌ඩලයීය කාර්යාලයට පුද්ගලයන්ගෙන් මෙන්ම ආයතනවලින් ඇමතුම් ගලා එන්නට විය. ලොව පුරා විවිධ උද්ඝෝෂණ හා විරෝධතා ක්‍රියාත්මක විය. වීදි බැසීම්වලට වඩා අන්තර්ජාලය ඔස්‌සේ කළ සිවිල් විරෝධතා දැක්‌වීම් අතිසාර්ථක විය. මෙම වසරේ ජනවාරි 18 වැනි දා විකිපේඩියා විවෘත අන්තර්ජාල විශ්වකෝෂය සිය වෙබ් පිටු අඳුරු කළේ (Black Out) ඊට විරෝධය පෑමට මෙන්ම පුළුල් ලෙස ජනතාව දැනුවත් කිරීමටය. ඊට තවත් අනුබද්ධ වෙබ් අඩවි 7000ක්‌ එක්‌ව තිබිණි. පැය විසිහතරක්‌ තුළ දී මේ පිළිබඳව දැනුවත් වූ පිරිස මිලියන 160ක්‌ විය. ගූගල් වෙබ් අඩවිය විසින් අත්සන් මිලියන හතකින් සමන්විත පෙත්සමත් සකස්‌ කෙරිණි.

මෙම පනත් වෙත විරෝධතාවන් දක්‌වන ආයතන ප්‍රධානීන් දාහත් දෙනකුගේ මූලිකත්වයෙන් වොෂින්ටනයට විවෘත ලිපියක්‌ යෑවිණි. එහි අවධාරණය කළේ මෙතෙක්‌ පැවැති නෛතික සීමා කිරීම් මැද වුවද ව්‍යාපාරික හා ස්‌වේච්ඡාමය අන්තර්ජාල සේවා සපයන ආයතනවලට නවෝත්පාදනය, ව්‍යවසායකත්ව සංවර්ධනය, තරගකාරීත්වය පවත්වා ගත හැකි වුවද නූතන තත්ත්වය එය මුලූමනින්ම සිඳබිඳ දමන බවයි. එසේම මෙය අමෙරිකාවේ නිදහස්‌ මාධ්‍ය ප්‍රතිපත්තිය චීනයේ, ඉරානයේ හා මැලේසියාවේ තත්ත්වයට ඇද දමන බව ද සඳහන් වී තිබිණි. මෙම තත්ත්වය තුළ පසුගිය ජනවාරි 24 වැනි දා මෙම පනත් පිළිබඳ ඡන්ද විමසීමට නියමිතව තිබුණත් එම පනත්, මන්ත්‍රණ සභාවෙන් හා සෙනට්‌ මණ්‌ඩලයෙන් ඉවත් කරගෙන තිබිණි. මන්ත්‍රී මණ්‌ඩල සභික ඩැරල් ඉසා මෙම පනත් සඳහා සංශෝධන ඇතුළත් කිරීමට යෝජනා කළේය. මෙම කෙටුම්පත්වලට විකල්ප ලෙස දැනට ඉදිරිපත්වීමට නියමිතව ඇත්තේ OPEN (Online Protection and
Entorcement of Digital Act) පනතයි. මේ සඳහා මූලිකත්වය සෙනට්‌ සභික රෝන් වයිඩන් විසින් ගෙන ඇති අතර ඊට මූලිකවම සෙනට්‌ සභිකයන් සිව් දෙනකුගේත් මන්ත්‍රණ සභාවේ විසිහය දෙනකුගේත් සහාය පළවී තිබේ. මෙම නව යෝජනාවට, SOPA හා PIPA සඳහා විරුද්ධ වූ බොහෝ පාර්ශ්වයන්ගේ මනාපය හිමි වී ඇත.

ඒ කෙසේ වුවත්, මෙම තත්ත්වය විග්‍රහ කර ගැනීමේදී අප වටහා ගත යුතු කරුණු කිහිපයක්‌ තිබේ. මෙය තොරතුරු තාක්‌ෂණයේ නිජ භූමිය වන සිලිකන් නිම්නය (සැන් ප්‍රැන්සිස්‌කෝ) හා හොලිවුඩය අතර ගැටුමක්‌ ලෙස අර්ථකථනය විය. දෙවනුව, මේ වෙබ් අඩවි තහංචිය බුද්ධිමය දේපළ සම්බන්ධ කරුණක්‌ ලෙස මතුව එන්නේ, තොරතුරු තාක්‌ෂණික සමාජ මාධ්‍යයන්ගෙන් පණ ලත්, තවමත් අවසන් වී නොමැති ඊජිප්තු හා ටියුනීසියානු ‘විප්ලව’ අතරතුරදී ය. තෙවැනුව, අන්තර්ජාලය වැනි අශ්පෘෂ්‍ය සමාජ මාධ්‍යයක්‌ පාලනයට සාම්ප්‍රදායික නීති උග්‍ර කිරීමේ අසාර්ථක උත්සුකතාව පෙනී යයි. සිව්වැනුව, SOPA හා PIPA යනු ‘මුට්‌ටිය දමා බැලීමක්‌’ විය හැක. සැබෑ පනත කරළියට ගෙන ඒම ඊළගට සිදුවිය හැක. කෙසේ වුවද එබඳු පනත් ශ්‍රී ලංකාව මෙන්ම බොහෝ දිළිඳු රටවලට හිතකර ලෙස බල නොපාන බව කිව යුතුමය. නවතම සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ ජනගහනයෙන් අන්තර්ජාලය භාවිත කරන්නේ 11.3% ක්‌ පමණි. එහෙත් එයින් කොපමණ පිරිසක්‌ යෑපෙන්නේදැයි ගණනය කර නැත. SOPA හා PIPA සඳහා විරුද්ධ වූ පිරිස්‌ ඊට විරුද්ධ වූයේ අප ගැන සිතා නොවේ. එය තම තමන්ට අවාසි සහගත බැවිනි. එහෙයින් ඉදිරියේ උද්ගත වන තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්‌වීමේ දී ශ්‍රී ලංකාවට අනන්‍ය මතයක පිහිටා කටයුතු කරනු වෙනුවට ගෝලීය ප්‍රවණතා, සාමූහික ප්‍රතිචාර මැනවින් විග්‍රහ කර ගනිමින් සිවිල් මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකව ප්‍රතිචාර දැක්‌වීම කළ යුතුය. SOPA හා SOPA සඳහා ජාත්‍යන්තර වශයෙන් විරෝධතාව දැක්‌වීම සඳහා තම රටවල විදේශ අමාත්‍යාංශ වෙත වාචිකව හා ලිතව විරෝධය ඉදිරිපත් කරන ලෙසත්, අන්තර්ජාල පහසුකම් ඇත්තන්ට එය භාවිත කර ජාත්‍යන්තරව දියත් වන විරෝධතා සමග ඒකාබද්ධ වන ලෙසත් ක්‍රියාකාරීන් මතක්‌ කර දී තිබිණි. අවසාන වශයෙන් කිව යුත්තේ අනතුර අවසන් නැති බවයි. එය අධිරාජ්‍යවාදී මෙහෙයුමක්‌ වුවද, ව්‍යාපාරික අර්බුදයක්‌ වුවද වැඩිපුර තැළෙන්නේ අපි බව සිහි තබාගත යුත්තෙමු.

චමිල ලියනගේ
හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලය – ඉන්දියාව (Divaina)

Posted in PoliticalComments Off

එජාපය තුළ ජාතිවාදයට කිසිදු ඉඩක් නැහැ

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

ජාතිවාදය එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තිය නොවන බවත්, තම පක්ෂය තුළ ජාතිවාදය මතුවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. යාපනයේ – පුනරින්, කිලිනොච්චි යන ප‍්‍රදේශවල සංවාදශීලි ජනහමු කිහිපයකට සහභාගිවෙමින් වික‍්‍රමසිංහ මහතා අද (28) මේ බව ප‍්‍රකාශ කළේය. Read the full story

Posted in PoliticalComments (1)

හිරුණිකාගේ ද්ත්ව ජීවිතය

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

පසුගිය දිනෙක කොළඹ අලුත් තඩේ උසාවි සංකීර්ණය අභියසදී හිටපු ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සහ ඇයගේ ආධාරකරුවන් විසින් දෙවියන්ගෙන් වරෙන්තුවක් ඉල්ලමින් පොල් ගැසීමක් සිදු කරණු ලැබීය. මෙහිදී හිරුණිකා අධිකරණයට චෝදනා කර සිටියේ සිය පියාගේ ඝාතකයා වන දුමින්ද සිල්වා අත් අඩංගුවට ගන්නට වරෙන්තුවක් නිකුත් නොකිරීම ගැනයි.

 
මේ නිසා අදාල අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා පවා දැඩි පහසුතාවයට පත්වූ බව අපට වාර්ථාවේ. සාමාන්‍යයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ වන මිනී මැරීමේ වරදකට සැක කරණු ලබන පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමේ බලය ඇත්තේ පොලීසියටයි. අපරාධ නඩු විධාන සංග්‍රහය මෙවැනි වැරදි අර්ථ නිරූපනය කර තිබෙන්නේ සංඥ වැරදිවිශයෙනි. එනම් මෙවැනි වරදක් කළ අයෙකු වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගන්නට පොලීසියට පූර්ණ බලතගල තිබේ. මේ නිසා හිරුණිකා කියා සිටින ආකාරයට මහේස්ත්‍රාත්වරයා විසින් මේ සම්බන්ධයෙන් වරෙන්තුවක් නිකුත් කිරීම යනු විහිලුවකි. අධිරණ භූමියේ ග්‍රෝත්‍රික නැටුම් නටන්නට එංගලන්තයේ අධ්‍යපනය හැදෑරූ හිරුණිකාට සිදු වීම අප සංජානනය කළ යුත්තේ කෙලෙසද? වසර ගණනක් එංගලන්තයේ විශ්ව විද්‍යාලයක නීති අධ්‍යපනය හැදෑරූ බව කියන හිරුණිකාම මෙරට නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක් කරමින් මහේස්ත්‍රාත්වරයාගේ රාජකාරියට බාධා පමුණුවමින් තමන් අර්ථ නිරූපනය කර ගන්නා ආකාරයට නීතිය කඩමින් යළිත් නීතිය ඉල්ලා සිටියි.
 

නීතිය එංගලන්තයෙන් උගෙන ලංකාවට පැමිණ හොද අපරාධ නීතිඥවරියක් වන්නට තමන් සිතා සිටින බව පවසන හිරුණිකා අපරාධ නීතියේ ඇති මේ මූලික කොන්දේසී පවා නොදැන සිටීම අප මවිත කරවන කරුණකි. එක් වරම රූපසුන්දරියක හා නීතිඥවරියක වන්නට පෙරුම් පුරන හිරුණිකාගේ ද්ත්ව ජීවිත සිය පියාගේ මරණයත් සමග උඩුයටිකුරු වන්නට පටන් ගනී. තවමත් ඇයට සිය පියාගේ මරණය ක්ෂිතිමය අත්දැකීමකි. සාමාන්‍යයෙන් ලංකාව වැනි රටක කළ හැක්කේ එක්කෝ රූපසුන්දරියක් වීමයි. නැතිනම් නීතිඥවරියක් වීමයි. මේ දෙකම එකවර කරන්නට යාමෙන් සිදු වන්නේ දෙකම අසාර්ථක වීමය. ලංකාවේ බොහෝ උගත් කාන්තාවන් ලස්සන නොවීමටත් ලස්සන කාන්තාවන් උගත් නොවීමටත් හේතුව මෙයයි. රූපසුන්දරියක් වීම පසෙකලා හිරුණිකා නීතිඥවරියක් වන්නට උත්සහා කරන්නේ නම් ඇය නීතිය හරියටම උගත යුතුය. නැතිනම් ඇය රූපසුන්දරියක් වන්නේ නම් ඇයට අනාගතයේ දී රෝසි සේනානායක ඇන්ජලා සොනවිරත්න වගේ වන්නට පුලුවන. මේ දෙකෙන් එකක් හරියට කරන්නට ඇය තොරා ගතයුතුය. හිරුණිකා මේ වන විටත් දේශපාලන තාරකාවක් වන්නට පෙරමන් තනමින් සිටියි. හිරුණිකාට වූ අකර තැබිබය නිසා අවසානයේ අන්දුන් කුන්දුන් වූ පියසේන ගමගේ ඇමතිවරයාගේ පුත්‍රයාට ඇයව තව දුරටත් තේරුම් ගත නොහැකි වූ නිසා අත්හැර දමන්නට සිදු විය.

 
මහේස්ත්‍රාත්වරුන්ට නීතිය උගන්වන්නට උත්සහා කරන හිරුණිකා පළමුව හොදින් නීති පොත් කියවා හරියටම නීතිය උගෙන ගත යුතුය. එලෙස හරියටම නීතිය උගෙනගත් අය මෙවැනි පොල් ගැසීමේ විකාර නාඩගම් නටන්නේ නැති බව පැහැදිලිය. අනෙක් අතට හිරුණිකා වරෙක පවසන්නේ තමන් මාක්ස් ලෙනින්වාදය ගැඹුරින් හදාරා ඇති බවයි.
මේ දවස් වල සුදු ලස්සන මධ්‍යමපාන්තික මාක්ස් ලෙනින්වාදය දන්නා කාන්තාවන් සිය සංවිධානයට බදවා ගැනීමට ජන අරගල ව්‍යපාරය විසින් අයදුම්පත් කැදවා ඇති බව අපට වාර්ථා වේ.අවශ්‍ය නම් හිරුණිකා නංගියාට ජන අරගල ව්‍යපාරයේ ලසිත් අයියා මුණ ගැසී සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්නට පුලුවන. මේ වන විටත් මේ අය ස්වයං විවේචනයක් කර තිබෙන නිසා සහ දේශපාලනය කරන්නට එන ඕනෑම අයෙකු බාර ගන්නට සූදානමින් සිටින නිසා හිරුණිකාගේ පියා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට කළ කී දෑ අමතක කර හිරුණිකා නංගියාට පියා කළ වැරදි වලට සමාවක් ලබා දී සිය ව්‍යපාරයට බදවා ගනු ලබන බව අපට විස්වාසය. හිරුණිකාට වැඩිදුර නීති උපදෙස් ලබා ගන්නට අවශ්‍ය නම් ඇයට නීතිඥ නුවන් බොපගේ මහතා හමුවන්නට පුලුවන. ඇත්තටම ඔහු දක්ෂ නීතිඥවරුකු බව අප සහතික කර කියන්නෙමු. නීතිඥ නුවන් බොපගේ විසින් අප සංවිධානයට අපේ සාමාජිකයෙකුගේ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ පණිවිඩයක් එවා තිබේ. ඔහු පවසන්නේ වචන අයිති වන්නේ ඉතිහාසයට වන බවත් වචන වලට අයිතිකරුවන් නොමැති බවත්ය. තව දුරටත් ඔවුනට ඊෂ්‍යා නොකර අපගේ දේශපාලන ව්‍යපාරය ගොඩ නගා ගන්නා ලෙසත් සමාජවාදය වෙනුවෙන් අනුන්ට බැන බැන ඉන්නේ නැතිව වැඩ කරන්න යැයිද ඔහුගේ උපදෙස් මාලාවේ දක්නට ලැබේ. ඔහුට පිළිතුක් දෙන්නටත් අපි අදහස් කලේ හිරුණිකාටත් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙතැයි සිතන නිසාවෙනි. අප මුලින්ම අසන්නේ අයිතිකරුවන් නොමැතිව නිකම්ම පහල වූ මේ වචන ඔවුන් විසින් මේ රටට ගෙන එනු ලැබූවේ හම්බන්තොට වරායෙන්ද? නැතිනම් කොළඹ වරායෙන්ද වන බවයි. අනික් අතට දක්ෂ නීතිඥවරයෙකු වන බොපගේ සහෝදරයාට දේශපාලන සම්බන්ධයෙන් ඇති මද දැනුවත් භාවය නැතිකර ඇත්තටම දේශපාලනය ඉගෙන ගන්නට අවශ්‍ය නම් අපට ඒ සදහා රත්මලානේ අප විසින් පවත්වන දේශපාලන පංතියකට ඔහුව සහභාගී කරවා ගන්නට පුලුවන. අප දන්නා දේශපාලන න්‍යායන් ඉගෙන නොගෙන තවදුරටත් මේ රටේ වාමාංශික දේශපාලනය කරන්නට බැරි බව පුබුදු ජයගොඩ සහෝදරයා නම් හොදින්ම දැන සිටින බව අපට විස්වාසය. බෝපගේ සහෝදරයා කැමති නම් අපිට මේ දේශපාලන න්‍යයන් ඔහුට උගන්වන්නට පුලුවන. නමුත් මෙිවා ඉගෙන ගන්නට හැලපයා මහත්තයා ලගට යන්නට ඔහු අදහස් කරනවා නම් අපට ඒ සම්බන්ධයෙන් වගකියන්ට බැරිය.
බෝපගේ සහෝදරයා අපෙන් විමසන්නේ ඔවුන් සම්බන්ධයෙන් අපට ඊෂ්‍යවක් ඇති බවයි. අප මේ සහෝදරවරු දේශපාලනය නොදන්නවා යැයි කියන්නේ මේ නිසාය. මේ ගැන අප දිගින් දිගටම පැහැදිලි කලෙමු. ඊෂ්‍යව,වෛරය, තරහව වැනි වචන දේශපාලන ශබ්දකොෂයට අයිති වචන නොවේ. ඒවා අයිති වන්නේ පවුල් සම්බන්ධතා කේෂත්‍රයටයි. ඊෂ්‍යව වැනි දේ ඇති වන්නේ ආදරය වැනි කේෂත්‍රයකදී මිස දේශපාලන කේෂත්‍රයකදී නොවේ. මේ බව හරියටම දැන ගන්නට බොපගේ සහෝදරයාට අවශ්‍ය නම් කුමාර් ගුණරත්නම් සහෝදරයාගෙන් ඔහු නොදන්නා ඉතිහාසය අසා දැන ගන්නට පුලුවන. සාමානයෙන් දේශපාලන කේෂත්‍රයේ දී සිදු වන්නේ ඊෂ්‍ය කිරීම නොවේ. දේශපාලනයේ දී අදාල වන්නේ හිංසනයයි. ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ අරගල දෙකේදීම ඊෂ්‍ය කර කර සිටියාද කියා මදක් කල්පනා කර බලන්න. මේ නිසා මේ පවුල් සංකල්ප හා දේශපාලන සංකල්ප තවමත් මේ සහෝදරවරුන් පටලවා ගෙන සිටින්නේ මොවුන් දේශපාලන න්‍යාය හා භාවිතය හරියටම නොදන්නා බැවිනි. නමුත් හිරුණිකාට අවශ්‍ය නම් නීතිය ඉගෙන ගන්නට නුවන් බෝපගේ සහෝදරයා ලගට යන්නට පුලුවන. ඔහු දක්ෂ නීතිඥවරයෙකු බව අප පිළිගන්නෙමු.
සිය පියාගේ මරණයත් සමගම දේශපාලන කරලියේ සුපර් ස්ටාර් බවට පත් වූ හිරුණිකා ගැන අපට කියන්නට ඇත්තේ අනේ පව් කියාය. මේ දවස් වල ලස්සන සුදු මධ්‍යම පාංතික ස්ත්‍රීන් සමග ස්ත්‍රිවාදී දේශපාලනය කරන්නට ආශාවෙන් බලා සිටින ජන අරගල ව්‍යපාරයට අවශ්‍ය නම් හිරුණිකා යොදා ගෙන එය අත්හදා බලන්නට පුලුවන. සිය පියාට වූ අසාධාරණය එරෙහිව ආධාරණය ඉෂ්ඨ කර ගන්නට හිරුණිකාට අවශ්‍ය නම් ඇය කළ යුත්තේ අධිකරණ වල වැඩ අවුල් කරන්නේ නැතිව මහින්ද අංකල්ට කියා පොලීසිය ලවා දුමින්ද අත් අඩංගුවට ගන්නට බලපෑම් කිරීමයි.

 
බෝපගේ සහෝදරයා අවසානයේ අපෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන වැඩ කර පෙන්වන්නට කියායි. අප දේශපාලන වැඩ කරන්නට සූදානම් බව කියන්නට කැමති අතර තවමත් අවුරුද්දට ගමේ ගිය අය කොළඹ පැමිණ නැති නිසා සහ වෙසක් උත්සවයටත් බොහෝ අය ගමේ යන නිසා මේ සියල්ලෝම යළි කොළඹ පැමිණෙනතුරු පමණක් අපට බලා සිටින්නට සිදුව තිබේ. අප අවුරුදු සමරන්නේ නැති වුනාට වෙසක් තොරණ් හදන්නේ නැති වුනාට මේ රටේ දේශපාලනය කරන බොහෝ උදවිය මේවා හරියටම කරන නිසා මේ සියල්ලන් යළි කොළඹට ඒකරාශී වූවාට පසු අප අපේ දේශපාලනය ආරම්භ කරන බව කියන්නට කැමැත්තෙමු.

Posted in PoliticalComments (3)

3mana Online Radio – OFFLINE

Facebook Likes

3MANA Podcast Player

News Archives

Follow us